Kataragama - කතරගම

Kataragama - කතරගම කතරගමට ආදරේ අය මේ පේජ් එක follow කරලා අනිත් අයටත් පේන්න ශෙයා කරමුද

(2)

🌺 Kataragama Devotional Hub
Welcome to the official page of Kataragama — a sacred town of faith, unity, and tradition in Sri Lanka. Home to the revered Kataragama Deviyo, this is where Buddhists, Hindus, Muslims, and the Vedda people come together in worship.

🌟 Highlighting the Annual Esala Perahera
📿 Pilgrimage • 🔥 Firewalking • 🐘 Cultural Processions • 💧 Diya Kapeema

Stay connected for updates, festival dates, photos, and stories from the heart of Sri Lanka’s most spiritual celebration.
📍

🌺 කතරගම භක්ති කේන්ද්‍රය
ශ්‍රී ලංකාවේ ඇදහිල්ල, එකමුතුකම සහ සම්ප්‍රදායේ පූජනීය නගරයක් වන කතරගම නිල පිටුවට සාදරයෙන් පිළිගනිමු. ගෞරවනීය කතරගම දෙවියන්ගේ නිවහන වන මෙය බෞද්ධයන්, හින්දු, මුස්ලිම් සහ වැදි ජනයා නමස්කාරයේදී එක්රැස් වන ස්ථානයයි.

🌟 වාර්ෂික ඇසළ පෙරහැර ඉස්මතු කිරීම
📿 වන්දනා ගමන • 🔥 ගිනි මැලයෙන් ඇවිදීම • 🐘 සංස්කෘතික පෙරහැර • 💧 දිය කපීම

ශ්‍රී ලංකාවේ වඩාත්ම අධ්‍යාත්මික සැමරුමේ හදවතේ යාවත්කාලීන කිරීම්, උත්සව දිනයන්, ඡායාරූප සහ කථා සඳහා සම්බන්ධව සිටින්න.
📍 #කතරගම #එසලපෙරහෙරා

🌺 கதிர்காம பக்தி மையம்
இலங்கையில் நம்பிக்கை, ஒற்றுமை மற்றும் பாரம்பரியத்தின் புனித நகரமான கதிர்காமத்தின் அதிகாரப்பூர்வ பக்கத்திற்கு வருக. மதிப்பிற்குரிய கதிர்காம தேவியோவின் தாயகமான இங்குதான் பௌத்தர்கள், இந்துக்கள், முஸ்லிம்கள் மற்றும் வேடர்கள் வழிபாட்டில் ஒன்று கூடுகிறார்கள்.

🌟 வருடாந்திர எசல பெரஹெராவை சிறப்பித்துக் காட்டுகிறது
📿 யாத்திரை • 🔥 தீ நடைப்பயணம் • 🐘 கலாச்சார ஊர்வலங்கள் • 💧 தியா கபீமா

இலங்கையின் மிகவும் ஆன்மீக கொண்டாட்டத்தின் மையத்திலிருந்து புதுப்பிப்புகள், திருவிழா தேதிகள், புகைப்படங்கள் மற்றும் கதைகளுக்கு இணைந்திருங்கள்.
📍 #கதிர்காமம் #எசல பெரஹெரா #சேக்ரட்ஸ்ரீலங்கா

කතරගම ආයුර්වේද මධ්‍යස්ථානයේ නඩත්තුව වෙනුවෙන් රුහුණු මහා කතරගම දේවාලයෙන් අරමුදල්ප්‍රදේශවාසී ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙ...
22/08/2026

කතරගම ආයුර්වේද මධ්‍යස්ථානයේ නඩත්තුව වෙනුවෙන් රුහුණු මහා කතරගම දේවාලයෙන් අරමුදල්

ප්‍රදේශවාසී ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා කතරගම ආයුර්වේද මධ්‍යස්ථානය මගින් සිදුකරනු ලබන අමිල සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, එහි නඩත්තු කටයුතු සඳහා මාසිකව මූල්‍ය දායකත්වයක් ලබාදීමට රුහුණු මහා කතරගම දේවාලය මේ වනවිට පියවර ගෙන ඇත.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිලිණ මදුසංක මැතිතුමා වෙත යොමුකරන ලද ඉල්ලීමක් සහ ප්‍රදේශයේ පුරවැසියන්ට ආයුර්වේදයෙන් ලැබෙන ඉහළ ප්‍රතිලාභය පිළිබඳව පුළුල්ව සලකා බැලීමෙන් අනතුරුව මෙම අරමුදල් මාසිකව ලබා දීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන හරහා කතරගම ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව ඉහළ ප්‍රමිතියකින් යුත් ආයුර්වේද වෛද්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැඩි අව් රස්නය, විඩාව මෙන්ම අනේකවිධ දුෂ්කරතා මැද, රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ  පෙරහර මංගල්‍යයේ අපූර්වත්වය, භක්තිය සහ සජ...
29/07/2026

දැඩි අව් රස්නය, විඩාව මෙන්ම අනේකවිධ දුෂ්කරතා මැද, රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අපූර්වත්වය, භක්තිය සහ සජීවී අත්දැකීම ගෙදරටම ගෙන ඒමට දිවා රෑ නොබලා කැපවූ රුහුණු මහා කතරගම දේවාලයේ නිල මාධ්‍ය අංශයේ සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය හා ප්‍රණාමය පුද කරමු.

​විවිධ කාර්යබහුලතා, දුර බැහැර වීම් හෝ අසනීප තත්වයන් නිසා ශුද්ධෝත්තම කතරගම පෙරහර සජීවීව නරඹන්නට පැමිණීමට නොහැකි වූ ලක්ෂ සංඛ්‍යාත දේශීය හා විදේශීය බැතිමතුන් වෙනුවෙන්, ඔබ ලබා දුන් නිරන්තර ඡායාරූප සහ වීඩියෝ අප්ඩේට්ස් හරහා ඔවුන්ගේ දෑස් සහ මනැස් සනසාලමින්, කතරගම දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාදය දුර සිට හෝ විඳගැනීමට සලස්වමින් ඉටු කළ මෙහෙවර අමිලයි.

​දේශයේ සංස්කෘතික හා ආගමික උරුමය මෙන්ම අභිමානය ලෝකයාටම සමීප කරමින් ඔබ ඉටු කළ මෙම සුවිශේෂී සේවයට කතරගම දෙවියන්ගේ අනන්ත පිහිට ආරක්ෂාව, නිරෝගී සුවය හා ජයග්‍රහණය නිරන්තරයෙන්ම ලැබේවා!

- ඇඩ්මින් -

දෙවිනුවර සහ කතරගම යන පූජනීය දේවාල ද්විත්වයේම බස්නායක නිලමේ ධූරයෙන් පිදුම් ලැබීමට තරම් උතුම් පිං මහිමයක් ලද ආරච්චිගේ තිළි...
29/07/2026

දෙවිනුවර සහ කතරගම යන පූජනීය දේවාල ද්විත්වයේම බස්නායක නිලමේ ධූරයෙන් පිදුම් ලැබීමට තරම් උතුම් පිං මහිමයක් ලද ආරච්චිගේ තිළිණ මදුශංක බස්නායක නිලමේ තුමන්ට කඳසුරිඳුන්ගේ පිහිට ආරක්ෂාවත් උත්පලවණ්න විෂ්ණු දෙවියන්ගෙ පිහිට ආශිර්වාදයත් නිරතුරුව ලැබේවා !

මැණික් ගඟේ දිය දහරටබැතිමතුන්ගේ සාදු නාද මුසුවදින ගණනක් පුරා ඇසුණුහේවිසි රාවේ දැන් නිහඬ වී ගොසින්...​විදුලි එළියෙන් බැබළු...
29/07/2026

මැණික් ගඟේ දිය දහරට
බැතිමතුන්ගේ සාදු නාද මුසුව
දින ගණනක් පුරා ඇසුණු
හේවිසි රාවේ දැන් නිහඬ වී ගොසින්...
​විදුලි එළියෙන් බැබළුණු
කස හඬින්, ගිනි බෝලෙන් පිබිදුණු
රුහුණු පුරවරයේ ඇසළ මහා මංගල්‍යය
අදින් නිමා වී අවසන්...
​දේව කරඬුව වැඩම කළ
ගාම්භීර ගජ රජුන්ගේ තේජාන්විත ගමන
නෙත් අද්දර මැවී පෙනෙනවා තවමත්
කඳ සුරිඳුගේ අනුහස හදවත් වල තවරමින්...
​අවසන් දිය කැපීමේ මංගල්ලෙන් පසුව
පෙරහැරේ සිරි නැරඹූ ඒ දෑස් වලට
දැන් ඉතිරිව ඇත්තේ එකම දෙයයි...
​ඒ, ලබන වසරේ ඇසළ සඳ පායන තුරු
සිත පතුලේ සුරක්ෂිතව රඳවාගත්
අපිරිමිත වූත්, නොනිවෙනා වූත්
බැතිබර මතකයයි...

- ඇඩ්මින් -

27/07/2026

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ 13 වන දින පෙරහර.

26/07/2026

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ 12 වන දින පෙරහර.

25/07/2026

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ 11 වන දින පෙරහර.

25/07/2026
24/07/2026

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ 10 වන දින පෙරහර.

23/07/2026

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ නමවන දින පෙරහර.

www.rmkd.lk

Address

Kataragama
91400

Alerts

Be the first to know and let us send you an email when Kataragama - කතරගම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Kataragama - කතරගම:

Shortcuts

Share