Dippitigoda Roman Catholic Church

Dippitigoda Roman Catholic Church Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dippitigoda Roman Catholic Church, Religious organisation, Dippitigoda, Kelaniya.

25/08/2026

අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු 25වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ලුවී මුනිඳුන් ගැන කතා කරමු.

ලුවී උපත ලබන්නේ වර්ෂ 1214 අප්‍රියෙල් 25 වන දින පැරිසිය ආසන්නයේ පොයිසි නම් ග්‍රාමයේ ලුවී ලියෝන් සහ කැස්ටිල්හි බ්ලැන්චේ යන දෙපළට දාවය. ප්‍රංශයේ දෙවන පිලිප් රජු ඔහුගේ පියාගේ පෙළපතෙන් වූ අතර අටවන අල්ෆෝන්සෝ රජු මවගේ පරපුරෙන් විය.

1226 නොවැම්බර් 8 වන දින ඔහුගේ පියා මිය යන විට ලුවීට වයස අවුරුදු 12 කි. මාසයක් ඇතුළත දී රීම්ස් ආසන දෙව්මැදුරේදී ඔහුව රජකමට පත් කෙරිණ. ලුවී තම යොවුන් වියෙහි සිටි නිසා ඔහුගේ මව ප්‍රංශය පාලනය කළේය. ලුවීගේ මව ඔහුව ශ්‍රේෂ්ඨ නායකයෙකු හා හොඳ කිතුනුවකු වීමට පුහුණු කළාය. 1252 වසරේ ඇය මිය යන තුරුම තම පුතු හට රජකම හොඳින් ඉටු කිරීමට පිටුවහලක් විය.

1234 මැයි 27 වන දින ලුවී ප්‍රොවෙන්ස් හී මාග්‍රට් යන අය විවාහ කර ගත්තේ. ඇය ද දහම ට ඉතා ලැදි තැනැත්තියක වූ බැවින් ඔවුන් ඉතා ප්‍රිතිමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කළහ. දරුවන් 11 දෙනෙකුගේ පියෙකු වූ ලුවී දැඩි කතෝලික භක්තිකයකු විය. දිළිඳු අය කෙරෙහි මහත් වූ ලෙන්ගතුකමක් දැක්වූ එතුමන් ඔවුනට ආහාර පාන ලබා දී රැකබලා ගත් අතර රෝහල් හා නිවාස බොහෝමයක් ඉදිකිරීමට කටයුතු කළේ ය.

ශුද්ධ වූ සභාව කෙරෙහි ද ඔහු තුළ වූයේ මහත් වූ භක්තියකි. 1250 ඇතිවූ කුරුස යුද්ධයේ දී ඔහු සිරගත විය. එහි දී දිනපතා යාම යැදුම කිරීම පුරුද්දක් කරගෙන කරගෙන සිටි ඔහු නිදහස ලැබූ විට ප්‍රංශය බලා යාමට පෙර ශුද්ධ වූ දේශයට යාමට අමතක නොකළේය. ප්‍රංශය සහ වතිකානුව අතර ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් ඔහුගේ පාලන සමයේ පැවතුණි.

දෙවන කුරුස යුද්ධය පවතින අතරතුර 1270 වසරේ අගෝස්තු 25 වන දින මුහුණ දුන් වසංගත රෝගී තත්ත්වයක් නිසා උතුරු අප්‍රිකාවේ ටූනස් හී දී මරණයට පත්විය.




'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

https://youtu.be/J8Cb0ar2JbA?si=X67Bm81yk0qbJhA8අගෝස්තු 25, සාමාන්‍ය සමය විසිඑක්වන සතිය..පලමු දේව ප්‍රකාශකනය 2 කොලොස්සි ...
25/08/2026

https://youtu.be/J8Cb0ar2JbA?si=X67Bm81yk0qbJhA8
අගෝස්තු 25, සාමාන්‍ය සමය විසිඑක්වන සතිය..පලමු දේව ප්‍රකාශකනය 2 කොලොස්සි 2:1-3,14-17..
ශු.සුපුවත මතෙව් 23:23-26..
”විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ සුවඳතලා, ශතපුෂ්ප, සුදුදුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්නහු ය. එහෙත්, යුක්තිය ද දයාව ද ඇදහිල්ල ද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්නහු ය. ඒවාත් පැහැර නොහැර, මේවාත් පිළිපැදිය යුතු ව තිබිණි. 24 අන්ධ මාර්ගෝපදේශකයෙනි, ඔබ කෝඳුරුවා පෙරාදමා ඔටුවා ගිල දමන්නහු ය.
25 ”විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ කෝප්පය සහ පිඟාන පිටතින් පවිත්‍ර කරන්නහු ය. එහෙත්, ඇතුළත බලහත්කාරකමෙනුත්, තෘෂ්ණාවෙනුත් පිරී තිබේ. 26 අන්ධ පරිසිවරය, කෝප්පයත් පිඟානත් පිටතින් පවිත්‍ර වන පිණිස පළමුකොට ඒවා ඇතුළත පවිත්‍ර කරන්න.

AVE MARIA Ada Supuwatha

පලමු දේව ප්‍රකාශකනය එළිදරව්ව 21:9-14..ශු.සුපුවත ජොහාන් 1:45-51..45...

25/08/2026
25/08/2026

රජයට පවරාගත් පාසල් පිළිබඳව ජෝසප් ස්ටාලින් මහතාගේ ප්‍රකාශය සාවද්‍යයි: ගරු ගැමුණු ඩයස් පියතුමා.
ආගමික අනන්‍යතාවයට සහ ආගම් අතර සමගියට බාධා ප්‍රමුඛවන ආකාරයට ඉකුත්ව ප්‍රකාශයක් ඉදිරිපත් කළ ජෝසප් ස්ටාලින් නමැත්තාගේ ප්‍රකාශයට පැහැදිලි කිරීමක් මෙලෙස ඉදිරිපත් කරමි.
ඔහුගෙ අදහස් දක්වීමට අනුව පාසල් රජයට පවරා ගැනීමෙන් අනතුරුව ආගමික පාසල් ලෙස පාසල් වර්ගීකරණයක් සිදුකර නොමැති බවත් සියලු පාසල් රජයේ පාසල් බවත් ප්‍රකාශ කරයි.
රජයේ පාසල් සහ රජයට පවරා ගත් පාසල් අතර විශාල වෙනසක් ඇති බව දක්වීමට පහත සඳහන් කරුණු ඉදිරිපත් කරමි.
1939 අංක 31 දරණ අධ්‍යාපන ආඥා පනත රජයේ පාසල් යනු කවරේද යන්න අර්ථ කථනය කරයි. එම ආඥා පනතට අනුව රජයේ පාසල් යනු රජයේ වියදමින් ආරම්භ කර රජයේ වියදමින් පවත්වාගෙන යන රජය සතු දේපලකි.
එහෙත් රජය විසින් 1960 අංක 05 සහ 1961 අංක 08 දරණ පාර්ලිමේන්තු පනත් මගින් රජයට පවරා ගන්නා ලද සියලු ආගම් වලට අයත් පාසල් රජයේ ඉඩමක රජයේ වියදමින් ආරම්භ කළ පාසල් නොවේ.
එම දේපල වල අයිතිය මුල් හිමිකරුවන් සතුවන අතර එම පාසල් ආරම්භ කිරීමට මුදල් වියදම් කර ඇත්තේ ද ඒ ඒ ආගම විසින්ය. මේ අනුව රජයට පවරාගත් පාසල් රජයේ පාසල් නොවන බව ශ්‍රී ලාංකික නීති රාමුව විසින් පිළිගෙන ඇත.
පනතේ විධිවිධාන අනුව පාසල් පරිපාලනය පමණක් රජය සතු වන අතර පාසලේ මුල් හිමිකරු, ඉඩමේ සහ ගොඩනැගිලි වල නීත්‍යානුකූල හිමිකරු ලෙස අදටත් කටයුතු කරනු ඇත.
පාසලේ මුල් හිමිකරු, ඉඩමේ සහ ගොඩනැගිලි වල නීත්‍යානුකූල හිමිකරු ලෙස දිගටම කටයුතු කරන බව 1960 නොවැම්බර් 20 දින අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එල්. ද සිල්වා මහතා නිකුත් කළ නීති රීති මාලාව 7 (ඉ) වගන්තියෙන් සනාථ කර ඇත.
රජය විසින් පාසල් පවරා ගැනීමට පෙර ගුරුවරුන්ගේ හෝ අනෙක් සේවකයන්ගේ පදිංචි නිවාස වෙනුවෙන් අයිතිකරු විසින් කුලියක් අය කර තිබුනේ නම් එය වෙනසක් නොකර අය කර ගැනීමට (නීති රීති මාලාව 7 (ඊ)) වගන්තියෙන් ඉඩදී ඇත.
1960 ඔක්තෝබර් 24 හැන්සාඩ් වාර්තාව පිටු අංක 1594 සහ 1961 අංක 08 දරණ පනතේ 7 (2) වගන්තියෙන් මුල් හිමිකරුගේ ආගමික අනන්‍යතාවයට හානි නොකරන බව සහතික කර, අධ්‍යක්ෂවරයාගේ කළමනාකරණය යටතේ පාසල්වලට අතීතයේ තිබූ ආගමික පරිසරයම දිගටම පවතිනු ඇති බව ද, කිසිදු වෙනසක් සිදු නොවන බව සහතික කර ඇත.
පාසල වැඩි ළමා අවස්ථාවේදී පනතේ 10 වන වගන්තියට අනුව පාසල පවත්වාගෙන ගිය භූමිය සහ ගොඩනැගිලි මුල් අයිතිකරුට ආපසු ලබා දීමට නියම කර ඇත.
සිසුන්ගේ ආගමික ප්‍රතිශතය වෙනසක් නොකර පවත්වාගෙන යාමට නීති සකස් කර ඇති අතර එය අදාල පක්ෂයෙන් පවරා ගත් පාසල්වලට පමණි. එම නීතිය එලෙසම රැකිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දූ මගින් සනාථ කර ඇත.
පවරා ගත් පාසල්වල ඉඩම් මැන ඔප්පුවක් මගින් හෝ ඉඩම් ලියා පදිංචි කරන කාර්යාලයේ, රජයට අයිති බවට ලියා පදිංචි කර නැති අතර අදටත් මෙම ඉඩම්වල අයිතිය සහ අයිතිය මුල්හිමිකරු සතුව ඇත.
1582/ඉ කෑගල්ල මහාධිකරණය නඩු තීන්දුවෙන් ප්‍රාදේශීය ලේකම්ට මෙම ඉඩම්වල අයිතියක් හෝ බලයක් නොමැති බවට තීන්දු කර ඇත්තේ එම දේපල පිළිබඳ කිසිදු බලයක් රජය සතු නොවන නිසාය.
භූමිය සහ දේපලවල යම් වෙනසක් සිදුවන්නේ නම් ඒ සඳහා මුල් හිමිකරුගේ අවසරය ලැබිය යුතු බව රජය විසින් පිළිගෙන ඇත.
මුස්ලිම් පාසල් වෙනුවෙන් වෙනම අංශයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇත්තේ ඒ ඒ ආගමික පාසල්වල ආගමික අනන්‍යතාවය සහ සංස්කෘතික වටිනාකම් සුරැකීමටය. ආගමික පාසල් සංකල්පය රජය විසින් පිළිගන්නා බවට එය කදිම උදාහරණයකි.
රජයට පවරා ගත් ආනන්ද, නාලන්ද, මහානාම, විශාඛා වැනි ශ්‍රේෂ්ඨ බෞද්ධ පාසල් බෞද්ධ ආගමික අධ්‍යාපනය උදෙසා අදටත් විශාල මෙහෙවරක් මේ රටේ බෞද්ධ ජනතාව උදෙසා කරනු ලබයි.
එම පාසල්වල ආගමික අනන්‍යතාවයට හානි කිරීම හෝ වෙනත් ආගමික විදුහල්පතිවරුන් පත් කිරීම අපි කිසිසේත් අනුමත නොකරමු.
එම පාසල්වල ජීවනාලිය බෞද්ධ සංස්කෘතික පසුබිම වන අතර හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම්වලට අයත් රජයට පවරා ගත් පාසල් එම ආගමික සංස්කෘතික පසුබිම තුළ ක්‍රියාත්මක කිරීම මේ රටේ සියලුම පුරවැසියන්ගේ කැමැත්තයි.
මෙරට නීතිය විසින් ආගමික පාසල් සංකල්පය පිළිගෙන එයට ගරු කරන බැවින් නිරාගමිකයයි සිතිය හැකි පුද්ගලයින් ආගමික අනන්‍යතාවය පිළිබඳව සංවේදීව සාවද්‍ය කරුණු ඉදිරිපත් කරද්දී ඒවාට අහුමකන් දිය යුතුද නැද්ද යන්න මෙරට ජීවත් වන සුවහසක් බුද්ධිමත් ජනතාව තීරණය කරනු ඇත.
ගරු ගැමුණු ඩයස් පියතුමා
ජාතික හා අගරදගුරු පදවි කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂ

අගරදගුරු පදවි කතෝලික අධ්‍යාපන පිටුව ඇසුරිනි.


25/08/2026

තවත් අයෙකුව තුවාල කිරීමෙන්
කිසිවෙකුට තමාව සුවකර ගත නොහැකිය..🙏 📖

21/08/2026
https://youtu.be/7LAVRiKY4j0?si=U9LHES8k0dham19bඅගෝ 21, සාමාන්‍ය සමය විසිවන සතිය..පලමු දේව ප්‍රකාශකනය එසකියෙල් 37:1-14.....
21/08/2026

https://youtu.be/7LAVRiKY4j0?si=U9LHES8k0dham19b
අගෝ 21, සාමාන්‍ය සමය විසිවන සතිය..පලමු දේව ප්‍රකාශකනය එසකියෙල් 37:1-14..
ශු සුපුවත මතෙව් 22:34-40..
34 උන් වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ බව අසා පරිසිවරු එක්රැස් වූ හ. 35 ඔවුන් අතරෙන් විනයධරයෙක් උන් වහන්සේ පරීක්ෂා කරමින්, 36 ”ගුරුදේවයිනි, ව්‍යවස්ථාවලියෙහි ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ”යි ඇසී ය. 37 උන් වහන්සේ ඔහුට කතා කොට, ” ‘නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු සිතින් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.’ 38 මෙය ශ්‍රේෂ්ඨතම පළමු වන ආඥාව ය. 39 දෙ වන ආඥාව ද එයට සමාන ය. එනම්, ‘නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යනුයි. 40 මුළු ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය රඳා ඇත්තේ මේ ආඥා දෙක මත ය”යි වදාළ සේක.

ඉදිරිපත් කිරිම AVE MARIA Ada Supuwatha

..පලමු දේව ප්‍රකාශකනය එසකියෙල් 37:1-14..ශු සුපුවත මතෙව් 22:34-40.....

Address

Dippitigoda
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Dippitigoda Roman Catholic Church posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share