Sri Sucharitha Wardhanaramaya - Gonagama

Sri Sucharitha Wardhanaramaya - Gonagama ශ්‍රී සුචරිත වර්ධනාරාමය - ගෝනගම

31/12/2024
දහම්පාසැල්  නොයන දරුවන්ගේ දැනුවත් වීම උදෙසා මෙය Share කරන්න...
14/01/2024

දහම්පාසැල් නොයන දරුවන්ගේ දැනුවත් වීම උදෙසා මෙය Share කරන්න...

https://m.youtube.com/watch?v=YRr3-KpERuY
07/03/2023

https://m.youtube.com/watch?v=YRr3-KpERuY

ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැන.....

මැදින් පුර පසලොස්වක පෝය දිනය අදයි.මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමි...
06/03/2023

මැදින් පුර පසලොස්වක පෝය දිනය අදයි.

මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ඡන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා වැඩම කිරීම සිදු විය.

සුද්ධෝදන රජු තම පුත්‍ර වූ බුදුරදුන් දැක බලා ගැනීමට මහත් ආශාවෙන් පසුවූ අතර නව වතාවක්‌ම බුදුරදුන් වැඩමවාගෙන ඒමට දූත පිරිස්‌ යෑවීය.

ඒ සියලු දෙනාම බුදුරදුන් සමීපයේ පැවිදිව එහිම කල් ගෙවීය. අනතුරුව කාළුදායි ඇමැතිවරයා දුත පිරිසක්‌ සමඟ බුදුරදුන් වැඩමවා ගෙන ඒමට යෑවූ අතර ඔහු ද බුදුරදුන් වෙත ගොස්‌ පැවිදිව නොබෝ දිනකින් බුදුරදුන් අමතා පියරජු ඇතුළු ශාක්‍ය වංශික ඥාතීහු උන්වහන්සේ දැක බලා ගැනීමට ඉමහත් කැමැත්තෙන් සිටින බව දැන්වීය.

කාලුදායි රහතන් වහන්සේ මහණ වී සතියකින් පමණ බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින ලෙසට ආරාධනා කළහ. බුද්ධත්වයෙන් දස මසක් සම්පූර්ණ විය.

මැදින් පුර පසළොස්වක් පොහොය එළඹියේය. පැරණි කොළ වැටුණු වෘක්ෂයෝ අලුත් දලු ලා ගිනි දලු මෙන් බබළන්නට විය.

හැම තුරු ලියක්ම පිපුණු මලින් සැරසී ඇත. දසත සුවඳ පතුරාලති. බුදු පුදට සැරසුණාක් මෙන් රජගහ නුවර සිට කිඹුල්වත් නුවර දක්වා මඟ දෙපස මෙබඳු අසිරිමත් සිරියෙන් බැබළෙමින් තිබුණි.

කාලුදායි තෙරුන් වහන්සේ බුදුන් වහන්සේට කිඹුල්වත් පුරයට වැඩමවීමට සුදුසු කාලය එළඹී ඇති බව දන්වමින් ගමන් වර්ණනාව ගාථා සැටකින් ප්‍රකාශ කළහ.

'භාග්‍යවතුන් වහන්ස! දැන් වෘක්ෂයෝ ගිනි අඟුරු මෙන් රතු පැහැති මල්දලු ඇත්තාහ. පරණ කොළ වැටීමෙන් මලින් සැරසී ගිය වෘක්ෂයෝ දැන් පලදැරීමට කැමැතිව සිටිති. වෘක්ෂයෝ ගිනි දැලින් යුක්ත වූවන් සේ බබළත්. මහා වීරයන් වහන්ස, පරම්පරාගත ශාක්‍යයනට හිත සුව පිණිස වැඩමවීමට මේ සුදුසු කාලයයි, ආදී වශයෙන් එම ගාථාවන් වේළුවනාරාමයේ සිට කිඹුල්වත් පුරයේ තිබූ අසිරිය විදහාපෑවේය. මේ ගාථාවන්ගෙන් පැහැදිලි කළේ කිඹුල්වත් පුරයට වැඩමවීමට යෝග්‍යම කාලය එළඹී ඇති බවයි. බුදුන් වහන්සේ ද මේ සුදුසුම කාලය යැයි සලකා විසිදහසක් පමණ වූ භික්ෂු සමූහයා පිරිවරාගෙන රජගහ නුවර වේළුවනාරාමයෙන් පිටත්වූහ.

බුදුපාමොක්‌ මහ සඟන පිළිගැනීමට එදින ශාක්‍යයෝ විශාල පිරිසක්‌ පැමිණ සිටියහ. එහෙත් මල් ආදිය බුදුරදුන්ට පුදා නමස්‌කාර කළේ කුඩා දරු දැරියන් පමණි. ඊට හේතුව ශාක්‍යයන් තුළ පැවැති අධික මානය හා අහංකාර බවයි. එය දිවැසින් දුටු බුදුරදුන් යමාමහ ප්‍රාතිහාර්ය පෑවේය.

එය දැක විශ්මයට පත්වූ ශාක්‍යවංශික ඥාතීහු බුදුරදුන්ගේ විශිෂ්ට හැකියා දැක බුදුරදුන් ඇතුළු මහා සඟනට නමස්‌කාර කළහ. පියරජු ද එහිදී වන්දනා කළේය. බුදුරදුන් එම අවස්‌ථාවේ වෙස්‌සන්තර ජාතකය මුල්කරගෙන ධර්මය දේශනා කළහ.

ඒ ඇසූ පියරජු ඇතුළු ඥාතීහු ධර්මාවබෝධය ලබා ගත්හ. ශාක්‍යවංශිකයෝ එදින බුදුරදුන් ඇතුළු භික්‌ෂු සංඝයාට වැඩසිටීමට නිග්‍රෝධාරාමය නමින් ආරාමයක්‌ තනවා පූජා කළහ.

පසුදා බුදුපාමොක්‌ මහ සඟන කිඹුල්වත් නුවර පිඬුසිඟා වැඩියෝය. ඒ දුටු පියරජු බුදුරජුන් වෙත පැමිණ පිඬුසිඟා වැඩම කිරීම අපේ වංශයට නිඟාවක්‌ බව කීය. එහිදී බුදුරදුන් පියරජු අමතා තමන් දැන් බුද්ධත්වයට පත්වූ නිසා බුද්ධ වංශයේ බවත් බුද්ධ වංශයේ සියලු බුදුවරු පිඬුසිඟා වඩින බවත් දේශනා කළ සේක.

එහිදී රජු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඟනට පසුදා දහවල් දානයට තම රාජ මාළිගයට වැඩමකරවන ලෙස ආරාධනා කළේය. එම ආරාධනාව පිළිගත් බුදුරදුන් පසුදා දහවල් දානයට වැඩම කොට දානය වළ අවසානයේ ධර්මය දේශනා කළ බව ශාසන ඉතිහාසයේ සදහන් වෙයි.

එම ධර්මය අසා පියරජු ඇතුළු ඥාති පිරිස දහම් අවබෝධය තුළින් මාර්ගඵල ලබාගත්හ. එහිදී සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියද සෝවාන් මාර්ගඵලයට පත්විය යශෝධරා දේවියගේ සිරියහන් ගැබට ද වැඩි බුදුරදුන් ඇයගේ ගුණ වර්ණා කරමින් සඳකිඳුරු ජාතක කථාව දේශනා කළ සේක.

බුදුරදුන් මැදින් පුර පොහෝදා සිදු කළ කිඹුල්වත්පුර ගමනේදී විශාල පිරිසක්‌ දහම් අවබෝධ ලබාගත් අතර තවත් පිරිසක්‌ පැවිදි බිමටත් පත්වූහ. නන්ද, රාහුල, ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වූහ.

මේ උතුම් මැදින් පුර පොහෝදිනයේදී ඔබ සැමත්, බුදුරදුන් දේශනා කළ උතුම් ධර්මය සිහියට නගාගෙන පාපයෙන් වෙන්වී යහපතෙහි යෙදී දානය, සීලය, භාවනාව තුළින් ජීවිතයේ යථාර්ථය දැක දැහැමි ජීවිතයක්‌ ගොඩනඟා ගැනීමට උත්සාහවත් වන්න.

Address

Kurunegala, North Western
Kurunegala
GONAGAMA,SRISUCHARITHAWARDHANARAMAYA

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sucharitha Wardhanaramaya - Gonagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Sucharitha Wardhanaramaya - Gonagama:

Share