නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලේ දේශිත ධර්මය වනාහි විනය, සූත්‍ර, අභිධර්මය වශයෙන් තෙවදෑරුම්ය.
භික්ෂු භික්ෂුණී පිරිසට ශික්ෂා පද ස්වරූපයෙන් කළ දේශනාවන් විනය නම් වේ. ඒ ඒ සත්ත්වයන්ගේ චරිතාදියට අනුරූපීව කළ දේශනාවන් සූත්‍ර නම් වේ. පරමාර්ථ ධර්මයන් පැහදිලි කරමින් කළ ගැඹුරු දේශනාවන් අභිධර්මය නම් වේ. විනය දේශනාවන් සියල්ල එකක් ක
ොට ගෙන ඊට විනය පිටකය යැයි ද, සූත්‍ර දේශනාවන් සියල්ල එකක් කොට ගෙන ඊට සූත්‍ර පිටකය යැයි ද, අභිධර්ම දේශනාවන් සියල්ල එකක් කොට ගෙන ඊට අභිධර්ම පිටකය යැයි ද කියනු ලැබේ. අද බුදු දහම වශයෙන් ද ශ්‍රී සද්ධර්මය වශයෙන් ද හඳුන්වනේ විස්තරාර්ථ සහිත මේ ත්‍රිවිධ පිටකය ම ය. "අභිධර්මය ඉගෙනීම"
මහා කාරුණික වූ අප බුදුරජාණන් වහන්සේ විසින් පරම සූක්ෂම පරම ගම්භිර චිත්ත චෛතසිකාදි පරමාර්ථ ධර්මයන් ගේ තතු ලොවට හෙළි කරනු පිණිස දේශනය කළ විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකය ය. පරම ගම්භිර පරමාර්ථ ධර්මයන් ස්වශක්තියෙන් තත්ත්වාකාරයෙන් අවබෝධ කොට දේශනය කිරීමට සමත් වන්නෝ අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුශල බලයෙන් ලත් සර්වඥතාඥානය ඇති ලොව්තුරා බුදුවරයෝ ය. සේසසෝ එයට සමත් නොවන්නාහ. බුදුවරයන් ලොව පහළ වීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකය ය. බුදු සමයේ ශරීරය ද සාරය ද එය ම ය.
සූත්‍ර පිටකයෙහි එන කරුණු වලින් එක්තරා කොටසක් නුවණ දියුණු කළ සාමාන්‍ය ජනයාට ද වැටහෙන් සාමාන්‍ය කරුණු ය. ඒවා අවබෝධ කිරීමට කල්ප ගණනක් පෙරුම් පුරා ලැබිය යුතු විශිෂ්ඨ ඥානයක් නුවමනා ය. එබැවින් ඒ කරුණු අන්‍යාගම්වල ද දක්නට ලැබේ. අන්‍ය පණ්ඩිතයන්ගේ පොත් වල ද දක්නා ලැබේ. ශුද්ධ වූ අභිධර්මය බුදු සස්නෙන් පිටත ඇතියක් නොවේ. සූත්‍ර පිටකයේ එන කරුණුවලින් බොහොවක් අභිධර්ම පිටකයේ ඇති කරුණු ම ය. එහෙත් එහි ඒ ධර්ම අභිධර්ම පිටකයෙහි සේ විස්තර කර ද නැත. ක්‍රමානුකූලව විභාග කර ද නැත. පැහැදිලි කර ද නැත. එබැවින් බුදු සමය පිළිබඳ සම්පූර්ණ දැනුමක් නිරවුල් දැනුමක් සූත්‍ර පිටකය පමණක් උගෙනීමෙන් නො ලැබිය හැකිය. නිරවුල් ලෙස දහම් දෙසිය හැකි ධර්ම කථිකයකු වීමට නම් අභිධර්මය උගත යුතු ම ය. ධර්මදේශනයක වරද නිවරද සොයා ගත හැකි වීමට, ඇදකුද සොයා ගත හැකි වීමට, අඩු වැඩි කම් සොයා ගත හැකි වීමට ඇත්තා වූ නූල ද ලඹය ද මට්ටම් ලෑල්ල ද කෝදු ලීය ද අභිධර්ම පිටකය ය. අභිධර්මය නො දැන කරන ධර්මදේශනය දික් නූල පාවිච්චි නො කොට ලඹය පාවිච්චි නො කොට ලෑල්ල පාවිච්චි නො කොට කෝදු ලීය පාවිච්චි නො කොට තනන ගෘහයක් වැනි ය.
චතුරාය්‍යර් සත්‍යය අවබෝධ කර ගැනීමට දැනට ඇත්තාවූ ඉතා ම හොඳ ක්‍රමය අභිධර්ම පිටකය උගෙනීම ය. සූත්‍ර පිටකයේ සූත්‍රවල තිබෙන කරුණු කෙනකුට චතුරාය්‍යර් සත්‍යය පිළිබඳ සෑහෙන අවබෝධයක් ඇතිකර ගැනීමට ප්‍රමාණ නොවේ. අහස් යානය ගැන එය ගිගුම් දෙමින් අහස්හි ගමන් කරනු දක්නා ගැමියෝ ද දනිති. එය පදවන ඇදුරෝ ද දනිති. සූත්‍ර ධර්ම ඇසීමෙන් කියවීමෙන් චතුරාය්‍යර් සත්‍යය දැන ගන්නා තැනැත්තන්ගේ එය පිළිබඳ දැනුම අහස් යානය ගැන ගැමියන්ට ඇති දැනුම වැනිය. අභිධර්ම පිටකය උගෙන චතුරාය්‍යර් සත්‍යය දැනගන්නහුගේ දැනුම අහස්යානය පදවන ඇදුරකුට එය ගැන ඇති දැනුම වැනිය. චතුරාය්‍යර් සත්‍යය පිළිබඳ වූ පරිපූර්ණ දැනුමකින් මිස මඳ දැනුමකින් මග ඵල ලබා නිවන් නොදැකිය හැකිය. එබැවින් නිවන් දකිනු රිසියන් විසින් තරමක් දුරටවත් අභිධර්මය උගත යුතුය. එසේ කරන තැනැත්තා ම බුදු සස්නෙන් ලැබිය යුතු උසස් ප්‍රයෝජන ලබන්නේ ය.
පාලි භාෂාව ඉගෙනීම
එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හා ශ්‍රවකයන් ශුද්ධ මාගධීයෙන් දහම් දෙසුව ද අද වන විට එය ව්‍යහාරයෙහි නොමැත. ශුද්ධ මාගධිය යනු පාලි භාෂාවටම නමකි. සම්භ්‍යව්‍ය භාෂාවක් ලෙස එය සංරක්ෂිතය. දහම් දැනගැනීමට කැමති වූවන් විසින් පාලි භාෂාව නිවැරදිව හදාරා දහම් දත යුතුය. පාලි භාෂාව පිලිබදව මනා දැනුමක් නොමැතිව ත්‍රිපිටක පාඨයන් හි අර්ථ ගැනීමට යෑම දහම් විකෘති වීමට හේතු වෙයි. වැරදි ලෙස අර්ථ ගැනෙන්නේ ද ඒ නිසාමය.
අපගේ ව්‍යායාමය
විවිධ දුර්මත ප්‍රචලිතව පවතින යුගයක නමුත් අතිශයින් ම දුර්ලභ වූ මේ ශ්‍රී සද්ධර්මය ඇසීමට,මුල සිට ඉගෙනීමට තරම් අප භාග්‍යවන්තයෝ ය. එම භාග්‍යය ඔපවත් කරගැනීමට නම් පිළිවෙළකට මුල සිට නිවැරදිව ධර්මය හැදැරිය යුතුම ය.
බොහෝ දෙනා විද්‍යුත් මාධ්‍ය යොදා ගනුයේ රාගය,දේශ,මෝහ නැමැති අකුසල ධර්මය ඇතිකරලීමටය. අප විද්‍යුත් මාධ්‍ය යොදා ගනුයේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශිත සුපිරිසිදු ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ම ය.
සැදැහැති ජනයා නිවන කරා යොමුකරවන මූලික අංගය වන ශ්‍රද්ධාව කුළුගන්වන විවිධ පුණ්‍යක්මයන්හි ඡායාරූප,වීඩියෝ පට සහ සදහම් ලිපි ද ආධුනික පිරිසට ධර්මය මුල සිට හැදෑරීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්ව වීඩියෝ පට ද අප මෙහි පල කරන්නෙමු.
මෙම කටයුතු සඳහා අනුශාසකත්වය ධරනුයේ අතිපූජනීය ගලේවෙල ඤාණදස්සන ස්වාමින් ව
හන්සේ ය. උන් වහන්සේ බොහෝ කලක් ත්‍රිපිටක ධර්මය ගුරු ඇසුරේ හදාරමින් සබ්‍රහ්මචාරින් වහන්සේලා බොහෝ පිරිසකට ධර්මය උගන්වමින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ම කැප වන්නා වූ හිමි නමකි.
මෙය ලාභාපේක්ෂාවෙන් තොරව හුදෙක් සුපිරිසිදු ශ්‍රී සද්ධර්මය සාධුජනයා වෙත සමීප කරලීමේ උදාර අදහසින් ඇරඹි උතුම් ව්‍යායාමයක් බව සතුටු සිතින් දන්වා සිටිමු. Namo tassa bhagavato arahato sammā sambudhassa
( Homage to the blessed, worthy, self enlightened one )
The Dhamma (Doctrine of the Buddha) taught for 45 years by the Buddha is three-fold in terms of Vinaya, Sutras and Abhidhamma nearly 2600 years ago. Sutras or Suttas are the sermons made according to the characters of each person in order to develop their minds and attain higher knowledge. Abhidhama is the deep sermons that were given explaining the ultimate truths. In Buddhism each section is called a Pitaka, which means Basket. All of the Vinaya sermons together are called Vinaya Pitaka, all of the Sutra sermons together are called Sutra Pitaka, and all of the Abhidhama sermons together are called Abhidhama Pitaka. Today, it is this three-fold pitaka with descriptive meanings that is known as Buddhism and Sri Saddharmaya, or the Pure Dharma. Learning Abhi Dhamma
Abhi Dhamma is the doctrine that the Buddha has given to the world, explaining the deepest teachings of Buddhism. As the Buddha was deeply compassionate to the world, he explained the absolute truth, that are the Conciseness, Mental factors, Matter, and Nibbana. This complex and deep teachings are only been explained by a supreme being that has developed and cultivated the mind for many lives. And that only person is the Buddha. No one else has the ability to explain these absolute truths. The exclusive result of the Buddhahood, is this teaching of Abhi Dhamma. Abhi Dhamma is the core doctrine and the science of Buddhism. Some of the teachings that can be found in the sutra pitaka can be understood by the people who have some sort of wisdom. There is no need to have a greater wisdom to understand them. Some of these teachings can be founded in other religions and philosophical teachings too. But the pure Abhi Dhamma can only be founded in Buddhism. Even the teachings can be founded in the Sutta Pitaka can be seen in the Abhi Dhamma Pitaka. But the deep explanations can not be founded in the Sutta Pitaka. The Sutta Pitaka has not clearly explain Dhamma as Abhi Dhamma Pitiaka. Because of this reason, it is hard to understand or realise Buddhism, only with the knowledge of the Sutta. Even to preach the Dhamma with out any obstacles and miss interpretations, one must know Abhi Dhamma. In a Dhamma preaching Abhi Dhamma knowlage is the measure tape, the ruler, the level, to check the faults of the preaching. A preaching done with out the knowledge of Abhi Dhamma is just like a house that has built without using any of the measure tape, rulers or levels. There will be many faults in that house. The best way to understand and realise the Four Noble truths, is learning Abhi Dhamma. The teaching in the Sutta Pitiaka will not give a clear knowledge about the Four Noble Truths. Even a villager knows about an airplane that roars across the sky. A pilot also knows about the air plane. A persons’ knowledge about the Dhamma just learning on sutras only, is like the villager who knows about the air plane. A person who has the knowledge about dhamma, who has studied Abhi Dhamma is like the knowledge that has a pilot of the air plane. There is a massive difference between them. It is hard to realise the Four Noble Truths with lesser knowledge. Because of this reason one who wants to attain Nibbana should have the studied Abhi Dhamma. One who studies Abhi Dhamma will gain the highest gains in Buddhism. ( Abhi Dharmaye Mulika karunu - Rev Rerukane Chandawimala Thero )
Learning Pali
In the time of the Buddha, the language that was used to teach Dhamma to the followers was called “ Pure Magadhi”. In the present days this language is no more used by the general public. “ Pali” is another name for “Pure Magadhi”. Today Pali language is preserved and can be considered as a classical language. One who wants to learn the Dhamma must study and learn Pali. Learning Dhamma with out the knowledge of Pali will lead to miss translate and miss interpretation of Dhamma. Our Misson and Vission
We are fortunate enough to hear this Sri Saddhama (Pure Dhamma), which is extremely rare in an era where various misconceptions are prevalent. In order to develop that fortune, one must cultivate the Dhamma in an orderly manner from the beginning. Many people use electronic media to create the defilements of lust (rāga), anger and hatred (dosa), and delusion (moha). We use the electronic media to propagate the excellent Sri Saddhama taught by the Buddha. Here we will publish photos, videos and spiritual articles of various meritorious deeds that inculcate confidence of the Buddha (sraddhā), which is the basic element that leads to nirvana, and also guide videos for beginners to study the dharma from the beginning. The admonitor for these activities is Venerable Galewela Gnānadassana Thero. He is a worthy reverend who has been studying Tripitaka Dhama in the company of great teachers for a long time and teaching the Dhama to a large number of monks and devoted himself to the perpetuation of the Buddha Order. We are happy to inform you that this is a noble effort started with the noble idea of bringing the supreme Sri Saddhama closer to the people who are in need without any commercial profit.