Sri Puja Bhanda

Sri Puja Bhanda අටපිරිකර සහ සියළුම පූජා භාණ්ඩ සඳහා විශ්වාසනීය නාමය...

Atapirikara & all Buddhist offering goods..

මංගල නැකැත් මංජුසා  #නැකැත් #මංජුසා #මංගල #සන්නස්
01/05/2026

මංගල නැකැත් මංජුසා

#නැකැත්
#මංජුසා
#මංගල
#සන්නස්

Shout out to my newest followers! Excited to have you onboard! Nayanajith Palliyaguruga, Ruwan Madsanka Madusanka
29/04/2026

Shout out to my newest followers! Excited to have you onboard! Nayanajith Palliyaguruga, Ruwan Madsanka Madusanka

යශෝධරා මහ රහත් තෙරණියඋස 7" #යශෝධරා
20/04/2026

යශෝධරා මහ රහත් තෙරණිය
උස 7"

#යශෝධරා

28/03/2026
නවම් පොහොය දිනයේ වැදගත්කම...බුද්ධ චරිතයේ මෙන්ම ශාසන ඉතිහාසයේත් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් නිසා නවම් පොහොය බෞද්ධ...
01/02/2026

නවම් පොහොය දිනයේ වැදගත්කම...

බුද්ධ චරිතයේ මෙන්ම ශාසන ඉතිහාසයේත් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් නිසා නවම් පොහොය බෞද්ධ අපට අනුස්මරණීය වේ.

ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවීම, එහිදී සැරියුත් හා මුගලන් දෙනම හට බුද්ධ ශාසනයෙහි අගතනතුරු පිරිනැමීම අද වැනි නවම් පුන් පොහෝ දිනක සිදුවිය. එසේම භික්ෂූන් වහන්සේට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමත්, බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීමත් සිද්ධ වූයේ නවම් පුර පසළොස්වක පොහොය දවසකදීය.

ප්‍රථමවරට භික්ෂූ සංඝයා එක් රැස් කොට මහා සංඝ සම්මේලනයක් නවම් පොහොය දින පැවැත්විණි. රජගහ නුවර වේළුවනාරාමය කේන්ද්‍රකරගෙන තුන්බෑජටිල රහතන් වහන්සේ ඇතුළු 1250කට අධික භික්ෂුන් වහන්සේ මේ සඳහා වැඩම කළහ. මෙය මෙතෙක් ලෝකයෙහි ප්‍රථම රහත් සංඝ සන්නිපාතය ලෙස ඉතිහාසගත ව ඇත. සංඝ සන්නිපාතය අවස්ථාවේ දී සැරියුත් මුගලන් දෙනමට සම්බුදු සසුනේ අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම සුවිශේෂී කරුණකි. 1250ක් පමණ වූ රහතන් වහන්සේ මැද වැඩහුන් බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරණුවන් හට දකුණත් සවු වශයෙන් ද, මුගලන් තෙරණුවන් හට වමත් සවු වශයෙන් ද තනතුර පිරිනැමූ සේක. සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ සම්ප්‍රදාය බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙන් පෙන්වා දුන් එක් අවස්ථාවකි.

බුදු දහමේ මූලික දේශනා දෙකකි. ඉන් පළමුවැන්න ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාවයි. දෙවැන්න ආනා දේශනාවයි. ඕවාද ප්‍රාතිමෝක්ෂ යනුවෙන් අදහස් කරන්නේ යම්කිසි අවවාදයක් කිරීමයි. මින් අපේක්ෂා කරන්නේ ස්වයං හික්මීමයි. නැතහොත් තමා විසින් ම තමා හික්මවා ගැනීමයි. ‘ආනා’ දේශනාව යනු අණ කිරීමයි. මෙහිදී ශික්ෂා පද පැනවීම සිදුවිය. විනය රැක ගන්නට මෙය බෙහෙවින් වැදගත් විය. බුදු දහම කෙතරම් විනය ගරුක දර්ශනයක් දැයි මෙයින් පැහැදිලි වෙයි.

බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම නවම් පුර පොහෝ දිනයේ සිදුවූ තවත් සුවිශේෂී වැදගත් සිදුවීමකි.

බුද්ධ ශාසනයෙහි ප්‍රථම විසි වසර තුළ තථාගත බුදුරජාණන් වහන්සේට තම ශ්‍රාවකයන් වහන්සේලාට විනය ශික්ෂා පැනවීමේ කිසිදු අවශ්‍යතාවක් වූයේ නැත. හේතුවක් නැතිව විනය ශික්ෂා පැනවීමක් සිදු නොකළ අතර එම කාලය ක්ලේෂ ධර්ම අඩු අය බහුල වශයෙන් සිටි කාලයක් විය. එනිසා රහතන් වහන්සේ බහුල වූ බව පෙනී යයි.

ඕවාද නම් අවවාද යන අර්ථයයි. ප්‍රාතිමෝක්ෂය නම් භික්ෂූන් වහන්සේගේ විනය නීති මාලාවයි. මෙය සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවකි.

කාශ්‍යප බුදුරදුන්ගේ පරමායුෂ වර්ෂ විසි දහසකි. අප ගෞතම බුදුරදුන්ගේ ආයුෂ අවුරුදු අසූවකි. මෙසේ හෙයින් දීර්ඝායුෂ්ක අල්පායුෂ්ක වශයෙන් ශාසනායුෂවල විවිධත්වයක් ඇති බව සැලකිය යුතු ය. ඕවාද ප්‍රාතිමෝක්ෂය වශයෙන් හඳුන්වනු ලබන ගාථා තුන මෙසේ ය.

"ඛන්ති පරමං තපො තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං විහෙඨයන්තො "

ඉවසීම උතුම් තපසෙක. බුදුවරයෝ නිවන උතුම් දෙයය යි පවසන්නා හ. අනුන්ට හිංසා කරන්නේ පැවිද්දෙක් නො වේ. අනුන්ට හිංසා කරන්නේ ශ්‍ර‍මණයෙක් නොවේ.

"සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං."

සියලු පව් නොකිරීමත්, සියලු කුසල් කිරීමත්, සිත පිරිසුදු කිරීමත් බුදුවරුන්ගේ අනුශාසනාවයි.

"අනුපවාදො අනුපඝාතො
පාතිමොක්ඛෙ ව සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පත්තං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො
එතං බුද්ධාන සාසනං "

අනුන්ට නින්දා නොකිරීම ද, හිංසා නොකිරීම ද, ප්‍රාතිමෝක්ෂ ශීලයෙහි හික්මීම ද, පමණ දැන වැළඳීම ද, ප්‍රාන්ත සේනාසනවල ඇලීම ද, ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල යන උතුම් මිනිස් දහම්හි යෙදීමද යන මේවා බුදුවරුන්ගේ අනුශාසනයයි.

ගිජ්ජකූට පර්වතය අසල පිහිටි සුඛරකථලෙන නම් ස්ථානයේ පදිංචිව සිටිය දීඝනක නම් තවුසාණන්ට බුදුරජාණන් වහන්සේ “වේදනපරිත්ත සූත්‍රය දේශනා කොට වදාළේ නවම් පොහොය දිනකදීය. මේ අවස්ථාවේ දී අප තථාගතයන් වහන්සේ අසල සිටිමින්, උන්වහන්සේගේ ධර්ම දේශනයට සවන් දුන් සැරියුත් හිමිපාණෝ අරහත්ඵලයට පත් වූ සේක.

ලෝවැසි සත්වයා කෙරෙහි ඉතාමත් කරුණාවෙන් යුතුව පන්සාලිස් වසක් තිස්සේ ධර්මදේශනා කළ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියේ ද අද වැනි දිනක ය. ආයු සංස්කාරය හැරීම යනු මෙපමණ කලකින් පිරිනිවන් පාන්නෙමි’යි කාලය සීමා කර ගැනීමයි. බුදුපියාණන් වහන්සේ චාපාල චේතිය සමීපයේ දී අග්‍ර උපස්ථායක ආනන්ද හිමියනට “ආනන්දය, සතර ඍද්ධිපාද වැඩූවකුට කැමැති නම් ආයු කල්පයක් වුව ද, ජීවත් විය හැකි ය. තථාගතයන් වහන්සේ මොනවට සෘද්ධිපාද වඩනා ලද්දාහුය. ඉදින් කැමැති නම් තථාගත තෙමේ කල්පයක් හෝ කල්පාවශේෂයක් වැඩ සිටින්නේ යැයි වදාළ සේක. ආනන්ද හාමුදුරුවෝ නිශ්ශබ්ද වූහ. ඉන් ප්‍රයෝජනගත් මාරයා තථාගත බුදුපියාණන් වහන්සේට පිරිනිවන් පාන්නට ආරාධනා කළේ ය. එය පිළිගත් බුදුරජාණන් වහන්සේ අදින් තෙමසක් ගත වූ තැන පිරිනිවන් පාන බව වදාළ සේක. එකෙණෙහිම මහපොළොව කම්පා විය. පාවා නුවරට වැඩමකොට වදාළ බුදුපියාණන් වහන්සේ ඉන් අනතුරුව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සල් උයනේ දී පිරිනිවන් පා වදාළ සේක.

19/07/2025

Check out Sri Puja’s video.

Address

285, Old Kandy Road, Dalugama
Dalugama
11300

Opening Hours

Monday 07:30 - 20:00
Tuesday 07:30 - 20:00
Wednesday 07:30 - 20:00
Thursday 07:30 - 20:00
Friday 07:30 - 20:00
Saturday 07:30 - 20:00
Sunday 08:00 - 13:00

Telephone

+94775491491

Alerts

Be the first to know and let us send you an email when Sri Puja Bhanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Puja Bhanda:

Share