E2 lucky spin

E2 lucky spin සැදැහැවතෝ ධර්මාවබෝධය පිණිසත් යථාර්ථය හැදින ගැනීම පිණිසත් දස්සන ප්‍රසාදය පිණිසත් සසරකතරෙන් එතෙර වීම පිණිසත් හේතුකාරණා කරගනිත්වා!!

ආනන්ද බෝධීන් වහන්සේ————————————තථාගතයන් වහන්සේ ජනානුග්‍ර‍හය පිණිස චාරිකාවෙහි වැඩම කළ කල්හි උන් වහන්සේ දක්නට ජේතවන විහාරය...
10/06/2024

ආනන්ද බෝධීන් වහන්සේ
————————————
තථාගතයන් වහන්සේ ජනානුග්‍ර‍හය පිණිස චාරිකාවෙහි වැඩම කළ කල්හි උන් වහන්සේ දක්නට ජේතවන විහාරයට සුවඳ මල් ආදිය ගෙන පැමිණෙන සැදැහැවත්හු උන් වහන්සේ නැති බැවින් ඒ පූජා ද්‍ර‍ව්‍යයන් ගඳකිළිය ඉදිරිපිට දමා කිසි සතුටක් නොලබා පෙරළා යන්නාහ. ඒ බව දත් අනේපිඬු සිටුතුමා බුදුරදුන් දෙව්රම් වෙහෙරට වැඩම කළ කල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ ඒ කරුණ උන්වහන්සේට දන්වා “ස්වාමීනි, තථාගතයන් වහන්සේ මේ වෙහෙරෙහි නැති අවස්ථාවන්හි සුවඳ මල් ආදිය ගෙන පැමිණෙන්නවුන්ට ඒවා පුදා සිත සතුටු කර ගැනීමට තැනක් මේ විහාරයෙහි ඇති කළ හැකි ද? නො හැකිද? යන වග දනු මැනව” යි සැල කෙළේ ය.

ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කොතෙක් චෛත්‍යයෝ ඇත්තා හු දැ” යි විචාළහ. “ආනන්දය, චෛත්‍ය තුනක් ඇත්තේ ය” යි උන් වහන්සේ වදාළහ. “ඒ කවරහුදැ” යි ආනන්ද මහ තෙරණුවෝ ඇසූහ. “ආනන්දය, ශාරීරිකය, පාරිභෝගිකය, උද්දේශිකය යි චෛත්‍යයෝ තිදෙනෙක් වන්නාහු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “ආනන්දය, ශාරීරික චෛත්‍යය දැන්ම නො කළ හැකි ය. එක කළ හැක්කේ බුදුවරුන් පිරිනිවීමෙන් පසුව ය. බුදුවරුන් පරිභෝග කළ මහාබෝධිය වනාහි බුදුවරුන් ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යයක් ම වන්නේ ය.” යි බුදුන් වහන්සේ වදාළ සේක.

එකල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි, නුඹ වහන්සේ චාරිකාවෙහි වැඩම කළ කල්හි මේ ජේතවන විහාරය මහජනයාට පිහිටක් නැති තැනක් වන්නේ ය. මහජනයාට වැඳුම් පිදුම් කිරීම පිණිස මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවන ද්වාරයෙහි රෝපණය කරන්නෙමි” යි සැල කළහ. “ආනන්ද ය, එසේ කරව. එකල්හි මා ජේතවන විහාරයෙහි නිබඳ විසීමක් වැනි වන්නේය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ මුගලන් මහ තෙරුන් වහන්සේ ලවා මහා බෝධි ඵලයක් ගෙන්වා ජේතවන විහාර දොරටුව සමීපයේ අනේපිඬු සිටාණන් ලවා මහත් වූ රන් කටාරමක රෝපණය කර වූහ. එකෙණෙහි ම මහජනයා බලා සිටියදී ම එයින් පනස් රියනක් උස සතර දිශාවට විහිදුණු පනස් රියන් අතු ඇති මහා බෝධි වෘක්‍ෂයක් පැන නැංගේ ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ මෙහෙයීමෙන් රෝපණය කළ බැවින් ඒ බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය නම් වූහ.

තථාගතයන් වහන්සේ ජනානුග්‍ර‍හය පිණිස චාරිකාවෙහි වැඩම කළ කල්හි උන් වහන්සේ දක්නට ජේතවන විහාරයට සුවඳ මල් ආදිය ගෙන පැමිණෙන සැදැහැවත්හු උන් වහන්සේ නැති බැවින් ඒ පූජා ද්‍ර‍ව්‍යයන් ගඳකිළිය ඉදිරිපිට දමා කිසි සතුටක් නොලබා පෙරළා යන්නාහ. ඒ බව දත් අනේපිඬු සිටුතුමා බුදුරදුන් දෙව්රම් වෙහෙරට වැඩම කළ කල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ ඒ කරුණ උන්වහන්සේට දන්වා “ස්වාමීනි, තථාගතයන් වහන්සේ මේ වෙහෙරෙහි නැති අවස්ථාවන්හි සුවඳ මල් ආදිය ගෙන පැමිණෙන්නවුන්ට ඒවා පුදා සිත සතුටු කර ගැනීමට තැනක් මේ විහාරයෙහි ඇති කළ හැකි ද? නො හැකිද? යන වග දනු මැනව” යි සැල කෙළේ ය.

ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කොතෙක් චෛත්‍යයෝ ඇත්තා හු දැ” යි විචාළහ. “ආනන්දය, චෛත්‍ය තුනක් ඇත්තේ ය” යි උන් වහන්සේ වදාළහ. “ඒ කවරහුදැ” යි ආනන්ද මහ තෙරණුවෝ ඇසූහ. “ආනන්දය, ශාරීරිකය, පාරිභෝගිකය, උද්දේශිකය යි චෛත්‍යයෝ තිදෙනෙක් වන්නාහු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “ආනන්දය, ශාරීරික චෛත්‍යය දැන්ම නො කළ හැකි ය. එක කළ හැක්කේ බුදුවරුන් පිරිනිවීමෙන් පසුව ය. බුදුවරුන් පරිභෝග කළ මහාබෝධිය වනාහි බුදුවරුන් ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යයක් ම වන්නේ ය.” යි බුදුන් වහන්සේ වදාළ සේක.

එකල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි, නුඹ වහන්සේ චාරිකාවෙහි වැඩම කළ කල්හි මේ ජේතවන විහාරය මහජනයාට පිහිටක් නැති තැනක් වන්නේ ය. මහජනයාට වැඳුම් පිදුම් කිරීම පිණිස මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවන ද්වාරයෙහි රෝපණය කරන්නෙමි” යි සැල කළහ. “ආනන්ද ය, එසේ කරව. එකල්හි මා ජේතවන විහාරයෙහි නිබඳ විසීමක් වැනි වන්නේය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ මුගලන් මහ තෙරුන් වහන්සේ ලවා මහා බෝධි ඵලයක් ගෙන්වා ජේතවන විහාර දොරටුව සමීපයේ අනේපිඬු සිටාණන් ලවා මහත් වූ රන් කටාරමක රෝපණය කර වූහ. එකෙණෙහි ම මහජනයා බලා සිටියදී ම එයින් පනස් රියනක් උස සතර දිශාවට විහිදුණු පනස් රියන් අතු ඇති මහා බෝධි වෘක්‍ෂයක් පැන නැංගේ ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ මෙහෙයීමෙන් රෝපණය කළ බැවින් ඒ බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය නම් වූහ.

(උපුටාගත් ලිපියකි)

උත්තර හිමියන් උල මත හිඳ වූ පවරජගහනුවර ධනයෙන් අගපත් බමුණු කුලයක උපන් උත්තර කුමාරයා කෙළිලොල් තරුණ වියේ පසු වුවත් අනෙක් තරු...
08/06/2024

උත්තර හිමියන් උල මත හිඳ වූ පව

රජගහනුවර ධනයෙන් අගපත් බමුණු කුලයක උපන් උත්තර කුමාරයා කෙළිලොල් තරුණ වියේ පසු වුවත් අනෙක් තරුණයන්ට වඩා වෙනස් සිතුම් පැතුම් ඇත්තෙක් විය. නිතර නිතර රජගහනුවර වේළුවනාරාමයට ගිය උත්තර ගේ දෙසවනට ඇසුණු බුදු වදන් වලින් සිත් පෙරලියක් සිදු විය.

මොකක්ද මේ ජීවිතේ අරුත? එය හරවත් කර ගන්නේ කොහොමද? ධනවත්, බලවත්,කුලවත් පවුලක උපන් පමණින් ජීවිතයට අරුතක් ලැබේද? මෙවැනි ප්‍රශ්නවලින් උත්තර ගේ සිත නිරන්තරයෙන් සසල වන්නට විය. ඔහු මේ ගැන වේළුවනාරාමයේදී හමුවන සැරියුත් මහ තෙරුන් ආදී පැවිදි උතුමන්ගෙන් විමසන්නට විය. සැරියුත් තෙරුන් ගේ හරවත් පැහැදිලි කිරීම් වලින් උත්තර ගේ සිත අවදි වන්නට විය. නුවණැස පෑදුණේ ය.

“මේ ධනයෙන්, බලයෙන් කෙළිලොල් තරුණ බවෙන් ඇති වැඩක් නැහැ. ජීවිතයේ එකම අරුත වූ විමුක්ති ගවේෂණයේ යෙදෙන්න කාලය යොදවන්න ඕනෙ”

යැයි උත්තර තීරණය කළේ ය. මෙසේ උත්තර ගිහි දිවියෙන් වෙන්ව විමුක්ති ගවේෂණයේ යෙදීමට යොමුව ඇති බව ඔහුගේ මවුපියෝ තේරුම් ගත්හ. හොඳ මනාලියක් සොයා දී එය නතර කළ හැකි යැයි කල්පනා කළ ඔවුහු එවන් දියණියක් සෙවූහ. අරමුණ ඉටු විය. රජගහනුවර අජාසත්ත රජතුමා ගේ ප්‍රබල ඇමතිවරයකු වූ වස්සකාර බමුණා තම රූමත් දියණිය විවාහ කර ගන්නා ලෙස උත්තරගෙන් තදින්ම ඉල්ලීය.

වස්සකාර දියණිය සොළොස් වැනි වියේ පසු වූ පංච කළ්‍යාණියකි. එකල ඇගේ මනාපය ගන්න බොහෝ කුමාරවරු දතකට මැද්දෝය. එහෙත් උත්තරගේ සිත ගැනීමට ඈ සමත් නොවූවා ය. ඈ කෙරෙහි බැඳීම විමුක්ති ලබා ගැනීමට ප්‍රබල බන්ධනයක්, බාධාවක් බව තේරුම් ගත් ඔහු මවුපියන්ගේත් වස්සකාර මහ ඇමතිවරයාගේත් ඉල්ලීම තඹයකට හෝ මායිම් නොකොට ගිහිගෙය හැරපියා සැරියුත් තෙරුන්ගේ ගෝලයකු සේ වේළුවනාරාමයේදී පැවිදි වූයේ ය. එතැන් සිට ඔහු උත්තර සාමණේර නමින් ප්‍රකට විය.

උත්තර සාමණේර පන්සලේ කුදුමහත් වත් පිළිවෙත් නොපිරිහෙළා ඉටු කරයි. ගුරුවරුන්ට ඉටුවිය යුතු යුතුකම් ද නිසි පරිදි ඉටු කරයි. දිනපතා ගම් දනව් වල පිඬු සිඟා යයි. එක් දිනක් සැරියුත් තෙරුන් වහන්සේ ව්‍යාධියකින් පීඩාවට පත්වූහ. එකී ව්‍යාධියට පිළියම් කිරීම සඳහා ගිතෙල් අවශ්‍ය විය. ගිතෙල් ලබා ගැනීම පිණිස උත්තර සාමණේරයාණෝ පිඬු සිඟා වැඩියහ. උන් වහන්සේට බොහෝ දුර පිඬු සිඟා වඩින්නට සිදු වූහ. මෙසේ පිඬු සිඟා යන ගමනේදී පිපාසය දැනුණු බැවින් උන් වහන්සේ පාත්තරය වෑ කණ්ඩියක තබා දිය පානය කිරීමට වැව පහළට බැස්සහ. මේ අතර සොරකමේ ගිය සොරෙක් රජගහනුවර ගෙයකට පැන රන් පොදියක් රැගෙන පැන යන්නේ රාජ පුරුෂයෝ ඔහු ලුහුබැඳ ආවෝ ය.

ත්තර සාමණේරයන් සිටි පාරෙන් යන ගමන් උන් වහන්සේ ගේ පාත්‍රය දැක එහි රන් පොදිය සඟවා පලා ගියේ ය. සොරා පසුපස ලුහුබැඳ ආ රාජ පුරුෂයෝ පාත්තරයේ රන් පොදිය තිබෙනු දුටුවේය. එසේ දැක

“මෙන්න සොරා”

යැයි කියමින් උත්තර සාමණේරයන් අල්ලාගෙන රජමාළිගාවේ නඬු විසඳන තැනට රැගෙන ගියහ. නඬු විසදීමට භාරව සිටියේ වස්සකාර බමුණාම ය. බමුණා සාමණේරයන් හඳුනා ගත්තේ ය. ඔහු නිවැරදි බවද දැන ගත්තේ ය. එහෙත් තම දුව කරකාර නොබැඳ පැවිදි වීම නිසා උත්තර කෙරේ බැඳි වෛරයෙන් යුක්ත වූ වස්සකාර කිසිදු නඩු විභාගයක් නොකොට

“මොහු වහා ගෙනගොස් උලතියාපියව්”

ැයි රාජ පුරුෂයන්ට අණ කළේ ය.

රාජ පුරුෂයෝද අණ පරිදි උත්තර සාමණේරයන් රැගෙන ගොස් කොහොඹ උලක හිඳවූහ. වැඩූ සිතැති භාවිත මනසැති උත්තර සාමණේරයෝ සියලු වේදනාවන් ඉවසමින් තම උපාධ්‍යයන් වහන්සේ වන සැරියුත් මහ තෙරුන් සිහිපත් කළහ.

උන් වහන්සේ උත්තර තෙරුන් උල හිඳුවා ඇති බව දුටු සේක. බුදු පියාණන් හමු වූ සැරියුත් හාමුදුරුවෝ ඒ බව උන් වහන්සේට සැල කළෝය. බුදු හිමිපාණන් භික්ෂු සංඝයාට කතා කොට උන් වහන්සේලා ද පිරිවරා උත්තර සාමණේරයන් බැලීමට වැඩම කළහ. උත්තර සාමණේරයන් සමීපයට වැඩි තථාගතයාණෝ මහා කරුණාවෙන් ළතෙත් හද ඇත්තේ සාමණේරයන්ගේ හිස මත ශ්‍රී හස්තය තබා මෙසේ සැනසූහ.

“උත්තරය සංස්කාරයන් ගේ ස්වභාවය සිහිපත් කරන්න. ඔබ මේ විඳින්නේ මේ ජීවිත කාලයේදී කළ පාප කර්මයක විපාක නොවෙයි. සසර බොහෝ ඈත ජීවිතයකදී කළ පාප කර්මයක විපාකයි.”

ඉන් පසුව උන් වහන්සේ ඒ අතීත පාප කර්මයේ තතු විස්තර කළහ.

සසර පෙර භවයකදී උත්තර ළමා වියේ සිටියේ සෙසු ළමයි සමඟ ක්‍රීඩා කරන්නට වූහ. ළමෝ සෙල්ලමට නොයෙක් වැඩ කරති. පෙර භවයේ උත්තර ප්‍රධාන ළමයි ද දුවපැන නොයෙක් දඟවැඩ කළහ. මැස්සකු අල්ලා ගත් (පෙර) උත්තර ළමයා කොහොඹ කීරක් ගෙන ඌ එහි ගැසීය. මැස්සා වේදනාවෙන් මිරිකෙන්නට විය. උත්තර ප්‍රධාන ළමයි මේ දෙස බලා විහිළු තහළු කර කර සිනා සෙන්නට වූහ. ඒ භවයෙදිම ඔහු තව අකුසල කර්මයක් කළේ ය. ඒ භවයේදී සිය මෑණියන් සමග යම්කිසි කරුණක් ගැන තරහෙන් රණ්ඩු කළ උත්තර

“තී හොඳයි උල තියන්න”

යි කියමින් කෝපයෙන් ඈට කඩා පැන්නේය.

මෙකී පාප කර්ම දෙකේ අනිටු විපාක සසර බොහෝ කාලයක් උත්තර ලුහු බැන්දේ ය.

උදේ සිටම බුදුබණ සිහිපත් කළ උත්තර සාමණේරයෝ එහිදීම සියලු කෙළෙස් නසා රහත් බවට පත් වූහ.

උත්තර සාමණේරයන් ගේ කථාවෙන් පැහැදිලි වන්නේ පාපය අළු යට ගිනි පුපුරුම වැනි බවයි. ඒවා නිසි වේලාවට මතු වී අප ලුහු බැඳ බැඳ දවයි. එහෙයින් පාපයට නම් සමාවක් නොමැත. සමහරු හැංගි හොරා පව් කරති. එහෙත් පව් නම් කිසිසේත් ම සැඟවිය නොහැකි ය.

තවත් සමහරු පොඩි පව් කළාට කමක් නැතැයි සිතති. එසේම කියති. එහෙත් උත්තර සාමණේරයන් ගේ කතාව ඔවුන් ගේ අවිද්‍යාව දුරු කර ගැනීමට කදිම කමටහනකි. යම් ක්‍රියාවක බාහිර පැත්ත ගැන අවධානය යොමු කිරීමෙන් එය පොඩි ද ලොකු ද කියා තීරණය කළ නො හැකි ය. යළි යළිත් අප උදේ හවා සිහිපත් කළ යුත්තේ පව පව ම බව ය. එසේ සිතා සියලු ආකාරයේ පව් වලින් මිදිය යුතු වෙමු.

භාතිකාභය රජතුමා එකල මහා සෑයට කරපු පිංකම් අද කලා නම්, කරපු කෙනාව පුරාවිද්‍යාවෙන් අල්ලන් ගිහින් හිරේ දානවා.. ඇත්තටම අද කාල...
01/06/2024

භාතිකාභය රජතුමා එකල මහා සෑයට කරපු පිංකම් අද කලා නම්, කරපු කෙනාව පුරාවිද්‍යාවෙන් අල්ලන් ගිහින් හිරේ දානවා.. ඇත්තටම අද කාලේ බෞද්ධයන්ට භාතිකාභය රජතුමා කරපු පිංකම් දරා ගන්න බෑ..ඒවා ඒ තරම් ම විශ්මිතයි..කරනවා තියා අද කාලේ එහෙම පිංකම් ගැන හිතන්නවත් බෑ...

ඉමහත් ශ්‍රද්ධාවෙන් ස්වර්ණමාලි මහා සෑය හදපු දුටුගැමුණු රජතුමාට, මහා සෑයට උපස්ථාන කරන්න බැරිවුනා..පුද පූජා පවත්වන්න බැරි වුනා.. අපේ දුටුගැමුණු රජතුමා ජිවතුන් අතර සිටියා නම්, මහා සෑයට කරපු පුද පූජා ගැන ලියන්න මහවංශය ඉඩ මදි වේවී..අපිට ඒ ගැන හිතා ගන්නවත් බැරි වේවී..

හැබැයි, ඒ අඩුව පුරවපු මහා ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් මේ ලක්දෙරණේ පහල වුනා..
දුටුගැමුණු රජතුමාගෙන් අවුරුදු 120ට විතර පස්සේ "භාතිකාභය" නමින් ශ්‍රේෂ්ඨ රජෙක් පහල වුනා..

මහා සෑයත්, භාතිකාභය රජතුමාත් අතර සම්බන්ධය කොයිතරම් ද කියනවා නම්, අදටත් මහා සෑ මළුවේ භාතිකාභය රජතුමාගේ ගලින් නෙලන ලද පිළිමයක් තියෙනවා..
මං ඉස්සර හිතන් හිටියේ ඒ ඉන්නේ දුටුගැමුණු රජතුමා කියලා.. පස්සේ කාලෙක "මහාවංශය" කියවද්දි තමා තෙරුනේ ඇයි භාතිකාභය රජතුමාගේ පිළිමයක් මහා සෑ මලුවේ තිබ්බේ කියලා...

අපේ භාතිකාභය රජතුමා පණ වගේ මහා සෑයට ආදරේ කලා.. උදේ වැඩ පටන් ගන්නෙත් මහා සෑයට වන්දනා කරලයි..රෑට නිදාගන්නෙත් මහා සෑය වන්දනා කරලයි..
කන්නෙත් මහා සෑයට වන්දනා කරලා ඉවර වුනාට පස්සෙයි.. දවසට තුන් වතාවක් බුද්ධෝපස්ථානය සඳහා රජතුමා මහා සෑය වන්දනා කරන්න යනවා..

දවසක් රජතුමා රාත්‍රී අහාරය ගන්න, පළමු බත් පිඬ අනනකොටම මතක් වුනා, අද මං මහා සෑය වන්දනා කලේ නෑ නේද ? කියලා..
රජතුමා සේවකයන්ගෙන් ඇහුවා..
"""අද මං අපේ මුත්තනුවන් වන්දනා කලේ නෑ නේද?"" කියලා..
එතුමා මුත්තනුවන් ලෙස ගෞවරවෙන් සැලකුවේ මහා සෑයයි..
සේවකයන් කිව්වා අද වන්දනා කලේ නෑ කියලා..

ඒ මොහෝතෙම කන්න ගත්ත බත්පිඬ පැත්තකින් තියපු රජතුමා මහා රෑම මහා සෑය වන්දනා කරන්න පිටත් වුනා...
මහා සෑය වන්දනා කරද්දි රජතුමාට ඇහෙනවා මිහිරි හඬින් කව්දෝ පිරිත් කියනවා..රජතුමා සෑය වටේ ගිහින් බැලුවත් පිරිත් කියන කෙනෙක් හොයා ගන්න බැරි වුනා.. අන්තිමේ සෑ ගර්භයට කන තියලා බැලුවා..බලනකොට පිරිත් සද්දේ ඇහෙන්නේ සෑ ගර්භයේ ඇතුලේ ඉදන්..රහතන් වහන්සේලා තමයි මිහිරියට පිරිත් සජ්ජායනා කරන්නේ..

රජතුමාට අස හිතුනා සෑ ගර්භයේ ඉදන් පිරිත් කියන්නේ කව්ද කියලා බලන්න..රජතුමා එහෙම්ම මලුවේ ඉදගෙන අධිෂ්ඨානයක් කලා,
"සෑ ගර්භය නොදැක මම මෙතනින් නොනැගිටිමියි " කියලා..

නැගෙනහිර වාහල්කඩ ලඟ ආහර නොගෙන මහා සෑය දෙසට හිස තබා වැතිරුණු රජතුමාගේ අධිෂ්ඨානය දිවසින් දැකපු රහතන් වහන්සේලා, දොරටුවක් මවා භාතිකාභය රජතුමා ව ඉර්ධියෙන් සෑ ගර්භය ඇතුලට ගත්තා.. විශ්මිත සෑ ගර්භය දැකපු රජතුමා ආදර ගෞරවයෙන් සෑ ගැබ වන්දනා කලා..

සෑ ගර්භයේ විශ්මය දැකපු රජතුමා, තමගේ ජනතාවටත් මේ අසිරිය දකින්න ඔනී කියලා හිතුවා..රජ මාළිගාවේ මණ්ඩපයක් හදලා, සෑ ගර්භයේ ආකෘතියක් හදලා ජනතාවට දැකබලා ගන්න සැලැස්සුවා..

ඔය විදියට මහත් ශ්‍රද්ධාවක් තිබ්බ රජතුමා මහා සෑයට අනේක වූ පුද පූජා පැවැත්තුවා..
භාතික රජතුමා අපගේ මහා සෑයට අසිරිමත් පූජාවන් කලේ මෙහෙමයි...

🔸නගරය යොදුනක් පුරා සමන් පිච්ච මලුත්,ඉද්ද මලුත් රෝපණය කලා..

🔸මහා සෑයේ පාදමේ සිට කොත මුදුන දක්වා අඟල් හතරල ඝනකමට සුවඳ මැටි ආලේප කරලා, නටුවත් එක්ක සමන් මල් ගලවලා සුවඳ මැට්ටේ ගහලා මුලු සෑයම එකම මල් ගුලාවක් කලා..

🔸ආයේත් දවසක, අඟල් දෙකක් ගණකමට මනෝසීල හෙවත් සිරියල් ආලේප කරවා එහිද සමන් මල් අමුණා සෑ වන්දනාවන් කලා..

🔸තවත් දවසක් පඩිපෙළේ ඉදලා සෑ මුදුන දක්වාම මහා සෑය මල්වලින් පිරී යන සේ සෑය මල්වලින් වැසුවා...

🔸ආයෙත් දවසක, අභය වැවේ ජලය මහා සෑයේ මුදුන තෙක් යන්ත්‍රානුසාරයෙන් අරගෙන ඉහල සිට ජලය ඉසිමින් මහා සෑය පැන්පහසු කෙරෙව්වා..

🔸තවත් දවසක ගැල් සියයක මුතු අරන් ඇවිත්,ඒවා අඹරා මහා සෑය මුතු පාටට බැබලෙන්න එහි ආලේප කරා..

🔸රෝමයෙන් පබලු ගෙනත්,මහා සෑය වැසෙන පරිදි දැලක් හදලා එහි සන්ධි වල කරත්ත රෝද තරමේ රත්තන් නෙළුම් මල් වලින් සැරසුවා..

🔸කළවල සුවඳ පුරවා එහි මල්මිටි දමා
මධුගන්ධ නමින් පූජාවක් කලා..

🔸චෛත්‍ය මලුවේ මල් වැසි වස්සවා, ගොප්මස දක්වා මල් පිරුණු පසු ඒ මත මානෙල් මල් මිටි සිටුවා පූජාවක් කලා..

🔸සෑ මලුවේ වතුර බසින සිදුරු වහලා, මලුව පුරා ගිතෙල් පුරවා ඒ මත පහන් තිර දමා ඒවා දල්වා මුලු මලුවම පහන් ආලෝකයක් කොට මහ සෑය ආලෝකයෙන් පිදුවා..

ඔය විදියට අපගේ ස්වර්ණමාලි මහා සෑයට මහා පූජාවන් කලා..එක පාරක් නෙවෙයි..මේ මහා පිංකම් මාරුවෙන් මාරුවට සත්වතාවක් කරලා තියෙනවා..ඒ කියන්නේ එක පිංකමක් හත්වතාවක් කරලා තියෙනවා..

🔸සෑම වසරකම මහා සෑයේ හුණු ආලෙප කොට 28 අවුරුද්දක් පුරා වෙසක් උත්සවය උත්වශ්‍රීයෙන් කරලා තියෙනවා..

🔸දසට දෙවරක් බෙර වැයුම් සහිතව මහා මල් පූජාවක් ද කලා..

🔸ඔය විදියට කුඩා පිංකම් අසූහාරදහසක් භාතිකාභය රජතුමා අපගෙ මහා සෑය උදෙසා කරලා තියෙනවා..

පිංකම් කරනවා වගේම, භාතිකාභය රජ්ජුරුවෝ බණ අහන්ටත් ආසයි. එදා පෝය දවසක්. ඉතින් මේ රජ්ජුරුවන්ට බණක් අහන්ට ආසා හිතුනා. ලෝවාමහා ප්‍රාසාදයේ තිබුණු අලංකාර ලී කැටයම් දැමූ බණ මඩුව ලස්සනට සැරසුවා. ධර්මාසනයත් සැරසුවා. ඒ කාලේ බණට ඉතා ප්‍රසිද්ධව හිටපු "ධර්ම කීර්ති පණ්ඩිත" කියන උපාසකතුමාට ආරාධනා කළා.

“පණ්ඩිතයෙනි, මං අද තුණුරුවන්ගේ ගුණ කියවෙන ජයමංගල ගාථාවකින් බණක් අහන්ට සතුටුයි” කිව්වා.

ධර්ම කීර්ති පණ්ඩිතයෝ වටාපතත් අතට ගෙන බණ පුටුවට ගොඩවුනා. රජ්ජුරුවන්නේ මුහුණ බැලුවා...
‘මං අද අපේ දේවයන් වහන්සේගේ සිත සතුටු වන අයුරින් බණ ටිකක් කියන්ට ඕනෑ’ කියලා ධම්ම පදයේ බ්‍රාහ්මණ වර්ගයට අයත් මේන්න මේ ගාථාව කිව්වා...

දිවා තපති ආදිච්චෝ – රත්තිං ආභාති චන්දිමා
සන්නද්ධෝ ඛත්තියෝ තපති – ඣායී තපති බ්‍රාහ්මණෝ
අථ සබ්බමහෝරත්තිං – බුද්ධෝ තපති තේජසා

දිවා තපති ආදිච්චෝ
‘දවල් කලට බබළන්නේ හිරු මඬලයි’
කියලා ධර්ම කීර්ති පණ්ඩිතයෝ සූරිය පිරිත විස්තර කරලා බැස යමින් සිටින අලංකාර හිරු මඬලට වන්දනා කළා.

රත්තිං ආභාති චන්දිමා
‘රෑ කල බබළන්නේ සඳ මඬලයි’ කියලා චන්ද පිරිත විස්තර කරලා බැබලි බැබලී උදාවන රන්වන් සඳ මඬලට වන්දනා කළා.

සන්නද්ධෝ ඛත්තියෝ තපති
‘සර්වාභරණයෙන් සැරසී සිටින අපගේ රජ්ජුරුවන් වහන්සේත් බබළත්මයි’ කියලා භාතිකාභය රජ්ජුරුවන්ට වන්දනා කළා.

ඣායී තපති බ්‍රාහ්මණෝ
‘අපගේ ආර්යයන් වහන්සේලා සමථ විදර්ශනා භාවනාවන් වඩද්දි ලස්සනට බබලනවා නොවැ’ කියලා එහි වැඩහුන් සංඝයා වහන්සේට වන්දනා කළා.

අථ සබ්බමහෝරත්තිං බුද්ධෝ තපති තේජසා ‘ඒ කවුරුන් බැබළුනත් දිවා රාත්‍රී දෙකේ සෑම කල්හි ම අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුදු බල තේජසින් බබළන සේකැ’යි කියලා මේන්න මේ රන්මැලි මහාසෑ රජාණන් වහන්සේට වන්දනා කළා.

භාතිය රජ්ජුරුවෝ ප්‍රීතියෙන් ඉපිල ගියා. බණ මඩුව ගිගුම් දෙන්න තරම් සද්ද නගලා තුන් යලක් සාදුකාර දුන්නා. එතකොට භික්ෂූන් වහන්සේලාත් බණ මඩුවේ අතුරු සිදුරු නැතුව පිරී සිටි සැදැහැවත් ජනී ජනයාත් එක්පැහැර මිහිරි හඬින් තුන් යලක් සාදුකාර පැවැත්තුවා. රජ්ජුරුවෝ මෙහෙම කිව්වා.

“ධර්ම කීර්ති පණ්ඩිතයෙනි, තොපගේ බණ ටික නම් ඉතා උචිතයි. අවස්ථාවට ගැලපෙනවා. අති මනහරයි. මංගල ගාථා රත්නයකින් බණ කිව්වා නොවැ” කියලා හුනස්නෙන් නැගිට්ටා.

“පණ්ඩිතයෙනි, තොපගේ දෑත දිගුකල මැනව” කිව්වා. එතකොට ධර්ම කීර්ති පණ්ඩිතයෝ ධර්මාසනයේ සිටිද්දි ම දෑත් දිගුකළා. භාතිය රජ්ජුරුවෝ රන් කහවණු දහසකින් බැඳි පියල්ලක් පණ්ඩිතයන්ගේ අතේ තිබ්බා..

එදා ඉඳලා අපේ පැරැන්නෝ ඔය ගාථා රත්නයට කිව්වේ "සර්ව මංගල ගාථාව" කියලා.

ඔය විදියට භාතිකාභය රජතුමා,අපගේ මහා සෑය උදෙසා විශ්මිත පූජාවන් කළා..
අද වගේ නං එහෙම පින්කම් කරන්න බෑ..
අද ඒ වගේ පින්කම් කළොත් පුරාවිද්‍යාවෙන් නඩු දානවා..බුකීයේ ඉන්න නමට බෞද්ධයන්ගෙන් "මේ මොන විකාර වැඩක් ද" කියලා බැනුම් අහන්නත් වෙනවා..
කොටින්ම කිවොත් භාතික රජතුමා කරපු පිංකම් අද අපේ බෞද්ධයන්ට දරාගන්න බෑ..
ඒ වගේ ශ්‍රද්ධාවන්ත ශ්‍රේෂ්ඨ රජවරු ආයේ පහළ වෙන්නෙත් නෑ...ඒ නිසා ඒ වගේ පින්කම් ආයේ කරන්න වෙන්නෙත් නෑ..දකින්න වෙන්නෙත් නෑ..

මහා සෑ මලුවේ භාතිකාභය රජතුමාගේ පිළිමයක් තියෙන්නේ ඇයි කියලා දැන් තේරෙනවා ඇති...
මහාවංශයේ භාතිකාභය රාජවංශයේ අවසානයේ මෙන්න මෙහෙම තියෙනවා..

"""""පුරාණ රජවරු විසින් නියම කරන ලද බුද්ධ සාසනය පිළිබඳව යම්කිසි පුණ්‍යකර්මයක් ඇද්ද, භාතික රජු ඒ සියල්ල නොපිරිහෙලා ඉෂ්ට කළේය

.                                                       🇱🇰
01/06/2024

.






🇱🇰

අනන්ත වූ බුදුගුණ බලයෙන් රෝග බිය දුරු වේවා...!!!කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!සියලු දුක් දුරු වේවා...!!!සියළු ...
01/06/2024

අනන්ත වූ බුදුගුණ බලයෙන්
රෝග බිය දුරු වේවා...!!!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!
සියලු දුක් දුරු වේවා...!!!
සියළු යහපත සැලසේවා...!!!
දීර්ඝායු වේවා...!!!
හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා...!!!







අද හුදෙක් ගිහි පැවිදි සියලු දෙනාම ආමිස පූජාවට ප්‍රමුඛත්වයක් දී කටයුතු කළත් බුදුපියාණන් වහන්සේ වඩාත් අගයකොට සැලකුයේ ප්‍රත...
31/05/2024

අද හුදෙක් ගිහි පැවිදි සියලු දෙනාම ආමිස පූජාවට ප්‍රමුඛත්වයක් දී කටයුතු කළත් බුදුපියාණන් වහන්සේ වඩාත් අගයකොට සැලකුයේ ප්‍රතිපත්ති පූජාවමය. එබැවින් මෙම උතුම් වෙසගේ ආමිසයට වඩා ප්‍රතිපත්තියට නැඹුරු වන්නේ නම් එය උත්තම බුද්ධ පූජාවක්ද වන්නේය.

මුචලින්ද සූත‍්‍රයමුචලින්ද නා රජු අරභයා වදාළ උදානය:- මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත...
30/05/2024

මුචලින්ද සූත‍්‍රය
මුචලින්ද නා රජු අරභයා වදාළ උදානය:-

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වී වදාළ අලූත, උරුවෙල් ජනපදයේ නේරංජරා ගං තෙර මුචලින්ද (මිදෙල්ල) රුක් සෙවනේ වැඩසිටියේ. ඉතින් ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ ඒ අමා නිවන් සුව විඳිමින් සතියක්ම එකම පළඟින් වැඩසිටියා.

ඒ දවස්වල හත් දවසක් එක දිගට වහින, සීතල සුළං හමන, නා කපන මහා අකල් වැස්සක් වැස්සා.
එතකොට මුචලින්ද නාග රාජයා තමන්ගේ භවනෙන් නික්මිලා ආවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රී ශරීරය දරණවලින් හත් වටක් වෙළා ගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරස් තලයට ඉහළින් මහත් වූ පෙණය විහිදාගෙන සිටියේ

‘භාග්‍යවතුන් වහන්සේට සීතලක් ඇතිවෙන්න එපා! භාග්‍යවතුන් වහන්සේට උණුසුමක් ඇතිවෙන්න එපා!
භාග්‍යවතුන් වහන්සේට ලේ බොන මැසි, මදුරු ආදීන්ගෙන්, අව් සුළං, සර්ප ආදීන්ගෙන් නපුරු පහසක් නම් වෙන්න එපා!’ කියලයි.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ හත් දවස ගෙවුනට පස්සේ ඒ සමාධියෙන් නැගිට වදාළා. එතකොට මුචලින්ද නාග රාජයා, වැහි වළාකුළු පහවෙලා ගිය පිරිසිදු අහස ඇති බව දැනගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රී ශරීරය වෙළා ගෙන සිටි දරණ වැල ඉවත් කරගත්තා. තමන්ගේ නාග වේශය වෙනස් කරලා තරුණයෙකුගේ වේශයක් මවාගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ භාග්‍යවතුන් වහන්සේට වැඳගෙන හිටගත්තා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

”සද්ධර්මය අවබෝධ වීම නිසා ඒ අමා නිවන දකින සතුටු සිත් ඇති රහතන් වහන්සේට ඒ චිත්ත විවේකය හරි සැපයි. කෝප රහිත බව හරි සැපයි. ලෝකයේ සතුන් ගැන අහිංසාව ඇතිවීමත් සැපයි. මේ ලෝකයේ කාමයන් ඉක්මවා ගිය, විරාගී ධර්මය හරි සැපයි. ‘මම වෙමි’ යන මානයේ යම් දුරුවීමක් වේ නම්, ඒ අරහත්වය තමයි උතුම්ම සැපය.”

සාදු! සාදු!! සාදු!!!

(ඛුද්දක නිකාය - මුචලින්ද වර්ගය)

නිවැරදිව බුදුන් වඳිමු.මුලින්ම මතක තියා ගන්න.. ගාථා පාඨ හරියට උච්චාරණය කරන්න. ග්‍රාම්‍ය විදියට කටට එන හුරුවට ගාථා කියන්න ...
29/05/2024

නිවැරදිව බුදුන් වඳිමු.

මුලින්ම මතක තියා ගන්න.. ගාථා පාඨ හරියට උච්චාරණය කරන්න. ග්‍රාම්‍ය විදියට කටට එන හුරුවට ගාථා කියන්න එපා. "ත" හා "ථ"; "ට" හා "ඨ" යනාදිය අතරෙ වෙනස හරියට උච්චාරණය කරන්න.

ඔබ කියන ගාථාවන්හි තේරුම දැන ගාථා කියන්න. ගිරවෙකුත් ඔබත් අතර වෙනස එයයි. සජ්ඣායනා කරනා ගාථා සූත්‍ර වල තේරුම දැන එසේ කරන්න.

ඔබ දිනපතා මල් පහන් පූජාවන් කරන්නේ කෙසේදැයි සැළසුම් කරන්න.

නිවස තුල, නිස්කලංක ස්ථානයක, ශාන්ත වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ පිළිම වහන්සේ නමක් තබා ගන්න. මල් ආසනයත් , පිළිම වහන්සේ අසලත් නුසුදුසු සැරසිලි යනාදිය නම් කරන්න එපා. දෙවියන් සිහිකර උන්වහන්සේලාට පින් අනුමෝදන්කරනවා විනා මම නම් තථාගතයන් වහන්සේ සමග දේව රූප තබන්නේ නම් නැත. පිළිමවහන්සේ ඉදිරිපිට කුඩා මල් ආසනයක පිරිසිදුව බුද්ධ පූජාව (ආහාර හා පැන්), මල්, පහන්, සුවඳදුම්, පූජා කිරීමට සූදානම් කරගන්න.

තෙරුවන් නැමදීමට පෙර ඔබ මුහුණ, කට සෝදා / නා හෝ අවස්ථානුකූලව පිරිසිඳු වී සිටිය යුතුය.

බැතිබරව ශ්‍රද්ධාවෙන් පිළියෙල කල බුද්ධ පූජාවත්, මල් , සුවඳදුම් හා පහනුත් මල් අසුන මත තබා තෙරුවන් නැමදුමට අපි සූදානම් වෙමු.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

පළමුව භගවා, අරහං, සම්මා සම්බුද්ධ යන මහා ගුණස්කන්ධයෙන් යුතු වූ බුදු රජාණන්වහන්සේ සරණ යන්න.
ඕනෑම කටයුත්තක්, ගාථා, පිරිත් සඤ්ඤායනයකට කලින් මෙලෙස නමස්කාරය කීම සුදුසු වේ

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

ඉන්පසු පළමුවද, දෙවනුවද, තෙවනුවද බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන සරණ යන්න:

බුද්ධං සරණං ගච්ඡා මි
ධම්මං සරණං ගච්ඡා මි
සඞ්ඝං සරණං ගච්ඡා මි

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡා මි
දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි

තතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි
තතියම්පි ධම්මං සරණං ගච්ඡා මි
තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි

මීලඟට පංච ශීලය සමාදන් වන්න: (දිනපතා සාමාන්‍ය ලෙස සීලය සමාදන් වීම මේ ලිපියේ අරමුණ නිසා අෂ්ඨ ශීලය ගැන සඳන් නොකරමී. අවශ්‍ය නම් අට සිල් සමාදන් වන්න. එය රකින්න )

පාණාතිපාතා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
අදින්නාදානා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්ඛා පදං සමාදියාමි
මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාදියාමි
සුරාමේරය මජ්ඣපමාදට්ඨානා වේරමණි සික්ඛා පදං සමාදියාමි

* මීලඟට තුන් රුවනේ සූ විසි මහ ගුණයට නමස්කාර කරමු:

1. බුදු ගුණ නමස්කාරය:

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති

අනන්ත මහා බුදු ගුණ කියවෙන මේ උතුම් ගාථාව මන්තරයක් නොවේ.
ඔබ ඒ ඒ මහා ගුණය කුමක් දැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න.

අනන්ත සසරේ යන මේ භයානක ගමනේ අපේ එකම සාස්තෲවරයාණන් වූ තථාගතයන් වහන්සේට නමස්කාර කරමු:

බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
බුද්ධ රත්නය මම දිවිහිමියෙන් සරණ යමි

යෙච බුද්ධා අතීතා ච - යෙච බුද්ධා අනාගතා
පච්චුප්පන්නා ච යෙ බුද්ධා - අහං වන්දාමි සබ්බදා

අතීතයේ පහල වූ බුදු රජාණන් වහන්සේලා ට ද, අනාගතයේ පහල වන්නාවු බුදු රජාණන් වහන්සේලා ට ද,
වර්ථමාන බුද්ධෝත්පාද කාලයේ හි පහල වූ බුදු රජාණන් වහන්සේ ට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධො මේ සණං වරං.
ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං

සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැර මට අන් සරණක් නැත්තේ ය. බුද්ධ රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.
මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්‍යයක් ම වේවා

උත්තමංගේන වන්දේහං - පාදපංසු වරුත්තමං
බුද්ධේ යො ඛලිතො දොසො - බුද්ධෝ ඛමතු තං මමං

භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා පහස ලද දූවිල්ලද දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි.
මාගේ නමස්කාරය වේවා !.
බුද්ධ රත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.

2. දහම් ගුණ නමස්කාරය

ස්වාක්ඛාතො භගවතො ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති

ලෞකික වූද ලෝකෝත්තර වූද අනන්ත මහා දහම් ගුණ මොනවාදැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න.

සියළු සත්වග හිත සුව පිණිස තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කල උතුම් ධර්ම රත්නයට නමස්කාර කරමු.

ධම්මං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
ධර්ම රත්නය මම දිවිහිමියෙන් සරණ යමි

යෙච බුද්ධා අතීතා ච - යෙච බුද්ධා අනාගතා
පච්චුප්පන්නා ච යෙ බුද්ධා - අහං වන්දාමි සබ්බදා

අතීත වූ ධර්ම රත්නයට ද, අනාගත වූ ධර්ම රත්නයට ද ට ද,
වර්ථමාන වූ ධර්ම රත්නයට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මො මේ සණං වරං.
ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං

සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ උතුම් ධර්ම රත්නය හැර මට අන් සරණක් නැත්තේ ය. ධර්ම රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.
මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්‍යයක් ම වේවා

උත්තමං ගේන වන්දේහං - ධම්මඤ්ච තිවිධං වරං
ධම්මේ යො ඛලිතො දොසො - ධම්මො ඛමතු තං මමං

ලොව්තුරු, මගඵල, නිවන්, ත්‍රිවිධ වූ ධර්ම රත්නයට දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි.
මාගේ නමස්කාරය වේවා !.
ධම්ම රත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.

3. ආර්‍ය මහා සඟ ගුණ නමස්කාරය

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
යදිදං චත්තාරි පුරිසයුගානි
අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ,
ආහුණෙය්‍යෝ,පාහුණෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ,
අංජලිකරණීයෝ ,අනුත්තරං
පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.

උත්තම වූ දක්ඛිනෙ‍ය්‍ය වූ ආර්‍ය මහා සංඝ රත්නය හි ගුණ ගුණ මොනවාදැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න.

මඟ ඵල ලාභී වූ උතුම් ආර්‍ය මහා සංඝ රත්නයටත් සසරේ අප කෙරෙහි අනුකම්පාවෙන් ද ඝෝර සසරෙන් අප වත් එතෙර කරවා උන්වහන්සේලාත් එතෙර වනු පිණිස ද උත්තම ආර්‍ය මාර්ගයට පිළිපන් මහා සඟ රුවන ටත් නමස්කාර කරමු

සංඝං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
සංඝ රත්නය මම දිවිහිමියෙන් සරණ යමි

යෙච සංඝා අතීතා ච - යෙච සංඝා අනාගතා
පච්චුප්පන්නා ච යෙ සංඝා - අහං වන්දාමි සබ්බදා

අතීත වූ ආර්‍ය මහා සංඝ රත්නයට ද, අනාගත වූ ආර්‍ය මහා සංඝ රත්නයට ද ට ද,
වර්ථමානයේ වැඩ සිටින ආර්‍ය මහා සංඝ රත්නයට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

නත්ථි මේ සරණං අඤ්ඤං - සංඝො මේ සරණං වරං.
ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ආර්‍ය මහා සංඝ රත්නය හැර මට අන් සරණක් නැත්තේ ය. සංඝ රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.
මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්‍යයක් ම වේවා

උත්තමං ගේන වන්දේහං - සංඝං ච තිවිධොත්තමං
සඞඝේ යො ඛලිතො දොසො - සංඝො ඛමතු තං මමං

සම්මුති, සේඛ අසේඛ යන ත්‍රිවිධ වූ උත්තම සංඝරත්නයට දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි.
මාගේ නමස්කාරය වේවා !.
මහා සංඝරත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් උන්වහන්සේලා මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.

* පූජණීය චෛත්‍යයෝ වන්දනාවන්

ඔබ සිංහල බෞද්ධයෙක් නම් ඔබ ඔබේ ජීවිත කාලය තුළ කිහිප වරක් හෝ අඩුම තරමින් එක් වරක් වත් යා යුතු ස්ථාන අතරින් අනුරාධපුර ස්වර්ණමාලී (රුවන්මැලි ) චෛත්‍යරායාණන්වහන්සේත්, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේත් ඉතාම වැදගත් වේ.

දිනපතා පන්සිල් ගෙන තෙරුවන් නැමැද, තථාගතයන් වහන්සේ ගේ සර්වඥධාතු තැන්පත් කල ශාරීරික චෛත්‍යය වහන්සේලා නමස්කාර කරන්න. ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරපුර ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් (හෝ වෙනත් ශාරීරික චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක්) සිත් හි දරාගෙන පහත ගාථාව අවබෝධයෙන් කියන්න:

වන්දාමි චේතියං සබ්බං
සබ්බඨානේසු පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධිං
බුද්ධ රූපං සකලං සදා

* බෝධීන් වහන්සේ වන්දනා කිරීම.

ඉන් අනතුරුව අප බුදු පියාණන් වහන්සේ ගේ උතුම් පාරිභෝගික චෛත්‍යයක් වූ අනුරපුර (හෝ දඹදිව හෝ වෙනත්) බෝධීන් වහන්සේ සිත් හි දරාගෙන, සවු කෙළෙසුන් නසා ලොවුතුරා බුදු බවට පත් වන මොහොතේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේට සෙවන දුන් උතුම් බෝධීන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන අවබෝධයෙන් මේ ගාථාවන් සඤ්ඤායනා කරන්න.;

යස්සමූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේතං බෝධිපාදපං
(අර්ථය: ශාස්තෲන් වහන්සේ යම් වෘක්ෂයක් මුල හිඳිමින් සියලු සතුරන් ජයග්‍රහණය කළේ ද සර්වඥ බවට පැමිණියේ ද (මම) ඒ බෝධි වෘක්ෂය වන්දනා කරමි.)

ඉමේ ඒතේ මහාබෝධි
ලෝකනාථේන පූජිතා
අහම්පි තේ නමස්සාමි
බෝධිරාජා නමත්‍ථු තේ

(අර්ථය: ඒ මේ මහාබෝධීන් වහන්සේලා ලෝකනාථයන් වහන්සේ විසින් අනිමිසලෝචනයෙන් පූජා කරන ලදි. මම ද ඒවාට නමස්කාර කරමි. බෝධිරාජයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා!)

සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අනන්ත මහා ගුණස්කන්ධය උදෙසා උදෙසා පූජා කිරීම්

මීලඟට ඔබ මල් ආසනය මත තැබූ ආහාර (හීල හා දාවල දානය, අතුරුපස ), පැන්, මල්, සුවඳ දුම්, පහන් පූජාව ජීවමාන ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජාකරමි යන ලෙසින් සිත් හි දරාගෙන සැදැහැ සිතින් පිළිගන්වමු;

* හීල හා දාවල දානය, අතුරුපස පූජා කිරීම

(කරුණාකර සැදැහැ සිතින් පිරිසිදුව පිළියෙල කල ආහාර, පිරිසිදුව පූජා කරන්න.
අපිරිසිඳුවට නොසැලකිල්ලෙන් පූජා කරන දෑ බුදුරජාණන්වහන්සේට පූජා කෙරෙන්නේ නැත )

* පැන් පූජාව

සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං
පානීයමේතං භගවා පතිගණ්හාතු උත්තම

(අර්ථය: උත්තමයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ සුවඳවත් වූ සිහිල් වූ කැප වූ ප්‍රසන්න වූ මිහිරි වූ යහපත් වූ පැන් පිළිගන්නා සේක්වා!)

අධිවාසේතු නෝ භන්තේ පානීයං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම

(අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද පැන් ඉවසන (භාරගන්නා) සේක්වා. සම්මා සම්බුදුරජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!)

** මීට අමතරව කැවිලි, දැහැත්, ගිලන්පස ද පූජා කළ හැක. ඒ සඳහා ගාථා හා අරුත් මෙතැනින් බලන්න:

* ආහාර පූජාව

අධිවාසේතු නෝ භන්තේ භෝජනං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම

(අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද බොජුන් (ආහාර) ඉවසන (භාරගන්නා) සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්සවහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!)
** භෝජනං පරිකප්පිතං කියාද කියති.. මේ ගැන මෙතැනින් විමසා බලන්න:

* මල් පූජාව

පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤෙන මෙතෙන ලභාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉධංමෙ
කායො තථා යාති විනාස භාවං

වර්‍ණ ගන්ධ ගුණෝපෙතං
එතං කුසුම සන්තතිං
පූජයාමි මුණින් දස්ස
සිරිපාද සරෝරුහෙ
(අර්ථය: පැහැය සුවඳ ගුණය යන ස්වභාවවලින් යුක්ත මෙම මල් රැස මුනිඳුන්ගේ සිරිපා පියුම මත පූජා කරමි.)

* සුවඳ පූජාව

සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනා හං ගන්ධෙන - පූජයාමී තථාගත

* පහන් පූජාව

ඝණසාරප්-පදිත්තේන
දීපෙන තම ධං සිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමී තමෝනුදං

[සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං
පානීයමේතං භගවා පතිගණ්හාතු උත්තම]

ඉහත කී සියළු පූජාවන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට ම පූජා වේවා යැයි සිතා ශ්‍රද්ධාවෙන් පූජා කිරීම ඉතාම වැදගත් බව මතක තබා ගන්න.

* තුන් සූත්‍රය

මීලඟට ඔබ තුන් සූත්‍රය වත් කියන්නේ නම් නම් මැනැවි.
(එහෙත් උදෑසන රැකියාවට පාසලට යාමට සූදානම් ව තුන් සූත්‍රය කීමට වෙලාව මදි නම් සවස නිවසට ආ විට එය කරන්නට උත්සාහ කරන්න.)

ඔබ කාර්‍ය බහුල කෙනෙක් නම්, උදෑසන ගාථා සඤ්ඤායනා කර තෙරුවන් නැමැද පැන්, මල්, සුවඳ දුම්, පහන් පූජාවක් වත් කිරීමට වේලාවක් නැත කියා සිතනවා නම්, මෙලෙස අවබෝධ කරගන්න:
"තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේට පූජා වේවා "කිය සිතන් දැගි ශද්ධාවෙන් ඒ පැන්, මල්, සුවඳ දුම්, පහන් පූජාව මල් අසුන මත තබන මොහොතේ ඔබ ඊට අදාල පින කරගත්තේ වෙයි.
ඒ නිසා අඩුම තරමින් එලෙස වත් උදෑසන පූජාවන් සිදු කොට බැතිසිතෙන් තෙරුවන් සරණ ගොස් රැකියාවට පසලට යන්න.

සවස නිවසට ආ පසු නා පිරිසිඳු වී පිළිවෙලට ගාථා සඤ්ඤායනා කරමින් තෙරුවන් සරන යන්න මල් පහන් .. පූජා කරන්න. කාලය මදි යැයි අතපසු කරන්නට එපා.

* මහා මංගල සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ, අථඛො අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කෙවල කප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

තේරුම
1. මා විසින් මේ සූත්‍ර දේශනාව මෙසේ අසන ලදී. එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයේ වැඩ වසන සේක.

එකල්හි වනාහි නාම ග්‍රෝත්‍රයෙන් අප්‍රසිද්ධ වූ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ප්‍රථම යාමය ඉක්ම වූ කල්හි යහපත් ශරීර වර්ණය ඇතිව සියලු ජේතවනය බබුලුවාගෙන යම් තැනෙක්හි බුදුරජාණන් වහන්සේ වසන සේක් ද එතැනට එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ ඒ දිව්‍ය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කරුණක් සැලකෙළේ ය.

බහූ දේවා මනුස්සා ච
මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්‍ථානං
බ්‍රෑහි මංගල මුත්තමං

2. තේරුම
දෙලොව යහපත කැමති දෙවියෝ ද මනුෂ්‍යයෝ ද මංගල කාරණයන් සිතූහ. එම දෙව්මිනිසුනට අනුකම්පාවෙන් හිතසුව ඵලවන මංගලයන් දේශනා කළ මැනවි.

අසෙවනා ච බාලානං
පණ්ඩිතානඤ්ච සෙවනා
පූජා ච පූජනීයානං
එතං මංගල මුත්තමං

3. තේරුම
අනුවණ බාලයන් සේවනය නොකිරීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, බුද්ධාදී පිදිය යුත්තන්පිදීම ද දෙලොව දියුණුව ගෙන දෙන කරුණු ය.

පතිරූප දේස වාසො ච
පුබ්බේ ච කත පුඤ්ඤතා
අත්ත සම්මා පණීධි ච
එතං මංගල මුත්තමං

4. තේරුම
සුදුසු පෙදෙසක විසීම ද, පෙර කළ පින් ඇති බව ද, සිත මනාව පිහිටුවීම ද, උතුම් මංගල කරුණු ය.

බාහු සච්චං ච සිප්පං ච
විනයො ච සුසික්ඛිතො
සුභාසිතා ච යා වාචා
එතං මංගල මුත්තමං

5. තේරුම
බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්ප දැනීම ද, මනා හික්මවීම ද, සුභාෂිත වචන බිණීම ද යන මේ කාරණා උතුම් මංගල කරුණු ය.

මාතා පිතු උපට්ඨානං
පුත්තදාරස්ස සංගහො
අනාකුලා ච කම්මන්තා
එතං මංගල මුත්තමං

6. තේරුම
මවුපියනට උවටැන් කිරීම ද, අඹුදරුවනට සංග්‍රහ කිරීම ද, නිරවුල් කර්මාන්ත ද යන මේ කාරණා උතුම් මඟුල් ය.

දානං ච ධම්මචරියා ච
ඤාතකානඤ්ච සංගහො
අනවජ්ජානි කම්මානි
එතං මංගල මුත්තමං

7. තේරුම
දන්දීම ද, දස කුසල්හි හැසිරීම ද නෑයනට සංග්‍රහ කිරීම ද නිරවුල් කර්මාන්ත ද යන මේ කාරාණා උතුම් මඟුල් ය.

ආරති විරති පාපා
මජ්ජපානා ච සඤ්ඤමො
අප්පමාදො ච ධම්මෙසු
එතං මංගල මුත්තමං

8. තේරුම
පාපයෙහි නො ඇල්ම ද, අකුසලයෙන් වෙන්වීම ද, මත් පැනින් වැළකීම ද, හැම කුසල් දහම්හි පමා නොවීම ද උතුම් මඟුල් ය.

ගාරවො ච නිවාතො ච
සන්තුට්ඨි ච කතඤ්ඤුතා
කාලේන ධම්ම සවනං
එතං මංගල මුත්තමං

9. තේරුම
ගරුකළ යුත්තනට ගරු කිරීමද, යටහත් පහත් බව ද, ලද දෙයින් සතුටු වීම ද, කළගුණ සැළකීම ද සුදුසු කල්හි දහම් ඇසීම ද උතුම් මඟුල් ය.

ඛන්තී ච සොවචස්සතා
සමණානං ච දස්සනං
කාලෙන ධම්ම සාකච්ඡා
එතං මංගල මුත්තමං

10. තේරුම
ඉවසීම ද, කීකරු බව ද, ශ්‍රමණයන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාව ද උතුම් මඟුල් ය.

තපො ච බ්‍රහ්ම චරියඤ්ච
අරියසච්චාන දස්සනං
නිබ්බාණ සච්ඡි කිරියා ච
එතං මංගල මුත්තමං

11. තේරුම
තපස ද, උතුම් හැසිරීම ද, සිවුසස් දැකීම ද, නිවන් අවබෝධකර ගැනීම ද උතුම් මඟුල් ය.

ඵුට්ඨස්ස ලෝක ධම්මෙහි
චිත්තං යස්ස න කම්පති
අසොකං විරජං ඛෙමං
එතං මංගල මුත්තමං

12. තේරුම
අටලෝ දහමින් සිත කම්පා නොවේද, ශෝක රහිත ද, රාගාදී කෙලෙස් දූලි නැත් ද, බිය රහිත ද මේ උතුම් මඟුල් ය.

ඵතාදිසානි කත්වාන
සබ්බත්ථ මපරාජිතා
සබ්බත්‍ථ සොත්ථිං ගච්ඡන්ති
තං තෙසං මංගල මුත්තමන්ති.

මහා මංගල සූත්‍රය (ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ ) මේ මහඟු ග්‍රන්ථය කියවා අවබෝධයෙන් මේ සූත්‍රය සඤ්ඤායනා කරන්න.

* රතන සූත්‍රය

යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
සබ්බේ ව භූතා සුමනා භවන්තු
අථොපි සක්කච්ච සුනන්තු භාසිතං

තේරුම
1. භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් මනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහු වෙත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත් වා. තව ද මාගේ වචනය මනාකොට අසත්වා.

තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා

තේරුම
2. අමනුෂ්‍යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු.

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

3. තේරුම
මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත්වේවා.

ඛයං විරාගං අමතං පණීතං
යදජ්ක්‍ධගා සක්‍ය මුනී සමාහිතො
න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

4. තේරුම
ආය¸මාර්ග සමාධියෙන් සුපිහිටි සිත් ඇති ශාක්‍ය කුලයෙහි උපන් මුනි තෙම රාගාදීන් ක්‍ෂයවන්නා වූ රාගාදියෙන් වෙන් වූ ප්‍රණීත යම් නිවනක් නුවණින් අවබෝධ කළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤ මාහු
සමාධිනාතෙන සමොන විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු

5. තේරුම
බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ඉතා පිරිසිදු යමක් ප්‍රශංසා කොට ප්‍රකාශ කෙළේ ද? එය ආනන්තරික සමාධියයි කියති. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති
තෙ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
එතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

6. තේරුම
බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ටාර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත්ද, පසස්නා ලද යම් එක් සිය අටක් ආර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු යුග සතරක් වෙති. බුදුන් ගේ ශ්‍රාවක වූ ඒ ආය¸ පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්නභාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන
නික්කාමිනො ගොතම සාසනම්හි
තෙ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු

7. තේරුම
යම් රහත් කෙනෙක් ගෞතම ශාසනයෙහි මනා කොට යෙදුනාහු ස්ථිර සිතින් සියලු කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද, ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය නොමිලයේ ලැබ අනුභව කරන්නාහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යථින්ද ඛීලො පඨවිංසිතො සියා
චතුබ්භිවාතෙහි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි
යො අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

8. තේරුම
ඉන්ද්‍රඛීල නම් වූ කණුව යම්සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දිගින් හමන සුලඟින් සොලවාලිය නොහැකි වන්නේ ද? යමෙක් ආය¸ සත්‍යයෙන් නුවණින් බැස දකී නම් ඒ සත් පුරුෂයා එබඳු ඉන්ද්‍රඛීලය හා සමාන කොට කියමි. මෙය සංඝයා කෙරෙහි ප්‍රණීත රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

යෙ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා
න තෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

9. තේරුම
යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආය¸ සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද? ඔවුහු කිසිසේත් බොහෝ සේ පමාවූවෝ වෙත්ද,ඔවුහු අටවන භවයක් නම් නො ගනිති. මෙය ද සඞඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

සහාවස්ස දස්සන සම්පදාය
තයස්සුධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායෙහිච විප්පමුත්තො
චඡාභිඨානානි අභබ්බොකාතුං
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

10. තේරුම
දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාවද යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු වෙති. හේ සතර අපායෙන් මිදුනේ ද වේ. පඤ්චානන්තරිය කර්ම හා අන්‍ය ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ.මෙය සංඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං
කායෙන වාචා උද චෙතසා වා
අභබ්බො සො තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

11. තේරුම
ඒ සෝවාන් පුද්ගල තෙමේ තිදොරින් යම් පවක් කෙරේද? හෙතෙම එය සඟවාලීමට නො හැකි වෙයි. නිවන් දුටුවහු ගේ පව් සැඟවීමේ නො හැකි බව සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදෙසයි
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
ඒතෙන සච්චේන සුවත්ථි හොතු

12. තේරුම
ගී‍්‍රෂ්ම ඍතුවෙ පළමු වන බක් මසෙහි රුක් ලැහැබ් යම්සේ පිපුණු අග ඇත්තේ වේ ද? බුදුරජ තෙම එබඳු උපමා ඇති නිවනට පමුණුවන උතුම් ධර්මයක් පරම හිත පිණිස දෙසී ය.මෙය බුදුරදුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයකි. මෙම සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වරො වරඤ්ඤු වරදො වරාහරො
අනුත්තරො ධම්මවරං අදෙසයි
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

13. තේරුම
උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්‍රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

14. තේරුම
යම් කෙනෙකුගේ පුරාණ කර්ම ගෙවී ගියේ ද, පහළ වන අළුත් කර්මයකුත් නැත් ද, මතු භවයෙහි නො ඇලුණූ සිත් ඇති ක්‍ෂය කළ ප්‍රතිසන්ධී විඥාන බීජ ඇති වැඩෙන ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හොතු

15. තේරුම
පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත්ද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදනලද බුදුරදුන් වඳිමු. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හොතු

16. තේරුම
පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත් ද? ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත දේශිත ධර්මය වඳිමු.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
ථාගතං දෙව මනුස්ස පූජිතං
සඞඝං නමස්සාම සුවත්ථි හොතු

17. තේරුම
පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් ;ම තැන්හි රැස්ව සිටිත් ද, ඒ අපි දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්‍රාවක සඞඝයා වහන්සේ වඳිමු.

15,16,17 ශක්‍රදේවේන්ද්‍රයා විසින් කියන ලද ගාථා තුනකි. විශාලා මහනුවර තුන් බිය දුරු කිරීම පිණිස රතන සූත්‍රය දෙසන ලදී.උදේ සවස උවදුරු දුරු කර ගැනීම සඳහා භාවිතා කළයුතු උතුම් සෙත් පිරිතකි

රතන සූත්‍රය (ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ ) මේ මහඟු ග්‍රන්ථය කියවා අවබෝධයෙන් මේ සූත්‍රය සඤ්ඤායනා කරන්න.

කරණීය මෙත්ත සූත්‍රය

කරණීය මත්‍ථ කුසලෙන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානි

1. තේරුම
ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.

සන්තුස්සකො ච සුභරො ච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියො ච නිපකො ච
අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

2. තේරුම
සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.

නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
සුඛිනො වා ඛෙමිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

3. තේරුම
යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.

යෙ කෙචි පාණ භූතත්ථි
තසා වා ථාවරා වා අනවසෙසා
දීඝා වා යෙ මහන්තා වා
මජ්ඣිමා රස්සඛාණුකථූලා

4. තේරුම
කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?

දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
යෙච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

5. තේරුම
තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද?

නපරො පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

6. තේරුම
අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.

මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයෙ අපරිමානං

7. තේරුම
යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය.

මෙත්තං ච සබ්බලොකස්මිං
මානසං භාවයෙ අපරිමානං
උද්ධං අධො ච තිරියඤ්ච
අසම්බාධං අවෙරං අසපත්තං

8. තේරුම
පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය.

තිට්ඨං චරං නිසින්නෝ වා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

9. තේරුම
සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය.

දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො
කාමෙසු විනෙය්‍ය ගෙධං
නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

10. තේරුම
මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය

කරණීය මෙත්ත සූත්‍රය (ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ ) මේ මහඟු ග්‍රන්ථය කියවා අවබෝධයෙන් මේ සූත්‍රය සඤ්ඤායනා කරන්න.

තුන් සූත්‍රය සඤ්ඤායනා කිරීමේදී නිවැරදිව උච්චාරණය ඉතාම වැදගත් වේ. ඒ ගැන සැලකිළිමත් වන්න.
ආර්‍ය උපවාදයන් ට තෙරුවන් කමා කර ගැනීම

අනන්ත සසරේ ඉපිද මැරෙමින් අප එන මේ ගමනේදී බුදුරජණන්වහන්සේ කෙනෙකුන් හට, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්හට, ධර්ම රත්නයට හෝ, සෝවාන් මාර්ග, ඵලලාභී , සකදාගාමී, මාර්ග ඵල ලාභී, අනාගාමී මාර්ග ඵල ලාභී, අරහත් මාර්ග ඵල ලාභී වශයෙන් ද, නැවත ඒ ඒ මඟ ඵල ලාභයට පිළිපන් ලෙසද වන ආර්‍ය පුද්ගලයන් වහන්සේ ලාට අප සිතෙන්, කයින් වචනයෙන් යම් උපහාසයක්, අපහාසයක්, කරදරයක්, දෝශාරෝපණයක් කරගත්තේ නම් ඒ ආර්‍ය උපවාද අකුසලයකි. මහා සාවද්‍ය අකුසල කර්ම වන මේවා භයානක විපාක දෙන අකුසල කර්මයන් බව දන්නේ ටික දෙනෙකි. ඒ නිසා වර්ථමානයේද ජනයා මේ අකුසල කර්මය සිදුකරගනිති. ඒ නිසා ආර්‍ය උපවාදයන් ගෙන් සිත, කය, වචනය වලක්වා ගැනීම මෙන්ම සෙර සසරේ කරගත් ආර්‍ය උපවාදයනට සමාව ගැනීමද ඉතා වැදගත් ය.

ඉතසිතින් , දැඩි උවමනාවෙන්, මෙලෙස මෙනෙහි කරන්න:
අනන්ත සසරේ මගේ සිතෙන් කයින් වචනයෙන් කුමන හෝ දොසක්, හිරිහැරයක්, කරදරයක්, අවමානයක්, අපහාසයක්, යනාදි උපවාදයක් බුදු රජාණන්වහන්සේට හෝ ධර්ම රත්නයට හෝ, අටවැදෑරුම් ආර්‍ය පුද්ගලයන් ට හෝ සිදු වුනි නම් මට එවාට සමාව ලැබේවා, දෙවනුවද සමාව ලැබේවා, තෙවනුවද සමාව ලැබේවා, අනන්ත වාරයක් මට සමාව ලැබේවා. මතු සසරේ දීත් මගේ සිතෙන් කයින් වචනයෙන් ආර්‍ය උපවාද සිදු නොවේවා. මගේ ශීල සමාධි ප්‍රඥා වැඩී මේ උපවාද වලින් මා මිදේවා
ලෙසින් අධිශ්ඨාන කරන්න. මහත් ඕනෑකමින් බැති සිතෙන් අදිටන් කරන්න.

කායෙන වාචා චිත්තේන - පමාදේන මයා කථං
අච්චයංකම මේ භන්තේ - භූරී පඤ්ඤ තථාගතං
අච්චයංකම මේ ධම්ම - සන්දිට්ඨික අකාලික
අච්චයංකම මේ සංඝ - සුපටිපන්න අනුත්තර

බුද්ධ රත්නයට , ධර්ම රත්නයට, සංඝ රත්නයට මාගේ කයෙන් වචනයෙන්, සිතෙන් කිසියම් වරදක් සිදු වූවා නම් මා කෙරෙහි අනුකම්පාවෙන් සමාවන සේක්වා! යි කියා සමාව ගත යුතුයි.

* පින් අනුමෝදන් කිරීම

නිවැරදි අවබෝධයෙන් තෙරුවන් නැමදීමෙන්, බුදුපියාණන් වහන්සේට ආහාර, පැන් මල්, සුවඳ, පහන් පූජාවෙන් ඔබ දැන් බොහෝ පින් රැස් කර ගත්තා. මීලඟට අපි ඒ රැස් කරගත් පින් මෙන් ම මේ අනන්ත සසරේ ඔබ රැස්කර ගත් සියළු පින් සම්භාරයත් අනුමෝදන් කරමු.
(බය වෙන්න එපා, ඒ පින් දුන්නා කියා ඔබේ පින් අඩුවෙන්නේ නෑ. පත්තානුමෝදනාපින නිසා තවත් වැඩි වෙනවා. නිතර මෙනෙහි කිරීම නිසා බල-ගැන්වෙනවා )

පුහුදුන් අය ලෙස සසර ගමන පටන් ගත් තැන මෙන්ම සසර කෙළවරක් ද අප නොදන්නෙමු. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලයෙහි නිවනට සපැමිණීම අපගේ ද ඒකායන පැතුම විය යුතුය.

බෝධිසත්වයන් වහන්සේලාට

නිවන් දකින්නට හැකියාව තිබියදීත් සියලු සත්වග කෙරෙහි මහා අනුකම්පාවෙන්, මහා කරුණාවෙන් මතුබුදුබව පතන්නාවූ සියළු බෝධිසත්වයන් වහන්සේලාට අප මුලින්ම ඒ පින්පෙත් අනුමෝදන් කරමු.
"අනන්ත සසරේ දුක් විඳිනා අසරණ අප කෙරෙහි පතල මහා කරුණාවෙන් මතු ලොව්තුරා බුදුවන්නට පෙරුම් පුරන්නාවූ උත්තම බෝධිසත්වයන් වහන්සේලාට මාගේ මේ සියළු පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ පාරමිතාවන් ඉෂ්ඨ සිද්ධ වේවා"
ලෙස අධිශ්ඨාන කරන්න.

* දෙවි දේවතාවන් වහන්සේලාට
ශ්‍රී සම්බුධ ශාසනයත් ශ්‍රී සද්ධර්මයත් තිලෝ වැසි අප වත් ආරක්ෂා කරන්නාවූ දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු:

ආකාසට්ඨා ච භුම්මට්ඨා
දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා
චිරං රක්‍ඛන්තු සාසනං

ආකාසට්ඨා ච භුම්මට්ඨා
දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා
චිරං රක්‍ඛන්තු දේසනං

ආකාසට්ඨා ච භුම්මට්ඨා
දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා
චිරං රක්‍ඛන්තු මං පරං

(අර්ථය: අහසෙහි පොළොවෙහි වාසය කරන මහා තේජසක් ඇති දෙවියන් මේ පින අනුමෝදන් වී ශාසනය (දේශනය/ මා හා අනුන්) බොහෝ කාලයක් ආ

Address

Kotapola
Kotapola South
81480

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94412271257

Website

Alerts

Be the first to know and let us send you an email when E2 lucky spin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share