Youth Buddhist Association - Ridi Viharaya

Youth Buddhist Association - Ridi Viharaya Venerable Thibibatuwawa Sri Siddhartha Buddharakkitha Nayaka Thera and our aim is to mobilize the you

ඓතිහාසික රිදී විහාරය කියන්නේ බෞද්ධය ජනතාව හට ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් විහාරස්ථානයකි . බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන ‍රැවන්වැලි සෑය ඉදිකිරිමේදි වස්තුව නොමැතිව දුටු ගැමුණු රජතුමා කනස්සල්ලෙන් සිටි අවස්ථාවේ එහි වැඩ නිම කිරිමට හැකි වුයේ රිදි විහාරයෙන් මතු වු රිදී ගොබය නිසයි . ඓතිහාසික රිදී විහාරයේ විහාරාධිපති හිමියන් වන්නේ මල්වතු පාර්ෂවයේ මහා නායක අති පූජ්‍ය තිබිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංග

ලාභිධාන මහා නායක හිමිපානන් වහන්සේ වන අතර වර්ථමාන භාරකාර නායක හිමියන් වන්නේ ශ්‍යමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ෂවයේ කාරක සංඝ සභික ඓතිහාසික රිදි විහාරයේ භාරකාර පූජ්‍ය තිබිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමියන් වන අතර වුන් වහන්සේගේ අවවාද අනුසාසනා හා මග පෙන්විම අනුව තරුණ පිරිස එකරාසි කරගෙන ආගමික, සමාජිය,ආර්ථික හා පාරිසරික වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම අපේ අරමුණයි..

වෙසක් පොහෝ දිනයන්හි ඓතිහාසික රිදී විහාරස්ථානය වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සහ ආරක්ෂාව උදෙසා රිදී විහාර ත...
31/05/2026

වෙසක් පොහෝ දිනයන්හි ඓතිහාසික රිදී විහාරස්ථානය වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සහ ආරක්ෂාව උදෙසා රිදී විහාර තරුණ බෞද්ධ සංගමය සහ බෞද්ධ සංගමය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර විහාරස්ථානය වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන යම් වාහනයක් හදිසි කාර්මික දෝෂයකට ලක්වුවහොත් එය නොමිලේම අලුත්වැඩියා කර දීම සඳහා වාහන ආපදා කමිටුවක් ද රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය මඟින් පත් කර තිබෙන අතර පැමිණෙන සියලුම රථ වාහන නිසි ලෙස හැසිරවීම ඇතුළු සියලු කටයුතු සිදු කරනු ලබන්නේ තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසිනි.

එසේම රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය, බෞද්ධ සංගමය සහ බෝසත් ළමා සමාජය මඟින් ආහාර පාන අලෙවිසැල්,මල් අලෙවිසැල් ඇතුළු සුබසාධන අලෙවිසැල් පවත්වාගෙන යන අතර එම අලෙවිසැල් මගින් ලැබෙන මුළු ආදායමත් වාහන රථ ගාල් මගින් ලැබෙන මුළු ආදායමත් ඇතුළුව වෙසක් පොහෝ දිනයන් මූලික ක⁣රගෙන ක්‍රියාත්මක වන සියළුම සුබසාධන කටයුතු මඟින් බැතිමතුන් හරහා ලැබෙන ආදායම මුළුමණින්ම යොදවනු ලබන්නේ ඓතිහාසික රිදී විහාරස්ථානය මඟින් සිදුකරනු ලබන ආගමික,සංස්කෘතික සහ සාමාජීය සේවාවන් සඳහා පමණි.

මෙම සියලු කටයුතු රිදී විහාරයේ භාරකාර පූජ්‍ය තබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්ස්ගේ අනුශාසනාවන්ට යටත්ව රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ සහ බෞද්ධ සංගමයේ නිළධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සියලුම සාමාජිකයින්ගේ සභභාගීත්වයෙන් සහ එකමුතුවෙන් ඉතාම සැලසුම්සහගතව සහ පිළිවෙළින් සිදු කෙරේ.

රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය මඟින් මෙහෙයවන "රිදීසෙත අරමුදල" වෙසක් පොහොය යෙදී තිබෙන අද දින (මැයි 30) සහ පසු දින එනම් ම...
30/05/2026

රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය මඟින් මෙහෙයවන "රිදීසෙත අරමුදල" වෙසක් පොහොය යෙදී තිබෙන අද දින (මැයි 30) සහ පසු දින එනම් මැයි 31 ඓතිහාසික රිදී විහාරස්ථානයේදී පැවැත්වේ.

රිදී විහාරය වැඳ පුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන් මෙම ස්ථානයට පරිත්‍යාග කරන මුදල් ⁣මුළුමණින්ම යොදවන්නේ අසරණ රෝගීන් හට උපකාර කිරීම, නිවාස නොමැති අසරණ පවුල් වලට නව නිවාස තැනීම ඇතුළු ආගමික සහ සමාජීය සේවාවන් සඳහා පමණි.

අද දිනට යෙදී තිබෙන උතුම් වෙසක් පුන් පොහෝ දින ඓතිහාසික රිදී විහාරස්ථානය වන්දනාමාන කිරීම සඳහා බොහෝ බැතිමතුන් සංඛ්‍යාවක් ...
30/05/2026

අද දිනට යෙදී තිබෙන උතුම් වෙසක් පුන් පොහෝ දින ඓතිහාසික රිදී විහාරස්ථානය වන්දනාමාන කිරීම සඳහා බොහෝ බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙමින් තිබේ.

ඔවුන්ගේ සුවපහසුව සහ ආරක්ෂාව උදෙසා ශ්‍රී ලංකා පොලීසිය සහ රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයත් බෞද්ධ සංගමයත් ක්‍රියාත්මක වන අතර රිදී විහාර පරිශ්‍රයේදී පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් බත් දන්සලක්ද පැවැත්වේ.

ඡායාරූප : රිදී විහාර නිල මාධ්‍ය ඒකකය

30/05/2026
රිදී විහාරයේ තරුණ බෞද්ධ සංගමයේ 2026 වර්ෂයේ දෙවන මහා සභා රැස්වීම 2026.මැයිමස 24 වැනිදින පවත්වන ලදී...
24/05/2026

රිදී විහාරයේ තරුණ බෞද්ධ සංගමයේ 2026 වර්ෂයේ දෙවන මහා සභා රැස්වීම 2026.මැයිමස 24 වැනිදින පවත්වන ලදී...

ගම්බිමි තෙත් කරන රිදී දියවර..
23/04/2026

ගම්බිමි තෙත් කරන රිදී දියවර..

රිදී විහාරය රිදීගමට රත්තරන්

රිදී විහාරයේ උත්තම පූජනීය වස්තුව රන් බුද්ධ ප්‍රතිමාව

නුවර පෙරහැරෙන් පස්සෙ අලි, ඇතුන් විශාල සංඛ්‍යාවක් ගමන් කරන්නෙ රිදී විහාර පෙරහැරේ….

දිට්වාවෙන් උන්හිටි තැන් අහිමි මිනිසුන්ට රිදී විහාරයෙන් ඉඩම්…

නවීන පහසුකම් සහිත විශ්‍රාම ශාලාවේ ඉඳුම් හිටුම් නොමිලේ…

රිදී විහාරයේ ගල් ලෙන්වල භාවනා කරන විදේශිකයන් වැඩි වෙලා…

ජාති, ආගම් භේදයකින් තොරව මිනිසුන්ට පිහිට වෙනවා…

විහාර කන්ද මුදුනේ පිහිටි ‘රිදී විහාරය’ සත්කෝරළයටම මිණි පහනකි. වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, රිදීගම ග්‍රාම සේවා වසමට අයත් ‘රිදී විහාරය’ දුටුගැමුණු යුගයේ සිට පැවතෙන ඉපැරැණි විහාරස්ථානයකි. රිදීගමට පමණක් නොව අවට ගම් යායටම දහම් සිසිල පුබුදුවාලන අයුරින් රිදී විහාරය පිහිටා ඇත්තේ ද උතුරට විහිදුණු මාතලේ කඳුවැටියට සහ දැදුරු ඔයට මායිම්ව අති රමණීය කඳු මුදුනක ය.

රිදී ලෙන, රජත ලෙන ආදී නම්වලින් හඳුන්වනු ලබන ‘රිදී විහාරය’ මෙරටට බුදුදහම දායාද වූ මුල් කාලයේදී ආරාම සංකීර්ණයක් වශයෙන් ද පසුව පක්‍ද්චාවාසයක් ලෙස ද දියුණු වී තිබේ. ක්‍රි. පූ. දෙවැනි සියවසේ මේ පින්බිම වඩාත් ජන සම්භාවනාවට පාත්‍ර වී ඇත්තේ මහාථූප (රුවන්වැලි මහා සෑය) කර්මාන්තයට රිදී නිධානය පහළවීම නිසා ය. එකල වරකා වැළඳූ ලෙනෙහි වැඩසිටි දුටුගැමුණු රජුගේ ප්‍රධාන අනුශාසකයන් වහන්සේ නමක් ලෙස ප්‍රසිද්ධ මහා සෘද්ධිබල සම්පන්න ඉන්දගුත්ත මහරහරතන් වහන්සේ වෙළෙඳාමේ පැමිණි වෙළෙඳුන්ට රිදී නිධානය පෙන්නුම් කර ඇත. මහාථූප කර්මාන්තයට රිදී ලබාදීමට දැක් වූ කෘතගුණ සැලකීමක් ලෙස දුටුගැමුණු රජු විසින් එම භූමියේ විහාරයක් ඉදිකරවා අනුරාධපුරයේ සිට රන් පිළිම වහන්සේ වැඩමකරවා එම පිළිම වහන්සේට පුදසත්කාර කිරීමට ඉඩම් අක්කර 3572 ක විශාල ගම්වරයක් සම්බුද්ධ ශාසනයට පූජා කර ඇත.

දුටුගැමුණු මහ රජු විසින් සම්බුද්ධ ශාසනයට පූජා කරන ලද ‘රිදී විහාරය’ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇති බව ද ඉතිහාසයේ සඳහන් ය. එමෙන්ම රිදී ලැබීමේ පුරාවෘත්තය විමර්ශනයේදී ගම්‍ය වනුයේ මලය රට හා අනුරාධපුරය යා කළ වාණිජ කේන්ද්‍රස්ථානයක් ලෙස රිදීගම ක්‍රියාත්මකව පැවැති බව ය. රිදී විහාරයේ වැඩ සිටින අති උත්තම පූජනීය වස්තුව වන ‘රන් පිළිම වහන්සේ’ දක්ෂිණ භාරතයේ මධුරාපුරයෙන් වැඩමවා ඇති බවට ද ඉතිහාස කරුණු සාක්‍ෂි දරයි. අනුරාධපුරයේ සිට රන් පිළිම වහන්සේ වැඩම වූ පෙරහැරේ ගමන් කළ විදේශීය දූත පිරිස පිළිබඳව මෙන්ම වාදනය කළ තූර්යවාදන භාණ්ඩ පිළිබඳව ද වාර්තා වේ. මෙරට වෙනත් කිසිදු විහාරස්ථානයක නොමැති විහාරාංග සහ මහනුවර යුගයේ බිතු සිතුවම්වලින් අලංකෘත වූ රිදී විහාරය බෞද්ධ කලාවෙන් පමණක් නොව, හින්දු කලාවෙන් ද ඔපවත් වී ඇති බව පෙනේ. වරකා වැළඳු විහාරය ඊට කදිම නිදසුනකි. එහි වාස්තු විද්‍යාව සහ කැටයම් හින්දු කාල කෘතිවලට සමාන බව රිදී විහාරයේ ආගමික කටයුතු භාරව වැඩ වසන, කුඹුරුලෙන ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනේ ආචාර්ය හෙම්මාතගම පියදස්සි හාමුදුරුවෝ ද අප සමග පැවසූහ. මහා විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට මුලසුනේ ක්‍රිස්තු චරිතය දැක්වෙන පිඟන් ගඩොලින් පැහැදිලි වනුයේ කතෝලික කලාව ද රිදී විහාරය තුළ ගැබ් වී තිබෙන බව ය. එම පිඟන් ගඩොල් පූජා කර ඇත්තේ මෙරට සිටි ඕලන්ද ආණ්ඩුකාරවරයෙක් බව ද වාර්තා වේ. අන්‍යාගමික සංකේත සහිත පිඟන් ගඩොල් විහාරයේ මුලසුනට යෙදීමට තරම් විවෘත මනසකින් හා ආගමික සහජීවනයකින් රිදී විහාරයේ විහාරාධිපති හිමියන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි පුදුම නොවෙමු. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් අදට ද රිදී විහාරයේ දායකයන් ලෙස කටයුතු කරනු ලැබේ.

ආගමික සහජීවනය ලොවටම කියාපාන රිදී විහාරය හා ගම අතර පවතිනුයේ ද අත්‍යන්ත සම්බන්ධතාවයකි. බොහෝවිට ගම්වාසීන් ජීවත්වනුයේ රිදී විහාර ගම්වරය තුළය. ප්‍රවේණි පංගු භුක්ති විඳින්නන් රාජකාරිමය වශයෙන් ද විහාරය හා බැඳී සිටී. අතීතයටත් වඩා වර්තමානයේදී රිදී විහාරය දායක, දායිකාවන් අතර පමණක් නොව ප්‍රදේශය පුරාම ජන සම්භාවනාවට පාත්‍රව ඇති බව සැබෑ ය. රිදී විහාරයට ගම් පහක දායක පවුල් සිටිති. රිදී විහාරය යටතේ උප විහාරස්ථාන හතකි. ඒ සියලු විහාරස්ථානවල භාරකාරත්වය පැවරී ඇත්තේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හාමුදුරුවන්ට ය. රිදී විහාරාධිපති හා මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමි රිදී විහාරයත් උප විහාරස්ථානත් පරිපාලනය කරමින්, මහා සමාජ සුබසාධන සහ ශාසනික මෙහෙවරක නිරත වී සිටින බව හෙම්මාතගම පියදස්සි හාමුදුරුවෝ අප සමග පැවසූහ. උන්වහන්සේගේ අදහස් දැක්වීමට රිදීවිහාර කුමාර බණ්ඩාර, සත්පත්තිනි දේවාලයන්හි බස්නායක නිළමේ වෛද්‍ය චූලා බණ්ඩාර ගුණතිලක සහ රිදී විහාරයේ දායක ආර්. නිලන්ත යන මහත්වරු ද අඩු වැඩිය එකතු කළහ. මේ ගිහි, පැවිදි පොදු හඬ ය.

“රිදී විහාර භාරකාර නායක හාමුදුරුවන්ගේ ජන්ම දිනය යෙදිල තිබුණේ ඊයේ. තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හාමුදුරුවෝ මෙලොව එළිය දැකල තියෙන්නෙ 1976 අවුරුද්දෙ අප්‍රේල් 18 වැනිදා. උන්වහන්සේගේ 50 වැනි ජන්ම දිනය වෙනුවෙන් රිදී විහාර දායක, දායිකාවන් විවිධ පින්කම් රාශියක් සංවිධානය කරල තිබුණා. අපේ නායක හාමුදුරුවෝ නම් උදේ අවදි වෙච්ච මොහොතේ ඉඳල රාත්‍රියේ සැතපෙන තෙක් කරන්නෙම පින්කම්. උන්වහන්සේ ගමට, රටට, ජාතියට, ශාසනයට කරන මෙහෙවර ලිපියකට ලඝු කරන්න හිතන්නවත් බෑ. ඒ තරම් විශාලයි. කෙටියෙන්ම කියනව නම් ඉන්දගුත්ත මහරහතන් වහන්සේගේ කාලයේ ඉඳල රිදී විහාරය ප්‍රධාන කොට කරගෙන පැමිණි සමාජ, ශාසනික සේවාව උත්කෘෂ්ඨයට පැමිණ තියෙන්නෙ මෙකල…” පොදු හඬට අපි බාධා කළෙමු.

මාතලේ තිබ්බටුවාවේ වලව්වේ බණ්ඩාරනායක මහතාට දාව ගනේගල වලව්වේ කුමාරිහාමි විසින් 1976 වර්ෂයේ අප්‍රේල් 18 වැනිදා මෙලොවට බිහි කළ කුල කුමරුවා 1989 වර්ෂයේ අගෝස්තු මස 11 වැනිදා නුවර මල්වතු මහා විහාරයේදී ‘තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත’ නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ. 1996 වර්ෂයේ මැයි මස 15 වැනිදා උපසම්පදාව ලැබූ උන්වහන්සේ 2000 දශකයේ මුල් භාගයේදී රිදී විහාරයේ භාරකාර තනතුරට පත් වී ඇත. එදා සිට මේ දක්වා ගමට, රටට, ජාතියට, ශාසනයට උන්වහන්සේ කරගෙන යන මෙහෙවර අපිරිමිත ය. උන්වහන්සේ සියලු ආගමික, සමාජ සුබසාධන කටයුතු සංවිධානය කරනුයේ මහනුවර උපෝසත පුෂ්පාරාම විහාරද්ව්‍යාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක මහ හිමිපාණන්ගේ ආශිර්වාදයත්, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකරාභිධාන ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර නායක හිමිපාණන්ගේ සහ මල්වතු විහාරවාසී පූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ හිමිගේ අනුශාසනා පරිදි ය. සම්බුද්ධ ශාසනයේ පැවැත්මට සුවිශාල මෙහෙවරක් ඉටු කර ඇති තිබ්බටුවාවේ සඟ පරපුර රිදී විහාරයේ සංවර්ධනයට ද අමිල මෙහෙවරක් සිදු කර ඇති බව සැබෑ ය.

මහාථූප කර්මාන්තයට රිදී ලබාදීමේ සිට ‘රිදී විහාරය’ තුළින් ඉස්මතු වනුයේ ද දානයයි. රිදී විහාරය නිර්මාණය වී ඇත්තේ ද දානයත් සමග ය. වර්තමානයේ ද දන් දීමේ වෙනසක් නැත. සාමාන්‍ය ආගමික කටයුතුවලින් ඔබ්බට ගොස් පන්සලෙන් ගමට මහා සේවාවක් සිද්ධ කරන සිද්ධස්ථානයක් ලෙස ‘රිදී විහාරය’ ප්‍රකට ය. ප්‍රදේශයේ දරු, දැරියන්ගේ නැණපහන් දැල්වීම මුදුන්පත් කොට ප්‍රදේශයේ ජීවත්වන දුප්පත් පොහොසත්, ජාති, ආගම් භේදවලින් තොරව සියලුම පවුල්වල පාසල් දරුවන්ට වසරකට ප්‍රමාණවත් පාසල් උපකරණ ලබාදීම රිදී විහාරයෙන් සිදු කෙරෙන ප්‍රධාන සමාජ සද්කාරයකි. වසර විස්සක කාලයක සිට කරගෙන යන එම වැඩසටහන මගින් උතුරු, නැගෙනහිර පළාත්හි තෝරාගත් ගම්මානවල පාසල් ළමයින්ට ද පාසල් උපකරණ බෙදා දීම සිදු කරනු ලැබේ. එමෙන්ම පවුලක අධ්‍යාපනය ලබන සියලුම ළමයින්ට පාසල් උපකරණ ලබාදීම ද විශේෂත්වයකි. නිවාස අහිමි මිනිසුන්ට ජාති ආගම් භේද නොසලකා රිදී විහාරයට අයිති ඉඩකඩම් විටින්, විට බෙදා දී ඇති බව ද වාර්තා වේ. දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල්වලට රිදී විහාරයට අයිති ඉඩම් අක්කර 05ක් පර්චස් 10 බැගින් බෙදා දී ඇත. සෑම වසරකම හිසට සෙවනක් නැති පවුල් දෙක, තුනකට අලුත් නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක ය. එම නිවාස ව්‍යාපෘතියට මුස්ලිම් ජාතික දානපතියෙක් ද අනුග්‍රහකත්වය ලබාදීම විශේෂත්වයකි. ප්‍රදේශයේ රෝහල්වල පවතින අඩුපඩු සම්පූර්ණ කරදීම ද රිදී විහාරයෙන් සිදු කෙරෙන තවත් සුවිශේෂී සද්කාරයකි. රිදීගම රෝහලේ භික්‍ෂු වාට්ටුව සම්පූර්ණයෙන්ම නඩත්තු කටයුතු කරනුයේ රිදී විහාරයෙනි. කොරෝනා ව්‍යසනය තුළ කුරුණෑගල මහ රෝහලට පීසීආර් යන්ත්‍රයක් ලබාදී ඇත්තේ ද රිදී විහාරයෙනි. විවිධ රෝගාබාධවලින් පීඩා විඳින මිනිසුන්ට වෛද්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක ය. රෝගයේ ස්වභාවය, වෛද්‍ය වාර්තා පරීක්‍ෂා කර පරිත්‍යාග මුදල තීරණය කරනුයේ නායක හාමුදුරුවෝ විසිනි. සීමාවකින් තොරව වෛද්‍යාධාර ලබාදෙන බවත්, කිසිදු ප්‍රසිද්ධියකින් තොරව පරිත්‍යාග සිදු කිරීමට තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධර්ථ බුද්ධරක්ඛිත නායක හාමුදුරුවෝ වගබලා ගන්නා බව ද පියදස්සි හාමුදුරුවෝ අප සමග පැවසූහ.

“අපි කවුරුවත් සදාකාලිකව ඉන්න ඇවිත් නෑ. ඉන්න ටික කාලෙදී ශාසනයට, සමාජයට දැනෙන සේවයක් කරන්න ඕනෑ. ඒ වගේම ඊළඟට එන කෙනාට එම කර්යභාර්ය පහසුවෙන් කරගෙන යන්න පුළුවන් විදිහට පසුබිම හදන්නත් ඕනෑ…” අපේ නායක හාමුදුරුවෝ ඔය වචන ටික නිතරම දේශනා කරනවා. ඒ වගේම දන් දෙන්නෙ හරිම සතුටින්. ‘රිදී සෙත’ නමින් අරමුදලක් තියෙනවා. විහාරයට ලැබෙන සියලුම මුදල් ඒ ගිණුමට බැර කරනවා. දායක, දායිකාවන් දෙස්, විදෙස් පින්වතුන්, විවිධ ආයතන ලබාදෙන මුදලුත් රිදී සෙත අරමුදලට බැර කරල, ඒ අරමුදලෙන් තමයි ගොඩක්ම පරිත්‍යාග කරන්නෙ. රිදී විහාරයේ සාකච්ඡා අඩුයි. වැඩ වැඩියි. ඕනෑම උත්සවයක් උපරිම පැයයි. වෙලාව නම් වෙලාව. නායක හාමුදුරුවොත් වෙලාවට වැඩ කරනවා. රිදී විහාර පරිපාලනය තුළ උපරිම විනය ක්‍රියාත්මක වෙනවා. එහෙම නොවෙන්න රිදී විහාරය වගේ මහා විහාරයක් පාලනය කරන්න බෑ. උප විහාරස්ථාන ආගමික කටයුතුවලටත් ඊට සුදුසුකම් සහිත ස්වාමීන් වහන්සේ පත් කරල තියෙනවා. රන් බුදුපිළිම වහන්සේට දෛනිකව සිදු කරන තේවාව අකුරටම සිද්ධ කරනවා. ඒ වගේම කාලයක් නතර වෙලා තිබුණු කාර්තික මංගල්‍යය නැවත පටන්ගෙන සෑම වර්ෂයකම ඇසළ මාසෙ සති දෙකක් පුරාවට පෙරහැර පවත්වනවා. නුවර පෙරහැරට පස්සෙ අලි, ඇතුන් විශාල සංඛ්‍යාවක් ගමන් කරන ලොකුම පෙරහැර. රිදී විහාර භූමියේ පිහිටි සත්පත්තිනි, කුමාර බණ්ඩාර දේවාලවල පුරාණයේ සිට පැවතෙන චාරිත්‍ර නිසියාකාරව සිද්ධ කරනවා. මෙරට බෞද්ධ සිද්ධස්ථාන ගැන විදේශීය සංචාරකයන් දැනුවත් කරන්න ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වූවා. සංචාරක මණ්ඩලය, සංචාරක හෝටල් ප්‍රධානීන්, විදේශීය සංචාරක ආයතන, සංචාරක මඟපෙන්වන්නන් එකට එකතු වෙලා සාකච්ඡා කළ යෝජනා රිදී විහාරය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරල තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම දේශනා, භාවනා වැඩසටහන් මෙහෙයවීමට පොඩි හාමුදුරුවෝ පුහුණු කරගෙන යනවා. විනයගරුක, ශික්ෂාකාමී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධර්ථ බුද්ධරක්ඛිත නායක හාමුදුරුවෝ යටතේ වැඩසිටීමට ලැබීමත් වාසනාවක්…” පියදස්සි හාමුදුරුවෝ අභිමානයෙන් වචන හසුරුවන බව හැඟේ.

රිදී විහාර භාරකාර නායක හාමුදුරුවන්ගේ සංකල්පයකට අනුව මෙරට සංස්කෘතිය, බුදුදහමේ ආධ්‍යාත්මික සැනසීම අවබෝධ කරදීම අරමුණු කොට ‘බෞද්ධ සංචරණය’ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් රිදී විහාරයට පැමිණෙන විදේශීය සංචාරකයන්ට නොමිලේ නවාතැන් පහසුකම්, ආහාරපාන ලබාදීමට ද කටයුතු කරනු ලැබේ. වන්දනාකරුවන්ට, සංචාරකයන්ට සහ පර්යේෂකයන්ට තම කටයුතු පහසුවෙන් කරගෙන යෑමට යෝග්‍ය පරිසරයක් නිර්මාණය කර ඇති රිදී විහාර භූමිය පුරා විධිමත් මාර්ග පද්ධතියක් ස්ථාපනය කර ඇති බව ද පෙනේ. සෑම දෙයක් සම්බන්ධයෙන්ම දැනුවත් කිරීමේ පුවරු සවි කර ඇති අයුරු ද නෙත ගැටේ. වාහන නතර කිරීමට විධිමත් රථ ගාල් ස්ථාපනය කර තිබේ. රිදී විහාරයට ගමන් කරන ප්‍රධාන මග දෙපස සිට විහාර භූමිය පුරා සැලසුම් සහගතව විසිතුරු
ගස්, මල් වැල්වලින් අලංකෘත කර ඇති අයුරු මනරම් ය. රිදී විහාරයෙන් සිදු කෙරෙන සද්කාර අතර පරිසර සුපෝෂණය උදෙසා වාර්ෂිකව සිදු කරන රුක් රෝපණ වැඩසටහන ද අති විශේෂ ය. රිදී විහාරය සම්බන්ධ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට නවීන සන්නිවේදන ක්‍රම භාවිතා කර ඇති අයුරු ද අපූරු ය. එහෙයින් විදේශීය සංචාරකයන්ගේ පැමිණීම අතිශය ඉහළ මට්ටමක පැවතීම අරුමයක් නොවන බව සැබෑ ය. ගල් ලෙන්වල භාවනායෝගීව කාලය ගත කිරීමට කැමැති විදේශිකයන්ගේ පැමිණීම ද ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ. භාවනා කිරීමට පැමිණෙන විදේශිකයන් වෙනුවෙන් රිදී විහාර භූමිය තුළ තිබෙන ගල් ලෙන් 64ක් නවීකරණය කර ඇති අයුරු ද පෙනේ. පුරාවිද්‍යා වටිනාකම ඉස්මතු වන ආකාරයට පැරැණි ගොඩනැඟිලි නවීකරණය කර ඇති අයුරු, පැරැණි බව ඉස්මතු වන ආකාරයට අලුත් ගොඩනැඟිලි ඉදිකර තිබෙන අයුරු අතිශය කලාත්මක ය.

ප්‍රතාපවත් ගොඩනැඟිලි මහා වනස්පතියකින් වසා ගත් නිහඬ, නිසළ රිදී විහාර භූමියේදී ගතට, සිතට දැනෙන සුවදායක බව වචනවලට ලඝු කිරීමට සිත් නොදෙන තරම් ය. ගිනියමින් දැවෙන ග්‍රීස්මයේ ද ඒ පින්බිම සිසිල් ය. අවට දැවෙන ඉර මුදුන් සමයමේ ද පහන් කන්ද මුදුනේදී ගතට දැනුන සුවදායක බව පුදුමාකාර ය. ලෙන් විහාර මන්දිරය, ගල් ලෙන් කුටි වායුසමනය කර ඇති සේ ය. ආධ්‍යාත්මිකව සුවපත් විය හැකි එවැනි පුණ්‍ය භූමියක කාලය ගත කිරීමට ඕනෑම සත්වයෙක් කැමැති ය. මිනිසුන් සොයනුයේ සිතට සැනසීම ය. එහෙත් රිදී පින්බිමේ ආධ්‍යාත්මික සුවය විඳීමට කාලය අපට ඉඩ නොදෙන ගාන ය.

තරංග රත්නවීර

Address

Youth Buddhis TAssociation-Ridi Viharaya, Ridigama
Kurunegala
60040

Telephone

+94724395770

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Buddhist Association - Ridi Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share