Niwemu නි වෙ මු

Niwemu  නි වෙ මු දැවෙන හද නිවන තැන - Niwemu නිවෙමු
█║█║█║

*චක්ක වරංකිත රත්ත සුපාදෝ උතුම් චක්‍ර ලක්ෂණයෙන් සලකුණු වූ රතු පැහැති සුන්දර පාද ඇත්තේය.*ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී මහා පුරුෂ ...
29/05/2026

*චක්ක වරංකිත රත්ත සුපාදෝ උතුම් චක්‍ර ලක්ෂණයෙන් සලකුණු වූ රතු පැහැති සුන්දර පාද ඇත්තේය.
*ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අලංකාර වූ දිගු විලුඹක් ඇත්තේය.
*චාමර ඡත්ත විභූසිත පාදෝ චාමර සහ ඡත්‍ර ලකුණින් සරසන ලද පාද ඇත්තේය.
*ඒසහි තුය්හ පිතා නරසීහෝ පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය.

*සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ ඔහු ශාක්‍ය කුලයේ උපන් ඉතා සියුමැලි වූ උතුම් කුමාරයෙකි.
*ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් විහිදුණු පරිපූර්ණ ශරීරයක් ඇත්තේය.
*ලෝක හිතාය ගතෝ නරවීරෝ ලෝකයාගේ යහපත උදෙසා ගමන් කරන ඒ නරවීරයාණෝය.
*ඒසහි තුය්හ පිතා නරසීහෝ පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය.

*පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ පුර හඳක් මෙන් බැබළෙන පැහැපත් මුහුණක් ඇත්තේය.
*දේව නරාන පියෝ නරනාගෝ දෙවියන්ට සහ මිනිසුන්ට ප්‍රිය වූ ඒ නරනාගයාණෝය.
*මත්ත ගජින්ද විලාසිත ගාමී මත් වූ ඇත් රජෙකුගේ ලීලාවෙන් ගමන් කරන්නේය.
*ඒසහි තුය්හ පිතා නරසීහෝ පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය.

*ඛත්තිය සම්භව අග්ග කුලීනෝ ක්ෂත්‍රිය වංශයේ උපන්, අග්‍ර කුලීනයාණෝය.
*දේව මනුස්ස නමස්සිත පාදෝ දෙවියන් හා මිනිසුන් විසින් නමස්කාර කරන ලද පාද ඇත්තේය.
*සීල සමාධි පතිට්ඨිත චිත්තෝ ශීලයේත් සමාධියේත් මනාව පිහිටි සිතක් ඇත්තේය.
*ඒසහි තුය්හ පිතා නරසීහෝ පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය.

*ආයත යුත්ත සුසන්ඨිත නාසෝ දිගු වූ ද, මනාව පිහිටියා වූ ද සුන්දර නාසයක් ඇත්තේය.
*ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ ගවයෙකුගේ මෙන් ඇහිබැමි ඇති, තද නිල් පැහැති සුන්දර නෙත් ඇත්තේය.
*ඉන්දධනූ අභිනීල භමූකෝ දේදුන්නක් සේ වක් වූ තද නිල් පැහැති ඇහිබැමි ඇත්තේය.
*ඒසහි තුය්හ පිතා නරසීහෝ පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය.

*වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ වටකුරු වූ, සිනිඳු වූ, මනාව පිහිටි ගෙලක් ඇත්තේය.
*සීහ හනූ මිග රාජ සරීරෝ සිංහයෙකුගේ වැනි හනු ද, මෘගරාජයෙකු වැනි සිරුරක් ද ඇත්තේය.
*කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ රන්වන් පැහැති ඉතා සිනිඳු සමක් හා උත්තම ශරීර වර්ණයක් ඇත්තේය.
*ඒසහි තුය්හ පිතා නරසීහෝ පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය.

*අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ අඳුනක් වැනි තද නිල් පැහැති සුන්දර කේශකලාපයක් ඇත්තේය.
*කංචන පට්ට විසුද්ධ ලළාටෝ රන් පටියක් සේ බැබළෙන පිරිසිදු නළල් තලයක් ඇත්තේය.
*ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ ඕෂධී තාරකාව මෙන් සුදෝ සුදු පැහැති ඌර්ණ රෝම ධාතුවක් ඇත්තේය.
*ඒසහි තුය්හ පිතා නරසීහෝ පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය.

*සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ සිනිඳු වූ, ඉතා ගැඹුරු වූ, මියුරු වූ හඬක් ඇත්තේය.
*හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ සාදිලිංගම් මෙන් තද රතු පැහැති සුන්දර දිවක් ඇත්තේය.
*වීසති වීසති සේත සුදන්තෝ විස්ස බැගින් යුත් සුදෝ සුදු දත් හතළිහක් ඇත්තේය.
*ඒසහි තුය්හ පිතා නරසීහෝ පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය.

*ගච්ඡති නීල පථේ විය චන්දෝ නිල් අහසේ ගමන් කරන චන්ද්‍රයා මෙන් ගමන් කරන්නේය.
*තාර ගණා පරිවේඨිත රූපෝ තරු කැළ විසින් පිරිවරන ලද රූපයක් ඇත්තේය.
*සාවක මජ්ඣතෝ සමණින්දෝ ශ්‍රාවකයන් මැද වැඩ වසන ඒ ශ්‍රමණේන්ද්‍රයාණෝය.
*ඒසහි තුය්හ පිතා නරසීහෝ පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය.

22/02/2026

Address

Kelaniya
11600

Website

Alerts

Be the first to know and let us send you an email when Niwemu නි වෙ මු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share