Katharagama Dewalaya

Katharagama Dewalaya Kataragamam temple (Sinhalese Katharagama; Tamil Katirkāmam) in Kataragama, Sri Lanka, is a temple complex dedicated to Kataragama deviyo. It is one of the
(309)

ශ්‍රී ලංකාවේ, කතරගම පිහිටි, කතරගම දේවාලය යනු කතරගම දෙවියෝ ලෙසින්ද හැඳින්වෙන ස්කන්ධ-මුරුගන් දෙවියනන් වෙනුවෙන් පූජා කෙරුණු, හින්දු සහ බෞද්ධ සිද්ධස්ථාන සංකීර්ණයකි. ශ්‍රී ලංකාවේ පවතින පූජා නගර කීපය අතරින් එකක් වන එයට ශ්‍රී ලංකීය බෞද්ධයන් බහුතරයක් , දෙමළ ,හින්දු සහ මුස්ලිම් භක්තිකයන් සුලු ප්‍රමාණයක් සහ ස්වදේශීය වැදි ජනතාව පුද පූජා පවත්වනු ලබනවා. පූජස්ථාන කීපයක එකතුවක් වන එහි කතරගම දෙවියන් නමින් හදුන්වන

ස්කන්ද මුරුකන් දෙවියන්ට පවත්වන පුද පූජා ඉතාම වැදගත් වේ. පසුගිය අවුරුදු දහසක කාලය ඇතුලත එයට ලගා වීමට ඉතා අපහසු වූ ආරණය පූජා බිමක් වූ අතර වර්තමානයේදී සෑම දේශගුණික මාර්ගයක් හරහාම එයට ලගා වීමට හැකියාව පවතී.

කතරගම දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා!!!!
11/04/2020

කතරගම දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා!!!!

අනිත් අයටත් ආශිර්වාද ලබාගන්න ෂෙයා කරන්න...
08/11/2018

අනිත් අයටත් ආශිර්වාද ලබාගන්න ෂෙයා කරන්න...

11/04/2018
14/04/2017
අවුරුදු මංගල්‍යය 2017.....රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යය සිදුකරනුයේ බක් මාසේය ... එනම් අප්‍රේල් මාසේ සිංහල හ...
06/04/2017

අවුරුදු මංගල්‍යය 2017.....

රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යය සිදුකරනුයේ බක් මාසේය ... එනම් අප්‍රේල් මාසේ සිංහල හින්දු අලුත් අවුරුද්ද දිනයේදීය...... මෙම චාරිත්‍ර සිදු කරන්නේ නක්‍ෂත්‍රයට අනුවය. එනම් දේවාලයේ චාරිත්‍රවලට අනුව , නොනගතයට පෙර කිරි උතුරවා ඉන් පසු දේවාලය වසා තබනවා.... ඊට පහුවැනිදා තමයි ආයිත් දේවාලේ ‍ අරින්නේ...‍ නැකතට දොර ඇරලා නැකැත් වෙලාවට පහන් පත්තු කරලා රෑ පෙරහර සිදු කරනු ලබයි.... කඩොල් ඇතාගේ දල දෙක සියලු බැතිමතුන්ට පෙනෙන්න සලස්සන අතර එදින රාත්‍රියේ දෙවියන් නානුමුර කරලා දැකුම් තියලා අවුරුදු මංගල්‍යය ඉවර කරනවා... මෙම සියලුම චාරිත්‍ර නැරබීමට ඔබ සැමට බැති සිතින් ආරාධනා....

තෙද බලපාමින් කතරගම වැඩ සිටිනා සැබෑ කතරගම දෙවියන් කවුරුන්ද?මෙරට ජනතාව අතර පුද පූජාවන්ට ලක්වී ඇති දේශීය සතරවරම් දෙවිවරුන් ...
01/04/2017

තෙද බලපාමින් කතරගම වැඩ සිටිනා සැබෑ කතරගම දෙවියන් කවුරුන්ද?

මෙරට ජනතාව අතර පුද පූජාවන්ට ලක්වී ඇති දේශීය සතරවරම් දෙවිවරුන් අතරින් මෑත කාලයේ රුහුණු රට කතරගම නම් ස්ථානයේ වැඩ සිටිනවා යැයි සැලකනු ලබන කතරගම දෙවියෝ ප්‍රමුඛ ස්ථානයක් දරති. සමන්, උපුල්වන් හා විභීෂණ යන දෙවිවරු වූ කලී මෙයින් ඉතිරි තිදෙනා වශයෙන් දෙවිවරුන් පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කොට ඇති මහාචාර්ය පරණවිතාන මහතා විසින් පෙන්වා දී ඇත. PARNAVITANA, S, THE SHRINE OF UPULVAN AT DEVUNDARA 1953 පි 91 -මෑත කාලීන මූලාශ්‍රයන්හි මෙම කතරගම දෙවියා කඳ කුමරු, ස්කන්ධ කුමාර, ආදී වශයෙන් ද කලාතුරකින් මහාසේන කාර්තිකේය යනුවෙන්ද සඳහන්ව ඇත.

කතරගම දෙවියන් පිළබඳව කරණු ලබන අධ්‍යයනයකදී අප විසින් අවධානය යොමු කළ යුතු කරුණු කිපයක් වේ. කතරගම වැඩ සිටින දෙවියන් කවුරුන්දැයි හඳුනා ගැනීමත් එම දෙවියන් ඇදහිල්ල මෙරට සමාජයේ ආරම්භ වූ වකවානුව තෝරා බේරා ගැනීමත් ඒ අතරින් වැදගත්ය.

වර්තමාන කතරගම එනමින් යුතු දෙවියකු හා සම්බන්ධකොට ජනප්‍රියත්වයට පත්ව තිබූ රජරට ශිෂ්ටාචාරය පැවති අවධියේ කිසිඳු සාක්ෂියක් අපට හමු නොවේ. මහා වංශයේ දැක්වෙන පරිදි විජය මෙරටට පැමිණෙන අවස්ථාවේ බුද්ධාගමේ හා සිංහල ජාතියේ ආරක්ෂකයා වශයෙන් ශක්‍ර දෙවියන් විසින් පත්කොට ඇත්තේ උපුල්වන් දෙවියන්ය. (මහා වංශය VII 5) කතරගම දෙවි කෙනෙක් පිළිබඳව ඒ කිසිම මූලාශ්‍රයක සඳහනක් නොමැති. ඉන්පසු රටත් ජාතියත් අනාරක්ෂාවට පත්වූ වලගම්බා ආදී රාජ්‍ය සමයන්හිදී භික්ෂූන් වහන්සේලා ආරක්ෂාව පතා ඇත්තේ ශක්‍ර දෙවියාගෙනි. (සම්මෝහ විනෝදනී එ. පී. බුද්ධදත්ථ හිමි සංස් 445) රජරට ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව වුවද දඹදෙණි අවධියේදී දෙවන පැරකුම්බා රජුට වූ අසනීපයක් සුව කර ගැනීමටත් පදු පඬුරු යවා පුද පූජා පවත්වා ඇත්තේ උපුල්වන් දෙවියන්ටය. (ජයතිලක ඩී. බී. දෙවිනුවර ඇසල උත්සවය, සාහිත්‍ය ලිපි) මේ කාලයේදී කතරගම ගැන කිසිදු සඳහනක් නැත. මින් පසුව ගම්පල අවධියේදී ලංකාතිලක විහාර ලිපියේ රට රකින්නාවූ ඉහත සඳහන් කළ සතරවරම් දෙවිවරුන් සඳහන් කරමින් එක් දෙවියෙකු ලෙස ස්කන්ධ කුමාර යන නම දක්වා ඇත. අනතුරුවව ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ අවධිය දක්වාම මෙම ස්කන්ධ කුමාර සඳහන් වෙතත් ඉහත දැක්වූ ලෙස මූලස්ථානය වත්මන් කතරගම සම්බන්ධ වීමක් කිසිදු තැනක දක්නට නොලැබේ

එහෙත් මහාචාර්ය විමල විජයසූරිය මහතා 7 වන සියවසයේ 4 වැනි අග්බෝ රජුගේ කාලයේ පටන් කතරගම දෙවියන් ඇදහිල්ල ජනප්‍රිය වූ බව පෙන්වාදීමට උත්සාහ දරා ඇත. (විජය සූරිය විමල, රුහුණේ අප්‍රකට පුරා වෘත්ත) ඒ මහතා ඒ සඳහා සාක්ෂි කොට ගෙන ඇති 13 වැනි සියවසයේ ලියැවුණු පූජාවලියේ ‘‘සිරිසඟබෝ රජ දෙවිනුවර කරවා දෙවිරජුන්ගේ සහායෙන් රජ කළේය.“ යනුවෙන් ඇති පාඨයෙන් කතරගම දෙවියන්ගේ දෙවොල හා එම දෙවියන් පිදීමේ ආරම්භය පෙනෙන බව අදහස් කරතත් මෙයින් අදහස් කොට ඇත්තේ උපුල්වන් දෙවියන් බව නිසැකය. එපමණක් නොව මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ඒ මහතා කතරගම දෙවි ඇදහිල්ල පල්ලව බලපෑමක් නිසා සිදුවූ බව දැක්වීමට ද ප්‍රයත්න දරා ඇත. යුද්ධාධාර ලබා ගැනීම සඳහා පල්ලව රට නරසිංහ රජු වෙත ගොස් සිටි මානවම්ම රජු නිසා මෙරටට පල්ලව බලපෑම් විශාල වශයෙන් ලැබුණු බවත් උපුල්වන් හා කතරගම දෙවියන් ඇදහිල්ලක් ඒ හේතුවෙන් ලැබුණු බව තවදුරටත් සඳහන් කරයි. (විජයසූරිය විමල, 45 පිටුව) එහෙත් උපුල්වන් දෙවියන් ගැන පස්වන සියවසයේ දී මහා වංශයේ කතුවරයා සඳහන් කොට ඇති අතරම ඔහු ප්‍රාග් බෞද්ධ වරුණ දෙවියා බව මහාචාර්ය පරණවිතාන මහතා THE SHRINE OF UPULVAN AT DEVINUWARA යන ග්‍රන්ථයෙන් මනාව ඔප්පු කොට ඇත. කතරගම පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන පරණවිතාන මහතා අද ස්කන්ධ පූජාව පිළබඳ මූලස්ථානය වන කතරගම පිළිබඳව දඹදෙණිය සිට කෝට්ටේ අවධිය දක්වා පොතපත් වල සඳහනක් නොවේ. එහෙත් කතරගම යන්නෙහි විකෘතියක් බව පෙනෙන කත්ගාම දෙවිඳු වනාහි ලක්දිව ආරක්ෂා කරන දෙවිවරුන්ගෙන් කෙනෙකැයි ක්‍රි. ව. 1561 වැන්නේ සියමේදී ලියන ලද ජිනකාලමාලනියේ කියා තිබේ. මේ යුගයේ අගභාගය වන විට මේ දේවාලය කොතරම් වැදගත්ව තිබුණේද යත් සියම වැනි ඈත රටවල පවා ප්‍රකටව තිබුණේය. (ලංකාව විශ්ව විද්‍යාලීය, ලංකා ඉතිහාසය 11 720 පිට) සඳහන් කරයි.

12 වන සියවසේදී මහ විජයබාහු රජුගේ පරම්පරාව විස්තර කරන වූලවංශකරු 7 වන සියවසයේදී මාන නම් කුමාරයෙකු විසින් ගෝකණ්ණතිත්තයට (ත්‍රිකුණාමලයට) ගොස් ගංතෙරෙහි සිට අක්ෂමාලා දරා මන්ත්‍ර ජපකරමින් සිටින කල්හි මයුරාසනාරූඪව කුමාර නම් දෙවි ඔහු හමුවේ පහළ වූ බවත් පූජාව සඳහා පැලීගිය කුරුම්බාවේ වතුර නොතිබුණෙන් මොනරා ඔහුගේ ඇස බිඳ ජලය උරා බිව් බවද එකනෙහි ඔහුට ස්කන්ධ වරය ලැබූ බවද සඳහන් කරයි. චූලවංශය මෙහි දැක්වෙන්නේ ස්කන්ධ නොවන බවත් මහුර වාහනය මෙන්ම කුමාර ස්කන්ධ දෙවියන්ට පමණක් සීමාවක් නොවන බවත් මහාචාර්ය අභය ආර්යසිංහ 1992 ජනවාරි 27 ඩේලි නිවුස් පුවත්පතට ලිපියක් ලියමින් දක්වා ඇතත් ලැබී ඇති සාක්ෂි අනුව ස්කන්ධ හෙවත් කාර්තිකේය බව පිළිගැනීම යුක්ති යුක්තය. එහෙත් මෙහිදී ද එම දෙවියා වත්මන් කතරගමට සම්බන්ධ කොට ඇත.

කෝට්ටේ අවධියේදී ජයවර්ධන පුරවරයේ වූ මහසෙන් දෙවි මැදුරක් ගැන රාහුල හිමි සඳහන් කරනවා පමණක් නොව උන්වහන්සේට කඳ කුමරුගේ වරය ලැබුණු බවද සඳහන් කරයි. (පරවි සංදේශය 208 කවිය) මහාසේන යනු ස්කන්ධ සඳහාවූ පර්යාය නාමයකි. 7 වන බුවනෙකබා අවධියේ පානදුරේ ස්කන්ධ දේවාලයක් වූ බව සඳහන්ය. (PEIRIS P. E. SINHALE AND THE PATRIORS, 1950 P 697)

ගම්පොළ අවධියේ පටන් ලැබෙන තොරතුරු අනුව ස්කන්ධ කුමාර ඇදහීම ක්‍රමයෙන් මෙරට ප්‍රචලිත වී යාම දක්නට ලැබෙතත් කතරගමට සම්බන්ධ වී ඇත්තේ ස්කන්ධ බව පැහැදිලිව දැක්වීමට ලැඛෙන සාක්ෂි දුබලය.

ගම්පොළ යුගයේ සිට දකුණු ඉන්දියානු බලපෑම මෙරට විශාල වශයෙන් ලැබී ඇති බවට සාක්ෂි ලැබෙන අතර ඉන්දියානු දෙවි දේවතාවුන් වන්දනයද බොහෝ සේ ජනප්‍රිය වී ඇත. (අභයසිංහ පී. ඇම්. පී, උඩරට විත්ති, කොටගම ඩාවිස්සර හිමි සරණංකර සංඝරාජ සමය)

17 වන සියවසයේදී මෙරට විසූ පෘතුගීසි භටයෙකුට වූ රිබෙයිරෝ කතරගම වූ දේශීය ජනතාව විසින් මහත් භක්තියෙන් සළකන දේවාලයක් වූ බව සඳහන් කර ඇතත් එය ස්කන්ධ දෙවියන් හා සම්බන්ධ කොට නැත. (A HISTORICAL TRAGEDY OF THE ISLAND CEYLON P.7) මේ කාලයේදීම රොබට් නොක්ස් ද කතරගම වෙසෙන බලසම්පන්න දෙවියෙකු ගැන සඳහන් කොට ඇත. මහනුවර යුගය වන විට කතරගම දෙවි හා ස්කන්ධ දෙවි එක් කෙනෙක් බව කියැවෙන කුඩා කාව්‍ය ග්‍රන්ථ රාශික් ලියැවී ඇත. (DERANIYAGALA P.E.P. SINHALESE VERSE, ETHONOLOGY VOL. I III)

18 වන සියවසයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කතරගම ගිය බව මන්දාරම්පුර පුවතේ සඳහන් වේ. (ලබුගම ලංකාන්ද සංස්කරණය 840 කවිය) මහනුවර අවධිය වන විට කතරගම මූලස්ථානය කොට ගෙන ඇතේතේ ස්කන්ධ කුමාර බව පිළිගැනී ඇතත් මුල් කාලයේ පටන් කතරගමට අධිගෘහිතව සිටියේ වෙනත් දෙවියකු බව කඹුරුපිටියේ වනරතන හිමි ඇතුළු උගතුන් කිහිපදෙනෙකුම පෙන්වා දී ඇත. (කඹුරුපිටියේ වනරතන හිමි කතරගම දෙවියන් මහා සේනද? ඉතාහාසය-පුරාවිද්‍යා 1984$1985, ඉතිහාසය හා පුරාවිද්‍යා සංගමය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)

බුදුන්වහන්සේගේ ලංකාගමනය ගැන සඳහන් කරන ධාතුවංශය උන්වහන්සේ කතරගම වැඩි බවත් එහිදී කිරිවෙහෙර ඉදි කෙරන ස්ථානය මහාඝෝෂ නම් දෙවි කෙනෙකුට භාර කළ බවත් සඳහන් කරයි. ධාතුවංශය වූ කලී රෝහණ ප්‍රදේශයේ ඉතිහාසය හා සමබන්ධ මහා වංශයේ නොමැති තොරතුරු ඉදිරිපත් කෙරෙන ග්‍රන්ථයකි. (මකුළුදූවේ පියරතන හිමි සංස්කරණය 5 පිට)

මේ අනුව ඉපැරණි අවධියේ පටන් සමන්තකූටය ප්‍රධාන කොටගත් සුමන සහ දෙවුන්දර මුල්කොට ගත් මහාඝෝෂ නම් දෙවිකෙනෙක් වූ බව පෙනේ. කඹුරුපිටියේ වනරතන හිමි පවසන පරිදි මහාඝෝෂ වූ කලී කතරගමට අධිපති ධර්මරාජ දෙවි කෙනෙකු විය යුතුය. ඒ අනුව සමනොළටත් අධිපති වී ඇත්තේ ධර්මරාජ හෙවත් යම වූ එකම දෙවියෙකි. (කඹුරුපිටියේ වනරතන හිමි කතරගම දෙවියන් මහා සේනද? ඉතාහාසය-පුරාවිද්‍යා 1984$1985, ඉතිහාසය හා පුරාවිද්‍යා සංගමය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 1-5 පිටු) මෙම දෙවියා යම හෝ ධර්මරාජ යැයි පැවසීමට අපි ඉක්මන් නොවෙමු. එහෙත් මෑත කාලයක් වනතුරු වත්මන් කතරගම හා ස්කන්ධ සම්බන්ධ දේවාලයක් වූ බවත් දැක්වෙන අතර 15 වන සියවසයේ ලියැවුණු ධාතුවංශයේ එම ප්‍රදේශය භාර දෙවියා මහාඝෝෂ වශයෙන් සැලකෙන්නට ඇති බව පෙනේ මහාවංශය රජරට ශිෂ්ටාචාරයේ යම් යම් විස්තර සඳහන් කළා මිස රෝහණය සම්බන්ධ බොහෝ තොරතුරු ඇතහැර ඇත. ධාතුවංශය විමසිල්ලෙන් කියවන්නෙකුට එය ලිවීමට රෝහණයේ ඉතිහාස ප්‍රවෘත්ති අඩංගු වෙනත් ලියවිලි හෝ ජනප්‍රවාද මූලාශ්‍ර කොට ගෙන ඇති බව පෙනේ. කොසේ වෙතත් මෙම තොරතුරු වලින් පෙනී යන්නේ බුද්ධාගම ශ්‍රී ලංකාවේ ප්‍රචාරය කරනු ලැබූ මිහිඳු හිමියන් ඇතුළු පිරිස් එවකට පැවති දේශීය විශ්වාසයන්ට පහර නොගැසූ බවකි. පරණවිතාන වඩාත් අවධාරණය කරමින් උපුල්වන් ලෙස සැලකූයේ මෙරට එසේ පුද පූජාවන්ට පත් සිටි (උද-පල-වරුණ) වරුණ දෙවියා බව පවසයි. (PARANAVITHANA, S; THE SHINE OF UPULVAN AT DEVUNDARA 22-25) එසේම සමන් දෙවියන් වූයේ ද ප්‍රාග් බෞද්ධ දේශිය දෙවිකෙනෙක් බව පෙනේ. මේ ආකාරයෙන්ම බෝවත්තේගල සෙල්ලිපි ආදියෙන් ද හෙළිවන පරිදි දෙවිවරයෙකු සිටින්නට ඇති බව පෙනේ.

මෙම දෙවියා ස්කන්ධ හා සම්බන්ධ කිරීම උපුල්වන් දෙවියන් විශ්ණු ලෙස හඳුන්වා දීම සිදුවූ මෑත කාලයටම අයත් බව පෙනේ. මෙරට සමාජයේ – විශේෂයෙන්ම උඩරට රජපවුලේ දකුණු ඉන්දියානු බලපෑම් ඉතා අධික වූ අවධියේ මෙම අදහස් ප්‍රචලිත වූ බව පෙනේ. තවත් අතකින් ඉංග්‍රීසි පාලන අවධියේ සිදුවූ සිදුවීම් කිහිපයක් මෙම අදහස තහවුරු කිරීමට හේතු කාරක වී ඇත. 1818 කැරැල්ලෙන් පසු මෙම දේවාල භාර මහබෙත්මේ තනතුර හින්දූන් අතරට පත්වී ඇත. දෙවනුව තේ වතු වගාව යටතේ වතුකරයට ගෙන ආ දහස් සංඛ්‍යාත දකුණු ඉන්දියානුවන් මෙහි පැමිණීමත් කතරගම දෙවියා හින්දු කාර්තික ලෙස සලකා විවිධ පුදපූජා පැවැත්වීමට සිදුවී ඇත. (ස. ජ. සුමනසේකර බණ්ඩා මහතාගේ කතරගම ඇසළ උත්සවය සමබන්ධ අත් පිටපතක් ඇසුරෙනි)

කෙසේ වෙතත් පුරාණයේ දේශීය දෙවිවරයෙකු සඳහා කතරගම දේවාලය කැප වුවද අද ස්කන්ධ හෙවත් කාර්තිකේය යන විශ්වාසයෙන් එහි වැඳුම් පිදුම් කෙරෙන හෙයින් කාර්තිකේය යනු කවරේදැයි කෙටියෙන් හෝ මෙහි සඳහන් කිරීම අනුචිත නොවේ.

ඒ සියල්ලට අනුව කතරගම වෙසෙන්නේ යුද්ධයට අධිපති දෙවියාය. රාමායණය අනුව ඔහු අග්නි හා ගංගාගේ පුත්‍රයාය. එහි දැක්වෙන පරිදි කාරතිකා නම් වූ තාරකා හයකින් යුතු මණ්ඩලයක් විසින් ඔහු පෝෂණය කළ නිසා කාර්තිකා පුත්‍ර නම් විය.

මහා භාරතයේ දැක්වෙන පරිදි අග්නි දෙවියා සෘෂිවරුන් සදෙනෙකුගේ භාර්ය්‍යාවන් පිළිබඳ ඇලූම් කළ අවස්ථාවේ අග්නි ගේ භාර්යාව ඉහත කී රූපය මවාගෙන අග්නි සමග සම්බන්ධ වූ බවත් එක් එක් අවස්ථාවේ ඇති වූ බීජයක් ශුද්ධ වූ පර්වතයක් මුදුනේ තැන්පත් කිරීමෙන් කාර්තිකේය බිහි වී ඇත. (මහා භාරත වන පර්වතය පරිච්ඡේද 15-19) මේ දෙවියාගේ උපත්තිය ගැන විවිධ කතා බ්‍රහ්ම, වායු මත්ස්‍ය ආදී පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ. ඔහු හැඳින්වෙන කුමාර යන්නෙන් තාරුණ්‍යය හා ගුප්ත බලය හැඳින්වෙන බව බී. සී. හට්ටාචාර්ය පවසයි. බෘහෙත්සංහිතාවේ ද ඔහු මනා තරුණ පෙනුමකින් යුක්ත බව කියැවේ. විෂ්ණු ධම්මොත්තර පුරාණයේ ස්කන්ධ ගැන වැඩි විස්තර හමුවේ. ඒ අනුව ඔහුට මුහුණු සයකි. රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සජ්ජිතය. මයුර වාහනරූඪව අතින් කුකුලෙකු දරා සිටී. දකුණත්හි වෘෂභ, පතාග (ජයකොඩිය) හා ශක්ති ආයුධය දරා සිටී. ස්කන්ධගේ භාර්යාව කෞමාරි හා දේවසේනා නම් වූවාය. මේ අනුව දැනට කතරගම දෙවි යනුවෙන් සැලකෙන කාර්තිකේය හෝ ස්කන්ධ වූ කලී ඉපැරනි ඉන්දියානු දේවඝණයෙහි එක් සාමාජිකයෙකු බව පෙනේ. ඉන්දියානු ග්‍රන්ථවල දැක්වෙන ප්‍රතිමා ලක්ෂණ වලින් යුක්තව කාර්තිකේය ගේ ගල්කැටයමක් අනිකුත් දෙවි දේවතාවුන් සමග දෙවුන්දර උපුල්න් දේවාල භූමියේද ද දක්නට ඇත.

එස්. ඩී. දීපිකා මානෙල්

ශාස්ත්‍රවේදී විශේෂ උපාධි, පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයය

කතරගම දෙවියන්ගේ පිහිට ලැබිය හැකි සරල පූජාවක්‌කතරගම දෙවියන් මහේශාක්‍ය දේව ගණයට අයත් වන ලංකාරක්‍ෂක දෙවියන් අතරින් කෙනෙකු බ...
29/03/2017

කතරගම දෙවියන්ගේ පිහිට ලැබිය හැකි සරල පූජාවක්‌

කතරගම දෙවියන් මහේශාක්‍ය දේව ගණයට අයත් වන ලංකාරක්‍ෂක දෙවියන් අතරින් කෙනෙකු බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. හින්දු පුරාණ ග්‍රන්ථ අනුව එතුමා ශිව පාර්වතී දෙදෙනාගේ පුත්‍රයාය. ශිව දෙවි මහා බලවත් මන්ත්‍රයක්‌ දැන සිටියේය. එම මන්ත්‍රය මතුරා යමෙකුගේ හිසට අත තැබුවොත් ඔහු දැවී අළු වන්නේය. භෂ්ම නම් අසුරිදු ඉසිවර දෙවිගෙන් මේ මන්ත්‍රය කෙසේ හෝ උගෙන ඊෂ්වරයන්ම නැසීමට තැත් කළේය. ඊශ්වර බිය වී සක්‌වල වටා දුවන විට විෂ්ණු දෙවි ස්‌ත්‍රී වෙසක්‌ ගෙන භෂ්ම ඉදිරියේ පෙනී සිටියාය. ඇය දුටු භෂ්ම ඈ කෙරේ රාග සිත් පහළ විය. විෂුණු ලලනාව තමා අත නොහරින බවට හිස අත තබා දිවුරන්නැයි භෂ්මට කීවේය. භෂ්ම එසේ කරත්ම ඔහු දා අළු වී ගියේය. භෂ්ම තමා පසුපස නො එන බැවින් ආපසු එන ඊෂ්වර තෙමේ විෂ්ණුගේ ලලනා ස්‌වරූපය දැක ඇය විවාහ කර ගන්නට කැමැත්ත පළ කළාය. විෂ්ණු ලලනාව උමයංගනාවගෙන් අවසර ගෙන එන ලෙස ඊෂ්වරට පැවැසීය. ඊෂ්වර උමාගෙන් අවසර ගෙන එන විට දරුවෙකු සමඟ සිටියාය. ඇය පැවසුවේ දරුවෙකු හා තමා බාරගන්න කැමති දැයි උමයංගනාවන්ගෙන් අවසර ලබා ගෙන එන ලෙසයි. ඊෂ්වර කැමැත්ත ලබා එන විට ළමයින් දෙදෙනකු සිටියාය. ඇය පැවසුයේ නැවත ගොස්‌ ළමයින් දෙදෙනකු හා තමා බාර ගැනීමට අවසර ලබා ගෙන එන ලෙසයි. මෙලෙස හය වරක්‌ සිදුවිය. මේ විස්‌මය දැකීමට උමා මෙවර ඊෂ්වර දෙවි සමඟ පැමිණියාය. දරුවන් දැක උදම් වූ ඇය කුමාර කන්දක්‌ යෑයි පවසා ඔවුන් සියල්ල වැළඳ ගත්තාය. ඒ සමඟ එක්‌ ශරීරයක්‌ ද, මුහුණු සයක්‌ හා අත් දොළසක්‌ සමඟ කඳ කුමරු පහළ වූ බවත්, යුද්ධයේ දක්‍ෂ මේ දෙවිඳු සූරයන්ට සතුරු වූ අයුරින් මරා දමා ජයගත් බවත් දේව සේනාපති බවත් කඳ කුමරු පිළිබඳ එක්‌ පුරාණ කතාවකි.

බෞද්ධයන්ට අනුව නම් කතරගම දෙවියන් සෝවාන් වූ දෙවියෙකි. අප බුදු රදුන් තෙවැනි වර ලක්‌දිවට වැඩම වූ විට කතරගමට ද වැඩමවයි. එහිදී මෙතුමානෝ බුදු හිමිගෙන් බණ අසා සෝවාන් වූ බැව් කඳ කුමරු යාදිනිවල දැක්‌වේ. කෙසේ වෙතත් මෙතුමානෝ අනන්ත බල ඇති නොවරදා පිහිට ලබාදෙන දෙවියකු ලෙස ලාංකේය සමාජය තුළ ප්‍රකටව ඇත්තේය.

කඳ කුමරුන් හෙවත් කතරගම දෙවිඳුන්ගෙන් පිහිට ලැබීමට නම් කළ යුත්තේ උන්වහන්සේ පහදවා ගැනීමයි. අතීතයේ සිරි රහල් හිමි කඳ කුමරුගෙන් වරම් ලැබූ බව පරවි සදසේ දැක්‌වේ. "කඳ සුරිදුගෙන් වරලැබ පසළොස්‌ වයස්‌ උන්වහන්සේ සතුව පැවති පුළුල් ශාස්‌ත්‍රී ඥානය ලැබීමට කඳ කුමරුගේ වරය හේතු වූ බැව් කියෑවේ. තවද, භරණ ගණිතයා ද එවන් බහුශ්‍රැත භාවයකට පත් වූයේ කඳ කුමරුගේ පිහිට ලබා ගෙන යෑයි පැවසේ. එපමණක්‌ නොව දුටුගැමුණු රජු එළාර හා යුද්ධයට යැමේදී කඳ කුමරුන්ගේ සහාය ලැබුණු බවත්, එයට උපකාර ලෙස රජු රුහුණු කතරගම දෙවොල කළ බවත් ජනප්‍රවාදයේ එන කතාවකි.

කෙසේ වෙතත් මෙම මහේශාක්‍ය දෙවියන් සිල්වත් ගුණවත් අයට නිරන්තරයෙන් පිහිටි වන උතුමෙකි.

දිනකට තෙවරක්‌ ලොව දෙස බලා වදාරණ බවත් තම සරණ පතා පැමිණෙන්නන්ට එහිදී ආශිර්වාද කරන බවත් පැවසේ. උන්වහන්සේගේ පිහිට පැතීම කළ යුත්තේ ඉතා පවිත්‍රව වත් පිළිවෙත් ගරුකවය. වත් නොරැක අධාර්මිකව උන්වහන්සේගේ පිහිට ලැබීම උගහටය. දෙවියන් පහදවා උන්වහන්සේගේ පිහිට ලබන එක්‌ ක්‍රමයක්‌ මෙහිලා අප දක්‌වමු.

ඔබට දෙවියන්ගෙන් යම් පිහිටක්‌ අවැසි නම් පළමුව දින කිහිපයක්‌ නිර්මාංශ ආහාර වේලක්‌ අනුභවයත් දුගී මගී ආදීන්ට දන් දීමත් ඉතා වැදගත්ය. කතරගම දෙවියන් දාන මානාදිය දෙන්නන්ට ඉතා ප්‍රිය වන බැව් පැවසේ. ඉන් පසු මනාව පේවී පවිත්‍රව තෙරුවන් නැමද ඉක්‌බිති නිවසින් ඊසාන දිගට වන්නට මල් යහනක්‌ තනා එයි තල තෙලින් රාත්‍රි 10.30 ට පහනක්‌ දල්වා තමාට අවැසි කරුණ කියා සිටින්න. එහිදී පහත ගාථාවන් භාවිතය විපුල ඵල ලැබීමට හේතු වේ.

කාවර ග්‍රාම ග්‍රාමාන්තර වාස නවන නිත්‍යං
ශ්‍රී ඝන සාසන සංරක්‍ෂණ ලංකා ද්වීපං
මයුර වාහනාරූඩ කන්ද දේව රාජං
ශ්‍රී විරාජමාන පුෂ්ප ආයනං ප්‍රවිෂ්ටං

දීප ධූප ගන්ධ පුෂ්ප තාම්බුලාදී වෘදනං
ධ්‍යාන හෝම දාන යාවනායි කර්ම සේවිතං
පූජයාමි වාර වාර සෞධ්‍ය ලාභ හේතුජං
කදදේව රාජ පාද පද්මකං නමෝ සදා

පසුව තම කරුණ පවසා පහත ගාථාවද කියා පින්දෙන්න.

සළානෝ මහා තේජෝ
බලෝ මයුර වාහනෝ
දේවින්දො කාචරගාමේ
ඉදං පුඤ්නුමෝදතු

ඉන්පසු පවිත්‍රව නින්දට යන්ට ඔබට කතරගම දෙවියන්ගේ පිහිට නොඅනුමානවම ලැබෙනු ඇත.

කතරගම දෙවියන් නිතර සිහිකිරීම දාන මානාදිය දුගී මගී යාචකාදීන්ට ප්‍රදානය කොට ඒ පින් එතුමාණන්ට අනුමෝදන් කිරීම උන්වහන්සේ පහදවා ගැනීමට හේතු වේ.

අප කළ යුත්තේ අපට යම් විපතක්‌ හිරිහැරයක්‌ වූ විට පමණක්‌ දෙවියන් යෑදීම නොව හැකි සෑම විටම දෙවියන් පහදවා ගැනීමට කටයුතු කිරීමය. දෙවියන් විසින් නිරායාසයෙන් අපගේ ගැටලුවලට විසදුම් ලබා දෙනවා ඇත. අප කිසිදා හඳුනන්නේ නැති අයකුගෙන් අප ගොස්‌ යමක්‌ ඉල්ලූ විට පමණින් ඔහු අපට එය ලබාදෙන්නේ නැත. මන්ද ඔහුට අප කෙරේ විශ්වාසයක්‌ ගොඩ නැගී නැති නිසාවෙනි. නමුත් අප දන්නා හඳුනන අයෙකු වෙත අප ගොස්‌ යමක්‌ ඉල්ලූ විට ඔහු එය ලබාදීමට උත්සුක විය හැක. එම කරුණ දෙවියන් විෂයෙහිද සාධාරණ වේ. එබැවින් දෙවියන්ගෙන් යමක්‌ ඉල්ලීමට පළමුව දෙවියන් පහදවා ගැනීම වැදගත් වන බැවින් නොකියාම බැරිය.

ලැබුවා වූ නව වසර ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සියළු බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා!!!!ඔබ සැමට ශ්‍රී කතරගම දෙවි සමිඳු ...
01/01/2017

ලැබුවා වූ නව වසර ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සියළු බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා!!!!

ඔබ සැමට ශ්‍රී කතරගම දෙවි සමිඳු පිහිටයි.

Address

Sacred City Of Kataragama
Kataragama

Telephone

+94 47 2 235122

Website

Alerts

Be the first to know and let us send you an email when Katharagama Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share