Namaskaraya - නමස්කාරය

Namaskaraya - නමස්කාරය ධර්ම දානය ලොව උතුම්ම දානයයි ☸️🙏🏻

The gift of Dharma is the greatest of all gifts ☸️🙏🏻

Esala Poya is on today⊱⋅ ────────────────── ⋅⊰For Buddhists, Esala Poya is very important as several important things ha...
29/07/2026

Esala Poya is on today
⊱⋅ ────────────────── ⋅⊰

For Buddhists, Esala Poya is very important as several important things happened on this day.

❂ The birth of Prince Siddhartha and Princess Yasodhara’s son, Prince Rahul also happened on an Esala Poya day.

❂ It was on this very same day that Prince Siddhartha gave up his lay life and became an ascetic. He then went in search of Enlightenment or Buddhahood.
But before he left the palace and lay life he went and looked at his son Prince Rahula and his wife Princess Yasodhara.

They were both fast asleep and therefore, did not see him.

What made Prince Siddhartha leave a life of luxury and become an ascetic? He saw an old man, a sick man and a dead man and realised that lay life was full of sorrow and that even he, a prince would become old, sick and would eventually die. Thus, he became disillusioned with lay life. The last person he saw on his journey through the city was a Sadhu.

Thus, Prince Siddhartha too wanted to become a Sadhu or ascetic and go in search of the truth which would end life’s sorrows

Prince Siddhartha’s leaving of the lay life is known as the 'Great Renunciation'. The Prince left the palace on his horse Kantaka accompanied by his Minister Channa. When they reached the banks of the river Neranjana, the prince removed his royal robes and donned the robes of an ascetic.

He gave his royal robes to Channa and told him to go back to the palace with the news of his 'Great Renunciation'. The weeping minister did as he was bade. The horse Kantaka died of a broken heart.

❂ It is also on an Esala Poya Day that the Buddha preached his first sermon, the Dhammachakkapavattana Sutta to five ascetics known as the Pasvaga Mahanun. This was at a Deer Park in Isipatana in India. Isipatana is now known as Saranath. The five ascetics were, Kondanna, Bhaddiya, Vappa, Mahanama and Assaji. After they listened to the Sutta they became Buddhists and were the first bhikkhus in the Buddha Sasana.

❂ In Sri Lanka too several important events took place on Esala Poya and, therefore, the Esala Poya is very important to Sri Lankan Buddhists.

❂ It was Prince Ariththa, King Devanampiyatissa’s nephew who was ordained as the island’s first bhikkhu by Arahath Mahinda.
It was on an Esala Poya day that the laying of the foundation for the Ruwanvelisaya took place. The enshrinement of relics was done by King Dutugemunu.

❂ It was on an Esala Poya Day that the Sacred Tooth Relic was brought to Sri Lanka by Princess Hemamala and Prince Dantha from India. The original home of the Sacred Tooth Relic was Danta Pura, (City of the Tooth) in the state of Kalinga, on the Eastern coastal belt of India (present Orissa). Princess Hemamala disguised herself as an ordinary woman and hid the Sacred Tooth Relic in her hair. The Royal couple landed at Lankapattana. walked to Anuradhpura and handed over the Sacred Tooth Relic to King Kithsirimevan (AD 303-331). The reason the Sacred Tooth Relic was sent to Sri Lanka was for protection.

❂ The Sacred Tooth Relic was finally deposited in a building called Dhamma Cakka Geha built by King Devanampiyatissa.

❂ The Sacred Tooth Relic was taken in a grand procession and kept there for three months.
This procession could be the origin of today’s annual Esala Dalada Perahera held in Kandy and associated with the Dalada Maligawa.

Source: sundayobserver

ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.⊱⋅ ────────────────── ⋅⊰ලක්වැසි බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පොහෝය දිනයක් ලෙස ඇසළ ...
29/07/2026

ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
⊱⋅ ────────────────── ⋅⊰
ලක්වැසි බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පොහෝය දිනයක් ලෙස ඇසළ පෝය දිනය හැදින්විය හැක. ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති බව පත පොතහි සදහන් වේ.

❂ අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

❂ සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්,රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.

❂ එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

❂ ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

❂ තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

❂ මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම.

❂ කොණඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම

❂ ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.

❂ ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීම.

❂ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.

❂ විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

❂ බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.

❂ මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.

❂ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.

උපුටා ගැනීම: lankaepuwath, newsfirst

🔸පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ ඇති වැදගත්කම.   ⊱⋅ ────────────────── ⋅⊰❂ අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්...
29/06/2026

🔸පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ ඇති වැදගත්කම.
⊱⋅ ────────────────── ⋅⊰
❂ අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන අරහතුන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පණිවුඩය මූර්තිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.
❂ ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.
❂ බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.
❂ දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම.
❂ රටවැසියන්ට දේවදූත සූත්‍රය දේශනා කිරීම.
❂ ලක්දිව වැසියන් මෙතෙක් පැවති දෙවියන් භූතයන් යක්ෂයින් ආදීන් වන්දනා කිරීමේ අනිත්‍යතාව පෙන්වා දීම.
❂ සුමණ සාමනේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට වැඩි දෙවියන්හට සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම.
❂ මහමෙව්නා උයන පූජා කිරීම.
❂ ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය චිරස්ථායි වීමට අවශ්‍ය සෑම අංගයක්ම ඇතිකිරීම.
ශ්‍රී බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුදහම හඳුන්වා දුන්හ. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නම් අනාගාමී උපාසකතුමාත් යන රාජකීය ධර්ම දූත පිරිස මිහිඳු මහරහතන් වහන්සේ සමඟ මෙහි සැපත් වූහ.
තෙවැනි ධර්ම සංගායනාව
• ──────── ✾ ──────── •
ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පසුව පැළලුප් නුවර අශෝකාරාමයේ දී තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වුණි. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ මෙහි ප්‍රධානත්වය දැරූ අතර මහරහතන් වහන්සේලා දහස් නමක් සහභාගි වූහ. ධර්මාශෝක අධිරාජයා ප්‍රධාන දායකත්වය දැරීය. මෙම තෙවැනි ධර්ම සංගායනාවෙන් සිදු වූ මාහැඟි ප්‍රතිඵලය නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක පමණක් පැවැති බුදුදහම, එවකට දැන සිටි රටවල් නවයකට ධර්ම දූතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමයි. ස්වකීය පුත්‍ර වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් ම මෙරටට පිටත්කොට හැරීමෙන් පැහැදිලි වනුයේ ධර්මාශෝක අධිරාජයා ලක්දිව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ බවයි.
දූත පිරිස සැපත් වීම
• ─────── ✾ ─────── •
දඹදිව වේදිසගිරි නුවරින් ලක්දිව අනුරාධපුරයේ මිහින්තලයට සැපත් දූත පිරිසට එහිදී දේවානම්පියතිස්ස මහ රජු මුණ ගැසිණි. මිහිඳු මහරහතන් වහන්සේ මහ රජුට ස්වකීය දූත පිරිස මෙසේ හඳුන්වා දුන්හ.
❛❛සමණාමයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තමෙව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා❜❜
මහරජතුමනි, ශ්‍රමණයන් වන අපි ධර්ම රාජයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. නුඹලාට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.
බුද්ධි පරීක්ෂණයක්
• ────── ✾ ────── •
දඹදිව සිට කෙසේ පැමිණියාහු දැයි, මහ රජු ඇසූ ප්‍රශ්නයට මිහිඳු මහරහතන් වහන්සේගේ ලිහිල් පිළිතුර වූයේ “දියෙන් හෝ ගොඩින් හෝ නො ආම්හ” යන්නයි. එම පිළිතුර මහරජු තේරුම් ගත් බැව් දත් මිහිඳු මහරහතන් වහන්සේ මහ රජුගේ බුද්ධි මට්ටම පරීක්ෂා කිරීමට ප්‍රශ්න කිහිපයක් ඇසූහ. ළඟම තිබූ අඹ ගසක් මහ රජුට පෙන් වූ මිහිඳු මා හිමි “මේ කිනම් ගසක් දැ” යි ඇසීය. එවිට මහ රජු මේ අඹ ගසකැයි පිළිතුරු දුන්නේ ය.
මිහිඳු මා හිමි-මේ ගස හැර තවත් අඹ ගස් තිබේද?
මහරජු - එසේය, බොහෝ ගඹ ගස් තිබේ.
මිහිඳු මාහිමි - මේ අඹ ගසත්, අනෙක් අඹ ගසුත් හැරෙන්නට තවත් ගස් තිබේද?
මහරජු - එසේය, තවත් බොහෝ ගස් තිබේ.
මිහිඳු මා හිමි - ඒ අඹ ගසුත්, අඹ නොවන ගසුත් හැරෙන්නට තවත් ගස් තිබේද?
මහරජු - එසේය, ඒ මේ අඹ ගස ය.
බාහිර ලෝකයේ දක්නට ඇති උදාහරණයක් මුල් කරගෙන සිදු කළ මෙම සාකච්ඡාවෙන් මහ රජුගේ තර්ක බුද්ධිය පිළිබඳ සෑහීමකට පත් මිහිඳු මාහිමි ඉක්බිතිව විමසූයේ මහරජු කේන්ද්‍රකරගත් ප්‍රශ්නයකි.
මිහිඳු මාහිමි - නුඹට නෑයෝ සිටිත්ද?
මහරජු - එසේය, බොහෝ නෑයෝ සිටිති,
මිහිඳු මාහිමි - නොනෑයෝත් සිටිත් ද?
මහරජු - නොනෑයෝ ද බොහෝ වෙති.
මිහිඳු මා හිමි - නෑයෝත් නොනෑයෝත් හැර තවත් අය සිටිත් ද?
මහරජු - ස්වාමීනි, ඒ මම වෙමි.
බණ ඇසුමට දහස් ගණනින්
• ───────── ✾ ───────── •
මෙසේ සිදු කළ විධිමත් බුද්ධි පරීක්ෂණයෙන් පසු දේවානම්පියතිස්ස මහ රජු මනා බුද්ධිමතකු බව මිහිඳු මාහිමියනට අවබෝධ විය. අනතුරුව පිරිස් සහිත මහරජුට තෙරුවන් පිළිබඳවත්, බෞද්ධ චින්තනය පිළිබඳවත් හඳුන්වාදීමට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළහ. දේශනාවසානයෙහි මහරජු ප්‍රමුඛ හතළිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ. මහින්දාගමනයෙන් දෙවැනි දිනයේ දී රජ මැදුරේ දී පේතවත්ථු, විමානවත්ථු, සච්චසංයුත්තාදිය මුල් කරගෙන ධර්ම දේශනා පැවැත්වීය. මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල්වැසියනට ඒ ගැන දැන් වූ හෙයින් මෙම දෙවන දින බණ ඇසුමට දහස් ගණනින් ජනයා රජ මැදුරට එක්රැස් වූ හ. ඒ සියලු දෙනාට රජමැදුර ඉඩ මද වූයෙන් මහරජු මඟුල් ඇත්හල සරසා එහි අසුන් පැනවීය.
ඉක්බිතිව මිහිඳු මහරහතන් වහන්සේ පිළිවෙලින් දේවදූත, බාල පණ්ඩිත, ආසීවිසෝපම, අනමතග්ගිය, ධම්මචක්කප්පවත්තන යනාදී සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ගඵලාවබෝධයට පත් කරවූහ. ධර්ම දූතයන් වහන්සේලාගේ වාසස්ථානය සඳහා මහමෙවුනා උයන පූජා කළ මහ රජු මිහිඳු මාහිමි සමඟ එම උයන වටා ඇවිද සීමා මාලකාදිය පිහිටවිය යුතු තැන් නියම කරවා ගත්හ. දූත පිරිස අතර වූ භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කිරීමෙන් ලක්දිව මුල් පැවිදි උපසම්පදාව ද ඇරඹිණි.
සංස්කෘතික නවෝදය
• ─────── ✾ ─────── •
මෙසේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ථෙරවාදී බුදුසමය මෙරටට හඳුන්වාදීමත් සමඟම එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය වූ බව මේ අනුව පැහැදිලි ය. මෙකී සංස්කෘතිය නිසා මෙරට ජනතාව ගේ බුද්ධිය, ක්‍රියාකාරීත්වය හා අන්තර්පුද්ගල සබඳතාව ඉතා ඉහළම මට්ටමකින් පෝෂණය විය. මහින්දාගමනය ලක්වැසි ජනතාවට නව ජීවන දර්ශනයක් හඳුන්වා දුන් වැදගත්ම ඓතිහාසික සිදුවීම බව අමුතුවෙන් අවධාරණය කළ යුතු නොවේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසීන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, විශ්වාස හා අදහස් උදහස් පිළිබඳ මනෝ විද්‍යාත්මක අංශයෙන් අවධානය යොමුකොට සිදුකළ අත්‍යුදාර වූ ධර්ම දූත සේවාව සෙසු අන් එක ද රටකටවත් සිදුකළ ධර්ම දූත සේවාවට නොදෙවෙනි විශිෂ්ටත්වයක් ප්‍රකට කළ බව ඉතා පැහැදිලි ය.
රටක අනාදිමත් කාලයක පටන් පවත්නා සංස්කෘතියට නව සංස්කෘතියක් ආදේශ කරවීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. එය ඉතා විචාරශීලී බුද්ධිමය පදනමක පිහිටා රටේ පවත්නා සංස්කෘතියට ද හානියක් නොවන ලෙස සිදුකළ යුත්තකි.
මෙහිදී මිහිඳු මාහිමි සිදු කළේ ප්‍රාග් බෙද්ධ යුගයේ ලංකාවේ පැවැති සංස්කෘතිය වටහාගෙන එහිම හරවත් පරිවර්තනයක් සිදු කිරීමයි. පැවැති සංස්කෘතිය හෙළා දැක විවේචනය කිරීමවත්, එය සහමුලින් ම ප්‍රතික්ෂේප කිරීමවත්, මෙහි දී සිදු නොවුණි.
මිහිඳු මාහිමියන්ගේ මෙකී දූරදර්ශී වැඩ පිළිවෙල නිසාම එකල වෘක්ෂ දේවතාවුන් ඇදහූවෝ බෝධි වන්දනාව හා බෝධි පූජා සිදු කිරීමට පෙළඹුණහ.
ගිනි දෙවියන් පිදුවෝ බුදුරදුන් පිදූහ. මළවුන් ඇදහූ අය මළවුන්ට පින් අනුමෝදන් කරවීමෙන් එම යුතුකම සිදු කළහ.
ගල් පර්වතවලට වන්දනාමාන සිදු කළ අය චෛත්‍ය හා බුදු පිළිමවලට වන්දනා කිරීමෙන් ස්වකීය ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සලසා ගන්න. දෙවියන් ඇදහූ අය දෙවියන්ට පින්දීමට හුරුපුරුදු වූහ. මේ අනුව පැහැදිලි වන්නේ අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාර විධීන් හුරු පුරුදු වූ ජනතාව බුද්ධියේ නිම්වළලු පුළුල්වීමත් සමඟම හරවත් ආමිස හා ප්‍රතිපත්ති පූජාදිය කෙරෙහි කෙමෙන් කෙමෙන් නැඹුරු වූ බවයි.
දායාද රැසක්
• ────── ✾ ────── •
අප ශ්‍රී ලංකාද්වීපයේ භාෂා සාහිත්‍ය, චිත්‍ර, මූර්ති, කැටයම්, ගෘහ නිර්මාණ ශිල්පය යනාදියෙහි පදනම මහින්දාගමන ය යි. අප සිංහල අක්ෂර සම්ප්‍රදාය ද අද තත්ත්වයට හැඩගැසුණේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි. මහින්දාගමනයෙන් පසුව සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් සමඟ සිරිලකට වැඩමවීම නිසාද අපට උරුම වූ සංස්කෘතික දායාද රැසකි.
තවත් අතකින් බැලූ කල මහින්දාගමනයත් සමඟම අපට උරුම වූයේ එවකට ලෝකයේ පැවැති විශිෂ්ටතම කලා සම්ප්‍රදාය වූ මෞර්ය කලාවයි. බෞද්ධ කලාවේ පෝෂණයට ඉන් ලැබුණේ සුවිශේෂී දායකත්වයකි.
සඳකඩපහණ, වාහල්කඩ වැනි කලා නිර්මාණ සේ ම මහා කළුගල්වලට පණ පෙවූ සමාධි පිළිමය අවුකන පිළිමය වැනි විශ්ව කලාවේ සමතැන් ගන්නා අග්‍රගණ්‍ය කලා කෘති නිමවූයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි.
මහින්දාගමනයත් සමඟ වැවයි දාගැබයි, කෙතයි, යන සංස්කෘතික සබැඳියාවත්, ථෙරවාදී බුදුසමයේ කේන්ද්‍රස්ථානය ලංකාව බවට පත්වීමත් අපගේ අනන්‍යතා ලක්ෂණ මනාව මූර්තිමත් වන අවස්ථාවන් ලෙස නම් කළ හැකි ය.
පොසොන් පොහොය ගැනත් එහි ආගමික , ශාසනික වැදගත්කම ගැනත් විශේෂයෙන් මහින්දාගමනය තුළින් අපට උරුම වූ අනගි දායාද ගැනත් ප්‍රාමාණික අවබෝධයෙන් යුතුව බුද්ධියෙන් විමසා බලා මේ උතුම් පොසොන් පුන් පොහෝදා පිළිවෙතින් විනයෙන් සැදී පැහැදී ආමිස, ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව රැස් කරගත් කුසලයෙන් තම තමන්ගේ ජීවිත වඩ වඩාත් යහපත් තැනකට ඔසවා තබන්නට තෙරුවණේ අනන්ත ආශිර්වාදය පින්වත් ඔබට ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු !

Poson Poya day. Buddhists across the world mark Poson Poya today, Two hundred and eighteen years after Lord Buddha attai...
29/06/2026

Poson Poya day.

Buddhists across the world mark Poson Poya today,
Two hundred and eighteen years after Lord Buddha attained Nirvana, the Third Buddhist Council took place with Indian Emperor Dharmashoka providing state patronage. As a result, Buddhism spread to nine other countries.
Thereafter, in 236 BC on a day like today, during the reign of King Devanampiyatissa, Buddhism was introduced to Sri Lanka by Mihindu Maha Rahath Thero and the monks who travelled to Sri Lanka from Dambadiva.
As a result of this visit, a group led by Prince Aritta entered the Buddhist Order.
Thereafter, the Most Venerable Sanghamitta Theri undertook a visit to Sri Lanka with a sacred Bo Sapling from Bodh Gaya, accompanied by persons trained in eighteen different trades.
Source: Newsfirst
Image: #ඒහිපස්සිකෝ

🪔 වෙසක් මංගල්‍යයේ ආලෝකය අපගේ සිත් සතන් සනසාලමින්, කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාවෙන් ලෝකය පුරවන්නට හේතු වේවා.🪔 May the light...
30/05/2026

🪔 වෙසක් මංගල්‍යයේ ආලෝකය අපගේ සිත් සතන් සනසාලමින්, කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාවෙන් ලෝකය පුරවන්නට හේතු වේවා.

🪔 May the light of Vesak illuminate our hearts and inspire kindness, compassion, and wisdom in all that we do.

Today is Vesak Poya Day, which marks the birth, enlightenment, and passing away of the Buddha. It is one of the most sac...
01/05/2026

Today is Vesak Poya Day, which marks the birth, enlightenment, and passing away of the Buddha. It is one of the most sacred days for Buddhists around the world.

However, in Sri Lanka, the main Vesak celebrations are often observed on the following Poya day. As a result, even though today is a Vesak month Poya day, many decorations, dansal (free food offerings), and large-scale events may take place on the next Poya day instead.

අද වෙසක් පෝය දිනයයි. මෙය බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම සිහිපත් කරන ලෝකයේ බෞද්ධයන් සඳහා ඉතා පූජ...
01/05/2026

අද වෙසක් පෝය දිනයයි. මෙය බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම සිහිපත් කරන ලෝකයේ බෞද්ධයන් සඳහා ඉතා පූජනීය දිනයකි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙසක් උත්සව සැමරුම් ඊළඟ පෝය දිනයේ පවත්වනු ලබයි. අද වෙසක් මස පෝහොයක් දිනය වුවද, සැරසිලි, දන්සල් සහ විශාල උත්සව වැඩසටහන් බොහෝ විට ඊළඟ පෝය දිනයේදී දැකිය හැක.

බක් මස පොහොය දිනය අදයි !බක් මාසයෙහි සතර පෝයෙන් පුර පස‍ෙළාස්වක පෝය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක් බවට පත්වෙනවා. ඇයිද කියන...
01/04/2026

බක් මස පොහොය දිනය අදයි !

බක් මාසයෙහි සතර පෝයෙන් පුර පස‍ෙළාස්වක පෝය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක් බවට පත්වෙනවා. ඇයිද කියනවා නම් ශාසන ඉතිහාසය තුළ සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම එම පෝය දිනයෙහි සිදු වූ නිසා. ඒවා එකින් එක කෙටියෙන් පැහැදිලිව කරනවා නම් මෙහෙමයි.

මහල්ලෙක්, රෝගියෙක්, මළ තැනැත්තෙක් හා පැවිදි රූපයක් යන සතර පෙර නිමිති දැකීමෙන් පසුවයි සිද්ධාර්ථ රජකුමරුන් රාජ මාළිගාව අත්හැරියේ කියා අපි දන්නවා. එයින් පළමු නිමිත්ත තමයි මහලු රූපය. ඉතින් අද වාගේ පෝය දවසක මේ කාරණාව මිනිසුන් හැටියට අපි විශේෂයෙන් හිතන්න ඕන. ඒ තමයි මේ ලෝකයේ උප්පත්තිය ලබපු අපි කවුරුත් වයසට යනවා. මහලු වෙනවා. හැමදාම එකම විදිහකින් අපේ මේ රූපය පවතින්නේ නැහැ. අපි අපේ කියන රූපයත් අනිත්‍යයි කියන කාරණය.

ඒ වගේම අද වගේ බක් පෝය දවසක තවත් සිදුවීමක් බුද්ධ කාලයේ වුණා. ඒතමයි බුද්ධත්වයෙන් පස්සේ බුදුරාජාණන් වහන්සේ සුද්ධෝදන මහ රජතුමා ඇතුළු ඥාතීන් සම්මුඛයට වැඩම කිරීම. ඒ ඔවුන්ට නිවන් පුරයට යන්න මාර්ගය දේශනා කරන්නයි. අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ තාත්තා ඉන්න තැනට වැඩම කළා තාත්තාට විමුක්තිය උදාකරන්න.

හෙළදිව වංශකතාව අනුව මෙරට ඉතිහාසයේ සුවිශේෂ දිනයක් තමයි බක් පෝය. ඒ තමයි අප බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය. මෙම වැඩ කිරීමෙන් උන්වහන්සේගේ මහා කරුණා ගුණය තමයි විහිදෙන්නේ. බුද්ධත්වයෙන් වසර පහක් ගෙවෙන තැන සිදුවන මෙම ‍‍ඓතිහාසික ගමනෙන් ලංකා ඉතිහාසයේ මහ විනාශකාරී සටනක් නවත්තගන්න පුළුවන් වුණා. චූලෝදර සහ මහෝදර කියන නා රජවරු දෙදෙනා මිණිපළඟක් (මැණික් පුටුවක්) වෙනුවෙන් සටනක් ඇති කරගත්තා. එය සංසිඳුවන්න තමයි උන්වහන්සේ මෙරටට වැඩම කරන්නේ. ඒ සටන සංසිඳුවන උන්වහන්සේ, භෞතික සම්පතක් වෙනුවෙන් වටිනා දුර්ලභ මිනිස් ජීවිත විනාශකර ගැනීමෙන් වන අගතිය පෙන්වා දුන්නා. සමගියේ අගය සහ සමගියේ බලය අපිට දේශනා කළා. හෙළදිව වැසියන් සමගි සම්පන්න ජාතියක් විදිහට ගොඩනැඟෙන්න මේ අවස්ථාව ගොඩක් හේතු වුණා. බුදුරජාණන්වහන්සේ අපි තුළ එදා බක් පෝය දවසක ඇති කරපු ඒ සමගිය ඉදිරියටත් අපි ආරක්ෂා කිරීමයි අද වගේ දවසක හිතන්න ඕන. අනිත් ජාතීන්ටත් ආගමිකයන්ටත් එය හොඳ ආදර්ශයක් සපයනවා.

මේ යුද්ධයේදී මහෝදර නා රජතුමාගේගේ උදව්වට පැමිණි ඔවුන්ගේ මයිලනුවන් කෙනෙක් වන මණිඅක්ඛිත නා රජතුමා බුදුරජාණන්වහන්සේට විශේෂ ආරාධනාවක් කරනවා. ඒ තමයි තමන්ගේ පාලනයට යටත්ව පැවති කැලණිය ප්‍රදේශයට වැඩම කරන ලෙස. ඒ ආරාධනාව අනුව තමයි බුද්ධත්වයෙන් අටවන වර්ෂයෙහි තෙවන ලංකාගමනය සිදුවෙන්නේ

උපුටා ගැනීම: දනමිණ, Minipura Amashanthi Thapowanaya

#බක් #බක්_පෝය

Bak Poya. Today marks Bak Full Moon Poya Day, which also marks Lord Buddha’s second visit to Sri Lanka.Bak Full Moon Poy...
01/04/2026

Bak Poya.

Today marks Bak Full Moon Poya Day, which also marks Lord Buddha’s second visit to Sri Lanka.

Bak Full Moon Poya Day is of great significance to Buddhist devotees in Sri Lanka. Five years after attaining enlightenment, the Lord Buddha undertook his second visit to Sri Lanka.

The purpose of this visit was to advise the kings Chulodara and Mahodara who were preparing to wage war. The history of the Sasana notes that the Lord Buddha, on reaching Nagadeepa, preached to the Naga tribe and made them understand the value of peace and averting war between the two kings.

Also, in four sights, Prince Siddhartha Gautama saw a man bent with old age.

May the triple gem bless you 🙏🏻🙏🏻🙏🏻

Source: newsfirst, Minipura Amashanthi Thapowanaya

Today is Medin Full Moon Poya Day. 🙏🏻This Poya Day is important in the Buddhist calendar as it is on a day as this that ...
02/03/2026

Today is Medin Full Moon Poya Day. 🙏🏻

This Poya Day is important in the Buddhist calendar as it is on a day as this that Prince Siddhartha Gautama, after leaving the Royal Palace, visited the city of Kimbulwathpura for the first time as the “Samma Sambuddha”
It was on a day like today that the Buddha, along with a retinue of 20,000 disciples, trecked from Veluwanaaramaya, to Kimbulwathpura, to meet his father King Suddhodana, relatives and friends of the Sakya clan.

Princess Yasodara, Taking refuge in the Buddha, Dhamma and Sangha, and the ordination of her son Rahula and Prince Nanda were some of the important events that took place on this day.

The significance of Medin Full Moon Poya Day.

🌼 𝐊𝐢𝐧𝐠 𝐒𝐮𝐝𝐝𝐡𝐨𝐝𝐡𝐚𝐧𝐚’𝐬 𝐚𝐧𝐱𝐢𝐞𝐭𝐲 𝐭𝐨 𝐬𝐞𝐞 𝐡𝐢𝐬 𝐬𝐨𝐧

🌼 𝐁𝐮𝐝𝐝𝐡𝐚 𝐚𝐜𝐜𝐞𝐩𝐭𝐬 𝐭𝐡𝐞 𝐢𝐧𝐯𝐢𝐭𝐚𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐇𝐢𝐬 𝐟𝐚𝐭𝐡𝐞𝐫 𝐬𝐞𝐧𝐭 𝐭𝐡𝐫𝐨𝐮𝐠𝐡 𝐇𝐢𝐬 𝐥𝐚𝐲𝐭𝐢𝐦𝐞 𝐩𝐥𝐚𝐲𝐦𝐚𝐭𝐞

🌼 𝐘𝐚𝐦𝐚 𝐌𝐚𝐡𝐚 𝐏𝐞𝐥𝐚𝐡𝐚𝐫𝐚 - 𝐓𝐡𝐞 𝐭𝐰𝐢𝐧 𝐦𝐢𝐫𝐚𝐜𝐥𝐞

🌼 𝐁𝐮𝐝𝐝𝐡𝐚 𝐠𝐨𝐞𝐬 𝐨𝐧 𝐇𝐢𝐬 𝐚𝐥𝐦𝐬 𝐫𝐨𝐮𝐧𝐝 𝐢𝐧 𝐭𝐡𝐞 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 𝐨𝐟 𝐇𝐢𝐬 𝐟𝐚𝐭𝐡𝐞𝐫

🌼 𝐊𝐢𝐧𝐠 𝐒𝐮𝐝𝐝𝐡𝐨𝐝𝐡𝐚𝐧𝐚 𝐚𝐭𝐭𝐚𝐢𝐧𝐬 𝐒𝐨𝐰𝐚𝐧

🌼 𝐁𝐮𝐝𝐝𝐡𝐚 𝐯𝐢𝐬𝐢𝐭𝐬 𝐇𝐢𝐬 𝐥𝐚𝐲𝐭𝐢𝐦𝐞 𝐜𝐨𝐧𝐬𝐨𝐫𝐭, 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 𝐘𝐚𝐬𝐡𝐨𝐝𝐡𝐚𝐫𝐚

🌼 𝐃𝐚𝐮𝐠𝐡𝐭𝐞𝐫-𝐢𝐧-𝐥𝐚𝐰 𝐩𝐫𝐚𝐢𝐬𝐞𝐝 𝐛𝐲 𝐊𝐢𝐧𝐠 𝐒𝐮𝐝𝐝𝐡𝐨𝐝𝐡𝐚𝐧𝐚

🌼 𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐑𝐚𝐡𝐮𝐥𝐚 𝐰𝐚𝐬 𝐚𝐝𝐦𝐢𝐭𝐭𝐞𝐝 𝐢𝐧𝐭𝐨 𝐭𝐡𝐞 𝐎𝐫𝐝𝐞𝐫.

🌼 𝐎𝐫𝐝𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐍𝐚𝐧𝐝𝐚

🌼 𝐊𝐢𝐧𝐠 𝐒𝐮𝐝𝐝𝐡𝐨𝐝𝐡𝐚𝐧𝐚’𝐬 𝐫𝐞𝐪𝐮𝐞𝐬𝐭 𝐭𝐡𝐞 𝐄𝐧𝐥𝐢𝐠𝐡𝐭𝐞𝐧𝐞𝐝 𝐎𝐧𝐞 𝐧𝐨𝐭 𝐭𝐨 𝐨𝐫𝐝𝐚𝐢𝐧 𝐜𝐡𝐢𝐥𝐝𝐫𝐞𝐧 𝐰𝐢𝐭𝐡𝐨𝐮𝐭 𝐭𝐡𝐞 𝐜𝐨𝐧𝐬𝐞𝐧𝐭 𝐨𝐟 𝐭𝐡𝐞 𝐩𝐚𝐫𝐞𝐧𝐭𝐬

🌼𝐂𝐨𝐧𝐯𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐨𝐟 𝐒𝐚𝐤𝐲𝐚 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬

" Have A Blessed Medin Full Moon Poya Day" 🙏
Sources:
www.newsfirst.lk
www.dailymirror.lk
sundayobserver.lk

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Namaskaraya - නමස්කාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Namaskaraya - නමස්කාරය:

Shortcuts

Share