Sri Sambuddhaloka Viharaya Kiridana Kegalle

Sri Sambuddhaloka Viharaya Kiridana Kegalle buddhist viharaya

💪💪🙏🙏❤️❤️
28/11/2022

💪💪🙏🙏❤️❤️

17/09/2022

Police Clearance Certificate
(පොලිස් නිශ්කාශන වාර්තාව)

✅Police Clearance Certificate එක ඔන්ලයින් ගත්තෙ මෙහෙමයි. රු. 1530 ක් තමා ගියෙ.

⚠️️සේරටම කලින් මම පහළින් දාන ඩොකියුමන්ට් ටික ඔයාලා ස්කෑන් කරලා ලෑස්ති කරගෙන ඉන්න ඕනි. (ඒ හැම ෆයිල් එකකම ෆයිල් JPG සයිස් එක 250KB ට වඩා අඩුවෙන්නත් ඕනි. ඊට වඩා වැඩි නම් ඔයාලට ඒක අප්ලෝඩ් කරද්දි එරර් එකක් එනවා)

▶️ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස හා පිටුපස පැති දෙක ෆයිල් දෙකක් විදියට.
▶️පාස්පෝට් එකේ 1 හා 2 පිටු ෆයිල් දෙකක් විදියට.
▶️උප්පැන්න සහතිකේ ඉදිරිපස හා පිටුපස පැති දෙක ෆයිල් දෙකක් විදියට.

(ඉහත සදහන් සියලුම ඩොකුමන්ට් වල ඡායාරූප ඔරිජිනල් කලර් ඡායාරූප විය යුතුමයි)

1. eservices.police.lk එකට ගිහින් Proceed වෙන්න තියෙන්නෙ. එතනදි Google, Linkedin, facebook හෝ hotmail ඇඩ්රස් එකක් ඉල්ලනව ඔයාගෙ. ඒකෙන් ගූගල් එක දුන්නා ලේසි නිසා. එතනින් තමන්ගෙ ගූගල් එකවුන්ට් එක සිලෙක්ට් කරාම ඇප්ලිකේෂන් එකේ සයිට් එකට එනවා.

2. එතන ඉඳලා සාමාන්‍ය විදියට ෆෝම් එක ෆිල් කරගෙන යන්න තියෙන්නෙ. විශේෂ දේවල් ටික පහළින් දාන්නම් මම.

✅Reference No. කියන එක Blank තියන්න.
✅NIC, PASSPORT නම්බර් දාන තැන Country කියන එකට ඔයා යාමට බලාපොරොත්තු වන රට දාන්න.(රුමේනියා)
✅Reference High Commission / embassy කියන තැනට ඔයාලා Embassy of Romania - Colombo කියන එක දාන්න.
✅රුමේනියා යන අය ෆිල් කරන විදියයි මම මේ කියන්නෙ.
✅පහළින් තියන කැප්චා ටෙක්ස්ට් එක හරියට ටයිප් කරලා Verify දෙන්න.

3. ඊට පස්සෙ ඉතිරි කොටස එනවා ෆෝම් එකේ ඒකත් සාමාන්‍ය විදියට ඉල්ලල තියන විස්තර දීලා ෆිල් කරගන්න.

✅ඔයාගෙ ID එකෙයි Passport එකෙයි තියන නම් වල වෙනසක් නැත්තන්
Which name should be printed in certificate කියන තැනට NIC (National Identity Card) කියන එක සිලෙක්ට් කරන්න. මොකද ඔයා එතන්ට passport දුන්නොත් පහළින් වෙනම affidavit (දිවුරුම් ප්‍රකාශයක්) ඉල්ලනව.
✅Occupation එකට ඔයා දැනට කරන රැකියාව දාන්න.
✅Purpose කියන තැනට වැඩ කරන්න යන නිසා දැම්මෙ Employment කියන එක.

4. ඊට පස්සෙ address එක දාන්න. පොලිස් ඒරියා එකත් දාන්න. ඊට පස්සෙ ඔයා කවදා ඉඳන් කවදා වෙනකන්ද එහෙ හිටියෙ කියල From / To දාන්න.

✅ඔයා ගෙවල් දෙකක හෝ ඊට වැඩි ගානක පදිංචි වෙලා හිටියා නම් ඔයා පලවෙනියම හිටපු ගෙදර ලිපිනය , පොලිස් වසම, කාලය දාලා දකුණේ කෙලවර තියන add සිලෙක්ට් කරන්න. එතකොට ඒ විස්තර පහළ වගුවෙ වැටෙනව. ඊළඟට අනිත් හිටපු ටගදර විස්තර. එහෙම පුලුවන් ඔයා හිටපු විස්තර ටික එතන්ට ඇඩ් කරන්න.

5. ඊට පහළින් තියෙන්නෙ අපේ පොලිස් නිශ්කාශන වාර්තාව තැපැල් කරන්න ඕනි විස්තර. ඒවා පැහැදිලිව දෙන්න. Zip කෝඩ් දන්නැත්තන් නෙට් එකේ තමන් ඉන්න නගරය ගහලා සර්ච් කරලා බලන්න.

6. Details of spouse - තමන් විවාහ වෙලා ඉන්න කෙනාගෙ විස්තර දාන්න තියනව. අවිවාහක නම් එතන හිස් තියන්න.

7. Upload Documents - අපි දැන් ලෑස්ති කරගත්ත ඩොකියුමන්ට් ටික අප්ලෝඩ් කරන්න තියෙන්නෙ.
Choose file දීලා ඩොකියුමන්ට් එක සිලෙක්ට් කරලා ඒක ලෝඩ් උනාම upload කියන එක දෙන්න.

✅පාස්පෝට් එකේ පලවෙනි පිටුව (විස්තර තියන පේජ් එක)
✅පාස්පෝට් එකේ දෙවනි පිටුව (all country detail page)
✅ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස
✅ජාතික හැඳුනුම්පතේ පිටුපස
✅උප්පැන්න සහතිකයේ ඉදිරිපස
✅උප්පැන්න සහතිකයේ පිටුපස

8.ඊළඟට එන්නෙ සල්ලි ගෙවන පේජ් එක. එතනදි රු.1530 යි කියල පෙන්නනව. ඒක Confirm කරාම පේමන්ට් එක කරන විදිය අහනව එතනදි I Accept කියන තැනට ✔ ලකුණක් දාලා Amex, Credit or debit කාඩ් එකකින්ද ගෙවන්නෙ කියල ඒක තෝරල proceed දෙන්න.

9. ඊට පස්දෙ කාඩ් ඩීටේල්ස් ෆිල් කරලා මුදල ගෙව්වට පස්සෙ අපේ Email එකට සල්ලි ගෙවපු රිසිට් එක මේල් එකක් විදියට එනවා. ඒ වගේම අපේ ෆෝන් එකටත් Reference Number එකක් එනවා. ඒක තමයි අපිට ඕනි වෙන්නෙ කෝල් කරලා අපේ Police clearance certificate එකේ දැන් තත්වය කොහොමද කියල චෙක් කරගන්න.

10. මේක දාලා සතියකින් විතර ඔයා ඔයාගෙ පොලිසියට කෝල් කරලා අර රෙෆරන්ස් නම්බර් කියලා විස්තර අහල බලන්න. සමහරවිට ඊට කලින්ම පොලිසියෙන්ම ඔයාට කෝල් කරන්නත් ඉඩ තියනවා. ඒ වැඩේ ඉක්මනින් කරගන ඒක ඔයාගෙ පොලිසියෙන් හෙඩ් ඔෆිස් එකට යවන්න සලස්වගන්න.

11. ඒ යවලා සතියකින් විතර ඔයාට පුලුවන් Police head quarter Clearance office එකට කෝල් කරලා ඔයාගෙ රෙෆරන්ස් නම්බර් එක කියලා දැනට ඔයාගෙ clearance certificate එකේ විස්තර දැනගන්න. එයාලා ඒක රෙඩි වෙන දවසත් කියනවා සමහරවිට.

011 2013070
011 2013071
011 2013072
011 2439185

12. පුලුවන් නම් ඒ දවසට කෝල් කරලා එයාලට කියන්න ඇවිත් ගන්නම් කියල. මොකද කොරෝනා තත්වයත් එක්ක තැපෑලෙන් එන්න සාමාන්‍යයෙන් සති දෙකක් විතර යනවා.

13. Clearance Certificate එක ලෑස්තී කියල ඔයා ඒක ඇවිත් ගන්නම් කිව්වට පස්සෙ කිව්ව දවසටම යන්න Police Head quarters Clearance branch එකට. වරාය ගාව තමා තියෙන්නෙ. උදේ 08.00 - 08.30 වෙද්දි ගියානම් එතන ගේට් එකෙන් ඇවිත් ඉන්න අයගෙ Reference Number කලෙක්ට් කරගන්නව. ඊට පස්සෙ පැය බාගයක් පැයක් ඇතුලත් ඔයාගෙ Police clearance certificate එක ගන්න පුලුවන්.

✅ඔයා තව කාගෙ හරි Clearance Certificate එකකුත් ගන්න බලන්න යනවා නම් එයාට කියල ලියුමක් අරන් යන්න. එතකොට එයාගෙ එකත් ඔයාටම අරගෙන එන්න පුලුවන්.

✅මගෙ යාලුවගෙනම් ඇප්ලයි කරලා සති දෙකෙන් Clearance Certificate එක ගන්න පුලුවන් උනා. තමන්ගෙ උනන්දුව තියෙන්න ඕනි. කෝල් කරලා විස්තර සැරෙන් සැරේ කතා කරලා අපේ වැඩේ අපි ඉක්මනින් කරගන්න ඕනි.

ස්තූතියි.

27/08/2022
26/08/2022

🌼ඇතැම් පිරිස් අපව හොඳින් දන්නා නමුත්,
බොහෝ පිරිස් අපව දන්නේ තවත් කවුරුන් හෝ මවා දැක්වූ ඔවුන්ම මවාගත් ප්‍රතිරූප වලිනි.

🌼එබැව් ඔබේ සත්‍ය ප්‍රතිරූපය වෙනුවට ඔවුන් ඔබව දකින්නෙ ඔවුන් මවාගත් ප්‍රතිරූපයකට අනුවයි.

🌼ඉතින් නුඹ කුමක් කරත් ඔවුන් ඔබව ඔබ විඳියට නොඳකී...එය අන්දභාවයටත් එහා ගිය භයානක දෘෂ්ටි විකෘර්තිතාවක්

🌼ආශ්‍රය වරදක් නොව කිසිසේත්ම ආශ්‍රයනම් වරදක් නොව කල්‍යාණ මිතුරන් නම් ,,

🌼වෙස් ගත් කල්‍යාණ මිතුරන් සිටීමයි වරද

කාලෙන් කාලෙට එකිනෙකට වෙනස් ප්‍රතිරූප මවා පාන ,ක්ශනිකව අන් මතේ අනුව තම මතය වෙනස් කරන ඕනම අතකට නැවෙන කොඳුනාරටිය ශක්තිමත් නොවූ වාසි ආතට බඩ ගා යන උරග මිතුරන්නම් නමටම පමණක්ම මිතුරන් සේ සිටීම ම තමයි හොඳම....

🤷ඉතින් එහෙව් මිතුරන් වටේ සිටිද්දෙන් ඔබ ඔබේ මිතුරා වන්න.ඔබ ඔබේ ශක්තිය වන්න.ඔබ ඔබට මූලිකත්වය දෙන්න.ඔබේ තරම්ම සිතක් හමු වූ දාක මිතුදමෙන් බැඳෙන්න.☺️☺️

නැත්නම් ඔබට රිදේවී....කලකිරේවී.....මනුලොවේ මනුසත් හදවත් මානුශීය නම්‍යශීලී නොවූ මිනිසත් භව ලැබූවත් නොමිනිසුන් වූ මිනිසුන් හමුවේ අදහස් බෙදා ගැනීමේදී ත්‍රස්තවාදී පරිසරයක් මීට හොඳයැයි සිතේවී.

💔එයනම් භයානකය....එබැවින් ඔබ ඔබට හමුවන කිසිවෙකුටත් වංචාව,ව්‍යාජ මිතුදම් ත්‍යාග නොකරන්න.

🌼එක සිතිම්ම ඔබේ වටිනාම සිතේ විශ ඉවත්ම කරන්න.
🌼දිනෙන් දින ඔබ අලුත් වෙන සුන්දර සිතිවිලි වපුරුවන කෙනෙක් වෙන්න.

🌍ලෝකය ගොඩක් ලස්සන වෙයි.ආසාවෙන් ජීවත් වෙයි.කරන හොඳ තමාවටා රැස්වෙනවාමයි...එයම ඇති ඔබෙ පවුල් කුටුම්භය තුළ ද සතුට රදන්න..පින කියන්නෙ ලේසි දෙයක් නෙවෙයි.ආපිට පතිචාර දක්වන්න කල්ගතවෙයි නමුත් රැස්කලොත් පින් කියන දේ කොහේ හෝ සටහන් වෙනවාමයි~

👇විශේෂයි~

🌼තමාගෙ ඇතුලාන්තය පිරිසිදු කරගන්න පුළුවන් එකම වෙදදුරු තමාමයි.~🙇🧘

උපුටා ගැනීමකී

18/07/2022
🤪
18/07/2022

🤪

18/07/2022

ශාසන හිතැති බුදු පුතුන් වහන්සේලා, ගිහි භවතුන් පැමිණෙනු මැනවි.. අපි පොහොය දිනය අර්ථවත්ව කුරුන්දි විහාරයේ ගත කරමු..

✍️ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ..

17/07/2022

කුරුන්දි විහාරය රැක ගත යුතු ය.

ඕනෙවට වඩා ගැඹුරට යන්නැති ව සරළ ව ම කතාව පටන් ගමු. කුරුන්දි විහාරයේ තියෙන වැදැගත්කම මොකක්ද?

මේ පුරාවිද්‍යාත්මක භූමියෙ අද වෙද්දි ඉතිරි‍ වෙලා තියෙන නෂ්ටාවශේෂවලින් මේ සංකීර්ණය සියවස් ගණනාවක් පැරැණි බෞද්ධ විහාරයක් බව පැහැදිලි වෙනවා. මේ විහාරයත් නම් කීපයකින් ම හඳුන්වලා තිබෙන බව පේනවා. කුරුන්දි විහාරය, කුරුන්දිවේළු විහාරය, කුරුන්ද විහාරය, කුරුන්දාවශෝක විහාරය, කුරුන්දපාසාණ විහාරය, කුරුන්දපාසක විහාරය ආදි නම් උදාහරණ. වර්තමානයේ කුරුන්දම්මලේ, කුරුන්තනූර් වගේ නම්වලිනුත් මේ ප්‍රදේශය හඳුන්වන බව පෙනුනා. ඒ කාරණාව හැරුනා ම ‍ලාංකිකයො වශයෙන් පොදුවේ වැදැගත්වන තවත් කාරණාවක් මේ විහාරයට සම්බන්ධ යි.

පාලි ‍පොත්වල සඳහන් වෙන විදියට සිංහල අට්ඨකථාවලින් එකක් වෙන ‘කුරුන්දි අට්ඨකථාව’ රචනා කළේ මේ විහාරයෙදි. මහා අට්ඨකථාව, මහා පච්චරිය අට්ඨකථාව, කුරුන්දි අට්ඨකථාව කියන පොත් තුන හෙළ අටුවා විදියට සමහරු අදහස් කරද්දි මේ පොත් තුනට අන්ධක අට්ඨකථාව සහ සංඛේප අට්ඨකථාව කියන පොත් දෙකත් සම්බන්ධ කරලා හෙළ අටුවා පහක් විදියට සමහරු අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. කොහොම නමුත් හෙළ අටුවා පහ යි කීවත්, තුන යි කීවත් ඔය අදහස් දෙක ඇතුළෙ ම කුරුන්දි අට්ඨකථාව තියෙනවා. ඒ නිසා කුරුන්දි අට්ඨකථාව ලංකාවෙ පැවැතුණු හෙළ අටුවාවලින් එකක් විදියට විශාල වැදැගත්කමක් දරනවා. බුද්ධ‍ඝෝෂ හාමුදුරුවො පාලි භාෂාවෙන් අට්ඨකථා රචනා කරද්දි පවා මේ හෙළ අටුවා භාවිතා කළා. නමුත් අද වෙද්දි මේ පොත් පහෙන් එකක් වත් විද්‍යමාන වෙන්නෙ නැහැ.

කාටහරි දැනගන්න අවශ්‍ය නම් හෙළ අටුවා කියන්නෙ මොනා ද කියලත් කියන්නම්. මිහිඳු හාමුදුරුවන් ගෙ ලංකාගමනයෙන් පස්සෙ ලංකාවෙ බෞද්ධ භික්ෂු ශාසනයක් ඇති වෙනවා. ඒ වගේ ම උන් වහන්සේ භාරතයේ ඉඳං වඩිද්දි මගධ භාෂාවෙන් තිබුණු අර්ථ කථා කටපාඩමින් ගෙනත් ලංකාවෙ දි භික්ෂූන් වහන්සේලාට ඉගැන්නුවා. මේ විදියට ඉගෙන ගත්ත ධර්ම කාරණා ලංකාවෙ ජීවත් වුණු දැන උගත් භික්ෂූන් වහන්සේලා පසු කාලයේ සිංහලෙන් පොත්වල ලිව්වා. ඒ ලියපුවා තම යි හෙළ අටුවා විදියට අපි හඳුන්වන්නෙ. ඇතැම් විද්වතුන්ට අනුව හෙළ අ⁣ටුවා කියන්නේ ලංකාවෙ ලියැවුණු පැරැණි ම පොත්. කුරුන්දි විහාරයේ දි ලියපු හෙළ අටුවාව කුරුන්දි අට්ඨකථාව විදියට යි සඳහන් වෙන්නෙ. ‘කුරුන්දිවෙල්ලි විහාරො නාම අත්ථි තත්ථ කතත්තා කුරුන්දීති නාමං ජාතන්ති වදන්ති’ ආදි වශයෙන් මේ කාරණාව පාලි පොත්වල සඳහන් වෙලා තියෙනවා.

කුරුන්දි අට්ඨකථ‍ාවෙ තිබුණෙ මොනව ද?

කුරුන්දි අට්ඨකථාව අද වෙද්දි දකින්න හැකියාවක් ‍නො ලැබෙන නිසා මේ පොතේ තිබුණු කාරණා මොන මොන අංශ ඔස්සේ විහිදිලා තිබුණ ද කියන එක පැහැදිලි නෑ. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තමන් ගේ අවබෝධය අනුව සඳහන් කරන විදියට මහා පච්චරී අට්ඨකථාව සහ කුරුන්දි අට්ඨකථාව ගැන සඳහන් වෙන එක ම පොත සමන්තපාසාදිකාව. සමන්තපාසාදිකාව කියන්නෙ විනය පිටකයට බුද්ධඝෝෂ හාමුදුරුවො කරපු අට්ඨකථාව. අදිකාරම් වැඩිදුරටත් සඳහන් කරන්නෙ මහා අට්ඨකථාවෙ තිබුණු විවරණවලට වඩා මහා පච්චරී අට්ඨකථා‍වේ සහ කුරුන්දි අට්ඨකථාවෙ විවරණවලට බුද්ධඝෝෂ හාමුදුරුවොත් වැඩි ගරුත්වයක් දක්වපු බව.

මහාචාර්ය ගුණපාල මලලසේකර සඳහන් කරන්නෙ සමන්තපාසාදිකාවෙ නිතර නිතර කුරුන්දි අට්ඨකථාව ගැන සඳහන් වෙන නිසා එය ප්‍රධාන වශයෙන් විනය නීතිවලට අදාළ ව පවතින්නට ඇති කියලා. කුරුන්දි අට්ඨකථාවෙ පැහැදිලි කිරීම් වෙනත් අට්ඨකථාවල පැවැතුණු පැහැදිලි කිරීම්වලට වඩා වෙනස් වූ බවක් පෙනෙන බව යි මහාචාර්ය මලලසේකර වැඩි දුරටත් සඳහන් කරන්නෙ.

කුරුන්දි විහාරය ගැන සී. ඩබ්ලිව්. නිකලස් ගෙ සටහනකින් ම පටන් ගමු.

“ඛල්ලාටනාග (ක්‍රි. පූ. 110-103) කුරුන්දාවසෝක විහාරය තැනවීය. කුරුන්දවුල්ලක නම් පිරිවෙණක් ද විය. කුරුන්දී අට්ඨකථාව සම්පාදනය කරන ලද්දේ කුරුන්දිවේලු විහාරයේ දී ය. කුරුන්දක ග්‍රාමය අට්ඨකථාවල සඳහන් ව තිබේ. කුරුන්ද විහාරය තනවන ලද්දේ I වන අග්ගබෝධි (571-604) විසින් බව කියා ඇත. (සිංහල වංසකථාවල එය හඳුන්වා ඇත්තේ කුරුඳු වැව නමිනි.) ඔහු මෙය අවට යොදුන් 3 ක් (හැ. 25-30) පමණ පළල් පොල්වත්තක් වවන ලද බව කියා තිබේ. IV අග්ගබෝධිගේ (667-683) ඇමතියෙක් කුරුන්දපිල්ලක විහාරයෙහි පාසාදයක් තැනුවේය. I වන විජයබාහු (1055-1110) කුරුන්දිය විහාරය යළි කරවීය. මේ සියලුම නම් එකම විහාරයකට වූ විවිධ නම් වීමට බොහෝ ඉඩ තිබේ. ...”

වර්තමානයේ අපි හඳුනගන්න කුරුන්දන්මලෙයි පුරාවිද්‍යා ක්ෂේත්‍රය මුලතිව් දිස්ත්‍රික්කයේ නෙඩුන්කර්නි කොට්ඨාසයේ කුරුන්දන්කුලම් ආශ්‍රිත ව පිහිටලා තියෙනවා. මේ විහාරයට අයත් නටබුන් සහිත ප්‍රදේශය 1933 මැයි 12 දින අංක 7981 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනයකින් පුරාවිද්‍යා රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

1895 දි විතර J. P. Lewis සටහන් කරලා තියෙන විදියට පසු කාලීන ව දෙමළ වැසියන් කුරුන්තනූර්හි කෝවිලක් ඉදි කරපු බව පේනවා. 1980 වගේ කාලය වෙද්දිත් මේ ස්ථානයේ එ වැන්නක් තිබුණා ද කියන කාරණාව ගැන මට අවබෝධයක් නැහැ. නමුත් 1981 සැප්තැම්බර් 01 වැනි දා රාජ්‍ය සංස්ථා බෞද්ධ සමිති සම්මේලනයෙ ප්‍රධාන ලේකම් ‘පියසේන එස්. ජයවීර මහතා’ විසින් සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ‘ඊ. එල්. බී. හුරුල්‍ලේ අමාත්‍යවරයා’ වෙත යැවූ ලිපියක (පිටපත්: පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතා / සහකාර පුරාවිද්‍යා කොමසාරිස් එම්. එච්. සිරිසෝම මහතා / ප්‍රාදේශීය සහකාර පුරාවිද්‍යා කොමසාරිස්, අනුරාධපුර) මේ විදියෙ සඳහනක් තියෙනවා.

“... මුලතිව් දිස්ත්‍රික්කයේ නෙඩුන්කර්නි කොට්ඨාශයේ, කුරන්දන්මලේ පිහිටි, අති පැරණි නෂ්ඨාව‍ශේෂ ආරක්ෂා කිරීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ක්‍රමානුකූලව ලබා ගන්නා ලද අවසරය පරිදි, පුරාවිද්‍යා නිලධාරි මහතෙකුගේ ප්‍ර‍යෝජනය සඳහා ද, මහා සංඝයා වහන්සේ නමකගේ වාසය කිරීම සඳහා ද, අර්ධ තාවකාලික ගොඩනැගිලි ඉදි කිරීමට අප සම්මේලනය ක්‍රියාකරගෙන යන කාලය ඇතුළත, එම පුරාවිද්‍යා රක්ෂිත භූමියට ඇතුළත් වූ ද්‍රවිඩ ජාතික පිරිසක් විසින් පැරණි ප්‍රතිමා ගෘහයේ ගල්කුළුණු මත දැව කඳන් යොදා වහලයක් ඉදිකොට, රටඋළු සෙවිලි කර, දේවාලයක් තනා ඇත. එම ප්‍රතිමා ගෘහය තුළ තිබුනු පද්මාසනය සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ පතුල් කොටස් අතුරුදහන්ව ඇති අතර, එය පිහිටා තිබූ ස්ථානයේ කොන්ක්‍රීට් ලෑල්ලක් ඉදිකොට, ඒ මත ත්‍රිශූලයක් සවි කොට, ත්‍රිශූලය ඉදිරිපිට පැරණි ගල් ආසනයක් තබා, ඒ මත පහන් කපුරු දල්වා, යූපස්ථම්භයක කොටසක් ලෙස සැළකිය හැකි ගල් ටැඹක් මත පොල් ගසා, ඒ තුලම ඔප මට්ටම් කරන ලද ගලින් ලිපක් බැඳ, ගිනි මොලවා තිබුනි.

02. මෙම ස්ථානයට යාබදව තිබුනු නටබුන් චෛත්‍යයයේ ගර්භය හාරා, සමතලා කොට, ඒ මත ත්‍රිශූලයක් සවිකොට තිබේ. ‍

03. අප සම්මේලනය විසින් ඔබතුමා වෙතින් 1980. 07. 30 දාතමින් කරන ලද ඉල්ලීමේ ප්‍රකාර, ඔබතුමා‍ගේ 1980. 08. 21 දාතමින් යවන ලද ලිපියෙන්, පුරාවිද්‍යා කොමසාරිස්තුමා ක්‍රියා කර ගෙන යද්දී, මෙම විනාශය දැඩි අත්තනෝමතිකභාවය නිසා බලවත් හිතුවක්කාර කමකින් යුක්තව කර තිබේ. එම ක්‍රියාවට එරෙහිව ම‍තභේද ඇතිකර නොගෙන, අප සතුවූත්, අප විසින් කළයුතු වූත්, සේවය අප්‍රමාදව කිරීමට පියවර ගැනීම මැනවැයි යෝජනා කරමි. ...”

මේ සම්පූර්ණ ලිපිය මම සටහන එක්ක පළ කරන්නම්.

ලංකා ඉතිහාසයේ අතිශය වැදැගත් ස්ථානයක් කුරුන්දි විහාරයට හිමි යි. මේ විහාරයෙ සැබෑ ඉතිහාසය සැඟැවෙනවට වත්, අනාගතයේ දී තවත් කෝවිලක් වශයෙන් මේ විහාරය හඳුනගන්න වත් පෞද්ගලික ව මගෙ නං කැමැත්තක් නෑ.

ශකිල රාජකරුණා

12/06/2022

ඔයාටත් chicken කෑල්ලක් නැතුව බත් කටක් උගුරෙන් පහළට යන්නෙ නැද්ද? පේනවද ඒ සත්තු විඳින වේදනාව.

මිනිස්සුන්ට නොකඩවා මස් සැපයුම දෙන්න මේ අහිංසක සත්තු බලෙන් උපද්දවලා, අනේක වද දීලා, දවස් 45න් මරලා මස් කරනවා.

දැන් කියන්න එපා ඒක ඒ සත්තුන්ගේ කර්මය කියලා. මොකද නියාම ධර්මතා 5ක් තියෙනවනේ. හරි ඒක කර්මයමයි කියමුකෝ.

ඉතින් මෙච්චර පාපකර්මයට රුපියලකින් හරි දායක වෙලා ඔයා සැපයක් බලාපොරොත්තු වෙනවනම් ඒක විහිළුවක් නේද?

ඔයත් දවසක මේ වගේ වේදනා විඳලා මැරෙන්න කැමති නම් තවත් මස් කන්න. නැත්තන් අදම නිර්මාංශ වෙලා ඔය පව්කාර ජීවිතයෙන් ඈත් වෙන්න.
✍️ උපුටාගැනීමකි.

💪💪
18/05/2022

💪💪

Address

Kiridana Atale , Kegalle
Kegalla

Telephone

0353228493

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sambuddhaloka Viharaya Kiridana Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share