St.Joseph's Church Kaluwarippuwa

St.Joseph's Church Kaluwarippuwa St. Joseph's Church, Kaluwarippuwa

Official media service

2025 බයිබල් දැනුම මිනුම තරගයේ  10 සහ 11  ශ්‍රේණි නියෝජනය කරමින්   විහගි  ආන්‍යා හා ඈන්  සිතාරා   ලොකඩ පදක්කමක් හා සහතික ...
21/06/2026

2025 බයිබල් දැනුම මිනුම තරගයේ 10 සහ 11 ශ්‍රේණි නියෝජනය කරමින් විහගි ආන්‍යා හා ඈන් සිතාරා ලොකඩ පදක්කමක් හා සහතික ප්‍රත්‍ර දිනා ගන්නා ලදී

2025  බයිබල් දැනුම මිනුම තරගයේ  08 සහ 09 ශ්‍රේණි නියෝජනය කරමින්    දෙව්මි ප්‍රනාන්දු  රීදි  පදක්කමක් හා සහතික ප්‍රත්‍රය ...
21/06/2026

2025 බයිබල් දැනුම මිනුම තරගයේ 08 සහ 09 ශ්‍රේණි නියෝජනය කරමින් දෙව්මි ප්‍රනාන්දු රීදි පදක්කමක් හා සහතික ප්‍රත්‍රය දිනා ගන්නා ලදී

2025 බයිබල් දැනුම මිනුම තරගයේ  04 සහ 05 ශ්‍රේණි නියෝජනය කරමින්    යෙසත් ලක්තුල  ලොකඩ පදක්කමක් හා සහතික ප්‍රත්‍රය දිනා ගන...
21/06/2026

2025 බයිබල් දැනුම මිනුම තරගයේ 04 සහ 05 ශ්‍රේණි නියෝජනය කරමින් යෙසත් ලක්තුල ලොකඩ පදක්කමක් හා සහතික ප්‍රත්‍රය දිනා ගන්නා ලදී

21/06/2026

ලෝක පියවරුන්ගේ දින සුරැකි පිය සෙනෙහසේ උපහාරය 👑

කිතුනු අපට පිය පදවිය සිහිපත් වන සැමවිටම මතකයට නැඟෙන්නේ ශුද්ධ වූ සුරැකි පිය ජුසේ මුනිඳුන්වයි. උන්වහන්සේ කිසිදු දිනක තමන්ගේ පිය උරුමය ගැන ලෝකයට හඬගා කීවේ නැත; උදම් ඇනුවේ නැත. උන්වහන්සේ කළේ මහා නිහඬතාවයකින් යුතුව, දේව සැලැස්මට අවනත වෙමින්, දහඩිය කඳුළු වගුරුවමින් ජේසුස් බිළිඳාව සහ මරිය මෑණියන්ව රැකබලා ගැනීමයි.

අපේ මෙලොව පියවරුන්ද ඒ හා සමානය. ඔවුන් අපේ ජීවිතවල "සුරැකි පියවරුන්" වන්නේ, අපට නොදැනෙන්නට අපව ලෝකයේ සියලු කුණාටු වලින් ආරක්ෂා කරන බැවිනි.

මවකගේ ආදරය ලෝකය ඉදිරියේ ප්‍රකාශ වන විට, පියෙකුගේ ආදරය බොහෝ විට සැඟව යන්නේ ඔහුගේ දැඩි දෑත් සහ රළු වදන් පිටුපසය.

දරුවන්ගේ බඩකට පිරවීමට, ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට මහමඟ, කර්මාන්තශාලාවේ හෝ කාර්යාලයේ ඔවුන් හෙළන සැම දහඩිය බිංදුවක්ම ආදරයේ ප්‍රකාශනයකි.

පියෙකු කිසිවිටෙක දරුවන් ඉදිරියේ හඬන්නේ නැත. නමුත් රෑ නිසසල යාමයේ, පවුලේ බර උසුලාගත නොහැකිව ඔවුන් රහසින් හෙළන කඳුළු දන්නේ දෙවියන් වහන්සේ පමණි. ඒ සැම කඳුළු බිංදුවකම තිබුණේ "මගේ දරුවන්ට මීට වඩා හොඳ අනාගතයක් දෙන්නේ කෙසේද?" යන ආදරණීය සින්තනයයි.

"ඔවුන්ට ලෝකයේ වෙනත් රජ කිරුළු තිබුණේ නැත; ඔවුන්ගේ එකම සහ වටිනාම රජ කිරුළ වූයේ තමන්ගේ දරුවන් පමණකි."

අද දවසේ අප අතර ජීවත්වෙමින් අපට සෙවන දෙන, එසේත් නැතිනම් මේ ලෝකයෙන් සමුගෙන ස්වර්ගීය පියාණන්ගේ නිවසට වැඩම කර අපේ ජීවිතවල සුන්දර මතකයක් පමණක් වූ ඒ ආදරණීය පියවරුන් වෙනුවෙන් අපි යාච්ඤා කරමු:

ස්වර්ගීය පියාණනි, අප වෙනුවෙන් වෙහෙසෙන අපේ පියවරුන්ට නිදුක් නීරෝගී සුවයත්, දීර්ඝායුෂත්, ඔබවහන්සේගේ දිව්‍යමය ශක්තියත් උපරිමයෙන් ලබා දුන මැනව. ශුද්ධ වූ ජුසේ මුනිඳුන් මෙන් පවුල රැකගන්නට ඔවුන්ට ප්‍රඥාව දුන මැනව.

අප වෙනුවෙන් ජීවිතය දිය කර, අද මතකයක් පමණක් වී සිටින ඒ ආදරණීය පියවරුන්ගේ ආත්මයන්ට සදාකාලික මෝක්ෂ සුවය දුන මැනව. ඔවුන් ස්වර්ගයේ සිටද අප දෙස බලා ආශීර්වාද කරන බව අපට විශ්වාසයි.

ලොව ජීවත්වන, ජීවත් වූ සියලුම සුරැකි පියවරුන්ට ස්වර්ගීය පියාණන්ගේ අසිරිමත් දේව ආශීර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා!

©️✍️Api Jesuge අපි ජේසුගේ

21st of June 2026

ජුනි මාසයෙ විවාහ දිවියට ඇතුලු වූ විවාහක යුවල් සමග සමූහ ඡායාරූපයකට එක් වූ අයුරු
21/06/2026

ජුනි මාසයෙ විවාහ දිවියට ඇතුලු වූ විවාහක යුවල් සමග සමූහ ඡායාරූපයකට එක් වූ අයුරු

ජුනි මාසයෙ විවාහ දිවියට ඇතුලු වූ විවාහක යුවල්
21/06/2026

ජුනි මාසයෙ විවාහ දිවියට ඇතුලු වූ විවාහක යුවල්

සුභ උපන්දිනක් වේවා ගරු පියතුමනි
20/06/2026

සුභ උපන්දිනක් වේවා ගරු පියතුමනි

අපේ සන් ජුසෙ පල්ලිය කලුවාරිප්පුව
12/06/2026

අපේ සන් ජුසෙ පල්ලිය
කලුවාරිප්පුව

08/06/2026

🧡🧡🧡

08/06/2026

දිව්‍ය සත්ප්‍රසාදය මංගල්‍යය 2026

Address

St. Joseph's Church, Kaluwarippuwa
Katana West

Telephone

+94312240555

Website

Alerts

Be the first to know and let us send you an email when St.Joseph's Church Kaluwarippuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share