Mathale Ananda Thero

Mathale Ananda Thero මනු ලොව සුදම් සභාව

තෙරුවන් සරණයි
...මනුලොව සුදම් සභාව...

මිගදාය බෞද්ධ මධ්‍යස්ථානය

මේ මහා භද්‍ර කල්පයේ සිව්වන වරට ලෝක ධාතුවේ පහළ වී වදාළ අපගේ ශාස්තෘ වූ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සාසනය මේ ලෝකයේ පවතින කාලයේ අපි මේ ජිවත් වන්නේ...

අනාථපිණ්ඩික මහ සිටුවරයා දහ අට කෝටියක් ධනය වියදම් කරලා ජේත කුමාරයාගෙන් මිලදී ගත්ත ඉඩමේ සුන්දර වූ මහ වෙහෙරක් ගොඩ නඟා මේ ගොයුම් සසුනට පූජා කලා.

බුදු සසුනේ මහ වෙහෙරක්

ගොඩනඟනවා කියන්නේ සළුපටු පිංකමක් නෙවෙයි.

පින්වත්නි, වර්තමාන ලොකේ විවිධ මිථ්‍යාදෘෂ්ඨික පිරිස් ධර්මය විකෘති කොට ගෙන, ධර්මය අධර්මය ලෙසින්, අධර්මය ධර්මය ලෙසින්, විනය අවිනය ලෙසත්, අවිනය විනය ලෙසත්, ලෝකයාට උගන්වනවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව විකෘති කොට ස්වකීය හිතළු එක් කරමින් මහා පරිහානියක් කරා ගමන් කරනවා.

පින්වතුනේ..., මේ දුර්මතයන් ඛන්ඩනය කොට නිර්මල පර්යාප්තිය මතු කරන්නට නම්, නිර්මල සද්ධර්මය අකුරක්වත් වෙනස් නොකොට ගිහි පැවිදි උභයපාර්ශවයට ම කියලා දෙන්න ඕන. එවිටයි ධර්මය අධර්මය තෝරා බේර ගන්න ශ්‍රාවකයාට දක්ෂතාවය ඇති වෙන්නෙ. ඒය පැයක හමාරක ධර්ම දේශාණාවෙන් ම පමණක් ම කල හැක්කක් නෙවෙයි.

පළමු ධර්ම සංගායනාවේ දි මහ රහතන් වහන්සේලා ධර්මයේ සුරක්ෂිතභාවය පිණිස ක්‍රියා කලාක් මෙන් ම අප ද සැලසුම් සහගතව ක්‍රියාත්මක විය යුතු වෙනවා. ගිහි පැවිදි උභය පාර්ශවයට ම මුල සිට ථේරවාදී ධර්මය ඉගැන්වීමේ මධ්‍යස්ථානයක්, ධර්මය මනාව කියලා දෙන්න සෙනසුනක් නිර්මාණය වෙන එක කොච්චර නම් වටිනව ද..

වර්තමාන කාලේ මේ උතුම් ධර්මය අකුරක්වත් වෙනස් නොකොට මනාව දේශනා කරන ලංකාවේ නොයෙක් පළාත්වල වැඩ සිටින සිල්ගුණ ඇති උතුමන් වහන්සේලා එකම තැනකට වැඩම කරවමින් එවැනි වැඩපිළිවෙළක් ගොඩ නැගීමයි, අපගේ අභිලාෂයයි.

ඒ අනුව අටුවා ටිකා ආදි සියල්ල මනාව අධ්‍යනය කිරීම සඳහා ගුරු උපදේශ සහිතව ධර්මය ප්‍රගුණ කිරීම සඳහා සේනාසනයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කටුපොත ප්‍රදේශයේ ඉදි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එලෙස ගොඩනැගෙන පිංබිමයි, මිගදාය බෞද්ධ මධ්‍යස්ථානය....

Address

Katupotha

Telephone

+94705766734

Website

Alerts

Be the first to know and let us send you an email when Mathale Ananda Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mathale Ananda Thero:

Share