Our Lady of Fatima Church Dippitigoda

Our Lady of Fatima Church Dippitigoda This is the official page of Our Lady of Fatima Church -Dippitigoda This is managed by the media unit

වසර 35 ක් පුරාවට කිතු සමිඳු මිදි උයනේ ඵල නෙලන්නට ඇපකැප වූ...කිතුසමිදුගේ ප්‍රේමයේ දහම අප වෙතත් ගලා එන්නට මග පෙන් වූ...අප ...
27/07/2026

වසර 35 ක් පුරාවට කිතු සමිඳු මිදි උයනේ ඵල නෙලන්නට ඇපකැප වූ...
කිතුසමිදුගේ ප්‍රේමයේ දහම අප වෙතත් ගලා එන්නට මග පෙන් වූ...

අප මීසම් එඬේරාණන් වන ගරු ලලිත් එක්ස්පෙඩිටස් පියතුමෙනි,

ඔබවහන්සේට දිප්පිටිගොඩ අප සංඝයේ ආදරණීය සුභ පැතුම් පුදකර සිටිමු...

කිතු සමිඳු දෙසු දහම තව තවත් ලෝ පතල කරනට...
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව‍යත්, සුදතුම් බලයත් නිබඳවම ලැබේවා'යි අපි පතමු..!!

ජේසු ක්‍රිස්තු ආරාධිත වේවා ගරු පියතුමෙනි,,,දලුගම ග්‍රාමයෙන් බිහි වූ 22 වන පූජක පුතණුවන් වූ...ගරු ශලංක මදුෂාන් පූජාප්‍රසා...
26/07/2026

ජේසු ක්‍රිස්තු ආරාධිත වේවා ගරු පියතුමෙනි,,,

දලුගම ග්‍රාමයෙන් බිහි වූ 22 වන පූජක පුතණුවන් වූ...

ගරු ශලංක මදුෂාන් පූජාප්‍රසාදිතුමනි,

ස්වර්ගයත් පොළවත් යා කෙරෙන ඉනිමඟක් වෙමින්...
සමිඳු මිදි උයනේ ඵල නෙළමින්...
ඔබගේම ආදරණීය දෙව්ජනතාව වෙත ස්වර්ගීය මග පෙන්වන්නටත්...

ප්‍රේමයේ මහ නිමැවුම්කරු වූ කිතුසමිඳුන්ගේ සැබෑම වූ අනුගාමිකයෙකු වන්නටත්...
දෙව් ආසිරි බහුලව ලැබේවායි දිප්පිටිගොඩ සංඝයේ අප ප්‍රාර්ථනා කර සිටිමු...!!

අගරදගුරු පදවියේ දහම් කෙත අස්වැද්දීමට, නවක පූජක පුතුන් සතර නමක් !කොළඹ අගරදගුරු පදවියේ පූජක සේවාවට එක්වන, නවක තේවාචාරී සහෝ...
22/07/2026

අගරදගුරු පදවියේ දහම් කෙත අස්වැද්දීමට,
නවක පූජක පුතුන් සතර නමක් !

කොළඹ අගරදගුරු පදවියේ පූජක සේවාවට එක්වන, නවක තේවාචාරී සහෝදරතුමන්ලා සතර නමකට පූජක වරම් දානය කිරීම, 2026 ජූලි මස 25 වන සෙනසුරාදා උදේ 9.00 ට, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, සහයක රදගුරු හිමිපාණන් වහන්සේලාගේ සහ පදවි පූජකතුමන්ලාගේ ද සහභාගිත්වයෙන්, කොළඹ කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්වෙන දිව්‍ය පූජා යාගයේදී සිදුකෙරේ.

ගරු ලසාල් ප්‍රියංකර සහෝදරතුමා

මීගමුව කට්ටුව මීසමේ, කට්ටුව සාන්ත ප්‍රැන්සිස් ද සාලෙස් මුනිදුන්ගේ දේවස්ථානයට අයත්, ජී.එස්. නිව්ටන් ගාමිණි මහතාගේ සහ පී.ඒ.ඩී. ඈන් පුෂ්පා කුමාරි මහත්මියගේ වැඩිමහල් දියණිය සහ බාල දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා ලෙස, ලසාල් ප්‍රියංකර දරුවා මෙලොව එළිය දුටුවේය. මීගමුව දළුපොත සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, දළුවකොටුව ලොයලා විදුහලින් උසස් අධ්‍යාපනය හමාර කර, 2003 ජනවාරි මස 19 වන දින කොළඹ බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුලත් වූයේය. 2009 සිට 2010 දක්වා කළුතර 'දහම් සෙවන' අතරමැදි දෙව්සත්හලින් හා 2010 සිට 2013 දක්වා මහනුවර ජාතික දෙව්සත්හලින්ද 2021 සිට 2025 දක්වා යාපනය සාන්ත ප්‍රැන්සිස් ක්සේවියර් දෙව්සත්හලින්ද දර්ශනවාදය හා දේවධර්මය හදාරා, 2026 පෙබරවාරි මස 07 වන දින,තේවාචාරී වරම් ලබාගත්තේය. ගරු ලසාල් ප්‍රියංකර සහෝදරතුමා පූජක වරම් ලබා, සිය කුළුඳුල් දිව්‍ය පූජා යාගය 2026 ජූලි මස 26 වන ඉරිදා උදේ 8.00 ට, කට්ටුව සාන්ත ප්‍රැන්සිස් ද සාලෙස් දේවස්ථානයේදී සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටියි.

ගරු ශලංක මදුෂාන් සහෝදරතුමා

දළුගම මීසමේ, දළුගම සාන්ත ප්‍රැන්සිස් ද සාලෙස් මුනිදුන්ගේ දේවස්ථානයට අයත්, ආර්.ඒ. රෙක්සි පෙරේරා සහ කේ.ඒ. මාරිස් ස්ටෙලා යුවළගේ වැඩිමහල් පුත්‍රයන් දෙදෙනෙකුගේ සහ බාල දියණියකගෙන් යුතු පවුලේ පුත්‍රයකු ලෙස ශලංක මධුෂාන් දරුවා උපන්නේය.කැලණිය දළුගම සාන්ත ප්‍රැන්සිස් ද සාලෙස් මහා විදුහලින් ප්‍රාථමික හා උසස් අධ්‍යාපනය හමාර කර, 2012 ජනවාරි මස 22 වන දින කොළඹ බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුල් වූයේය. 2017 ඔක්තෝබර් මස 14 වන දින කළුතර "දහම් සෙවන" අතරමැදි දෙව්සත්හලට ඇතුළුව, ඉන් පසුව 2018 සැප්තැම්බර් මස 23 වන දින යාපනය සාන්ත ප්‍රැන්සිස් ක්සේවියර් දෙව්සත්හලට හා, 2020 සැප්තැම්බර් මස 23 වන දින මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලට යවනු ලැබ, දර්ශනවාදය හා දේවධර්මය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාගත්තේය. 2026 පෙබරවාරි මස 07 වන දින, තේවාචාරී වරම් ලැබූ, ගරු ආර්.ඒ. ශලංක මදුෂාන් පෙරේරා සහෝදරතුමා පූජක වරම් ලබා, සිය මංගල දිව්‍ය පූජා යාගය, 2026 ජූලි මස 26 වන ඉරුදින උදේ 8.00 ට, දළුගම සාන්ත ප්‍රැන්සිස් ද සාලෙස් දෙව්මැදුරේදී සිදුකිරීමට නියමිතය.

ගරු අසිත ශ්‍රියන්ත සහෝදරතුමා

ජාඇල වෑවල මීසමේ, වෑවල සාන්ත ප්‍රැන්සිස් ක්ෂේවියර් දේවස්ථානයට අයත් කේ.ටී.ඩී. සුනිල් ශාන්ත (නැසීගිය) මහතාගේ සහ ඩබ්ලිව්. ඒ. සිසිල්ඩා පෙරේරා මහත්මියගේ බාල දියණියක්ද සහිත පවුලේ එකම පිරිමි දරුවා ලෙස, අසිත ශ්‍රියන්ත දරුවා උපත ලද්දේය. වෑවල ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, මීගමුව හරිශ්චන්ද්‍ර මහා විදුහලින් උසස් අධ්‍යාපනය හමාර කර, 2013 ජනවාරි මස 16 වන දින කොළඹ බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුළත් වූයේය. 2015 ඔක්තෝබර් මස 03 දින කළුතර "දහම් සෙවන" අතරමැදි දෙව්සත්හලට ඇතුළුව හා, පසුව 2017 සිට 2019 දක්වා මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලින් දර්ශනවාදය හදාරා 2018 ඔක්තෝම්බර් මස 23 වන දින, යාපනය සාන්ත ප්‍රැන්සිස් ක්ෂේවියර් දෙව්සත්හලට යවනු ලැබ, දර්ශනවාදී හා දේවධර්මය හදාරා, අනතුරුව ස්පාඤ්ඤයේ පම්ප්ලෝනා හී, බිඩාසෝආ ජාත්‍යන්තර දෙව්සත්හලින්ද දෙව්දහම පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයක් ලබාගත්තේය. 2006 පෙබරවාරි මස 07 වන දින,තේවාචාරී වරම් ලැබූ, ගරු කේ.ටී.ඩී. අසිත ශ්‍රියන්ත ලක්මාල් සහෝදර තුමා පූජක වරම් ලබා, සිය ප්‍රථම දෙව්පුද මෙහෙය, 2026 ජූලි මස 26 වන ඉරුදින උදේ 8.00 ට, වෑවල සාන්ත ප්‍රැන්සිස් ක්ෂේවියර් දේවස්ථානයේදී සිදුකිරීමට අදහස් කරගෙන සිටියි.

ගරු ෂෙහාන් දිල්රුක් සහෝදරතුමා

කිරිමැටියාගාර මීසමේ, කිරිමැටියාගාර ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයට අයත්, ඒ.ජී. දනේෂ් සසංක සෙනවිරත්න මහතා සහ සීතා කුමාරි යුවළගේ, බාල පුත්‍රයකු සහ දියණියකගෙන් යුත් පවුලේ, වැඩිමහල් පුත්‍රයා ලෙස ෂෙහාන් දිල්රුක් දරුවා උපන්නේය.රාගම බැසිලිකා විදුහලින් මූලික හා උසස් අධ්‍යාපනය හමාර කර, 2016 ජනවාරි මස 16 වන දින කොළඹ බොරැල්ල සාන්ත ඇලෝසියස් පූර්ව දෙව්සත්හලට ඇතුලත් වූයේය. පසුව 2018 සැප්තැම්බර් මස 20 වන දින කළුතර "දහම් සෙවන" අතරමැදි දෙව්සත්හලට ඇතුළුව හා, 2019 සැප්තැම්බර් මස 23 වන දින, යාපනය සාන්ත ප්‍රැන්සිස් ක්ෂේවියර් දෙව්සත්හලට හා, 2021 සැප්තැම්බර් 23 වන දින මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලට යවනු ලැබ, දර්ශනවාදය හා දේවධර්මය පිළිබඳව වැඩිදුර හදාරා, 2026 පෙබරවාරි මස 07 දින තේවාචාරී වරම් ලැබීය. ගරු ඒ.ජී. ෂෙහාන් දිල්රුක් සෙනෙවිරත්න සහෝදරතුමා පූජක වරම් ලබා, සිය කුළුඳුල් දිව්‍ය පූජා යාගය, 2026 ජූලි මස 26 වන ඉරුදින උදේ 8.30 ට, කිරිමැටියාගාර සාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

සටහන හා සේයාරූ: ටී. සුනිල් ප්‍රනාන්දු සහ ප්‍රියංග සම්පත්

Copied
AVE MARIA SL

ජූලි 15 වන දින සුබ අස්න – ශු. මතෙව් 11: 25 – 2725 ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”ස්වර්ගයටත්, ප...
15/07/2026

ජූලි 15 වන දින සුබ අස්න – ශු. මතෙව් 11: 25 – 27

25 ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි. 26 එසේ ය, පියාණෙනි, ඔබට ප්‍රිය මනාප එය ම ය. 27 මාගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී ඇත. පියාණන් වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් නොහඳුනති. පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක් වේ ද, ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති

17/06/2026

මට විශ්වාසයි!❤️

May this blessed Feast of St. Anthony bring peace, hope, and countless blessings to you and your loved ones. As we honor...
13/06/2026

May this blessed Feast of St. Anthony bring peace, hope, and countless blessings to you and your loved ones. As we honor the beloved saint known for his compassion and miracles, may his prayers guide us in faith, strengthen our hearts, and lead us closer to God’s grace.

“The sacred place where St. Anthony lives among the faithful.”

මැයි මංගල්‍යය 2026ජුනි 06 සෙනසුරාදා සවස 6.00ට පාතිමා මණ්ඩපයේදී දිව්‍ය පූජාව පැවැත්වේ.ඉන් අනතුරුව දේවමාතා ප්‍රතිමාව රැගත්...
05/06/2026

මැයි මංගල්‍යය 2026

ජුනි 06 සෙනසුරාදා සවස 6.00ට පාතිමා මණ්ඩපයේදී දිව්‍ය පූජාව පැවැත්වේ.

ඉන් අනතුරුව දේවමාතා ප්‍රතිමාව රැගත් ඉටිපහන් පෙරහැර දේවස්ථානය වටා වීදි සංචාරය කිරීම හා දේවමාතා ප්‍රතිමාවට ගෞරවය දැක්වීම සිදුවේ.

පාතිමා අප ස්වාමිදුවගේ දේවස්ථානය, දිප්පිටිටිගොඩ

අප සංඝයේඅනාගත පරපුර ගොඩනැගීම උදෙසාතම දැනුම හා මගපෙන්වීම ලබාදෙමින් වෙහෙසෙන...කිතු සමිඳුන්ගේ ප්‍රේමයේ දහමින් අපව පෝෂණය කරන...
01/06/2026

අප සංඝයේ
අනාගත පරපුර ගොඩනැගීම උදෙසා
තම දැනුම හා මගපෙන්වීම ලබාදෙමින් වෙහෙසෙන...

කිතු සමිඳුන්ගේ ප්‍රේමයේ දහමින් අපව පෝෂණය කරන
ගරු බීටා තිසේරා පැවිදි සොයුරියනි
ඔබතුමියට සුබ උපන්දිනයක් වේවා..!!

Happy Priestly Anniversary Dear Rev. Father Sumedha Pathum Fonseka..!!May God bless you with good health, strength, and ...
12/05/2026

Happy Priestly Anniversary Dear Rev. Father Sumedha Pathum Fonseka..!!

May God bless you with good health, strength, and happiness always..!!

Address

Kelaniya
11300

Website

Alerts

Be the first to know and let us send you an email when Our Lady of Fatima Church Dippitigoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Our Lady of Fatima Church Dippitigoda:

Shortcuts

Share