Baraneskanda Purana Viharaya

Baraneskanda Purana Viharaya Famous Buddhist Temple in Kelaniya Baraneskanda Purana Viharaya is a fast developing Therawada Buddhist temple in kelaniya, Sri Lanka.

Ven kahatawila watte Palitha Thero and Ven. Nelumdeniye Siriwimala thero's are the pioneers of the developing process of this temple. There are lots of traditional and spiritual services caring out from this temple to the society. This page is to convey the updates to the Dhamma friends world wide .

02/03/2026

මැදින් පුර පෝය දිනය බුදුන් වහන්සේ සත් වසරකට පසු තම උපන් ගම් වූ කපිලවස්තු නගරයට පළමුවරට පැමිණි පුණ්‍යදායක දිනය ලෙස බෞද්ධයන් විසින් සලකනු ලබයි .

සිය පියා වූ සුද්ධෝදන මහරජු ඇතුළු සකිය වංශිකයන්ට ධර්මය දේශනා කරමින්, රාහුල කුමාරයා පැවිදි කිරීමද සිදු වූයේ මෙවන් පෝය දිනක බව ඉතිහාසයේ සඳහන් වේ .

එවන් අර්ථවත් පෝය දිනයක, යුද්ධය හා ජය-පරාජය පිළිබඳ ගැඹුරු සත්‍යයක් දේශනා කරන පඨම සංඝාම සූත්‍රය සිහිපත් කිරීම අපට අභ්‍යන්තර සාමය ගැන නැවත සිතීමට ආරාධනා කරයි.

#මැදින්පුරපෝය


#බුදුදහම

#පඨමසංඝාමසූත්‍රය
#සමාධිය
#අහින්සාව
#මෛත්‍රිය



゚viralシfypシ゚viralシalシ

23/02/2026

මීට වසර 13 කට පෙර ,
බරණැස්කන්ද වෙහෙරේ කල්‍යාණමිත්‍ර පූජණීය ,
මහා සගරුවනේ ආශිර්වාදය ලබමින් ,
ඥානෝදය දම් සෙවනේ දහම් ම්ග සෙවූ
එක්තරා තරුණ දරුවෙක්…
පිංවත් විහාරාධිපතිව වැඩවිසූ
ඉතා කාරුණික , මධුරවූ හඩකින් හෙබි,
පූජ්‍ය කහටවිල වත්තේ පාලිත නාහිමි බැහැදැක
උන්වහන්සේගේ හඩින් ධම්ම පදයේ ගාථා කිහිපයක් ශ්‍රවණය කිරීමට ප්‍රිය වූ බවත් , අවස්ථාවක් ඇත්නම් අනුකම්පා පිණිස අර්ථ පහදා දෙන ලෙසත් හිමියන්ගෙන් පාද නමස්කාරකොට ඉල්ලා සිටියේය..
අනුකම්පා සිත් ඇති ඒ නාහිමියන් එදා මියුරු ලෙස සජ්ජායනා කළ ගාථාවක් මේසේ ඉදිරිපත් කරමු.

ත්‍රිලක්ෂණය පසක්කරවමින් කාලයේ වැලිතලාවෙන් ඒ බුදුගුණ මියුරු හඩින් කම්පිතකෙරු පූජ්‍ය පාලිත හිමියන් නොමැති වුවත් ගුණ සුවදට අපගේ නමස්කාරය ! තෙරුවන් සරණයි ! ゚viralシfypシ゚viralシalシ

22/02/2026

🙏 නිවන් දකින්න කැමති කුලපුත්‍රයෙකුට – භගවාන් වහන්සේ දේශනා කළ මාර්ගය 🙏

අරණේ භයවූ භික්ෂූන් වහන්සේලාට භගවාන් වහන්සේ දේශනා කළ කරුණීය මෙත්ත සූත්‍රය, අදත් අපගේ ජීවිතයට ආලෝකයක් වේ.

නිවන් සෑදීමට කැමති කෙනෙකු
✔️ සෘජුව,
✔️ සන්තුෂ්ටව,
✔️ අහංකාර රහිතව,
✔️ ඉන්ද්‍රිය සංවරයෙන්,
✔️ සියලු සත්වයන්ට අසීමිත මෙත්තාවෙන් ජීවත්විය යුතුය.

“මව් කෙනෙකු තම එකම දරුවා රැකගන්නා සේ,
සියලු සත්වයන් කෙරෙහි අසීමිත හදවතක් වර්ධනය කළ යුතුය” – මෙයයි බුදු වචනය.
#කරුණීයමෙත්තසූත්‍රය

#බුදුදහම

#නිවන්මඟ

#සත්සරණයි







#සතුන්ටමසතුට

මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහෝපාධ්‍ය , පරපේ ශ්‍රී විද්‍යාශ්‍රී පිරිවෙනේ පරිවෙනාධිපති හා කෘත්‍යාධිකාරි,ස...
11/02/2026

මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහෝපාධ්‍ය , පරපේ ශ්‍රී විද්‍යාශ්‍රී පිරිවෙනේ පරිවෙනාධිපති හා කෘත්‍යාධිකාරි,
සිරි පඤ්ඤාජෝති ඤාණසිරි ධම්මාරාම වංසාවතංස ශාසන කීර්ති ශ්‍රී සංඝ සෝභන අතිපූජ්‍ය
“පරපේ ජිනරතන නායක මාහිමිපාණන් වහන්සේ “
උතුම් නිවනින් නිවී සැනසේවා!

09/02/2026

ධනීය කියන්නේ ගවයන්ගෙන්, ධනයෙන්, පවුලෙන් සම්පූර්ණව සුරක්ෂිතයි කියලා හිතන ගෝපාලයෙක්.
ඔහු බුදුරජාණන් වහන්සේට තමන්ගේ සම්පත්, ගවයන්, වැව්, නිවස, බිරිඳ සහ දරුවන් ගැන අභිමානයෙන් කියනවා.
ඒකට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ –
ඇත්තටම සුරක්ෂිතය කියන්නේ බාහිර ධනය නෙවෙයි, ඇලීම්වලින් නිදහස් වූ සිතක් බවයි.
අවසානයේ ධනීයට තේරෙනවා, ලෝකීය ධනය අස්ථිරයි, නමුත් ධර්මයයි සැබෑ ආරක්ෂාව කියලා.

#ධනීයගෝපාලසූත්‍රය
#සුත්තනිපාතය
#බුදුදහම
#ධර්මදේශනා
#ජීවිතසත්‍යය
#ඇලීම
#අස්ථිරත්වය
#සිත්සරණිය
#නිදහස්සිත
#ධර්මයජීවිතයට

05/02/2026

අපි ආදරේ කරපු කෙනෙක් මියගියාම
අපි කරන දෙය මොකක්ද?
කඳුළු වැටෙනවා…
හදවත බර වෙනවා…”

“ඒත්…
තිරෝකුඩ්ඩ සූත්‍රය අපිට මතක් කරලා දෙන්නේ
ඒ කඳුළු ඔවුන්ට ලැබෙන්නේ නැහැ කියලා.”

“බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා…
පෙර ජීවිතයේ දානය, පිංකම් නොකර මියගිය පෙත්තුන්
බිත්ති අස්සේ,
දොර පස,
ගෙවල් වටේ
අපි කරන දානය බලා සිටිනවා කියලා.”

“ඔවුන්ට කෑමක් ගන්න බැහැ.
වතුර බොන්න බැහැ.
අපි වගේ අත් දිගහරින්නත් බැහැ.”

“ඒත්…
අපි දානයක් කරලා
‘මේ පිං අපේ මියගිය නෑදෑයන්ට අනුමෝදන් වෙවා’
කියලා හදවතින් කියනකොට…
ඒ පිං ඔවුන්ට ලැබෙනවා.”

“තිරෝකුඩ්ඩ සූත්‍රය පැහැදිලිව කියනවා…
වැළපීම් ඔවුන්ට උපකාර වෙන්නෙ නැහැ.
පිං අනුමෝදනය වෙද්දී
ඔවුන්ගේ දුක නිමාවට පත් වෙනවා කියලා.”

“ඒ නිසා…
අපි මියගිය අයට දෙන්න පුළුවන් හොඳම දේ
කඳුළු නෙවෙයි…
පිං.”

“ඒ වගේම…
ජීවත්ව ඉන්න අපිටත්
මේක ලොකු පාඩමක්.”

“අද අපි දානයට හැදුනොත්…
අද අපි පිංකම්වලට වටිනාකම දුන්නොත්…
එක දවසක්
අපිටත් ඒ පිං සරණ වෙයි.”

“තිරෝකුඩ්ඩ සූත්‍රය කියන එකම පණිවිඩය ඒකයි…
ජීවිතේ තියෙද්දි
පිං රැස් කරගන්න.”

“මියගිය අයට…
සරණ වෙන්නේ පිං.
ජීවත්ව ඉන්න අපිටත්…
එකම සරණයි.”

#තිරෝකුඩ්ඩසූත්‍රය #බුදුදහම #පිංකම්

05/02/2026

🙏දානං සග්ගස්ස සෝපානං🙏පිණ්ඩපාත චාරිකාව 2026🙏

සුපසන් නව වසරේ ආශීර්වාදාත්මක සම්මා කම්මන්තය සාර්ථක ලෙස නිමා විය
05/02/2026

සුපසන් නව වසරේ ආශීර්වාදාත්මක සම්මා කම්මන්තය
සාර්ථක ලෙස නිමා විය

31/01/2026

ඔබ සැමට පිංබර නවම් පුරපසළොස්වක පොහොය දිනයක් වේවා !
#නවම්

2026බරණෙත් පිඩුසිගා දන් පෙළහර,සුපසන් නව වසරේ ආශිර්වාදාත්මක සම්මා කම්මන්තය,ජාතික නිදහස් දින නිදහස් විරුවන්ට පිං පෙත් පුදන...
29/01/2026

2026
බරණෙත් පිඩුසිගා දන් පෙළහර,

සුපසන් නව වසරේ ආශිර්වාදාත්මක සම්මා කම්මන්තය,

ජාතික නිදහස් දින නිදහස් විරුවන්ට පිං පෙත් පුදනු වස් සම්බුද්ධ සසුනේ උතුම් සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහත් උතුමන්ගෙන් පැවතෙන මහ සඝරුවන 2026 පෙබරවාරි 04. පිණ්ඩපාතය වඩින සේක.

ගමන් මාර්ගය ~><

බරණැස්කන්ද විහාරයෙන්, ගෝනගම්පල පාර, කෝපියවත්ත මැදින් බියගම පාර ඔස්සේ, පිලපිටිය 6 කණුව ලියෝ පාර, එක්සත් මාවත බයන්නෑව පාර, කැලණි විහාර මාවත, ජයන්ති මාවත ලියෝ පාර හතර මං හන්දියෙන් ශ්‍රමදාන මාවත, බරණැස්කන්ද විහාරය

පරික්කාර

පරිස්කාර ~><

ස්වාමීන් වහන්සේලා පරිහරණය කෙරෙන පාරිභොගික අධ්‍යාපනික උපකරණ හා වියලි ද්‍රව්‍ය

තෙරුවන්සරණයි

ඇතිවී තිබෙන හදිසි ආපදාකාරී තත්වයෙන් පීඩාවිදින , අවදානම් තත්වයේ සිටින ශ්‍රී ලාංකිකයන් සියළු දෙනා  තෙරුවන් ගුණ බෙලෙන් ඉන් ...
28/11/2025

ඇතිවී තිබෙන හදිසි ආපදාකාරී තත්වයෙන් පීඩාවිදින , අවදානම් තත්වයේ සිටින ශ්‍රී ලාංකිකයන් සියළු දෙනා තෙරුවන් ගුණ බෙලෙන් ඉන් මිදී සුවපත් වේවා!

04/11/2025

උතුම් ඉල් පොහෝදින සදහම් පණිවිඩය
බරණැස්කන්ද පුරාණ විහාරය , කැලණිය , 2025 #2025 -peace

Address

Kelaniya
11600

Telephone

+94112911047

Website

Alerts

Be the first to know and let us send you an email when Baraneskanda Purana Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Baraneskanda Purana Viharaya:

Share