Ven. Dr. Bodagama Chandima Thero

Ven. Dr. Bodagama Chandima Thero Vice-Chancellor of the Nāgānanda International Institute for Buddhist Studies (NIIBS), Sri Lanka. Furthermore, Ven. Ven. Besides that, for several decades, Ven.

Dr. Bodagama Chandima Thera is also the Director of Cultural Committee, World Buddhist Sangha Council. Moreover, launching the Taiwan United Samādhi Buddhist Foundation as its founder, Founder and Director of Sri Lanka Dharma Chakra Children's Foundation, Presidential Adviser on International Religious and Cultural Affairs, Acts as. Dr. Bodagama Chandima Thera plays a great role for the propagatio

n of Buddha's teaching throughout the world. Dr. Bodagama Chandima Thera has been engaged in great religious and social services to the entire world.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි උන්ද්‍රාජවරම් නැමැති ග්‍රාමයෙහි මෛත්‍රී බුද්ධ නමින් විහාරයක් විවෘත කෙරේ.අපගේ ප්‍රධානත්වයෙන...
07/08/2026

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි උන්ද්‍රාජවරම් නැමැති ග්‍රාමයෙහි මෛත්‍රී බුද්ධ නමින් විහාරයක් විවෘත කෙරේ.

අපගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින (2026.07.29) ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි නව විහාරස්ථානයක් අංග සම්පූර්ණව ඉදිකර සසුනට පූජා කිරීමේ අවස්ථාවක් සිදුවිය. දහස් ගණන් ජනතාව මෙහිදී බුදුදහමේ උපාසක උපාසිකාවන් බවට පත් වූ අතර මෙම ප්‍රදේශයට අඩුවක්ව පැවැති බෞද්ධ විහාරස්ථානය මෙලෙස බුද්ධගයා ආකෘතියෙන් නිමකර ජනතා සුබ සිද්ධියට යෙදවීමට භන්තේ අනාලයෝ හා එහි සභාපති මෙන්ම දායක මණ්ඩලය ගෙන ඇති ක්‍රියාව ප්‍රශංසා කටයුතුය.

අපගේ ප්‍රධානත්වයෙන් විවෘත වු මෙම විහාරය එම ප්‍රදේශයේ මූලික අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්නක් ලෙස සැලකිය හැකිය.

මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිළධාරීන් කලාකරුවන් ආගමික නායකයන් ඇතුලු විශාල පිරිසක් මේ අවස්ථාවේ සහභාගී විය.

Maitreya Buddha Vihara Inaugurated in Undrajavaram, Andhra Pradesh, India.

On 29 July 2026, under our patronage, a newly constructed Buddhist temple, Maitreya Buddha Vihara, was ceremonially inaugurated and dedicated to the Buddha Sāsana in Undrajavaram, Andhra Pradesh, India.

This historic occasion marked a significant milestone for the local community. Thousands of people embraced the Buddha Dhamma by becoming lay followers (Upāsakas and Upāsikās). The establishment of this temple fulfills a long-standing need for a Buddhist place of worship in the area.

Constructed in the architectural style of Mahabodhi Temple, Bodh Gaya, the vihara stands as a symbol of faith, peace, and spiritual inspiration. We sincerely commend Bhante Analayo, the President, and the dedicated members of the temple committee for their remarkable vision, commitment, and generosity in bringing this noble project to fruition for the benefit of the people.

The inauguration of this temple is expected to play a vital role in meeting the spiritual needs of the local community and in promoting the teachings of the Buddha in the region.

The ceremony was attended by a large gathering, including ministers, government officials, artists, religious leaders, and devotees from across the region.

May this noble offering continue to bring peace, wisdom, and blessings to all beings.

ඔබ සැමට පින්බර ඇසළ පුන් පොහොය දිනක් වේවා... තෙරුවන් සරණයි!Wishing you everyone a blessed Esala full moon poya day! Bless...
29/07/2026

ඔබ සැමට පින්බර ඇසළ පුන් පොහොය දිනක් වේවා... තෙරුවන් සරණයි!

Wishing you everyone a blessed Esala full moon poya day! Blessing of the triple gem.

உங்கள் அனைவருக்கும் எசல புன்போயா திருநாளாக அமையட்டும்... கடவுள் உங்களை ஆசீர்வதிப்பாராக!

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council - WBSC) 60 වන සංවත්සර සමරු උලෙළ සඳහා ආරාධනා කිරීමේ අරමුණින් ශ්‍රී...
27/07/2026

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council - WBSC) 60 වන සංවත්සර සමරු උලෙළ සඳහා ආරාධනා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්තුමන්, නියෝජ්‍ය මහ කොමසාරිස්තුමන් ඇතුළු නියෝජිත පිරිස හමුවිය.

එහිදී, ඉන්දියානු අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා වෙත මෙම සමරු උලෙළ සඳහා සහභාගී වන ලෙස ආරාධනා කරමින් විශේෂ ආරාධනා පත්‍රයක් ද ඉන්දියානු මහ කොමසාරිස්තුමන් වෙත පිළිගන්වන ලදී.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council - WBSC) 60 වන සංවත්සර සමරු උලෙළ පැවැත්වීම හා අප නාගානන්ද ජාත්‍යන්...
16/07/2026

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council - WBSC) 60 වන සංවත්සර සමරු උලෙළ පැවැත්වීම හා අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ නිල විවෘත කිරීම සම්බන්ධ සංවිධාන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (15) පෙරවරුවේ පැවැත්විණ.

අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සැමරුම නොවැම්බර් 28 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර, එය දෙසැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වේ.

මෙම සම්මේලනයට ථේරවාද, මහායාන සහ වජ්‍රයාන සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂු-භික්ෂුණීන් වහන්සේලා සහ ගිහි නියෝජිතයෝ 600කට ආසන්න පිරිසක් ද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය 5000කට ආසන්න පිරිසක් ද සහභාගී වීමට නියමිතය.

ලෝක බෞද්ධ සංඝ සම්මේලන සංවත්සර සංවිධායක කමිටුවේ සභාපති ආචාර්ය සාහිත්‍යසූරී අතිපූජ්‍ය බෝදාගම චන්දිම හිමි, එහි ප්‍රධාන ලේකම් අතිපූජ්‍ය මාඉටිපේ විමලසාර හිමි, ප්‍රධාන කමිටුවේ සාමාජිකයන් වන අතිපූජ්‍ය තලගල සුමනරතන හිමි, අතිපූජ්‍ය ඉත්තෑදෙමළියේ ඉන්දසාර හිමි, අතිපූජ්‍ය වැලමිටියාවේ ගුණරතන නායක හිමි, ආචාර්ය පූජ්‍ය වල්මෝරුවේ පියරතන හිමි, පූජ්‍ය පස්ගොඩ සුමිත්ත හිමි, පූජ්‍ය සූරියවැව සුමේධ හිමි, ඇතුළු මහා සංඝරත්නයද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් පී. ඒ. ඒ. එස්. වීරසේකර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. එන්. කුමාරි යන මහත්ම මහත්මීහු, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීහු, ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Progress Review Meeting on the Organizational Arrangements for the 60th Anniversary Commemoration of the World Buddhist Sangha Council.

A progress review meeting on the organizational arrangements for the 60th Anniversary Commemoration of the World Buddhist Sangha Council (WBSC) and the Official Opening of the Nāgānanda International Institute for Buddhist Studies was held yesterday morning (15) at the Presidential Secretariat under the chairmanship of Dr. Nandika Sanath Kumanayake, Secretary to the President.

The 60th Anniversary Commemoration of the World Buddhist Sangha Council, centred at the Nāgānanda International Buddhist University, will commence on 28 November under the patronage of His Excellency President Anura Kumara Dissanayake and will continue until 2 December.

The conference is expected to bring together nearly 600 participants, including Bhikkhus, Bhikkhunīs, and lay representatives from more than 50 countries, representing the Theravāda, Mahāyāna, and Vajrayāna Buddhist traditions. Representing Sri Lanka, nearly 5,000 members of the Maha Sangha, including the Mahanayaka Theras of the Three Nikāyas, are also expected to participate.

Among those present at the meeting were the Chairman of the Organizing Committee for the 60th Anniversary of the World Buddhist Sangha Council, Most Venerable Dr. Bodagama Chandima Thera the Secretary General, Most Venerable Maitipe Wimalasara Thera; and Organizing Committee members Most Venerable Talagala Sumanaratana Thera, Most Venerable Ittademaliyaye Indasara Thera, Most Venerable Welamitiyawa Gnanaratana Nayaka Thera, Venerable Dr. Walmoruwe Piyarathana Thera, Venerable Pasgoda Sumiththa Thera, and Venerable Sooriyawewa Sumedha Thera, together with other members of the Maha Sangha.

Also in attendance were Roshan Gamage, Senior Additional Secretary to the President; P. A. A. S. Weerasekara, Additional District Secretary of Gampaha; H. N. Kumari, Additional Secretary to the Ministry of Buddhasasana, Religious and Cultural Affairs; heads of state and private institutions; senior officials of the security forces; and several other distinguished invitees.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 සංවත්සරයේ සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාව මෙවර එය අප මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවි...
14/07/2026

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 සංවත්සරයේ සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාව මෙවර එය අප මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ පිළිබද සංවිධායක කමිටුවේ විශේෂ සාකච්ඡාවක් 2026.06.25 දින පැවැත්විණි. ඒ සංවිධායක කමිටු සභාපති ආචාර්ය සාහිත්‍යසූරී බෝදාගම චන්දිම නාහිමි, සංවිධායක කමිටු ලේකම් ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමි, ඉත්තදෙමළියේ ඉන්දසාර නාහිමි, රඹුකේවේල ඤාණසීහ නාහිමි, තලගල සුමනරතන නාහිමි හා අතපත්තුකන්දේ ආනන්ද නාහිමි යන නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 සංවත්සරය හා 11 වන මහා සභාවේ 2 වන විධායක සභා කමිටු රැස්වීම පැවැත්වීම පිළිබදවත් අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ නිල විවෘත කිරීමේ උත්සවය පිළිබදවත් සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදාළ විධායක කමිටුවේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද සිදුකෙරිණි.

Sri Lanka is preparing to host the 60th Anniversary of the World Buddhist Sangha Council (WBSC) with this historic international event centered at the Nagananda International Institute for Buddhist Studies, Manelwatta.

A special meeting of the Organizing Committee was held in 25 June 2026 under the leadership of Ven. Dr. Bodagama Chandima Thero, Chairman of the Organizing Committee, together with Ven. Dr. Maitipe Wimalasara Thero, Secretary of the Organizing Committee, and Ven. Ittademaliya Indasara Thero, Ven. Rambukewela Gnanaseeha Thero, Ven. Thalagala Sumanarathana Thero, and Ven. Athapaththukande Ananda Thero.

The committee discussed preparations for the 60th Anniversary of the World Buddhist Sangha Council, the 2nd Executive Committee Meeting of the 11th General Conference, and the Official Opening Ceremony of the Nagananda International Institute for Buddhist Studies.

This landmark occasion is expected to strengthen international Buddhist cooperation while showcasing Sri Lanka's enduring role as a global center of Buddhist heritage, education, and spiritual leadership.

ඔබ සැමට පින්බර පොසාන් පුන් පොහොය දිනක් වේවා... තෙරුවන් සරණයි!Wishing you everyone a blessed Poson full moon poya day! Bl...
29/06/2026

ඔබ සැමට පින්බර පොසාන් පුන් පොහොය දිනක් වේවා... තෙරුවන් සරණයි!

Wishing you everyone a blessed Poson full moon poya day! Blessing of the triple gem.

உங்கள் அனைவருக்கும் ஒரு ஆசீர்வதிக்கப்பட்ட போஷான் பௌர்ணமி போயா தினமாக அமைய வாழ்த்துக்கள்... தெய்வம் உங்களை ஆசீர்வதிப்பாராக!

1966 වසරේ ශ්‍රී ලංකාවේ ආරම්භ වූ ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council - WBSC) 60 වැනි සංවත්සර සැමරු...
23/06/2026

1966 වසරේ ශ්‍රී ලංකාවේ ආරම්භ වූ ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council - WBSC) 60 වැනි සංවත්සර සැමරුම සහ 11 වැනි මහ සභාවේ දෙවැනි විධායක කමිටු රැස්වීම එළඹෙන නොවැම්බර් මස 28 වන දින සිට දෙසැම්බර් මස 02 වන දින දක්වා, අප කැළණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේදී සහ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය සහ නුවර නගරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වන මූලික සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජුනි මස 15 වන දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ මහ ලේකම් පූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමියන් සහ අප කැළණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ පූජ්‍ය සූරියවැව සුමේධ හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ දේශනා සහ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමා පවසා සිටියේ, ලෝක බෞද්ධ සංඝ සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීම බෙහෙවින්ම ගෞරවනීය සහ ඓතිහාසික අවස්ථාවක් බවයි. මෙරට බෞද්ධ උරුමය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ලොවටම ප්‍රදර්ශනය කෙරෙන මෙම උදාර පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ ආශිර්වාදය ඇතිව රාජ්‍ය පාර්ශ්වයෙන් ලබාදිය යුතු උපරිම සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

A meeting was held at the Ministry of Buddhasasana, Religious and Cultural Affairs, graced by the presence of the Maha Sangha, including Ven. Dr. Maitipe Wimalasara Thera, Secretary General of the World Buddhist Sangha Council, and Ven. Sooriyawewa Sumedha Thera, Director of the Nāgānanda International Institute for Buddhist Studies, together with the Minister and Deputy Minister of the Ministry of Buddhasasana, Religious and Cultural Affairs, regarding the preliminary arrangements for the 60th Anniversary Celebration and the 11th Executive Committee Meeting of the World Buddhist Sangha Council.

The event is scheduled to be held from 28 November 2026 to 2 December 2026 at the Nāgānanda International Institute for Buddhist Studies, the premises of the Jaya Sri Maha Bodhi in Anuradhapura, and Kandy.

The Minister stated that hosting the World Buddhist Sangha Council in Sri Lanka is a highly honourable and historic occasion. He further emphasized that this noble and meritorious event, which will showcase Sri Lanka’s rich Buddhist heritage and diplomatic relations to the world, will receive the government’s fullest and continuous support. He also stated that, with the blessings of Anura Kumara Dissanayake and the support of the Presidential Secretariat, every effort will be made to ensure the success of this significant international event.

තායිලන්තයේ ප්‍රමුඛ පෙලේ ඉපැරණි රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන චූලාලොන්කෝර් රාජ් විශ්වවිද්‍යාලය වසර 10ක් පුරා ධර්ම දූත ප්‍රචා...
04/06/2026

තායිලන්තයේ ප්‍රමුඛ පෙලේ ඉපැරණි රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන චූලාලොන්කෝර් රාජ් විශ්වවිද්‍යාලය වසර 10ක් පුරා ධර්ම දූත ප්‍රචාරයට අවශ්‍ය භික්ෂූන් වහන්සේලා පුහුණු කරන පාඨමාලාවක් ක්‍රියාත්මක කෙරේ. එහි එක් කණ්ඩායමක් වසර 10ක පුහුණුව අවසන්ව සහතිකපත් ප්‍රදානය අද දින පැවැත්වේ.

එහි එක් දේශනයක් ඊයේ දින මවිසින් පවත්වන ලද අතර මෙම වැඩසටහන සදහා එම විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරු සහ මහාචාර්ය වල්මෝරුවේ පියරතන හිමියන් ප්‍රමුඛ අධ්‍යයන කාර්ය මණ්ඩලය සහභාගී විය.

මෙහි විශේෂත්වය සහතිකපත්ලාභී සියලු භික්ෂූන් වහන්සේලාට රාජ්‍යතාන්ත්‍රික විදෙස්ගමන් බලපත්‍රයක් එරට රජය විසින් ලබාදීමයි.

අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය හා තායිලන්තයේ චූලාලොන්කොර්රාජ්‍ය විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ද ක්‍රියාත්මක කෙරේ.

Chulalongkornrajavidyalaya University, one of Thailand's leading and oldest state Buddhist universities, has been conducting a specialized training program for Buddhist monks engaged in Dhamma missionary activities for the past ten years. Today, a certificate-awarding ceremony is taking place for a group of monks who have successfully completed this decade-long training program.

I had the opportunity to deliver one of the lectures for this program yesterday. The event was attended by the university deans, including Professor Ven. Walmoruwe Piyarathana Thero, along with other members of the academic staff.

A distinctive feature of this program is that all monks who successfully complete the training are granted diplomatic passports by the Government of Thailand, enabling them to engage in international missionary work.

Additionally, a Memorandum of Understanding (MoU) is currently in effect between the Nāgānanda International Institute for Buddhist Studies (NIIBS) and Chulalongkornrajavidyalaya University. This MoU fosters academic cooperation and collaboration between the two institutions.

ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහොය දිනක් වේවා... තෙරුවන් සරණයි!Wishing you everyone a blessed Vesak full moon poya day! Ble...
30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහොය දිනක් වේවා... තෙරුවන් සරණයි!

Wishing you everyone a blessed Vesak full moon poya day! Blessing of the triple gem.

உங்கள் அனைவருக்கும் ஆசீர்வதிக்கப்பட்ட வெசாக் பௌர்ணமி போயா தினமாக அமைய வாழ்த்துக்கள்... தெருவன் சரணய் !!

අප තායිපේ ථෙරවාද සමාධි අධ්‍යාපන ආයතනයේ බුදුන් වහන්සේගේ ත්‍රි මංගල්‍යය සමරන වෙසක් මංගල්‍යය සැමරීම සිදුකරන ලදි. ඒ සදහා අප ...
19/05/2026

අප තායිපේ ථෙරවාද සමාධි අධ්‍යාපන ආයතනයේ බුදුන් වහන්සේගේ ත්‍රි මංගල්‍යය සමරන වෙසක් මංගල්‍යය සැමරීම සිදුකරන ලදි. ඒ සදහා අප දායක දායිකාවන් හා මහා සංඝරත්නය සහභාගී වූ අතර මෙරට සංස්කෘතික අනන්‍යතාව තහවුරු වන පරිදි එය සිදුකරන ලදි.

We celebrated the Vesak Festival, commemorating the Triple Blessed Events of the Buddha at the Taipei Theravāda Samādhi Educational Institute. Devotees and members of the Maha Sangha participated in the celebration, which was conducted in a manner that reflected and preserved the cultural identity of this country.

Address

Manelwatta Temple, Bollagala
Kelaniya

Alerts

Be the first to know and let us send you an email when Ven. Dr. Bodagama Chandima Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ven. Dr. Bodagama Chandima Thero:

Shortcuts

Share