St. Paul's Church - Waragoda

St. Paul's Church - Waragoda St. Paul's Church Waragoda is a Roman Catholic church located in Kelaniya.

කැළණිය මීසමේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන් ආශිර්වාද කිරීම අගෝස්තු මස 07 වන සිකුරාදා  දිව්‍ය පූජාවෙන් පසු...
09/08/2026

කැළණිය මීසමේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන් ආශිර්වාද කිරීම අගෝස්තු මස 07 වන සිකුරාදා දිව්‍ය පූජාවෙන් පසුව පෑලියගොඩ සාන්ත මරියා දේවස්ථානයේ දී මීසම් සේවක ගරු ජූඩ් ලක්ෂ්මන් පියතුමන් විසින් සිදු කරන ලදි.

මෙහිදී කිතුණු දරුවන් මෙන්ම බොදුනු දරුවන් ද සහභාගි වීම විශේෂත්වයක් වූ අතර ඔවුන් සියලුදෙනා ශ්‍රී කුරුසියෙන් ආශිර්වාද කළ අතර කතෝලික දරුවන් සියලුදෙනා ශුද්ධ වූ තෛලයෙන් ආසිරි ගන්වන ලදී.

2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින අප මීසමේ මෙන්ම ශ්‍රී ලාංකික සියලුම දූ දරුවන්ට දේව ආශිර්වාදය සහ ශුද්ධාත්ම සත් වරම් බහුලව ලැබී මරිමව් රැකවරණය සහ ශුද්ධ වූ පාවුළු මුනිඳුන්ගේ බලවන්ත මධ්‍යස්ථකම බහුලව ලැබී විභාග වැඩකටයුතු සදහා සාර්ථක ව මුහුණ දීමට අවශ්‍ය වරප්‍රසාද නොමදව ලැබේවායි අපි සැම පතමු.

කැලණිය මීසමේ අපේක්ෂකයින් 63 දෙනෙකුට අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තුව දානය කිරීම පෑලියගොඩ සාන්ත මරියා දේවස්ථානයේ දී කොළඹ අගරදග...
08/08/2026

කැලණිය මීසමේ අපේක්ෂකයින් 63 දෙනෙකුට අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තුව දානය කිරීම පෑලියගොඩ සාන්ත මරියා දේවස්ථානයේ දී කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු අති උතුම් ජේ.ඩී. ඇන්තනී රදගුරු හිමිපාණන් විසින් අද (08) සිදු කෙරුණි.

කැලණිය මීසම් සේවක ගරු ජුඩ් ලක්ෂ්මන් පියතුමන් සහ මීසම් සහයක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පියතුමන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත අභිවෘද්ධි ආලේප අපේක්ෂිත දරු දැරියන්ව කැලණිය මීසමේ දහම් පාසල් 4හි ආචාර්ය මණ්ඩලය විසින් සුදානම් කර තිබිණි.

වරාගොඩ සාන්ත පාවුළු දහම් පාසලේ දරු දැරියන් 6 දෙනෙකු මෙහිදී අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තුව ලබාගත් අතර ඔවුන්ගේ ජීවිත සුදතුම් වරමින් පිරී පරිණත කිතුණුවන් ලෙස මුහුණදෙන සියලු අභියෝග වලට නොබියව මුහුණ දීමට අවැසි වරම් ඉල්ලා අපි යාච්ඤා කරමු

කැළණිය මීසමේ අභිවෘද්ධි ආලේපය සක්‍රමේන්තුව දානය කිරීමේ දිව්‍ය යාගය අද දින එනම් අගෝස්‍තු මස 08 වන දින සාර්ථක ලෙස පෑලියගොඩ ...
08/08/2026

කැළණිය මීසමේ අභිවෘද්ධි ආලේපය සක්‍රමේන්තුව දානය කිරීමේ දිව්‍ය යාගය අද දින එනම් අගෝස්‍තු මස 08 වන දින සාර්ථක ලෙස පෑලියගොඩ සා. මරියා දේවස්ථානයේ දී පැවැත්විනි. මෙම මෙහෙය සංවිධානය කර ගැනීම සඳහා මගපෙන්වීම හා අවස්ථාව ලබාදුන් මීසම් සේවක ගරු ජුඩ් ලක්ෂ්මන් පියතුමන්ට ස්තූතිය පුදකර සිටිමු.

එමෙන්ම මෙම කර්තව්‍යය සංවිධානයේ මූලිකත්වය ගනිමින් සෑම සංවිධාන කටයුත්තකම හරියාකාරව කරගෙන යාමට කැපවූ මීසම් සහයක ගරු.ට්‍රිෂාන් පියතුමන්ට අපගේ හදපිරි ස්තූතිය.

කැලණිය මීසමේ සෑම කටයුත්තකටම තම උපරිම සහයෝගය ලබා දෙන සියලුම පැවිදි සොහොයුරියන්ට ස්තූතිය පුදකර සිටිමු.

මේ කර්තව්‍යය සඳහා දායකත්වය දැක්වූ දහම් පාසල් හතරේම උප විදුහල්පතිවරුන් ඇතුළුව පෙරහුරු දිනයන් හතරේදීත් , ඊයේ දිනයේ දේවස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු වල හා අද දිනයේ සංග්‍රහ කටයුතු සංවිධානය කළ පෑලියගොඩ දහම් ගුරුවරුන් ඇතුළු සියලුම ගුරුවරුන්ට අපගේ ස්තුතිය හා ආදරය පුද කර සිටිමු.

විශේෂ ස්තූතිය මේ දිනය යොදාගත් දිනයේ සිට තම උපරිම කැපවීම හා උනන්දුව තුළ දහම් සේවයට කැප වෙමින් අභිවෘද්ධි ආලේපය සක්‍රමේන්තුව ලබන දරුවන් සූදානම් කල ගුරුවරුනි,පැවිදි සොහොයුරියනි ඔබලාගේ ඒ කැපවීමට දේව ආශිර්වාදය බහුලව ලැබෙන ලෙසත් ඔබගේ දහම් සේවය තුළ තව තවත් ශක්තිමත් වන්නට වරප්‍රසාදයත් ප්‍රාර්ථනා කරමු.ඔබ ලබා දුන් සහයෝගයට කැපවීමට අපගේ අවංක ආදරය හා ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.

එමෙන්ම මේ සඳහා නන් අයුරින් සහයෝගය ලබාදුන් දෙමාපියන්ට හා දූ දරුවන් මෙන්ම සහයෝගය ලබාදුන් සියලුම දෙනාට ස්තූතියි!ජේසු පිහිටයි !

කැලණිය මීසමේ අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තුව  ලබන අපේක්ෂකයින් හැට හතර දෙනකු, ඒ සඳහා අධ්‍යාත්මිකව සූදානම් කිරීමට සමගි සන්ධානය...
07/08/2026

කැලණිය මීසමේ අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තුව ලබන අපේක්ෂකයින් හැට හතර දෙනකු, ඒ සඳහා අධ්‍යාත්මිකව සූදානම් කිරීමට සමගි සන්ධානය ප්‍රසාද නිධානය ලබාදීම පෑලියගොඩ සාන්ත මරියා දේවස්ථානයේදී අගෝස්තු 06 වැනිදා සිදු කෙරිණි.

මීසම් සහායක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේ විසින් දිව්‍ය සප්‍රසාද වහන්සේ වැඩම කරවා අනතුරුව කෙටි භාවනාත්මක වැඩසටහනක් සිදුකළ අතර ඉන්පසු අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තු අපේක්ෂකයින් සමගි සන්ධාන ප්‍රසාද නිධානය ලබා ගැනීම සඳහා යොමු කෙරිණි.

කැලණිය මීසම් සේවක ගරු ජූඩ් ලක්ෂ්මන් පූජා ප්‍රසාදීන් වහන්සේ, ගරු මැල්කම් කන්දප්පා පූජා ප්‍රසාදීන් වහන්සේ සහ කැලණිය මීසම් සහායක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදින් වහන්සේ විසින් සමගි සන්ධාන ප්‍රසාද නිධානය දානය කරනු ලැබූ අතර දරුවන් සියලු දෙනාම එම ප්‍රසාද නිධානය ලබා ගන්නා ලදී.

සුදතුම් වරමින් පිරී වැඩිහිටි කිතුණුවන් ලෙස ශුද්ධ වූ සභා මාතාවට සේවය කිරීමට සහා එහි වගකීම් භාර ගැනීමට සූදානම් වන කැලණිය මීසමේ සියලුම අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තුව ලබන අපේක්ෂකයින් වෙනුවෙන් අපේ අපගේ යාච්ඤා දෙවි පියාණන් වෙත ඔප්පු කරමු

වරාගොඩ සාන්ත පාවුළු දේවස්ථානයෙන් බිහි වූ පූජක පුතකු වන ගරු එරින්ටන් සිල්වා  පියතුමන් අද දින (31) සිය පූජාත්වරය සක්‍රමේන්...
31/07/2026

වරාගොඩ සාන්ත පාවුළු දේවස්ථානයෙන් බිහි වූ පූජක පුතකු වන ගරු එරින්ටන් සිල්වා පියතුමන් අද දින (31) සිය පූජාත්වරය සක්‍රමේන්තුව ලැබීමේ 32 වැනි සංවත්සරය (1994 - 2026) සමරනු ලබයි.

අප ග්‍රාමයෙන් පූජක වරම් ලද ගරු නිකලස් එරින්ටන් සිල්වා පියතුමන් වෙනුවෙන් එකම සංඝයක් ලෙස අප දෙවි පියාණන්ට තුති දෙමින් ගරු පියතුමන්ට සුබ පතමු.

මේ වනවිට කටුකුරුන්ද මීසමේ, මීසම් සේවක පියතුමන් ලෙස කටයුතු කරන ගරු එරින්ටන් සිල්වා පියතුමන්ට සිය දූතකාර්යය, සමිඳුන් තුළ ප්‍රසන්නව ඉටු කරන්නට සුදතුම් මඟ පෙන්වීමත් දෙව්මව් රැකවරණය හා ශුද්ධ වූ පාවුළු මුනිඳුන්ගේ බලවන්ත මධ්‍යස්ථකමත් ලැබෙන ලෙස ඉල්ලා අපි යාච්ඤා කරමු

කැලණිය මීසමේ අභිවෘද්ධි ආලේපය ලබන දරු දැරියන් 62 ක් සඳහා ශුද්ධාත්මයාණන්  වහන්සේ තම ජීවිත ක්‍රියාකාරිත්වය සදහා යොමු කරගන්න...
29/07/2026

කැලණිය මීසමේ අභිවෘද්ධි ආලේපය ලබන දරු දැරියන් 62 ක් සඳහා ශුද්ධාත්මයාණන් වහන්සේ තම ජීවිත ක්‍රියාකාරිත්වය සදහා යොමු කරගන්නා ආකාරය පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජූලි මස 29 වන බදාදා (පෝය දින) උදෑසන 9 සිට දහවල් 12 දක්වා පෑලියගොඩ ශාන්ත මරියා දේවස්තානයේ දී පැවැත්විණි.

මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ ආශිර්වාදලත් දේවමාතා නිකායේ ගරු විමලා වේරලු පැවිදි සොහොයුරියයි

මීසම් සේවක පූජා ප්‍රසාදින් වහන්සේලා විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා කැලණි මීසමේ අභිවෘද්ධි ආලේපය ප්‍රසාද නිධානය ලබන අපේක්ෂක අපේක්ශිකාවන් සහභාගි විය.

26/07/2026
වරාගොඩ සාන්ත පාවුළු දහම් පාසලේ දෙවන වාර පරීක්ෂණය අද (18) පවත්වනු ලැබුවා.අගරදගුරු පදවි ධර්මෝපදේශ අපෝස්තලික සේවාවේ උපදෙස් ...
18/07/2026

වරාගොඩ සාන්ත පාවුළු දහම් පාසලේ දෙවන වාර පරීක්ෂණය අද (18) පවත්වනු ලැබුවා.

අගරදගුරු පදවි ධර්මෝපදේශ අපෝස්තලික සේවාවේ උපදෙස් පරිදි කැලණිය මීසම් සේවක පියවරුන් වන ගරු ජූඩ් ලක්ෂ්මන් පූජා ප්‍රසාදීන් වහන්සේගේ සහ ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේගේ අධීක්ෂණය ඇතිව මීසමේ එකාබද්ධ දහම් ගුරු මණ්ඩලය විසින් දෙවන වාර පරීක්ෂණය සඳහා ප්‍රශ්න පත්‍ර සූදානම් කළ අතර පෙර පාසලේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම ශ්‍රේණි සඳහා අද දින දෙවන වාර පරීක්ෂණය සිදුකරන ලදී.

11/07/2026

දන්ත සහ සෞඛ්‍ය වෛද්‍ය සායනය
පිලපිටිය සාන්ත ආනා දේවස්ථානය
ජූලි මස 11 සහ 12

ශ්‍රී ලංකා තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ 75 වැනි සංවත්සර සැමරුම අභිමානවත් අයුරින් පැවැත්විණි.ශ්‍රී ලංකා කතෝලික සභාව තුළ ...
05/07/2026

ශ්‍රී ලංකා තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ 75 වැනි සංවත්සර සැමරුම අභිමානවත් අයුරින් පැවැත්විණි.

ශ්‍රී ලංකා කතෝලික සභාව තුළ තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කර වසර 75ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද දියමන්ති ජුබිලි සැමරුම් උත්සවය ජූලි මස 4 වන දින කොළඹ - 10 ශාන්ත ජෝසප් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී අභිමානවත් හා සාර්ථක අයුරින් පැවැත්විණි.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා අගරදගුරු පදවියේ දිසාවන් නියෝජනය කරමින් තරුණ කතෝලික ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් එක්වූ අතර, එය ඇදහිල්ල, එකමුතුකම, නායකත්වය සහ ක්‍රිස්තියානි වටිනාකම් අගයමින් පැවැත්වුණු අමතක නොවන හමුවක් බවට පත්විය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සහභාගි වී, තරුණ පරපුර සමාජයට සහ සභාවට වගකීමෙන් හා කැපවීමෙන් සේවය කළ යුතු බව අවධාරණය කරමින් ආශීර්වාදාත්මක දේශනයක් පැවැත්වූහ.

75 වන සැමරුම සඳහා අපගේ වරාගොඩ සෛලය නියෝජනය කරමින් තරුණ කතෝලික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ද උද්යෝගයෙන් සහභාගි වූහ. ඔවුන්ගේ සහභාගිත්වය ව්‍යාපාරයේ අරමුණු සහ වටිනාකම් තවදුරටත් ශක්තිමත් කරමින්, ඇදහිල්ලෙන් හා සහෝදරත්වයෙන් පිරිපුන් අමතක නොවන අත්දැකීමක් බවට පත්විය.

තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ 75 වසරක ගමන්මඟ සැමරූ මෙම ජාතික උත්සවය, අනාගත පරපුරට ආදර්ශවත් මඟපෙන්වීමක් සපයමින් ශ්‍රී ලංකා කතෝලික සභාවේ තරුණ සේවාව තවදුරටත් ශක්තිමත් කරන ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සටහන් විය.

Address

St. Paul's Church, School Lane, Waragoda
Kelaniya
11600

Opening Hours

Friday 18:00 - 21:00
Sunday 06:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when St. Paul's Church - Waragoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share