St. Mary's Church- Kegalle

St. Mary's Church- Kegalle This church was built in 1852. Belongs to Rathnapura Diocese, Kegalle parish.

රත්නපුර පදවි මරිය හමුදා  කියුරියා වාර්ෂික මෙහෙය රත්නපුර පදවි මරිය හමුදා කියුරියාවේ පොරොන්දු අලුත් කිරීමේ දිව්‍ය පුජා යාග...
30/05/2026

රත්නපුර පදවි මරිය හමුදා කියුරියා වාර්ෂික මෙහෙය

රත්නපුර පදවි මරිය හමුදා කියුරියාවේ පොරොන්දු අලුත් කිරීමේ දිව්‍ය පුජා යාගය කෑගල්ල ශාන්ත මරියා දෙව්මැදුරේදි ඉමහත් බැතියෙන් යුතුව පවත්වනු ලැබීය . රත්නපුර පදවි රදගුරු ලේකම් ගරු ෂේන් වික්‍රමසිංහ පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති දිව්‍ය පුජා යාගය එතුමන් විසින් ඔප්පු කරන ලද අතර මරිය හමුදා කියුරියා පදවි අධ්‍යක්ෂක ගරු උමේෂ් මාලින්ද පියතුමා දිව්‍ය පුජාව ඔප්පු කිරීම සඳහා හවුල් විය .

කෑගල්ල මීසම් සේවක ගරු අයාල් ඉන්දික ප්‍රනාන්දු හා කෑගල්ල සහයක ගරු දිලීප නුවන් පියතුමාගේ සහයෝගයෙන් මරිය හමුදා කියුරියා හා කුඩා ඒකක කිතුනු සංඝ රත්නපුර පදවි අධ්‍යක්ෂක ගරු උමේෂ් මාලින්ද පියතුමා විසින් මරිය හමුදා පාලක සභ නිලධාරීන්ගේ හා ක්‍රියාකාරි මරිය භටයින්ගේ කැපවීමෙන් මෙය සංවිධානය කල අතර දිව්‍ය පුජාවෙන් අනතුරුව වාර්ෂික සභා රැස්වීම කෑගල්ල ශාන්ත මරියා මීසම් ශාලාවේදී පැවැත්විණි .🙏

ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින් ද? ✝️🤍✨
30/05/2026

ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින් ද? ✝️🤍✨

ඔබ යාච්ඤාවෙන් අයදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේම යයි විශ්වාස කරන්න. එවිට එය ඔබට ලැබෙන්නේම ය. ✝️🤍✨
29/05/2026

ඔබ යාච්ඤාවෙන් අයදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේම යයි විශ්වාස කරන්න. එවිට එය ඔබට ලැබෙන්නේම ය. ✝️🤍✨

" දයාවේ නව ශ්‍රී ලංකා ප්‍රාදේශාධිපති අතිගරු ලංකා ප්‍රනාන්දු පැවිදි සොහොයුරිය  පිළිගැනීමේ දිව්‍ය පුජාවක් "ජේසු තුමන් හා ම...
28/05/2026

" දයාවේ නව ශ්‍රී ලංකා ප්‍රාදේශාධිපති අතිගරු ලංකා ප්‍රනාන්දු පැවිදි සොහොයුරිය පිළිගැනීමේ දිව්‍ය පුජාවක් "

ජේසු තුමන් හා මරිය තුමිය තුළ දයාවේ පැවිදි සොහොයුරියන්ගේ නිකායේ නව ශ්‍රී ලංකා ප්‍රාදේශාධිපති අතිගරු ලංකා ප්‍රනාන්දු පැවිදි සොහොයුරිය පිළිගැනීම ඉකුත් ශුද්ධාත්ම ඉරුදින කෑගල්ල ශාන්ත මරියා දෙව්මැදුරේදී ඉතා හරසරින් යුතුව පැවැත්විණි .
කෑගල්ල මීසම් සේවක ගරු අයාල් ඉන්දික ප්‍රනාන්දු පියතුමාගේ අධීක්ෂණය යටතේ කෑගල්ල සහයක ගරු දිලීප නුවන් පියතුමා හා කෑගල්ල ශාන්ත මරියා දහම් ගුරු භවතුන් සමග කෑගල්ල ශාන්ත මරියා දහම් පාසලේ අටවැනි ශ්‍රේණියේ සිසු දු පුතුන් විසින් මෙම ශුද්ධාත්ම ආගමන ඉරුදින දිව්‍ය පුජාව සංවිධානය කෙරිණි .
කෑගල්ල මීසම් සේවක ගරු අයාල් ඉන්දික ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සුවිශේෂී අවස්ථාව හා දිව්‍ය පුජාව ඔප්පු කිරීම සඳහා කෑගල්ල සහයක ගරු දිලීප නුවන් හා ගරු ඩේමියන් ප්‍රනාන්දු පියතුමන් හවුල් වු අතර කෑගල්ල ශාන්ත ජෝසප් කන්‍යාරාමයේ මව්තුමිය ගරු වර්ජනියා ඩැනියෙල් පැවිදි සොහොයුරිය ඇතුලු පැවිදි සොහොයුරියන් හා කෑගල්ල මීසම් කිතුනු සංඝය බැති සිතින් එක්ව සිටියහ .🙏

යන්න, ඔබේ ඇදහිල්ල ඔබට සුව සම්පත ලබාදී ඇත. ✝️🤍✨
28/05/2026

යන්න, ඔබේ ඇදහිල්ල ඔබට සුව සම්පත ලබාදී ඇත. ✝️🤍✨

මාගේ දකුණු පස ද වම් පස ද ඉඳගන්න දීම මා සතු දෙයක් නොවේ. යම් අය සඳහා එය නියම කර ඇත්ද, එය අයිති වන්නේ ඔවුන්ට ය.✝️🤍✨        ...
27/05/2026

මාගේ දකුණු පස ද වම් පස ද ඉඳගන්න දීම මා සතු දෙයක් නොවේ. යම් අය සඳහා එය නියම කර ඇත්ද, එය අයිති වන්නේ ඔවුන්ට ය.✝️🤍✨

" කිතු දන පුබුදු රත්නපුර පදවි ශුද්ධාත්ම ආගමන මංගලෝත්සව මෙහෙය කුඩාගම නිර්මල ලූර්දු දේවමාතා පුදබිමේ " කිතු දන පුබුදු රත්න...
26/05/2026

" කිතු දන පුබුදු රත්නපුර පදවි ශුද්ධාත්ම ආගමන මංගලෝත්සව මෙහෙය කුඩාගම නිර්මල ලූර්දු දේවමාතා පුදබිමේ "

කිතු දන පුබුදු රත්නපුර පදවි ශුද්ධාත්ම ආගමන මංගලෝත්සව මෙහෙය ඉකුත් දින රත්නපුර රදගුරු අති උතුම් ඇන්ටන් වයමන් කෲස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කුඩාගම නිර්මල ලූර්දු දේවමාතා පුදබිමේදී ඉමහත් හරසරින් හා බැතියෙන් යුතුව පැවැති අයුරු .
කිතු දන පුබුදු රත්නපුර පදවි අධ්‍යක්ෂක හා කෑගල්ල මීසම් සේවක ගරු අයාල් ඉන්දික ප්‍රනාන්දු පියතුමා විසින් කුඩාගම මීසම් සේවක ගරු උමේෂ් මාලින්ද පියතුමා සමග එක්ව පදවි කිතු දන පුබුදු ක්‍රියකාරීන් ගේ කැපවීමෙන් මෙම දිව්‍ය ප්‍රශංසා මෙහෙය මැනවින් සංවිධානය කලේය .
ශුද්ධාත්ම බලය ශක්තිය හා මෙහෙයවීම අයැදමින් ශුද්ධාත්ම වරම් අත් දකින්නට යදිමින් පැවැති මෙම දිව්‍ය මෙහෙය සාර්ථක කර ගැනීම සදහා පදවි හා කෑගල්ල මීසම් දිසාවේ ගරු පියතුමෝ එතුමන් සමග එක්ව සිටියහ .🙏

ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝය. ✝️🤍✨
26/05/2026

ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝය. ✝️🤍✨

ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා. මෙන්න ඔබේ මෑණියෝ.  ✝️🤍✨
25/05/2026

ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා. මෙන්න ඔබේ මෑණියෝ. ✝️🤍✨

ශුද්ධාත්මයාණන් පිළිගන්න; ඔබ යමෙකුගේ පව් කමා කරන්නහු ද, ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ. ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහු ද, ඒවා කමා...
24/05/2026

ශුද්ධාත්මයාණන් පිළිගන්න; ඔබ යමෙකුගේ පව් කමා කරන්නහු ද, ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ. ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහු ද, ඒවා කමා නොකරනු ලැබේ. ✝️🤍✨

Address

Kegalle

Alerts

Be the first to know and let us send you an email when St. Mary's Church- Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share