දම්සර පූජා භාණ්ඩ

දම්සර පූජා භාණ්ඩ අටපිරිකර ඇතුලු සියලු පූජා භාණ්ඩ

26/06/2023
15/04/2023
🙏🌟🌼🌹දම්සර පූජා භාණ්ඩ මන්දිරයෙන් කරන ඕනෑම මිලදීගැනීමක් සදහා දැන් ක්‍රිප්ටො කරන්සි (USDT) වලින් ගෙවන්න පුලුවන්. කුරුණෑගල ග...
09/03/2023

🙏🌟🌼🌹දම්සර පූජා භාණ්ඩ මන්දිරයෙන් කරන ඕනෑම මිලදීගැනීමක් සදහා දැන් ක්‍රිප්ටො කරන්සි (USDT) වලින් ගෙවන්න පුලුවන්. කුරුණෑගල ගෝනගම නගරයේ ප්‍රතම වතාවට, මෙම පාරිබෝගික පහසුව ක්‍රියාත්මකයි. 🌹🌻🔥

🙏🌼🌹සෑම නිවසකටම කළණ මිතුරා ලෙස, නිවැරැදි අංග සම්පූර්ණ ෆයිබර් බුදු පිළිමයක්. දම්සර පූජා භාණ්ඩ මන්දිරයෙන් තෝරාගන්න. ප්ලාස්ට...
06/03/2023

🙏🌼🌹සෑම නිවසකටම කළණ මිතුරා ලෙස, නිවැරැදි අංග සම්පූර්ණ ෆයිබර් බුදු පිළිමයක්. දම්සර පූජා භාණ්ඩ මන්දිරයෙන් තෝරාගන්න. ප්ලාස්ටර්පැරිස්, ඩොලමයිට් පිළිම සිතැගි පරිදි වෙන්කරවාගන්න.🙏🌟🎉️

🌼🌻🙏කඨින චීවර පුජාවේ ඉතිහාසය කියවමු.වස් විසීමේ ආරම්භයවස් විසීමේ සිරිත බුද්ධ ශාසනය ආරම්භයේ සිට පැවතුනේ නැත. එකල දඹදිව සිටි...
29/10/2022

🌼🌻🙏කඨින චීවර පුජාවේ ඉතිහාසය කියවමු.

වස් විසීමේ ආරම්භයවස් විසීමේ සිරිත බුද්ධ ශාසනය ආරම්භයේ සිට පැවතුනේ නැත. එකල දඹදිව සිටි ජෛන පූජකයෝ වැහි තෙමස සිය ආරාමවල රැඳී සිටියහ. උග්‍ර තපස්වාදී වූ ඔවුහු එසේ සිටියේ බැහැර සංචාරය කිරීමෙන් කුඩා ප්‍රාණීන් මෙන්ම පැළෑටි විනාශ වී යන බැවිනි.
මේ කාලයේ දී, බෞද්ධ භික්‍ෂූන් වහන්සේ පිණ්ඩපාතය පිණිසත් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහාත් ගම් නියම් ගම්වල සංචාරය කළහ. මෙය දුටු ජෛන පූජකයෝ මෙන්ම මහජනතාවද භික්‍ෂූන් වහන්සේට දෝෂාරෝපනය කළහ.
ජෛන පූජකයන්ගේත්, මහ ජනතාවගේත් මෙම විරෝධතාවය බුදුරජාණන් වහන්සේට දැන ගන්නට ලැබුණි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේට ද වැහි කාලය තුළ දී ආරාමවලින් බැහැර නොයෑමට අනුදැන වදාළහ. එම කාලයේ දී ආරාමවල රැඳී සිටිමින් බණ භාවනාදී කටයුතුවල යෙදෙන්නට දැන්වූහ. මෙම වස් තෙමසේ දී දාකයෝ භික්‍ෂූන් වහන්සේට දානමානාදියෙන් සංග්‍රහ කළහ. ඔවුහු භික්‍ෂුන් වහන්සේ හමුවට පැමිණ ධර්ම සාකච්ඡාවල යෙදුනහ. මෙය භික්‍ෂූන් වහන්සේත් ගිහි ජනතාවත් අතර දැඩි සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමට ද හේතුවක් විය.
ලක්දිව වස්විසීමේ ආරම්භය ඇති වූයේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට පැමිණීමෙන් පසුවය. උන්වහන්සේ මෙහි පැමිණි විසි හත් වන දින මිහින්තලාවේ වස් විසූහ. මේ අනුව ලක්දිව වස් විසීමේ සිරිත ආරම්භ වී දැනට වසර දෙදහස් පන්සියයක් පමණ ගත වී ඇත.

වස් ආරාධනයභික්‍ෂූන් වහන්සේට වස් ආරාධනා කරනු ලබන්නේ දායකයන් විසිනි. ඒ අනුව විහාරස්ථානයේ වැඩ වසන භික්‍ෂූන් වහන්සේට මෙන්ම වෙනත් විහාරස්ථානවල භික්‍ෂූන් වහන්සේටත් ආරාධනා කිරීමට හැකිය. විහාරස්ථානයට පැමිණෙන දායක මහත්වරු බුදුන් වැඳ භික්‍ෂූන් වහන්සේට දැහැත් පිළිගන්වා වස් විසීමට ආරාධනා කරති. මෙම දැහැත් පිළිගැන්වීම සාමාන්‍ය දැහැත් වට්ටියක බුලත් තබා ආරාධනා කරන පිළිවෙළට වඩා වෙනස් ය.
මේ සඳහා බුලත් කොළ දහයක් පමණ ගෙන රවුමට තබා එකිනෙක සම්බන්ධවන ආකාරයට ඉරටු ගසා දැහැත් ගොටුව සකස් කරනු ලැබේ. එය අලංකාර නිර්මාණයකි. එහි මැදට පුවක්, හුණු සහ එනසාල් වැනි සුවඳ ද්‍රව්‍ය දමනු ලැබේ.
එක භික්‍ෂූන් වහන්සේ නමකට නම්, එක ගොටුවක් ප්‍රමාණවත් ය. එහෙත් භික්‍ෂූන් වහන්සේ හතර නමකට ආරාධනා කරනු ලබන්නේ නම්, එවැනි දැහැත් ගොටු හතරක් අවශ්‍ය ය.
එයින් පසුව භික්‍ෂූන් වහන්සේට දැහැත් ගොටුව පිළිගන්වා දායක තැන විසින් පහත සඳහන් ආකාරයට ආරාධනා කළ යුතු ය.
මේ තුන් මාසයේ අප විහාරයේ අප කෙරෙහි අනුග්‍රහය පිණිස වස් වාසය කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි යනුවෙනි. එයින් පසුව භික්‍ෂූන් වහන්සේ පහත සඳහන් වාක්‍යය ප්‍රකාශ කිරීමෙන් ආරාධනාව පිළිගනිති.
ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි,
ඉධ වස්සං උපෙමි, ඉධ වස්සං උපෙමි, ඉධ වස්සං උපෙමි යනුවෙනි.
(උපෙමි, එළඹෙති)

වස් දානය.......
වස් තෙමස තුළ භික්‍ෂූන් වහන්සේට දානය පිළිගැන්වීමට දායකයෝ බාර ගනිති. ඒ අනුව හීල් දානය, දවල් දානය, සවස ගිලන් පස දානය සපයමින් ඔවුහු උන්වහන්සේට සංග්‍රහ කරති. මෙම වස් කාලය තුළ සවස් කාලයේ දී දායකයෝ විහාරස්ථානයට පැමිණ මල්පහන් පූජා කරති. ධර්ම සාකච්ඡා කරති. භික්‍ෂූන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කරති. සතර පොහොය දිනවල විශේෂ ධර්ම දේශනා පවත්වති.

කඨින ඉතිහාසය .........
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයේ දී පාවා නුවර වාසය කළ භික්‍ෂූන් වහන්සේ තිස් නමක් බුදුරජාණන් වහන්සේ දැක ගැනීම පිණිස එහි වැඩියහ.
වස් එළඹෙන දින උන්වහන්සේට සැවැත්නුවරට ළඟා වීමට නොහැකි විය. එබැවින් උන්වහන්සේ අතර මඟ සාකේත නුවර වස් විසූහ. වස් අවසාන වූ පසු උන්වහන්සේ මහ වැසි නොතකා තෙමුණු සිවුරු සහිතව
ගොස් බුදුරජාණන් වහන්සේ දැක ගත්හ. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේට දහම් දෙසූහ. ඒ තිස් නම රහත්වූහ. එයින් පසුව බුදුරජාණන් වහන්සේ මා කඨිනය අනුදත්තේ නම් මේ භික්‍ෂූහු තුන් සිවුරෙන් වෙන්ව උත්තරාසංගය පමණකින් එන්නාහයි සිතා.
“අනුජානාමි භික්‍ඛවේ වස්සං වුත්තානං කඨිනං අත්ථරිතුං” (මහාවග්ග පාලිය 629 පිටුව)
යනුවෙන්, මහණෙනි, වස්වැස නිම කළ භික්‍ෂූන්ට කඨිනය ඇතිරීම අනුදනිමි” යනුවෙන් කඨින චීවරය අනුදැන වදාළහ.

කඨිනය......
කඨින යන්නෙහි තේරුම තද, කර්කෂ යනුයි. මෙම වචනය නොසැලෙන, නොබිඳිය හැකි, සිදුරු කළ නොහැකි කුසල කර්මයකටද ව්‍යවහාර කැරේ. තවද දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන සිවුරු වලින් එක් සිවුරක් අරමුණු කරන නිසා සිවුරට කඨින යන නම ලැබෙයි. පිනද කඨින නම් වෙයි. කඨිනය නොසැලෙන, නොබිඳෙන, ස්ථිර, ප්‍රසංශා කටයුතු ඒක ඝන ආනිසංස ඇති පිනකි.
එබැවින් බුදුරජාණන් වහන්සේ,
“පඨවි රිව නජාතු කම්පනේ නචලති. මේරු රිවානි වායුනාං වජිර මිව නභිිජ්ජතෙ ඝනං තම්ද මතො කඨිනන්ති චුච්චති”.
යනුවෙන් කඨිනානිශංස වදාළහ.
මහ පොළොව මෙන් කම්පා නොවන මහාමේරුව වායුවෙන් සෙලවීමට නොහැකි සේ වජිර (දියමන්ති) පව්ව බිඳ දැමීමට නොහැකි සේ තද වූ බැවින් කඨිනය යැයි කියනු ලැබේ යනු, මෙහි සාමාන්‍ය තේරුමයි. කඨිනය සිවුරක් නිමිති කරගෙන ඇති ප්‍රඥප්තියකි. සිවුරක්, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ රස ඔජා යන දෙයින් යුක්ත ය. මේ වස්තුවෙන් කළ නොහැකි ආකාරයට බැඳි ඇති හෙයින් එය කඨින නම් වෙයි.

කඨින වස්ත්‍රය.......
මෙය ‘කඨින දුස්සං’ නමින් හැඳින්වෙයි. ඇතැම්හු දුස්සං යන්න චීවර යනුවෙන් ද හඳුන්වති. පෙර දවස චීවරයක් සකස් කර ගැනීමට සොහොනක, කසල ගොඩක් හෝ ඇති අන් අයිතියක් නැති වස්ත්‍රයක් ලබාගෙන ඇත. එය පිරිසුදු කර පඬු පොවා සිවුරක් කොට ගත්හ. පසු කාලය වන විට සුදු වස්ත්‍රයක් මිලදී ගැනීම සිදුවිය. වර්තමානයේ මේ සඳහා කහ පැහැති වස්ත්‍ර තෝරා ගැනෙයි.
අතීතයේ කපු නෙළා, නූල් සකසා එදිනම වස්ත්‍රයක් සකස්කර කපා, මසා, කඨිනය සඳහා අවශ්‍ය සිවුර පිළියෙළ කර ගැනිණි.
කඨිනය බාරගත් අයගේ නිවසේ සිට කඨින වස්ත්‍රය පෙරහරකින් වඩමවා ගෙන යනු ලැබේ. එය අනියම් කාලයේ දී හිස තබාගෙන, ඉමහත් ගෞරවයෙන්,
“ඉමං කඨින දුස්සං භික්‍ඛු සංඝස්ස දේම” යනුවෙන් ප්‍රකාශ කරමින් සංඝයා වහන්සේට පූජා කිරීම සිදුවෙයි.
කඨින වස්ත්‍රය එළනු ලබන්නේ ගිහියකු විසිනි. සිවුර සකස් කිරීම සඳහා නියම කරන ලද රාමුවක් ඇත. ඒ අනුව එම වස්ත්‍රය කපා මසා සිවුර පිළියෙළ කැරෙයි. සිවුර මැසීමට කපන කැබෙල්ලක්, සුගත් වියත් හතරකි. චීවරය මීටර් දහයකි. සමහර විට අට හමාරකි. භික්‍ෂූන් වහන්සේගේ උස අනුව චීවරය පිළියෙළ කර ගැනීම සිදුවෙයි.

කඨින පූජාව.....
කඨින පූජාව සියලු බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද පුණ්‍ය කර්මයකි.
ලක්දිව ඉතිහාසයේ ප්‍රථම වරට කඨින පූජාවක් ගැන සඳහන් වන්නේ තුන්වන දල්ල මොග්ගල්ලාන (ක්‍රි.ව. 614- 619 ) රජතුමාගේ කාලයේදී ය. එයින් පසුව දඹදෙණිය රජකළ දෙවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1250 – 1285 ) රජතුමා විසින් කඨින පූජාවක් පවත්වන ලදී.
“ඉක්බිති කඨින දානයෙහි අනුසස් අචින්ත්‍ය යැයි අසා පහන් සිත් ඇති මහරජ තෙමේ... සියලු නරනාරි ජනයා රැස්කොට ඒ සියල්ලන් ලවා කපුසකස් කෙරීමේ ආදී සියලු සිවුරු කර්මාන්තයන් ද වහා එක් දවසින් නිමකොට නිමවමින් කැප සියලු ගරු භාණ්ඩයන් විසින් පිරිවරන ලද අසු කඨිනයක් ඒ තෙමේ දෙවි.
මහා වංශය 85 පරිච්ඡේදය 271 පිට
හික්කඩුවේ සුමංගල හිමි
රත්නාකර පොත් සමාගම
1946
මෙලෙසින් හය වන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1410 –1460 ) රජතුමා ද, කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1746 – 1779 ) රජතුමාද, කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1779 – 1797 ) රජතුමාද කඨින චීවර පූජා කර ඇත
කඨිනානිසංස, මහත් ඵලය.
“කඨිනානිසංසංයං සබ්බ දානං වජ්ජෙත්වා කඨින දානානිසංස මහප්ඵල භාවතං පන කඨින දානං සබ්බ දානතො අග්ගංච හොති සෙට්ඨාව“
“කඨින දානය අනෙක් සියලු දාන අභිබවා මහත්ඵල ලබා දෙන්නා වූ, සියලු දානයන්ට අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ දානයක් වන්නේ ය.
ගුණවත් භික්‍ෂූන් වහන්සේට කඨින සිවුරු පූජා කිරීමෙන් මහා කල්ප තිහක් දුගතියට පත් නොවන බව ද දක්වා තිබේ. කඨින සිවුරෙහි කරන ලද ගෙත්තමෙහි ඉඳිකටු ඇස්සකට සූතිස් වාරයක් සක්විති රජ සැප ලැබේ. (නාගිතාපදානය)
පංචානන්තර්ය පාප කර්ම කළ අයට කඨින පූජාවේ පින් ලැබෙන්නේ, ඒ අකුසල කර්ම ඵලදීමෙන් පසුව ය.
හය වන පැරකුම්බා රජතුමා විසින් රචනා කරන ලද කඨිනානිසංසය නම් පොතෙහි කඨින පූජාවේ ආනිසංස තවදුරටත් සඳහන් වෙයි. කඨිනය සමඟ ඉඳි කටුවක පමණ පූජාවක් තැබීමෙන් ද ලැබෙන පුණ්‍ය කර්මය මහත් ඵලය . මහානිශංසය.

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබේ.කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රා...
19/10/2022

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් විය. උන්වහන්සේ 69 වැනි වියේ පසුවිය.

මීට සති තුනකට පමණ පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

1953 වසරේ ජන්මලාභය ලද පල්ලේගම සිරිනිවාස නාහිමි 1968 වසරේ අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

මාළිගාකන්ද විද්ද්‍යෝදය මහ පිරිවෙනෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1984 වසරේ දී කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාත්තේය.

අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි 1997 වසරේදී අටමස්ථානාධිපති ලෙස පත් වූ අතර උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ලෙස ද උන්වහන්සේ කටයුතු කළේය.

🙏දම්සර Meditation Mat, භාවනාවේ යෙදෙන ඕනෑම කෙනෙකුට සුදුසුයි. වසරක වගකීමක් සහිතයි. ධර්මය ශ්‍රවණය කිරීමට, සිල් සමාදන් වීමට ...
15/10/2022

🙏දම්සර Meditation Mat, භාවනාවේ යෙදෙන ඕනෑම කෙනෙකුට සුදුසුයි. වසරක වගකීමක් සහිතයි. ධර්මය ශ්‍රවණය කිරීමට, සිල් සමාදන් වීමට මෙන්ම භික්ෂූන් වහන්සේලාටද ප්‍රයෝජනවත්.

🙏කායික අපහසුතාවයකින් තොරව භාවනාව කරගෙන යාමට ඉහළ ප්‍රමිතියකින් යුත් Meditation Mat අරගන්න. මෙය දේශීය නිෂ්පාදනයකි.

🙏තම නිවසටම ගෙන්වා ගැනීම සඳහා පහත ☎️ දුරකථන අංකයට කතා කරන්න. 🖊 නැත්නම් නම, ලිපිනය, දුරකථන අංකය, සහ ළගම නගරය WhatsApp වලින් එවන්න.

🙏 Rs. 3800/= + Courier Chargers Rs. 450/-

🙏 Cash on Delivery - කූරියර් ගාස්තු 450/= මුදල කලින් ගෙවිය යුතුයි. Meditation Mat එක ලැබූනු පසු (3800/=) මුදල් ගෙවිය හැක
👉 Bank Deposit available (කූරියර් ගාස්තු කපාහැරේ)
👉 ඇනවුම් කිරීමට
✅ අපගේ Facebook පිටුවෙන්
✅ WhatsApp - 075 440 9601
Teliphone - 075 440 9601

🙏🌻🌼දාතූන්වහන්සේලා තැන්පත්කිරීමට තායිලන්තයෙන් ආනයනය කරන ලද ක්‍රිස්ටල් දාගැබ. ඔන්ලයින් ඇණවුම් කරන්න. නිවසටම ගෙන්වාගන්න. උස...
04/10/2022

🙏🌻🌼දාතූන්වහන්සේලා තැන්පත්කිරීමට තායිලන්තයෙන් ආනයනය කරන ලද ක්‍රිස්ටල් දාගැබ. ඔන්ලයින් ඇණවුම් කරන්න. නිවසටම ගෙන්වාගන්න. උස 9cm සිට 26cm දක්වා. මිල 3390/= සිට.🙏🙏🌹🌻
ඇණවුම වට්ස්ඇප් කරන්න. පහල වට්ස්ඇප් බට්න් එක ප්‍රෙස් කරන්න.

🙏🌼🌻උතුම් රාහුල මාතා යශෝධරා මහරහත් තෙරණින්වහන්සේගේ පින්තූරය නිවසටම ගෙන්වාගන්න. ලංකාවේ උසස්ම නිමාවක් සහිතව. මහජන විශ්වාසය ...
03/10/2022

🙏🌼🌻උතුම් රාහුල මාතා යශෝධරා මහරහත් තෙරණින්වහන්සේගේ පින්තූරය නිවසටම ගෙන්වාගන්න. ලංකාවේ උසස්ම නිමාවක් සහිතව. මහජන විශ්වාසය තහවුරු කල දම්සර පූජා භාණ්ඩ මන්දිරයෙන්. වන්දනා ගාථාව සහිතයි. වීදුරු යොදා රාමුකර ඇත. ඇතුලත පින්තූරය චායාරූප මුද්‍රණ කාඩ්පතක චායාරූප මුද්‍රණ තාක්ෂණයෙන් මුද්‍රණය කර තිබේ. පින්තූරයේ උස 22cm, පලල 19cm. මිල රුපියල් 700/=

A4 ප්‍රමානයේ රාමුකළ පින්තූරයක් 1300/= (ඩිලිවරි ගාස්තු පාර්සලය ලැබුණු පසුව ගෙවන්න)
ඇණවුම් කරන්න, විස්තර සදහා වට්ස්ඇප් බට්න් එක ප්‍රෙස් කරන්න.👌🌻🌼🌹🙏🙏🙏

Address

Kurunegala Colony

Opening Hours

Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94760951425

Website

Alerts

Be the first to know and let us send you an email when දම්සර පූජා භාණ්ඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to දම්සර පූජා භාණ්ඩ:

Share