ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරය දෙල්දූව

  • Home
  • Sri Lanka
  • Kuda Wadduwa
  • ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරය දෙල්දූව

ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරය දෙල්දූව මේ අපේ දැයේ අභිමානයයි.....!

වාද්දූව, දෙල්දූව, ගණේවත්ත පුරාණ පිරිවෙන් මහා විහාරාධිකාරී , කළුතර උතුර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී , සිරි ...
02/09/2026

වාද්දූව, දෙල්දූව, ගණේවත්ත පුරාණ පිරිවෙන් මහා විහාරාධිකාරී , කළුතර උතුර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී , සිරි සුමන මූලික පිරිවෙනේ පරිවේණාධිපති, සියක් බුදු පුතුන්ට උතුම් පියෙකු වූ ශාස්ත්‍රපති පූජනීය ගරු කිතලගම නන්දසාර ගුරු හිමියන්ගේ හතලිස් තුන්වන (43)
ජන්ම දිනය සහ පැවිදි දිවියට වසර තිස් පස් වසරක් (35) සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන විශේෂ පිංකම් මාලාවක් 2026සැප්තැම්බර් මස 10 , 11, 12 සහ 13 යන සිව්දිනය පුරා පිරිවෙන් විහාරස්ථානයේ දී විශේෂ පිංකම් මාලාවක් පැවැත්වීමට සියලූම කටයුතු සූදානම් කොට ඇත. මෙම පිංකම් මාලාව සාර්ථක කර ගැනීම සදහා පිංවත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමි........
තෙරුවන් සරණයි ......
මෙම පිංකමෙහි තොරතුරු දැන ගැනීම සඳහා පහත දුරකථන අංකවලට අමතන්න. 0714832461 / 0765580042 / 0715655840....
ජන්ම දින මහා පිංකම | ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරය දෙල්දූව | 2026-09-02
මේ අපේ දැයේ අභිමානයයි...!


#ගණේවත්ත_පුරාණ_පිරිවෙන්_විහාරය

20/08/2026

අප පිරිවෙන්. විහාරස්ථානයේ අද දවසේදී සිද්ධ කිරීමට බලාපොරොත්තු වන විශේෂ ධර්මානුශාසනාව සඳහා විහාරස්ථානයේ අලංකරණ කටයුතු සිදුකිරීම......
අද දවසේදීී පැවැත්වෙන මෙම විශේෂ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා පින් කැමතියි ඔබ සියලු දෙනා සුදු වතින් සැරසී පැමිණ සහභාගි වන්න.තෙරුවන් සරණයි. ..

වස්සාන ධර්ම දේශනා පිංකම | ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරය දෙල්දූව | 2026-08-21
මේ අපේ දැයේ අභිමානයයි...!

#ගණේවත්ත_පුරාණ_පිරිවෙන්_විහාරය

13/08/2026
13/08/2026

අප පිරිවෙන් විහාරස්ථානයේ කුඩා සාමණේරයන් වහන්සේලා සීයක් නමක් (100ක් )
පමණ වැඩ සිටී. උන්වහන්සේලා සියලු දෙනා රැකබලා ගන්නේ වාද්දූව, දෙල්දූව ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරාධිකාරී, සිරිසුමන මූලික පිරිවෙන් පරිවේණාධිපති ශාස්ත්‍රපති පූජනීය කිතලගම නන්දසාර ගුරු හිමියන් විසිනි. අප විහාරස්ථානයේ වැඩ සිටින සියලු භික්ෂූන් වහන්සේලා උන්වහන්සේ විසින්ම පැවිදි බිමට පත්කළ ශිෂ්‍ය හිමිවරුය. සීයක් නමකට ආසන්න සිටින මේ සියලු හිමිවරුන්ට පියෙකු මෙන් සෙනෙහස දක්වන අප ගුරු හිමියන්ට දීර්ඝායු වේවා............
සසුන් කෙත අස්වද්දමු මහා පිංකම | ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරය දෙල්දූව | 2026-08-13
මේ අපේ දැයේ අභිමානයයි...!

#ගණේවත්ත_පුරාණ_පිරිවෙන්_විහාරය

09/08/2026

කහ සිවුර ගත දවටාගෙන සසරින් එතෙර වීමට මහණදම් පුරන අපේ සුධම්මික පොඩි හාමුදුරුවෝ දරු සෙනෙහසින් රැක බලාගන්නා සියක් බුදු පුතුන්ට පියෙකු වූ අප පරිවේනාධිපති නා හිමියෝ.....
| ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරය දෙල්දූව | 2026-08-09
මේ අපේ දැයේ අභිමානයයි...!

#ගණේවත්ත_පුරාණ_පිරිවෙන්_විහාරය

09/08/2026

ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ වස්සාන සමය තුළ දිනපතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම ගරු විහාරාධිකාරී තත් පරිවේනාධිපති හිමිපාණන්ගේ අනුශාසනා පිරිවෙන් වාසී සියලු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සතරපේරුවේ දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදුකරනන ලදි.....
එහි සුවිශේෂී අවස්ථා කිහිපයක්. .......!!!!
ඔබත් දැක බලා පින් සිත් පෙරදැරිව වස්සාන සමය තුළ කටයුතු කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.

| ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරය දෙල්දූව | 2026-08-09
මේ අපේ දැයේ අභිමානයයි...!

#ගණේවත්ත_පුරාණ_පිරිවෙන්_විහාරය

05/08/2026

අපේ පිරිවෙන් විහාරස්ථානයේ වැඩ සිටින සුධම්මික පොඩි හාමුදුරුවෝ හා සුතධර පොඩි හාමුදුරුවෝ .....
| ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරය දෙල්දූව | 2026-08-05
මේ අපේ දැයේ අභිමානයයි...!

#ගණේවත්ත_පුරාණ_පිරිවෙන්_විහාරය

05/08/2026

වද්දූව, දෙල්දුව, ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදිවෙන තෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල පිළිබඳව කළුගංතොට news ෆේස්බුක් පිටුව මගින් සුවහසක් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකයේ සිටින සියලූම බෞද්ධ ජනතාවගේ දැන ගැනීම සඳහා කරන ලද විශේෂ දැනුවත් කිරීම.....
පින් කැමති සියලු දෙනාට අට මහා කුසල් ගණයට ගැනෙන මෙම සංඝාවාසය ඉදිකිරීම සඳහා දායකත්වයන් ලබාගෙන කටයුතු කරන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු......
තෙරුවන් සරණයි !!!!
| ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරය දෙල්දූව | 2026-08-05
මේ අපේ දැයේ අභිමානයයි...!

#ගණේවත්ත_පුරාණ_පිරිවෙන්_විහාරය

#ගණේවත්ත_පුරාණ_පිරිවෙන්_විහාරය

Address

Delduwa
Kuda Wadduwa
12560

Alerts

Be the first to know and let us send you an email when ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරය දෙල්දූව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share