Kudapayagala St. Mary's Chruch

Kudapayagala St. Mary's Chruch St. Mary's Chruch Kuda Payagala Located near Galle Road(Sea Side), in Kaluthara District Western Province God Bless You !!!

We are not insulting any Religion, Ethnic group, Caste or Any Body.

08/09/2018
07/09/2018

Father Henk van Meijel S.J.

11/08/2018

ජේසුගේ ආශිර්වාදය ආදරය ආරක්ශාව පිරුනු ලස්සන දවසක් ඔයාලා හැමෝටම ජේසු පිහිටයි .

11/08/2018

අගෝස්තු 11 ශු. සුවිශේෂයට හැදින්වීම..

ශු. මතේව් 17 : 14 - 20

''අහෝ! ඇදහිල්ල නොමැති හිතුවක්කාර පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? "

"එවිට ශ්‍රාවකයෝ පෞද්ගලික ව ජේසුස් වහන්සේ වෙතට අවුත්, ''ඒ දුෂ්ටාත්මය දුරු කරන්න අපට බැරි වූයේ මන්දැ''යි ඇසූහ. උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: ''ඔබගේ ඇදහිල්ල මදිකම නිසා ය. සැබැවින් ම මම ඔබට කියමි: අබ මල් රේණුවක් පමණ වත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට, 'මෙතැනින් එතැනට යව'යි කීවොත් එය යන්නේ ය; ඔබට නොකළ හැකි කිසිවක් නැත.''

අද දින ශු. සුවිශේෂය තුල.. මීමැස්මොර රෝගියා සුව කිරීම පිලිබද කතා පුවත ගෙන හැර දක්වයි.. කිසිදු සුවයක් නොදුටු තැන.. ඔහුගෙ පියා මීමැස්මොර රෝගය වැලදුනු.. පුත්‍රයාව.. ජේසුගෙ ගෝලයන් ලගට රැගෙන එනව.. එසේ රැගෙන ආවත්.. ඔවුන්ට ඔහුව සුව කිරීමට නොහැකී.. එය එසේ වූයේ ඔවුන් තුල.. විශ්වාසයක් තිබුන නමු. ඇදහිල්ලක් තුල ඒ විශ්වාසය නොවූ නිසයි... ඔවුන්ට සුවකිරීනට හැකිවෙයි කියා සිතුවා මිසක්.. ඔවින් තුලින් සුව වෙනවාමයි කියා ඔවුන් එය ඇදහුවේ නෑ.. ඔවුන් ජේසු සමගම ජීවත් වූවත් ඔවුන් හට එයට අත්දැකීමක් නොතිබුන කාරනයත් මෙයට බල පාන්නට ඇති..

"සැබැවින් ම මම ඔබට කියමි: අබ මල් රේණුවක් පමණ වත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට, 'මෙතැනින් එතැනට යව'යි කීවොත් එය යන්නේ ය; ඔබට නොකළ හැකි කිසිවක් නැත.''

ඉතින් අද දින දී උන්වහන්සේ ඔබට මට කියන්නෙත් ම්‍රෙ ද්‍රෙමය.. සිතා බලන්න.. ඔබේ මගේ ප්‍රශ්නය.. බාදාව කුමක්ද.. එයට අපි ඇදහීමේ විශ්වාසයක් තුල පිලිතුරු දෙන්නෙ කෙසේද.. ඔබේ මගේ ජීවිතයෙ ඔබට මට කරදර කරන්නාවූ.. ඔබම මාව.. විනාශ කරන්නට තැත් කරන්නාව වූ.. ඒ රෝගයට. ඒ ගැටලුවට උන්වහන්සේගේ නාමයෙන් අන කරන්න.. ඇදහිල්ල්‍ර්ර් විශ්වාසයක් තුල.. එන අනිවාර්යයෙන් ඉටු වෙනවාමයි.. ජේසුස්වහන්සේ ජීවමාන බව අදහන්න.. උන්වහන්සේ තුල අපට ඕනෑම දෙයක් හැකි බව විශ්වාස කරන්න .

ජේසු පිහිටයි !!!

11/08/2018

ජපමාලය සම්භන්ද පාඩම 05

දේවමාතාවන් ශු. ජපමාලය උච්චාරණය කරන අය සඳහා ශු. දොමිනික්තුමා මඟින් දී ඇති පොරොන්දුව

01. ජපමාලය විශ්වාසවන් තව යදින අය, අනෙක් වරප‍්‍රසාදයන්ට හේතුවන්ත වන්නාහ.

02. ජපමාලය නිතිපතා යදින්නන් ට, මම විශේෂ රැකවරණය හා වරප‍්‍රසාද පොරොන්දු වෙමි.

03. සාතන්ට විරුද්ධව කෙරෙන සටනේ දී, ජපමාලය කිතුනු ආයුධයක් වන්නේය.

04. එමගින් ගුණධර්ම හා යහපත් ක‍්‍රියා වඩන්නේය. දෙවිදුගේ අසී මිත කරුණාවට පංගු කරුවන් වන් නාහ.ලෞකිකත්වය මනුෂ්‍ය හදවත් වලින් දුරුකර, සදා දේව ජීවිතයට ඇලූම් කරවන්නෝය.

05. ජපමාලයට විශ්වාසවන්ත වීමට ඇළුම් වන්නා, විනාශයට පත් නොවන්නේය.

06. ජපමාලයට විශ්වාසවන්ත වන්නා, හදිසි මරනයකට පත් වූවත්, විනාශ මුඛයට පත් නොවී, සදාකාල ගැලවීම ලබාගන්නේය.

07. ජපමාලයේ භක්තිව ඇතිව ජීවත් වන්නාට, සිය මරණයට පෙර, දේව ප‍්‍රසාධ නිධාන ලැබ ගන්නට අවස්ථාව ලැබෙන්නේය.

08. ජපමාලයට විශ්වාසීව දිවි ගෙවන්නා, ජීවිතයේදීත් මරණයේදීත් වරප‍්‍රසාද පිරි, ජීවනාලෝකය ලැබ, මරණයෙන් පසු, සුරදුතයන් සමග ස්වර්ගික දිවියක පංගුකාර කරන්නෙමි.

09. ජපමාලයට විශ්වාසවන්ත වන අය, ශුද්ධිකාග්නි ස්ථානයෙන් මම මුදවා ගන්නෙමි.

10. විශ්වාසය ජපමාලය යදින්නා, ස්වර්ගයේ උසස් තැනකට හිමිකම් ලබන්නෙක් වේ.

11. ජපමාලය අයැද මගෙන් යමක් ඉල්ලනුනා, ඒ සැම ලබා
ගන්නේය.

12. ජපමාලය ව්‍යාප්ත කරන්නා, මගෙන් ඉල්ලන සුමදේ ලබා ගන්නේය.

13. ජීවිතයේදීත් මරණ මොහොතේදීත්, සඟපුර සකල සුරදුතයන්ගේ රැකවරණය, ඔවුන්ට ලබා දෙන ලෙස මා දිව්‍ය පුත‍්‍රයාණන්ගෙන් වරය ලබා ඇත.

14. ජපමාලය යදින අය මාගේ දරුවෝය. මා පුත් ජේසුතුමාගේ සහෝදර සහෝදරියන්ය.

15. ජපමාල භක්තිය, ස්වර්ග රාජ්‍යයට හිමිකරුවකු වීමේ මගකි.

24/07/2018

මෙයත් කැමතිනම් කියවන්න.. නැත්තන් වෙනද වගේම අමෙන් කියල යන්න..

ගිය මාසයේ සිට මෙම පේජ්ය තුලින්.. දිනපතා ශු. සුවිශේෂයට හැදින්වීම මා විසින් පලකරනු ලැබුවා.. ඒ දහසකුත් වැඩ මධ්‍යයේ උවද.... ජේසුස්වහන්සේගේ පනිවිඩය ඔබ සමගත් බෙදා ගැනීමට පිපාසයක් තිබුන නිසා වෙනි..

ජේසුස්වහන්සේ සැබැවින්ම සෑම මාර්ගයකින්ම අප හට කතා කරනව.. උන්වහන්සේට කල නොහැකි දෙයක්නෑ.. එහෙත් මේ දින කිහිපය තුල මට වැටහුන දෙයනම්. උන්වහන්සේ කතා කලද කිහිප දෙනෙකු ඇරුණකොට බොහෝමයක් පිරිස් හට උන්වහන්සේගේ පනිවිඩය ලබා ගැනීමට එතරම් උවමනාවක් නොමැති බවයි..

එයට හොදම නිදසුනනම්. අප දමන්නාවු.. සෑම පෝස්ට් එකකටම #ආමෙන්. ලෙස.. ඔබ සියලු දෙනා ටයිප් කිරීමයි... ආමෙන් යන්නෙහි අර්ථය නම්.. එය එසේම වේවා යන්නයි.. එහෙත්.. බොහෝමයක් දෙනෙකු අද කරන්නෙ කිසිවක් නොකියවා.. ආමෙන් කිවීමයි.. ඔබලා කියවන්නෙවත්.. ගනන් ගන්නේවත් නැතිනම්... තව දුරටත්.. මාගේ කාලය අපතේ යැවිය යුතුද යන්න ප්‍රශ්නයකි..

දෙවියන්වහන්සේ අපට දුන්න ආඥාවනම්.. ඔවුන් අසා සිටියත් නැත්තන් ඔවුන් හට පනිවිඩය ගෙන යන්න යන්නයි.. එහෙත්.. මනුෂ්‍ය මට්ටම තුල.. මෙය.. මාහට කාලය කා දැමීමක්දෝ සිතුන වාර අනන්තයි.. මන්ද මං ඔබ හට මෙම පනිවිඩ ලබා දෙන කාලය. මා හට.. ජේසුස්වහන්සේ සමග වැඩි වෙලාවක් කතා කිරීමටත්.. උන්වහන්සේව සොයා යෑමටත් යොදා ගත හැකි බැවිනි...

තීරණය ඔබට බාරයි.. මා කරනා දෙය කාලය කා දැමීක්ද නැත්නම් එයින් ඔබට උපකාරයක් සිදුවූවාද යන්න ඔබම. තීරනය කරන්න.. තව දුරටත් ජේසුගෙ වචනය උවමනාද..?? ඔබට බාරයි...

(කෙසේ නමුත් මෙයටද ආමෙන් කියන බව මා හොදා කාරවම දනිමි...)

ඔබ සැමට ජේසු පිහිටයි.!! ඔබේ මනාපය මත නැවත හමුවීම තීරණය වේ..

16/07/2018

ජූලි 16.. දින සුවිශේෂයට හැදින්වීම...

මතෙව් 10 : 34 - 11 : 1

"'මම මිහි පිට සාමය දෙන පිණිස ආවෙමි යි නොසිතන්න; සාමය නොව කඩුවක් දෙන පිණිස ආවෙමි."

"සිය කුරුසිය දරා ගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නො වේ.39 සිය දිවි රැකගන්නා එය නැති කරගනී. මා නිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනී.''

අද දින ශු. සුවිශේෂය තුල.. ජේසුස්වහන්සේගේ අනුගාමිකයකු විය හැක්ක්‍ර් කෙසේද යන්න පිලිබදව.. පෙන්වා දෙනු ලබයි.. සැබැවින්ම උන්වහන්සේගේ අනුගාමිකයකු වීමටනම්. ඔබ මම.. තම කම නසා උන්වහන්සේ අනුව යා යුතු වෙනව..

'"මම මිහි පිට සාමය දෙන පිණිස ආවෙමි යි නොසිතන්න; සාමය නොව කඩුවක් දෙන පිණිස ආවෙමි."

මේ පාටය තුල.. කියා තිබ කඩුවනම්. තම කම නැසීමේ කඩුවයි.. තමන්ගෙ කියූ සෑම දෙය අත් හැරීම තුල.. ඔබේ මගේ සිතෙහි සාමය නැති වෙනව.. ඔබට අයිති.. මිල මුදල්.. වස්තු... ඔබේ බැදීම.. සියල.. අත් හැර උන්වහන්සේට ලං වන්නටයි උන්වහන්සේ ඔබට මට ආරාධනා කරන්නෙ. ඉතින්. ඒ සියල අහිමි වීම තුල.. ඔබට මට මනුස්ස මට්ටම තුල සාමයක් තිබිය හැකිද.. එහෙත්.. ඒ තුල උන්වහන්සේ ඔබට මට සාමය ඇති කරන දෙනව..

උන්වහන්සේ ඔබේ මගේ ගැලවුම් කරුවානන් මෙන්ම.. ඔබේ මගේ හා.. මේ සියල්ලෙහි මැවුම් කරුවානන්ය.. ඉතින්.. උන්වහන්සේ මැවූ දෙයට වඩා වැඩියෙන්.. ඔබ මම.. උන්වහන්සේට ආදරය කල යුතුයි... ගරු කල යුතුයි.. ඔබේ මවට..පියාට සහෝදරයට.. වඩා.. උන්වහන්සේට ප්‍රේම කරන්නෙනම්. සැබැවින්ම ඔබ උන්වහන්සේගේ ශ්‍රාවකයෙක්..

"සිය කුරුසිය දරා ගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නො වේ.සිය දිවි රැකගන්නා එය නැති කරගනී. මා නිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනී.''

හිතන්න.. ඔබ මම.. මබේ මගේ ආදරය නිසා හෝ... පවුලේ අයෙකු නිසා හෝ උන්වහන්සේව අත් හරිනවානම්.. ඔම මම කරන්නෙ උන්වහන්සේට දිය යුතු තැන් වෙන අයෙකුට දීමයි.. ඉතින් අද දින උන්වහන්සේ ඔබට මට කියන්නෙ..ඔබේ මගේ බැදීමක් නිසා හෝ.. කුමක්ම හෙතුවල් නිසා හෝ.. ඔබ මම උන්වහන්සේව අත් හරිනවා කියන්නෙ.. ඔබේ මගේ ජීවිතය උන්වහන්සේගේ හස්තයෙන් ගිහිහෙනව කියන එකයි.. එයින් පසු ඔබේ මගේ ජීවිතයට කිසිදු වටිනාකමක් නැත.. මෙලොව ජීවිතය තාවකාලිකය.. එහෙත් සුවර්ගය සදා කාලිකය.. තමන්ගේ දේවල් කියා කියූ දේ රැක ගැනීමට.. උන්වහන්සේව කිසි දිනක අත් අරින්න එපා.. තම කම අත් හැරීම තුල.. උනවහන්සේ ඔබට ඊටත් වඩා දේ දෙනු ලබයි..

'"ඔබ පිළිගන්නා මා පිළිගන්නේ ය; මා පිළිගන්නා මා

15/07/2018

ජේසු පිහිටයි.

අනිවාර්යයෙන් විනාඩියක් නැවතිලා.. කියවන්න.. (මැරුණ කතෝලිකයකු නොවේනම්.)

පුංචි ඉල්ලීමක් වගේම පුංචි පනිවිඩයක්..

ඔයාල දන්නව මුහුණු පොත තුල.. අද වෙද්දි විශාල කතෝලික පේජ් ප්‍රමානයක් හා ගෲප් තියෙනව.. ඒ හුගාක් ඒව ඔයාල.. follow කරනව.. ඒ ඇත්තටම ඔයාලගෙ ජීවිතය තුල ජේසුට ආදරේ කරන නිසා... ඒ දේ මම අගය කරනව..

ඒත්.. ඔබ දන්නවද.. ඔබට නිකන් පේජ්යක් වූ ...ඒ පේජ් තුලින්. ජේසු ඔබට මට කතා කරන වග.. ඇත්තටම ඔව්.. ඒ තුලින් ජීවිත වෙනසක් ලැබූ.. ප්‍රශ්න වලට විසදුම් ලැබූ අය ගොඩාක් ඉන්නව.. ඇත්තටම ඔබ යාච්ඤා කරනව වෙන්න පුලුවන්.. ඔබේ ප්‍රශ්නයක් ගැන.. පීඩාවක් ගැන.. එහෙත් ඔබට පිලිතුරක් නොලැබෙන්න පුලුවන් සමහර විට.. එහෙත්.. ඒ දෙයට ඔබට මුහුනු පොත තුලින් පිලිතුරු ලැබෙන්නට පුලුවන්..

ඇත්තට.. පේජයන් සියල්ලෙහිම.. පෝස්ට් එකට අදාලව බොහෝවිට.. කුමක් හෝ ලියනව.. ජීවිතයට ගන්නට දෙයක්.. ඒවා.. අප අතින් ලියවුනද.. ඒ තුල..අපව මෙහෙයවීම ඇත්තේ.. ශුද්ධාත්මයාණන් තුලයි..

"සවන් ඇත්තෝ සවන් දෙත්වා.." ජේසුස්වහන්සේගේ සැලසුම් සැබැවින්ම පුදුමාකාරයි උන්වහන්සේට අවශ්‍ය වූ විට.. ඕනෑම අයෙකුගෙන් ඔබට මට කතා කරන්නට හැකි වෙනව.. එහෙත් ඔබ මම.. ඒ පනිවිඩය අසන්න කැමති නැතිනම්... ඇහුම් කන් දේන්නෙ නැතිනම්. කියවනෙ නැතිනම්... ඔබට මට පිලිතුරක් කොහින්ද..

ජීවිතයෙ ඕනම වැටුන අවස්ථාවකදි.. ප්‍රශ්නයකදි.. ඔබ නිකන් උඩට පහලට යන විට මුන ගැසෙන පෝස්ට් එකක් කියවන්න.. ඒතුළින් ඔබට උත්තරයක් ලැබේවි..

සමහරු කියනව.. අපිට කියවන්න වෙලාවක් නෑ.. කියල.. නැතිනම් කියවන්න ආස නෑ කියල.. එහෙත්.. ඔබට මට.. වෙනත් දේවල් සදහා ඕනෑවටත් වඩා වෙලාව තියෙනව.. යාලුවො එක්ක වල් පල් කියවන්න.. ඉරාජ්ගෙ..හරි කාගෙ හරි ජරා වීඩියෝ එකක් බලන්න.. ඕන තරම් කාලය වෙන් කරන්නට අපට හැකියි.. එහෙත්.. දෙවියන්වහන්සේගෙ හඩට... ඒ පනිවිඩයට ඇහුම් කන් දෙන්නට.. අපට වෙලාවක් නෑ..

ඇත්ත කතාව මේකයි.. ඉතින්. අවසානෙට ඉල්ලන්නම්.. දේශනා කිරීම.. දෙවිපියාණන්ගේ පනිවිඩය ඔබහට ලබා දීම අපගේ වගකීමයි.. අපි ඒ දේ නොකඩවා කරනව.. ඔබට හැකිනම් ඒ පනිවිඩය ලබා ගන්න.. ජීවිතය ජය ගන්න.

ඔබේ අදහස් යෝජනා.. චෝදනා ... කමෙන්ට් කරන්න..

ජීවත අත්දැකීමක්.. හදවතට දැනුන පෝස්ට් එකක් පිබදවද අදහස් බෙදා ගන්න..

ජේසු පිහිටයි.!!

(මෙයටද ආමෙන් කියන අයවලුන්.. සැබවින්ම මැරුන කතෝලිකයන් බව සලකනු ලැබේ..)

14/07/2018

OBATA PRASHANSA WE EP 06

11/07/2018

Author

Address

St. Mary's Lane
Kuda Payagala

Telephone

076-7700410

Website

Alerts

Be the first to know and let us send you an email when Kudapayagala St. Mary's Chruch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Kudapayagala St. Mary's Chruch:

Share