01/12/2023
අපේ ජීවිත පොතේ පිටු ලියන්න ඕන අපිමයි. ඒත් සමහර කාල එනවා අපේ හිත් හිස් වෙන. ඉතින් අපි මොකුත් නොලියා, ඔහේ හිස් පිටු කාලෙත් එක්ක පෙරලගෙන ඉස්සරහට යනවා. ඉතින් අපි සමහර වෙලාවට මෝඩවෙලා ඒ හිස් පිටු පුරවන්න අපි වගේම හිස් මිනිසුන්ට බාර දෙනවා. ඒ තමයි අපිට වරදින තැන. පෙනෙන මිනිසුන්ට වඩා නොපෙනෙන දෙවියන් විශ්වාස කරන්න. ආපහු අපට ලියාගන්න බැරි ඒ පිටු පුරවන්න දෙවියන්ට බාරදෙන්න. මොකද අපි වගේම ඉන්න අනිත් අයට ඒවා පුරවන්න බැරි නිසා. ඔබට මිනිස්සු විශ්වාස කළ නොහැකි නමුත් දෙවියන්ව විශ්වාස කළ හැකියි. මොකද දෙවියන්ට ඔබෙන් ගැනීමට කිසිවක් නැත. පරිපූර්ණ දෙවියන් ඉදිරියේ ඔබ හිස් මිනිසෙක් පමණි.