We Are Catholic

We Are Catholic Welcome to the official We Are Catholic™ Page. Jesus I Trust In You...

17/05/2026
17/05/2026

Hi my dear friends.....

17/05/2026

Education was once reserved for a privileged few. St. John Baptist de La Salle, the Patron Saint of Teachers, dedicated his life to making it accessible to all. As an institution founded upon his mission, St. Anne’s College remains committed to upholding Lasallian values of compassion and quality education.

Happy Feast Day of St. John Baptist de La Salle.

17/05/2026
04/10/2025
Please like and commnt
29/12/2024

Please like and commnt

𝘽𝙐𝙊𝙉 𝙉𝘼𝙏𝘼𝙇𝙀 - 2 0 2 4

*Heyyyyy!* 🙌We’ve entered a competition organized by the *Catholic Youth Federation, Diocese of Kurunegala*, with our be...
29/12/2024

*Heyyyyy!* 🙌

We’ve entered a competition organized by the *Catholic Youth Federation, Diocese of Kurunegala*, with our beautiful *Christmas Crib* prepared by the youngsters of Mount Carmel Church! 🎄✨

We’d really appreciate your support by liking the *original post* on Facebook! 👍

Here’s the link:
https://www.facebook.com/share/19ps62zRdD/?mibextid=wwXIfr

Thank you so much for your help! ❤️

𝘽𝙐𝙊𝙉 𝙉𝘼𝙏𝘼𝙇𝙀 - 2 0 2 4

28/12/2024

Amazing London..❄💕
England 🇬🇧

11/10/2024

අපේ කාලේ සාන්තුවරයා නම් ලත් භාග්‍යවන්ත කාලෝ අකූටිස් මුනිතුමන්ගේ
💐🌺🌹🙏මංගල්‍යය අදයි🌹🌺💐🙏

වේල් නොදමන ලෝගු නොඅඳින, ඩෙනිම් අඳින, චිත්‍රපටි නරඹන, සංගීතය රස විඳින, අන්තර්ජාලයේ සැරිසරන, වෘතශුද්ධිය ප්‍රිය කරන, දෙවියන් වහන්සේට මුල්තැන දෙන, සතුටින් සිටින සමාජශීලී ශුද්ධවන්තයින් විසිඑක් වන සියවසට අවශ්‍ය බව ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා මෑතකදී පවසා තිබුණි. එය යථාර්තයක් බවට පත් කරමින් කාලෝ අකුටිස් නම් නව යෞවනයා භාග්‍යවරයට එසවුනේ සයිබර් ලෝකයේ අතරමංවූ වත්මන් තරුණ පරපුරට පරමාදර්ශයක් සපයමිනි.
අන්ද්‍රේ අකුටිස් සහ අන්තෝනියා සල්සානෝ දෙමාපිය යුවලට දාව කාලෝ අකුටිස් (Carlo Acutis) මෙලොව එළිය දකින්නේ වර්ෂයේ 1991 මැයි 3 වන දින එංගලන්තයේ ලන්ඩන් අගනුවරදීය. එංගලන්තයේ උපත ලැබූවත් ඔවුන් ජීවත් වූයේ ඉතාලියේ මිිලානෝ හී මොන්සා නම් ප්‍රදේශයේයි. කුඩා පටන්ම දේවමාතාවන් කෙරෙහි ඉමහත් භක්තියකින් යුතු වූ කාලෝ දිනපතා ජපමාලය උච්චාරණය කරන්නට පුරුදුව සිටියේය. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට තිබූ දැඩි භක්තිය හා ආදරය නිසා සාමන්‍යයෙන් ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන වයසටත් පෙර වයස අවුරුදු 07 දී විශේෂ අවසරයක් ලබාගෙන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන ඔහු එදා පටන් නොවරදවාම දින පතා දිව්‍ය යාගයට සහභාගි වීමට හා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමට අමතක නොළේය. කාලෝ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේව හඳුන්වාදුන්නේ ස්වර්ගයට යන අධිවේගී මාර්ගය ලෙසයි. දිනපතා දිව්‍ය පූජාවට පෙර හෝ පසු දිව්‍ය සත්ප්‍රසාද මණ්ඩපය ඉදිරිපිට යාච්ඤාවෙන් කාලය ගත කරන්නට සැම විටම උත්සහ ගත් කාලෝ සතියකට වරක් සමඟි සන්ධානයේ ප්‍රසාධ නිධානය ලබා ගනිමින් ස්වාමීන් වහන්සේට සමීප විය.

කුඩා කල පටන් පරිගණක හා සම්බන්ධ දේ කෙරෙහි ඉමහත් ආශාවක් දැක්වූ කාලෝ තම ප්‍රාථමික අධ්‍යපනය මිලාන්හී හැදෑරු අතර ජේසු නිකායික පියතුමන්ලා යටතේ Instutio Leone XII හි අධ්‍යපනය හැදෑරීය. සමාන්‍ය දරුවෙකු ලෙස අව්‍යාජ ජීවිතයක් ගත කල ඔහු කාගේත් ආදරයට පාත්‍ර විය. අබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති මිතුරන් කෙරෙහි විශේෂ ආදරයක් දැක්වූ ඔහු පාසලේ චණ්ඩියන්ගේ සමච්චල් හා උසුළු විසුළු වලින් ඔවුන් ආරක්ෂා කරන්නට පෙරමුණ ගත්තේය. දික්කසාද වූ දෙමවුපියන් නිසා අසරණ වූ දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කල කාලෝ ඔවුනට ද උදව් වූ අතර ඔවුන්ව තම නිවසට කැඳවා ආදරය බෙදාගන්නට ද අමත නොකළේය. පා පැදියෙන් මිලානෝ නගරය වටා සැරිසරමින් දුප්පතුන් ගැන සොයා බැලීම ඔහුගේ පුරුද්දක් විය.කුඩා වුවත් පරිගණක ක්‍ෂේත්‍රය පිළිබද ඔහුට සුවිශේෂ දක්ෂතාවයක් තිබිණි. එය පරිගණක විශේෂඥයන්ගේ පවා මවිතයට හේතු විය. වයස අවුරුදු 09 වන විට විශ්ව විද්‍යාල සිසුන් භාවිතා කරන පරිගණක විද්‍යා අත්පොත භාවිතා කරමින් තනිවම පරිගණක විද්‍යාව හැදෑරීමට ඔහු සමත් වූ අතර පරිගණක සජීවි කරණය, වීඩියෝ සංස්කරණයට ඔහු ප්‍රිය කළේය. කාලෝ දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාරයයන් පිළිබදව විස්තර ඇතුලත් කර Eucharistic Miracles නමින් වෙබ් අඩවියක් නිර්මාණය කළ අතර එම වෙබ් අඩවියේ ලොව පුරා සිදුවූ සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයන් 150ක පමණ විස්තර ඇතුලත් විය. මෙය ඔහු වර්ෂ 2005 දී නිර්මාණය කලත් ඒ සදහා අවශ්‍ය තොරතුරු ඔහු වයස 11 දී පටන් රැස් කර තිබිණි.
තම දෙමව්පියන් සමඟ චාරිකාවක් හෝ ගමනක් යන විට සියල්ලට ප්‍රථමයෙන් කාලෝ ගේ රාජකාරීය වුනේ ඔවුන් යන්නට නියමිත ප්‍රදේශයේ තිබෙන දේවස්ථානයක් හා එහි දිව්‍ය පූජාව පැවැත්වෙන වේලාව සොයා ගැනීමයි. අප දිව්‍ය සත්ප්‍රසාදයෙන් වැඩි වැඩියෙන් පෝෂණය වන තරමට වැඩි වැඩියෙන් අපට ජේසුස් වහන්සේ හා සමාන වීමට හැකි බවත් එමගින් ස්වර්ගය පිලිබදව පුර්ව අත්දැකීමක් අපට ලබා ගත හැකි බවත් ඔහු සදහන් කළේය. කිසිදෙයක අතිරික්තයක් තබා ගැනීමේ පුරුද්දක් නොතිබුණ මේ යෞවනයා තමන්ට ලැබෙන මුදල් දුප්පත් යහලුවන්ට උදව් කරන්නට යෙදවීය. සංවේදී හදවතක් තිබූ ඉතා මිත්‍රශීලි කෙනෙක්වූ කාලෝ හා කිසිම විටෙක කිසිම කෙනෙකු විනිශ්චය නොකළේය. ඔවුන්ගේ නිවසේ සේවය කළ හින්දු ජාතිකයෙකු ප්‍රසාද ස්නාපනය ලබා ගත්තේ කාලෝ සමඟ තිබූ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙසටයි. කාලෝගේ මව පවසන ආකාරයට ඔහු කිසිම විටක අනවශ්‍ය ලෙස කාලය ගතකර නැත. වැඩි කලක් යන්නට මත්තෙන් නව යොවුන් වියේදීම ලියුකේමියා රෝගයට ගොදුරු වූ කාලෝ තම වේදනාවන් විශ්වීය සභාව හා ශුද්ධෝත්තම පියතුමා වෙනුවෙන් ඔප්පු කළේය. රෝගය නිසා වැඩි වේදනාවක් වින්ද නමුත් වරක් ඔහුගේ වේදනාවන් පිළිබදව වෛද්‍යවරයා විමසූ විට ඔහු කියා තිබුනේ මෙලො වමට වඩා වේදනා විඳින බෝහෝ පුදගලයන් සිටින බවයි. ලොව පුරා දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්ය සිදුවූ ස්ථාන වලට වන්දනාවේ යෑම ඔහුගේ අශාවක් වූවත් අසාධ්‍ය රෝගී බව නිසා ඒ සිහිනයක් පමණක් විය. සැම විටම ස්වාමීන්වහන්සේ හා ඒකාබද්ධ වීම තම ජීවිතයේ සැලසුම බව කියා සිටි කාලෝ ජේසුස් වහන්සේ සමග ඔවුන්වහන්සේ සදහා ඔවුන්වහන්සේ තුල තම ජීවිතය ගත කර ජීවිත කලයෙන් විනාඩියක්වත් ඔවුන්වහන්සේ අකමැති දෙයක් නොකළ මිනිසෙකු සේ මිය යාමට සතුටු බව ප්‍රකාශ කළේය.

වර්ෂ 2006 ඔක්තෝබර් මස 12 දින උදෑසන 6.45 ට පමණ මෙලොවින් සමුගෙන තම සදාතන වාසභවනය වෙත ගමන් කරන විට ඔහු වයස අවු 15ක නව යෞවනයෙකු විය. ඔහුගේ සිරුර අසීසියේ භූමදාන කරන ලදී. භාග්‍යවරයේ වැඩකටයුතු සඳහා පසුගියදා ඔහුගේ ශරීරය ගොඩගත් අතර වසර 14ක් පැරණි වුවත් එය නොදිරා පැවතුනේ ඔහුගේ ශුද්ධවන්ත බව මනාව කියා පාමිනි. වර්ෂ 2013 පෙබරවාරි මස 15 දින කාදිනල් ඇන්ජලෝ ස්කෝලා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කාලෝ ශුද්ධවරයට එසවීමේ වැඩකටයුතු ආරම්භ විය. 2013 මැයි 13 වන දින කාලෝ දේව සේවකයෙකු ලෙස නම් කෙරිණි. ඔහු ගත කළ ශුද්ධවන්ත ජීවිතය ගැන සොයා බැලීමෙන් අනතුරුව 2018 ජුලි මස 5 වන දින ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් කාලෝ වන්දනීය භාවයට එසවීය. උපතේ සිට අග්න්‍යාසයේ ආබාධයකින් පෙලුණු බ්‍රසීලයේ දරුවෙක් වන්දනීය කාලෝ ගේ මැදිහත්කම තුල වර්ෂ 2013 දී සුවය ලැබීමේ ප්‍රාතිහාර්ය වෛද්‍ය විශේඥයන් විසින් 2019 නොවැම්බර් මස 14 දින ස්ථිර කිරීමෙන් අනතුරුව ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් වන්දනීය කාලෝ අකුටිස් භාග්‍යවරයට එසවීමේ අවසරය ලබාදෙනු ලැබුවේ මෙම වසරේ පෙබරවාරි මස 21 වන දිනදීය. ලොවපුරා ආදරයටපත් මේ නව යෞවනයා අපේ කාලයේ සුදු වරයෙක් ලෙස පසුගිය 10 වන සෙනසුරාදා අසීසියේදී භාග්‍යවරයට එසවුනේ වත්මන් ඩිජිටල් ලෝකය ශුද්ධවන්තයින් බිහිවීමට බාධාවක් නොවන බව පසක් කරමිනි. භාග්‍යවන්ත කාලෝ අකුටිස් මුනිතුමන්ගේ අනුස්මරණය සෑම වසරකම ඔක්තෝබර් මස 12 වන දා සමරණු ඇත.

වර්ෂ 2019 නිකුත් කළ Christus Vivit අපෝස්තලික අනුශාසනා පත්‍රයේද භාග්‍යවන්ත කාලෝ ගැන සඳහන් කරන ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ඩිජිටල් ලෝකය තුළ නොමඟ යෑමෙන් වැළකී, පරිහෝජනවාදයේ උගුලට හසු නොවී නව සන්නිවේදන තාක්ෂණය සුභාරංචිය පැතිර වීමට යොදාගත් කාලෝ ගේ ආදර්ශය ඉස්මතුකර ඇති අතර තරුණ තරුණියන්ගේ යහපත්, ශුද්ධවන්ත ජීවිත මගින් සභාවේ හා ලෝකයේ තුවාලයන් සුවපත් කල හැකි බව සඳහන් කරයි. ශුද්ධවන්ත භාවයට සංකීර්ණ ලෝකය බාධාවක් නොව මාර්ගයක් බව ජීවිතාදර්ශයෙන් පෙන්වූ භාග්‍යවන්ත කාලෝ අකුටිස් යෞවනයා සයිබර් ලෝකයේ වල් මත්වුණු වත්මන් තාරුණ්‍යට පරමාදර්ශයක් වනු ඇත.

නිමේෂ් සමීර පෙරේරා සහෝදරතුමා

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when We Are Catholic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to We Are Catholic:

Share