Sri Maha Bodhi Maha Viharaya - Bahirawakanda,Kandy

Sri Maha Bodhi Maha Viharaya - Bahirawakanda,Kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Maha Bodhi Maha Viharaya - Bahirawakanda,Kandy, Buddhist Temple, Bahirawakanda, Kandy.

Sri Maha Bodhi Viharaya, located on the scenic Bahirawakanda hill in the historic city of Kandy, Sri Lanka, is home to one of the tallest Buddha statues in the country.

පින්බර පොහෝ  දිනයක් වේවා  🙏🙏🙏Pallegama Hamuduruwo Sri Maha Bodhi Maha Viharaya - Bahirawakanda,Kandy
03/01/2026

පින්බර පොහෝ දිනයක් වේවා 🙏🙏🙏Pallegama Hamuduruwo Sri Maha Bodhi Maha Viharaya - Bahirawakanda,Kandy

ඓතිහාසික බහිරවකන්ද  ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන්, අසදෘශ සමාධි බුද්ධ ප්‍රතිමාව වහන්සේගේ ගුණානුභාව බලයෙන් ...
31/12/2025

ඓතිහාසික බහිරවකන්ද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන්, අසදෘශ සමාධි බුද්ධ ප්‍රතිමාව වහන්සේගේ ගුණානුභාව බලයෙන් 2026 නව වසර සිල් ගුණදම් වඩන පින්වන්ත වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි...🙏🙏🙏Pallegama Hamuduruwo Sri Maha Bodhi Maha Viharaya - Bahirawakanda,Kandy

31/12/2025

🙏🙏🙏🙏😌❤️Pallegama HamuduruwoSri Maha Bodhi Maha Viharaya - Bahirawakanda,Kandy

2026 නව වසරට සෙත් ප්‍රාර්ථනා කරමින් හා ගම්වාසීන් හා ප්‍රදේශවාසීන්ට හා රටවාසීන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ඓතිහාසික බහිරවකන්...
31/12/2025

2026 නව වසරට සෙත් ප්‍රාර්ථනා කරමින් හා ගම්වාසීන් හා ප්‍රදේශවාසීන්ට හා රටවාසීන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ඓතිහාසික බහිරවකන්ද ශ්‍රී මහා බෝධි මහා විහා‍රස්‍ථානයේ දී පවත්වන්නට යෙදුණු උතුම් ආශිර්වාද පූජාව මෙලෙස අත්‍යාලංකාරයෙන් මෙලෙස පැවැත්විය 🙏🙏🙏...

👉 මෙවර ප්‍රධාන දායකත්වය : 👉 බහිරවකන්ද විශාඛා කුලඟන සමිතිය හා 👉නුවරපුර මල් ශාලාවේ අධිපතිතුමා සහ එම මැතිණිය හා දියණිය විසින් ප්‍රධාන දායකත්වය සපයන ලදි....Pallegama Hamuduruwo Sri Maha Bodhi Maha Viharaya - Bahirawakanda,Kandy

"අමරපුර උතුරුතර මහනාහිමි සඳුනි"ශීල සුසංයත ඥාණ විභූෂිතධර්ම විනයධර සුගුණ සුභාවිතසිරි නැණිසුරු මාහිමිඳු උතුරුතරවඳිමු ඔබේ පද...
31/12/2025

"අමරපුර උතුරුතර මහනාහිමි සඳුනි"

ශීල සුසංයත ඥාණ විභූෂිත
ධර්ම විනයධර සුගුණ සුභාවිත
සිරි නැණිසුරු මාහිමිඳු උතුරුතර
වඳිමු ඔබේ පද සර අභිපූජිත

ඌවේ වෙල්ලස්සේ විරු නාමේ
බස රැස දෙස සසුනට කළ සේවේ
මහිමි මහිමයෙනි යළි පණ ලැබුවේ
යුග යුග පැතිරේ කිතු ගොස රාවේ

දවුල්දෙණින් පෑයූ දිනිදාණෝ
උතුරුතර යි මහ නා හිමිපාණෝ
සකු බස් මහ කිවි සක්විත්තාණෝ
අමරපුරේ මහ සඟ රජිදාණෝ

- තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි

• අද දින 111 වන ජන්ම සංවත්සරය යෙදෙන අපවත් වී වදාළ ෂඩ්භාෂා පරමේශ්වර, ජින-ශාසන කීර්ති ශ්‍රී, අග්ගමහාපණ්ඩිත, අතිපූජනීය දවුල්දෙණ ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් වූ නිවන් සුව සැලසේවා! 🌼🙏🏻🙏🙏🙏Sri Maha Bodhi Maha Viharaya - Bahirawakanda,Kandy Pallegama Hamuduruwo

සැමට  ආරාධනා 🙏🙏🙏🙏🙏Pallegama Hamuduruwo
30/12/2025

සැමට ආරාධනා 🙏🙏🙏🙏🙏Pallegama Hamuduruwo

වෙසක් පොහොය දිනය සම්බන්දව සිව් මහා නායක ස්වාමීන්වහන්සේලාගේ පණිවිඩය ජනපති වෙත .Pallegama Hamuduruwo
29/12/2025

වෙසක් පොහොය දිනය සම්බන්දව සිව් මහා නායක ස්වාමීන්වහන්සේලාගේ පණිවිඩය ජනපති වෙත .Pallegama Hamuduruwo

25/12/2025

Merry christmas ❄️❄️ සුභ නත්තලක් වේවා ❄️❄️Pallegama Hamuduruwo

බෝධිසත්ත්ව ගුණයෙන් හෙබි අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වල්පොල පියනන්ද නාහිමියෝ ! කරුණා දයා මෛත්‍රී ගුණයන්ගෙන් සුපෝෂිත බෝසත් චර...
24/12/2025

බෝධිසත්ත්ව ගුණයෙන් හෙබි අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වල්පොල පියනන්ද නාහිමියෝ !

කරුණා දයා මෛත්‍රී ගුණයන්ගෙන් සුපෝෂිත බෝසත් චරිතයකින් යුක්තව ලෝකවාසී ජනතාවට සුභසෙත සලසමින් පරාර්ථචරියාවටම යොමු වූ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් පිළිබඳ සිහිපත් කරනවිට නිතැතින්ම සිතට නැගෙන මහා ස්වාමීන් වහන්සේ නමක් ලෙස ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ලොස් ඇනජලීස් ධර්මවිජය විහාරයේ නිර්මාතෘ හා තත් විහාරය, ශ්‍රී ලංකාවේ පාමංකඩ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාරගණයේ ආදිපතිත්‍වය උසුලන අග්ගමහා පණ්ඩිත අතිගෞරවණීය ඇමෙරිකානු ථෙරවාදී බුදුදහමේ මහා යුගපුරුෂයෙක් වූ අතිපූජ්‍ය වල්පොල පියනන්ද මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ හැඳින්විය හැකිය.

කුඩා කලම සාමණේරයන් වහන්සේ නමක් වශයෙන් උගත යුතු බණ දහම් ඉගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස ලද පත්වීම ද අතහැර උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවට වැඩම කොට පසුව ඇමෙරිකාව බලා වැඩම කළ උන්වහන්සේ එදා මෙදාතුර සිදුකොට ඇති සේවය වචනාතීක්‍රාන්තය. විදේශගතව සිටිය ද ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය පිළිබඳ විශේෂ අවධානයකින් නිරන්තරයෙන් කටයුතු කරමින් සිය මව්රටට සුජාත පුත්‍රයකුගෙන් ඉටුවිය යුතු සේවය නොපිරිහෙලා ඉටුකළ හා කරන මහා යතිවරයාණන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. ප්‍රශංසාවේදී උද්දාමයට පත්නොවී ඇතැම්විට සමාජසේවකයන්ට උරුම වූ නින්දා අපහාසයන්ට සිනහවෙන් මුහුණ දී ශාසනික පිළිවෙත් මනාව පුරමින් ලෝක ශාසනික සේවයේ යෙදෙන්නේ එය පාරමිතාවක කොටසක් පූරණය කරනවා මෙනි.

අතිපූජ්‍ය වල්පොල පියනන්ද නායක හිමිපාණන් වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී පරිච්ඡේදය ආරම්භ වන්නේ උන්වහන්සේ ඇමරිකාවට වැඩමවීමත් සමග ය. ඇමෙරිකානුවන්ට අලුත් දර්ශනයක් වූ කසාවත කැලිෆෝනියාවට හඳුන්වා දෙමින් පියනන්ද නාහිමියන් ඇමෙරිකාවට පා තබන්නේ ඇමෙරිකාවේ බුදුදහමේ නව යුගයක් සනිටුහන් කරමිනි. උන්වහන්සේ එහි පැමිණි මුල් දවස්වල ඇමෙරිකානු වැසියන් මේ අලුත් ඇඳුම් අඳින තැනැත්තා පිළිබඳ ව විශේෂයෙන් විපරම් කළ අයුරු අපේ නාහිමියන්ගේ අතීත කථාවලට සවන් යොමු කිරීමෙන් මැනවින් පැහැදිලි වෙයි. විටෙක උන්වහන්සේ විවිධ අපහසුතාවලට පත් වී ඇති අතර තවත් විටෙක ගරු බුහුමනට ද පත් වී ඇත්තේ චීවරය ඇමෙරිකාවට ආගන්තුක වූ බැවිනි. කෙසේ නමුදු නොපසුබට උත්සාහයෙන් හා තිර අදිටනින් උත්සාහවත්ව ක්‍රියා කළ වල්පොල පියනන්ද නාහිමියෝ ලොස් ඇන්ජලීස් නුවර නිවාසයක් කුලී පදනම මත ලබාගෙන ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරය නමින් කුඩා පන්සලක් ආරම්භ කොට ප්‍රදේශයේ බෞද්ධ පින්වතුන් වෙනුවෙන් ආගමික කටයුතු සිදු කිරීමට ආරම්භ කොට ඇත. ක්‍රම ක්‍රමයෙන් විහාරස්ථානයේ සේවාවන් වඩ වඩාත් ප්‍රචලිතවීමත් සමගම ශ්‍රී ලාංකිකයන් ඇතුළු විවිධ රටවල බෞද්ධ ජනතාවගේ ඉල්ලීම මත උන්වහන්සේ නව විහාරස්ථානයක් ඉදිකිරීම අදහස් කොට ඇත. පසුව වර්තමාන අත්තනගල්ල රාජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද හිමියන්ට ආරාධනා කොට ඇමෙරිකාවට වැඩමවා ඇත.

සිය ශාසනික කටයුතු සඳහා ආනන්ද හිමියන්ගේ ද සහය ලබාගත් පියනන්ද නාහිමියෝ සිය සේවා වඩාත් ශක්තිමත් කර ඇත්තේ චරථ භික්‍ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය… යන බුදු වදන අනුව යමිනි. ඒ අනුව 1980 වර්ෂයේ දී වර්තමානයේ විහාරස්ථානය පවතින ස්ථානයේ ධර්මවිජය නමින් ස්ථිර භූමියක මෙම විහාරස්ථානය ආරම්භ කොට ඇත. නව විහාරස්ථානය සඳහා විවිධ නම් යෝජනා වී ඇතත් පියනන්ද නායක හිමියන් ධර්මවිජය යන නාමය යෝජනා කොට ඇත්තේ ඇමෙරිකාවේ තථාගත ධර්මය විජයග්‍රහණය කරවීමේ උන්වහන්සේ තුළ වූ දෘඪ අධිෂ්ඨානය පෙරටු කරගනිමිනි. අවසානයේ සියලු දෙනාගේම එකඟතාවයෙන් ඇමෙරිකාවට නව යුගයක් උදාකරමින් බෞද්ධ පුනරුදයේ මූලස්ථානය වන ධර්මවිජය විහාරස්ථානය ආරම්භ විය. ඉතිහාසගත තොරතුරු අනුව මේ වන විට ඇමෙරිකාවේ පැවතී ඇත්තේ එක් ශ්‍රී ලාංකික විහාරස්ථානයක් පමණි. එය ද ලොස් ඇන්ජලීස් නගරයෙන් සැතපුම් දහස් ගණනක් ඈත පිහිටා තිබුණි. ඇමෙරිකාවේ විහාරස්ථානයක් පවත්වා ගෙන යෑම පහසුවෙන් කළ හැක්කක් නො වේ. එහි විවිධ බදු ක්‍රම ක්‍රියාත්මක වන අතර නීති රීති ද ඉතා තදින් බල පැවැත්වෙයි. එම නිසා මේ සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. පියනන්ද නාහිමියන් කිසිදා ඉදිරියට තැබූ පියවරක් පසුපසට ගන්නා යතිවරයකු නො වේ. උන්වහන්සේ එදා මෙදා තුර ඉතා නිර්භීත තීරණ ගනිමින් නව අදහස් හා සංකල්ප එක්කොට ගනිමින් දේශ, කාල, දීප ආදිය සලකමින් නව යුගයට ගැලපෙන අයුරින් ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදෙති.

ධර්මවිජය විහාරස්ථානය ආරම්භවීමත් සමගම ඇමෙරිකාව පුරා අනුබද්ධ විහාරස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහන සැලසුම් කෙරුණේ ධර්මප්‍රචාරයේ නිම්වළලු තව තවත් පුළුල් කරමිණි. මේ සමගම ඇමෙරිකාවේ විවිධ ප්‍රාන්තවල ශ්‍රී ලාංකික විහාරස්ථාන ඉදිවීම ආරම්භ විය. ශානි විජේ මහත්මියගේ දායකත්‍වය මේ සඳහා ලැබීම මහත් ශක්තියක් විය. මේ අනුව වර්ෂයකට එක් ප්‍රාන්තයක එක් විහාරස්ථානයක් යන තේමාව යටතේ පන්සල් ආරම්භ කිරීම සිදු විය. මෙහි සමාරම්භය සනිටුහන් කරමින් ටෙක්සාස් (Texas) ප්‍රාන්තයේ හුස්ටන් (Huston) නගරයේ පළමු විහාරස්ථානය පන්නිල ආනන්ද නාහිමියන්ගේ විහාරාධිපතිත්‍වයෙන් ආරම්භ විය. ෆ්ලෝරීඩා (Florida) බෞද්ධ විහාරය, (Sacramanto) හි ABS විහාරය, පරවාහැර වජිරබුද්ධි හිමියන්ගේ මූලිකත්‍වයෙන් ආරම්භ වූ ජෝජියා (Geogia) බෞද්ධ විහාරස්ථානය, අලවල සුභූති හිමියන් විසින් නෙවාඩා (Nevada) ප්‍රාන්තයේ ලාස් වේගාස්හි (Las Vegas) විවෘත කළ විහාරස්ථානය, වතෝගල සරණසිරි හිමියන් විහාරාධිපතිත්‍වය දරන රිවර්සයිඩ් (Riverside) විහාරය, කෝප්පකන්දේ සුමනජෝති හිමියන් ආරම්භ කළ ඔහායෝ (Ohio) බෞද්ධ විහාරය ඇතුළු තවත් බොහෝ විහාරස්ථාන ආරම්භයට අනුශාසකත්‍වය දරන ලද්දේ ගෞරවණීය වල්පොල පියනන්ද නාහිමියන්ය. එම සියලු විහාරස්ථානවල නාමලේඛනය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේයැයි මම කල්පනා නො කරමි.

එහෙත් මෑතක දී ආරම්භ වූ තවත් විහාරස්ථාන දෙකක් පිළිබඳව නම් සඳහන් නොකරම බැරිය. කොලරාඩෝ (Colorado) ප්‍රාන්තයේ ආචාර්ය පිටකෝට්ටේ සීලරතන හිමියන් මෙහෙයවා විහාරස්ථානයක් ආරම්භ කළ අතර සැන්ඩියාගෝ :(San Diego) හි ගෞරව ශාස්ත්‍රවේදී පන්නිල සුදත්ත හිමියන් විසින් නව විහාරස්ථානයක් ආරම්භ කරන ලද්දේ නාහිමියන්ගේ අවවාද අනුශාසනා මතය. සීලරතන හා සුදත්ත යන හිමිවරු දෙදෙනාම වල්පොල පියනන්ද නාහිමියන්ගේ සෙවෙණෙහි ධර්මවිජය විහාරයේ වැඩසිටිමින් ම විහාරස්ථාන ආරම්භ කිරීම සුවිශේෂ ය.

වර්ෂ 1976 දී වල්පොල පියනන්ද හිමියන් බටහිර ඇමෙරිකාවට වැඩම කරන විට ථේරවාදි කිසිදු විහාරස්ථානයක් ඒ ප්‍රදේශයේ නොතිබිණ. කාම්බෝජ පින්වතුන්ට මුලදී පන්සලක් නොතිබුණි. එම නිසා ඉන්දියාවේ වාසය කළ කාම්බෝජ භික්‍ෂුවක් වූ ණමබ ක්‍යසබ හිමියන් ඇමෙරිකාවට ගෙන්වා කැලිෆෝනියාවේ ලෝන්බීච් :ඛදබට ඊැ්ජය) වල විහාරස්ථානයක් පිළියෙල කරදෙන ලද්දේ පියනන්ද නාහිමියන් විසිනි. පසුව දානපතියන් සමග එකතු වී පියනන්ද නාහිමියන් විසින් කාම්බෝජ විහාරස්ථානයක් ලොස් ඇන්ජලීස්වල ආරම්භ කොට ඇත්තේ ඒ අවට ප්‍රදේශයේ එම ජාතිකයන් බොහෝ පිරිසක් වාසය කළ බැවිනි. 1979 වර්ෂයේ පියනන්ද නාහිමියන් තායිලන්තයේ සරණාගත කඳවුරක නිරීක්‍ෂණය සඳහා වැඩම කළ අවස්ථාවේ දී උන්වහන්සේට එහි දී ඉතා ප්‍රසිද්ධ කාම්බෝජ හිමිනමක් වූ ඝෝෂානන්ද හිමියන් එරට තානාපතිතුමා සමග මුණගැසිණ. එම තානාපතිතුමා පසුව ඇමෙරිකාවට පැමිණි අතර එමගින් එම ජනතාවට බොහෝ උපකාර කිරීමට පියනන්ද නාහිමියන්ට හැකියාව ලැබිණ.

ධර්මවිජය විහාරස්ථානයේ ආරම්භය මෙම සියලු විහාරස්ථාන ආරම්භවීමට පාදක විය. ආසියානු බෞද්ධ සංස්කෘතිය ඇමෙරිකාවේ කිතුනුවන් බහුල පෙදෙසක ව්‍යාප්ත කරමින් බුදුරදුන්ගේ උතුම් ධර්මය ලොවට බෙදා දෙන්නට අතිපූජ්‍ය වල්පොල පියනන්ද නාහිමියන් ඇතුළු ධර්මවිජය විහාරස්ථානයට අනුබද්ධ හා සම්බන්‍ධව ක්‍රියා කරන උගතුන්, ප්‍රභූන් හා දායක දායිකාවන් කළ කැප කිරීම මෙමගින් මැනවින් පැහැදිලි වෙයි.

ධර්ම ප්‍රචාරයේ දී විවිධ ක්‍රම ශිල්ප භාවිතා කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. අලුත් පරිසරයකට අලුත් සංස්කෘතියකට නව දහමක් හඳුන්වා දීම විශාල අභියෝගයකි. විශේෂයෙන් සුඛෝපභෝගී ප්‍රීතිමත් ලෞකික ජීවිත ගතකරන ඇමෙරිකානුවන්ට අනිත්‍යතා සංකල්ප වැනි දේ එක්වරම පැහැදිලි කිරීම හරසුන්ය.

ඇමෙරිකානුවන් බුදුදහම වෙත ශීඝ්‍රයෙන් නැඹුරු වුව ද පැවිදි වීමට ඔවුන්ගේ රුචියක් නො වීය. එසේ ම පැවිදි ආකල්ප ඔවුන්ට හඳුන්වාදී ම ද පහසු නොවේ. අනෙක් කරුණ නම් පැවිදි උපසම්පදාව සඳහා අවශ්‍ය ප්‍රමාණවත් උපසම්පදා භික්‍ෂූන් සපයා ගැනීම ද ගැටලුවක් විය. යෝගාවචර රාහුල හිමියන්ගේ උපසම්පදාව මෙයට කදිම උදාහරණයකි. උන්වහන්සේ ලංකාවේ දී පැවිදි වී පසුව ඇමෙරිකාවට පැමිණ උපසම්පදාව අපේක්‍ෂාවෙන් සිටි නිසා ඇමෙරිකාවේ දී එය සිදුකිරීමට පියනන්ද නාහිමියන් මැදිහත් විය.

මේ සඳහා පන්නිල ආනන්ද හිමියන්, මඩවල සීලවිමල හිමියන් හා තායිලන්ත හිමිවරුද සහභාගීකර ගැණින. එසේම මහායාන භික්‍ෂුවක් වූ සුහිතධම්ම හිමියන්ට ථේරවාදී සම්ප්‍රදායට අනුව උපසම්පදාවීමට අවශ්‍ය වූයෙන් සිය ගුරු හිමියන්ට දන්වා පියනන්ද නාහිමියන්ගේ මගපෙන්වීම යටතේ ඇමෙරිකාවේ දී උපසම්පදාව ලබාගැනීමට හැකිවිය. මේ සඳහා පියනන්ද නාහිමියන්ට අමතරව අතිපූජ්‍ය හැවන්පොල රතනසාර හිමි, පන්නිල ආනන්ද හිමි, ලෙනගල සුමේධානන්ද හිමි, මඩවල පුණ්ණජි හිමි, මඩවල සීලවිමල හිමි යන නාහිමිවරුන්ගේ සහය ලැබීම විශාල ශක්තියක් විය.

බුද්ධශාසනයේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යනුවෙන් සිව්වනක් පිරිසකි. භික්‍ෂූන් වහන්සේලාට පමණක් ශාසනික සේවා සිදු කිරීම අපහසුය. භික්‍ෂුණීන් වහන්සේලා සිටින්නේ නම් ඇතැම් අවස්ථාවල විශේෂයෙන් කාන්තාවන් සම්බන්‍ධයෙන් වූ කටයුතුවල දී මහත් පහසුවකි. විශේෂයෙන් මෙම රටවල ලිංගිකත්‍වය පදනම් වූ සමාජ පවතින බැවිනි. ඒ අනුව භික්‍ෂුණින් ලෝකයේ අවිද්‍යමාන වුව ද නැවත භික්‍ෂුණී සමාජය ඇතිකළ යුතුය යන දැඩි අදිටනින් ක්‍රියාත්මක වූ පියනන්ද නාහිමියන් ශ්‍රී ලංකා සම්භවයක් ඇති තායිවාන දසසිල් මාතාවන් ගෙන්වා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. එහෙත් තායිලන්ත ජාතික නීතිඥවරියක් වූ චුතිමා නම් තැනැත්තිය සාමණේරියක වශයෙන් පැවිදි කිරීමට කටයුතු කරන ලදි. රතනසාර නාහිමි සහ ආනන්ද යන හිමියන්ගේ අනුශාසකත්‍වය මේ සඳහා නො අඩුව ලැබිණ.

ධර්මවිජය විහාරස්ථානය ආරම්භයේ සිටම ලොස් ඇන්ජලීස් ජනතාව වෙනුවෙන් ජාති, ආගම්, කුල භේද නොසලකා විවිධ සේවාවන් සපයනු ලබයි. දවසේ පැය විසිහතර පුරාම ඕනෑම අයකුට විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් සිදුකිරීමට අවස්ථාව සලසා ඇත. එසේම ලොස් ඇන්ජලීස් නගරයේ බොහෝ නිවාස අහිමි වූ අසරණ ජනතාවක් මාර්ග අසල කූඩාරම්වල ජීවත් වන අතර ඔවුන් සඳහා ආහාර පාන ලබාදීමේ වැඩසටහන වර්තමානය දක්වාම ක්‍රියාත්මක වෙයි. එසේම අනාථ නිවාසවලට උදව් උපකාර කිරීම, අසරණ ළමුන් වෙනුවෙන් සෙල්ලම් බඩු ක්‍රීඩා උපකරණ බෙදාදීමාදිය වාර්ෂිකව සිදු කරනු ලබන සාමාජික සේවාවන් වේ. එපමණක් නොව විශාල වශයෙන් දහම් පොත් පත් බෙදා දීම ද සිදු කරනු ලබයි.

වන්දනා පොත්, පුංචි පුංචි දහම් පොත් මෙන්ම නොයෙක් ශාස්ත්‍රීය ග්‍රන්‍ථ ද ඒ අතර වෙයි. වල්පොල පියනන්ද නායක හිමිපාණන් වහන්සේ විසින් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විශාල ග්‍රන්‍ථ සංඛ්‍යාවක් රචනා කොට ඇත. ඒ අතර මහරහතුන් වදාළ බුද්ධචරිතය, ඇමෙරිකාවේ කසාවත, ඇමෙරිකාවේ රන්සලු, කසාවතින් ලොව වටා යන කෘති ඉතා ජනප්‍රිය ය.

ගෞරවණීය පියනන්ද නායක හිමිපාණන් වහන්සේ ඇමෙරිකාවට පමණක් නොව ශ්‍රී ලංකාව වෙනුවෙන් ද විවිධ සේවාවන් නිරන්තරයෙන් සිදු කරත්. විවිධ ශිෂ්‍යත්‍ව ක්‍රම, නිවාස යෝජනා ව්‍යාපෘති, අසරණයන් සඳහා සහන සැලසීමේ වැඩසටහන් ඒ අතර වෙයි. 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 දින ඇති වූ සුනාමි ඛේදවාචකයෙන් විපතට පත්වූවන් සඳහා විශේෂ අරමුදලක් පිහිටුවා නිවාස අහිමිවූවන් සඳහා හොලිවුඩ් නළු නිළියන්ගේ සංසදය හා එකතුවී ලංකාවේ අම්බලංගොඩ ගලගොඩවත්ත ප්‍රදේශයේ විශාල මුදලක් වැය කර නිවාස ඉදිකර දෙන ලදි. තවත් බොහෝ අයට ද්‍රව්‍යමය ආධාර ලබාදීම සිදු කෙරිණ. එසේම වාර්ෂිකව අඩු ආදායම්ලාභී වෛද්‍ය සිසුන් සඳහා ශිෂ්‍යත්‍ව ප්‍රදානය කිරීම ද සිදු වෙයි. පොඩි හාමුදුරුවරුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකාර කිරීම, දිළිඳු දරුවන්ට අධ්‍යාපන උපකරණ ලබාදීම, අසරණ පවුල් සඳහා නිවාස තනා දීම ආදී බොහෝ ව්‍යාපෘතීන් ධර්මවිජය විහාරය මගින් ආරම්භයේ පටන් අද දක්වාම ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් අතර වෙයි. මේ සියලු වැඩසටහන් ගෞරවාර්හ වල්පොල පියනන්ද නායක හිමිපාණන් වහන්සේගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුවෙයි. එසේම ලංකාවට ඇතිවන ස්වාභාවික විපත්වල දී උන්වහන්සේ අසරණ ජනතාවට පිහිට වීමට කිසිවිටෙක පසුබට නොවෙති.

මෙවැනි උදාර ආගමික, ශාසනික, සාමාජික හා ශාස්ත්‍රීය මෙහෙවරක නිරත වී සිටින ගෞරවණීය වල්පොල පියනන්ද නාහිමියන්ට 2013 වර්ෂයේ බුරුම රජය විසින් අග්ගමහා පණ්ඩිත යන විශේෂ ගෞරව නාමය ප්‍රදානය කළ අතර 1983 වර්ෂයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාව විසින් ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරය ද පිරිනමන ලදි. වර්තමානය වනවිට අප නායක හිමිපාණන් වහන්සේ පාමංකඩ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාරස්ථාන කිහිපයකම අධිපතිත්‍වය දරමින් ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලා නිර්මාණය කරමින් දායක දායිකාවන්ගේ ආගමකි අවශ්‍යතාවන් ඉටුකරමින් විශාල සේවාවක් සිදුකරනු ලබයි. උන්වහන්සේ වයසින් අවුරුදු අසූවක් සම්පූර්ණ වුව ද සිය සේවාවන් මදකුදු අඩු නොකොට පවත්වා ගෙන යෑම විශේෂයෙන් ප්‍රශංසා කටයුතුය.

මෙහි දී විශේෂයෙන් සඳහන් කළයුතු තවත් වැදගත් කරුණකි, නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සිදු කෙරෙන පින්කම් මාලාවේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යන ආයතනයන්හි අධ්‍යපනය හදාරන විද්‍යාර්ථීන් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ අට (08) බැගින් වූ ඉතා විශාල මුදලක් වැයකරමින් ශිෂ්‍යත්‍ව තුනක් පිහිටුවා ශිෂයන්ගේ ශාස්ත්‍රීය අධ්‍යාපනයට මහත් ශක්තියක් ලබාදෙති. මීට අමතරව බොහෝ කාලයක් පටන් කොළඹ විශ්වවිද්‍යාලය සඳහා එබඳු ශිෂ්‍යත්‍වයක් පිරිනමනු ලබයි. මෙම සියලු කාර්යයන් හි දී පාමංකඩ ශ්‍රී මහා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත වල්පොල පියරතන හිමියන්ගේ දායකත්‍වය සුවිශේෂීය. එසේම ශාස්ත්‍රපති කළඹුළුළන්දේ ධම්මජෝති හිමියන් ඇතුළු ශිෂ්‍යයන් වහන්සේලාගේ සහයෝගය ද විශේෂයෙන් ඇගයීමට ලක්විය යුතු යැයි කල්පනා කරමි.

සටහන - ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, රාජකීය පණ්ඩිත
ගෞරවාර්හ ගෝනදෙණියේ පඤ්ඤාරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ

© සංගායනා

නිර්වානාවබෝධයම වේවා පරිපූර්ණ රංගධරයාණනි 🙏🙏🙏Pallegama Hamuduruwo
23/12/2025

නිර්වානාවබෝධයම වේවා පරිපූර්ණ රංගධරයාණනි 🙏🙏🙏Pallegama Hamuduruwo

සැමට බැතියෙන් ආරාධනා 🙏🙏🙏🙏🙏Pallegama Hamuduruwo
17/12/2025

සැමට බැතියෙන් ආරාධනා 🙏🙏🙏🙏🙏Pallegama Hamuduruwo

දිඝාසිරි වේවා නා හිමියනි 🙏
12/12/2025

දිඝාසිරි වේවා නා හිමියනි 🙏

Address

Bahirawakanda
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Maha Bodhi Maha Viharaya - Bahirawakanda,Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share