Our Lady of Katunayake Shrine

Our Lady of Katunayake Shrine Our Lady of Katunayake's Shrine Google Map: https://aplink.to/map Religious Organization

කුරුසිය හිස මත තබත්දී දරුවා ගැහෙන්නට පටන් ගත්තා, ඊට පස්සෙ සිදුවුනේ පුදුම ප්‍රාතිහාර්්‍යයක්!  (සම්පූර්ණ ලිපිය කියවන්න)***...
25/08/2026

කුරුසිය හිස මත තබත්දී දරුවා ගැහෙන්නට පටන් ගත්තා, ඊට පස්සෙ සිදුවුනේ පුදුම ප්‍රාතිහාර්්‍යයක්! (සම්පූර්ණ ලිපිය කියවන්න)
***************************************************************************

මගේ කුඩා බිලිඳා උපන්නේ හදවතේ ස්පන්දන වේගය වැඩියෙනුයි. වෛද්‍යවරුන් මේකට විවිධ අර්ථකථනයන් දුන්නත් අම්මා කෙනෙක් හැටියට මට මගේ දරුවා විඳවනවා බලන් ඉන්න බැරි තරමේ දුකක්. මම මගේ දරුවව අරගෙන ගියේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයටයි. මාස කීපයක් ම හාස්කම් යාච්ඤාවට සහභාගි වෙලා, ලිපි ලියලා රතු පෙට්ටියට දැම්මා. ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය ලබා ගත්තා. මටත් මගේ දරුවටත් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ශුද්ධවූ කුරුසිය තබා ආශිර්වාද කරත් දී, මාස නවයක් වයස මගේ දරුවා ගැහෙන්න පටන් ගත්තා. එදා ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දුන්නේ, මරිය තුමී විසිතුන් වතාවක් දර්ශණය වූ දර්ශණ දෙව්මැඳුරේ දී යි. දර්ශණ දෙව්මැඳුරේ ස්ථාපිත, මරිය තුමී ජේසු බිළිඳු වඩවාගත් දර්ශණ ප්‍රතිමාව දිහා බලලා, මම ඒ වෙලාවේ කිව්වේ, ‘අනේ කටුනායක අම්මේ මගේ මේ දරුවා කළ වරද මොකක්ද’ කියලයි. කුරුසියේ ආශිර්වාදයත් ඒ සමගම අවසන් වුනා. දරුවගේ ගැස්ම ද නැවතුනා. පසු සතියේ දරුවාව වෛද්‍යවරුන්ට පෙන්නුවා. මගේ දරුවා සම්පූර්ණයෙන් ම සුවපත් වෙලා. මගේ දරුවා සුව වෙලා දැන් මාස තුනකටත් වැඩියි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට විශ්වාසයෙන් ගිහිල්ලා, හාස්කම් යාච්ඤාවට සහභාගි වෙලා ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය ලබා ගත්තොත් වරදින්නෙ නැහැ. හැබැයි ඉතින් විශ්වාසයෙන් කරන්න ඕනා.

ශර්මිලා නානායක්කාර - අඹන්විට

****************************************************************************

නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සිද්ධස්ථානය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි ඉදිකර ඇති දර්ශණ දෙව්මැඳුර, නිර්මල මරිය තුමියගේ ම ඉල්ලීමක් නිසා තනනු ලැබූ දෙව්මැඳුරක්.

වර්ෂ 1976 මැයි මස 11 වෙනි දා, ශ්‍රී ලංකාවේ, කටුනායක දී දර්ශණය වී, මරිය තුමී, මෙසේ පවසනු ලැබුවා, “මාගේ ආදර දරුව, මෙම ස්ථානයෙහි මා නමට කුඩා දෙව් මැඳුරක් ඉදිකරන්න. එය මගේ උතුම් ආශාවකි”.

එතැන් සිට පියවරෙන් පියවර, මරිය තුමියගේ ආශාව ඉටුකරමින් තනනු ලැබූ දර්ශණ දෙව්මැඳුර 2018 අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස, දිවයිනේ සතර දෙසින් ගැලූ මහා ජන ගඟක් මැද, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින්, ආශිර්වාද කර දෙව් මවුන් වෙත පිළිගන්වනු ලැබුවා.

නිර්මල මරිය තුමියගේ ම ඉල්ලීමක් මත ඉදිවූ මෙවැනි දෙව්මැඳුරු ලෝකයට ම ඇත්තේ අතලොස්සක් පමණයි. ශ්‍රී ලංකාවට ම එකයි. එම දෙව්මැඳුර කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි පිහිටා ඇති අතර, මේ වන විට මෙම සිද්ධස්ථානය, මරිය තුමියගේ හාස්කම් බහුලව සිදුවන සිද්ධස්ථානයක් බවට පත් වී තිබෙනවා.

ඉහත ඔබ කියවනු ලැබූ ප්‍රාතිහාර්්‍යයද, සිදුවූයේ මෙම දර්ශණ දෙව්මැඳුර තුල දී, ශුද්ධ වූ කුරුසියේ ආශිර්වාදය ලබා දෙන විටයි. මරිය තුමිය 23 වතාවක් මේ වන විට දර්ශණය වී ඇති අභිනව දර්ශණ දෙව්මැඳුරේ 8 වෙනි සංවත්සරය අගෝස්තු 29 වෙනි ලබන සෙනසුරාදා සවස 6 ට පැවැත්වෙන අතර, දර්ශණ දෙව්මැඳුර සැදැහැවතුන් සඳහා සවස 5.30 ට විවෘත කරනු ලබනවා.

නිර්මල මරිය තුමිය 23 වතාවක් දර්ශණය වූ, දර්ශණ දෙව්මැඳුර තුලදී ලබන සෙනසුරාදා, ඔබගේ ඉල්ලීම් ලිවූ ලිපි රතු පෙට්ටිය තුලට දැමීමටත් ඒ සමගම ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය ලබාගැනීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබගේ ඉල්ලීම් ලිවීම සඳහා කඩදාසි ද, කවර ද, සිද්ධස්ථානයෙන් නිකුත් කරන බව කරුණාවෙන් සලකන්න.

Location :- https://aplink.to/map

අද දවසේ ආදර දෙව් මවුන් වෙත කෙටි යැදුමමේ යාච්ඤාව කියවන ඔබගේ සිත තුල දෙව් මවුන් වෙත ආදරයක් විශ්වාසයක් ඇත්නම් ‘ආමෙන්’ AMEN ...
25/08/2026

අද දවසේ ආදර දෙව් මවුන් වෙත කෙටි යැදුම

මේ යාච්ඤාව කියවන ඔබගේ සිත තුල දෙව් මවුන් වෙත ආදරයක් විශ්වාසයක් ඇත්නම් ‘ආමෙන්’ AMEN යනුවෙන් TYPE කරන්න

Location :- https://aplink.to/map

24/08/2026

දේව මාතාවන්ගේ දර්ශණයෙන් ලද පණිවිඩය සැබෑවක් වෙයි!

යූ ටියුබ් වීඩියෝව මෙතනින් නරඹන්න 👉 https://youtu.be/sFiZ0TBqRqU

ලබන සෙනසුරාදා (අගෝස්තු 29) හාස්කම් යාච්ඤාව උච්ඡාරණය කිරීම සහ ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය ලබා දීම සවස 6 ට

කරුණාකර සවස 5.30 ට පෙර පැමිණෙන්න. දෙව් මවුන් වෙත පුද කෙරෙන ඉල්ලීම් ලිපි සඳහා මුද්‍රා තැබීම සවස 4.30 සිට 5.30 දක්වා සිදුකරනු ඇත

Location :- https://aplink.to/map

ජීවමාන සංඥා දැක ගැනීමට ලැබෙන, නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ බලගතු ප්‍රතිමාව ඉදිරියේ මහා අනුහස් පිරි හාස්කම් යාච්ඤාව පුද ක...
21/08/2026

ජීවමාන සංඥා දැක ගැනීමට ලැබෙන, නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ බලගතු ප්‍රතිමාව ඉදිරියේ මහා අනුහස් පිරි හාස්කම් යාච්ඤාව පුද කරනු ලබන මීළග දවස වන්නේ හෙට අගෝස්තු 22 වෙනි සෙනසුරාදා සවස 6 ට
*****************************************************************************************

කඳුළු පිසදා සුවය සදන අප ස්වර්ගීය මෑණියන්ගේ ආදර සෙවණට ඔබටත් ඇරයුම්. පියවි ඇසට පෙනෙන, හදවතට ගැඹුරින්ම දැනෙන විශ්මිත වූ ජීවමාන සංඥා දැක ගැනීමට ලැබෙන, අසීමිත කරුණාවෙන් පිරි අපගේ ආදර නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ අතිශය බලගතු ප්‍රතිමාව අබියස දී ඔබගේ සියලු දුක් කම්කටොළු, රෝගාබාධ සහ ප්‍රාර්ථනාවන් එතුමිය වෙත ඔසවා තබන සුවිශේෂී වූ හාස්කම් යාච්ඤාව පුද කරනු ලබන මීළඟ දවස වන්නේ හෙට එනම්, අගෝස්තු 22 වෙනි සෙනසුරාදා සවස 6 ට ය. ජීවිතයේ විවිධ බාධක සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ වෙහෙසට පත් ඔබගේ හදවතට සැනසීමත්, ශරීරයට සුවයත් පතාගෙන, මහා අනුහස් පිරි මෙම ආශිර්වාදාත්මක යාච්ඤා මෙහෙයට භක්තිමත් සිතින් යුතුව එක්වන ලෙස විශ්වාසකාමී ඔබ සැමට ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව බැතිබරව ආරාධනා කරමු. මරිය තුමියගේ උණුසුම් සෙනෙහසින් සහ බලගතු පිහිටෙන් ඔබගේ ජීවිතයත් ආලෝකමත් කරගන්න.

නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වාරයක් දර්ශණය වූ ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිහිටා ඇත්තේ කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගය අද්දරයි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිහිටි ස්ථානය ‛20 වෙනි සැතපුම් කණුව’ යනුවෙන් ද අතීතයේ සිටම හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරට පිවිසෙන මාර්ගය ද ආරම්භ වන්නේ සිද්ධස්ථානය ඉදිරිපිටිනි. බණ්ඩාරණායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ සිට මීගමුව දෙසට ගමන් කරන විට ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ සිට, සිද්ධස්ථානයට ඇත්තේ කිලෝ මීටර් 6 ක දුරක් පමණි.

මහා මාර්ගය අද්දර, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ඉදිරිපස ස්ථාපිතව ඇති බිළිඳුන් වඩවාගත් දෙව් මවුන්ගේ ප්‍රතිමාවයි මේ. (පහත ඡායාරූප බලන්න)

Location :- https://aplink.to/map

හාස්කම් යාච්ඤාව අවසානයේ රතු පෙට්ටියට ලිපියක් දැමීම හාස්කම් යාච්ඤාවේම කොටසක් ********************************************...
20/08/2026

හාස්කම් යාච්ඤාව අවසානයේ රතු පෙට්ටියට ලිපියක් දැමීම හාස්කම් යාච්ඤාවේම කොටසක්
********************************************************************************************

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් ලියන ලදුව, මේ වන විට ප්‍රාතිහාර්යයන් රැසකටම මග පෑදී, සැදැහැවතුන් රැසක්ම සැනසීම ලැබූ ‛‛හාස්කම් යාච්ඤාව’’ උච්චාරණය කරනු ලබන මීළග දිනය 2026 අගෝස්තු 22 වෙනි සෙනසුරාදා සවස 6 ට.

උච්චාරණය කල යුතු දවසක්, වේලාවක් සහ ස්ථානයක් ද නියම වී ඇති මෙම හාස්කම් යාච්ඤාවේ තවත් විශේෂත්වයක් වන්නේ, තම තමා නිර්මල කන්‍ය මරිය තුමියගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ලිවූ කුඩා ලිපියක් හාස්කම් යාච්ඤාව උච්චාරණය කරනු ලබන අවස්ථාවේ උඩට ඔසවාගෙන සිටීමත් ඉන්පසුව එම ලිපිය රතු පෙට්ටියට දැමීමත් ය.

මේ සදහා ලිපි කවර කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානයෙන් ලබාගත යුතු වේ.

ජීවමාන ලකුණු පෙන්නුම් කෙරෙන දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ හාස්කම් යාච්ඤාව උච්චාරණය කල පසුව තම ඉල්ලීම ලිවූ ලිපිය රතු පෙට්ටියට දමන සැදැහැවතුන් පිරිසක් මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි

Location :- https://aplink.to/map

Address

Our Lady Of Katunayake's Shrine, 20th Mile Post
Katunayake
11450

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Our Lady of Katunayake Shrine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share