Sri Subodharama International Buddhist Monastery

Sri Subodharama International Buddhist Monastery Sri Subodharama International Buddhist Centre is situated on a small hill adjoining Peradeniya town in Kandy district.

It performs religious, educational and social welfare services in Sri Lanka as well as other countries.

ශාසනික දැනුම්දීමයි...🙏
28/07/2026

ශාසනික දැනුම්දීමයි...🙏

24/07/2026
ස්වකීය සුපින්බර දිවිගමනේ සැත්තෑ වැනි ජන්මෝත්සවය සිහිපත් කරන අස්මදාචාර්යෝත්තම, පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම මහා විහාරය ඇතුළු...
09/07/2026

ස්වකීය සුපින්බර දිවිගමනේ සැත්තෑ වැනි ජන්මෝත්සවය සිහිපත් කරන අස්මදාචාර්යෝත්තම, පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම මහා විහාරය ඇතුළු දෙස්-විදෙස් විහාර ගණයෙහි අධිපති, ශ්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනයීය මහ පිරිවෙන් ගරු පරිවේණාධ්‍යක්ෂ, ඕස්ට්‍රේලියා මහද්වීපයේ ප්‍රධාන සංඝනායක, මහාවිහාර වංසාලංකාර, සද්ධර්මකීර්ති ශ්‍රී පටිපත්තිසාසනාභිධජ‍, ශ්‍රී ඤාණාලංකාර වංශාවතංස‍, අමරපුර සංඝානන්ද ගණප්පධාන‍, භදන්ත මහා මහෝපාධ්‍යාය‍,
අතිපූජ්‍ය වත්තේගම ශ්‍රී ධම්මාවාසාභිධාන මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උඩරට අමරපුර ශාසනජෝතික පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේට

නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසෙන පුණ්‍යවන්තජන්මෝත්සවයක් වේවා...!

19/06/2026

පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ ත්‍රිවිධ ශාසනයේ චිරස්ථිතිය අපේක්ෂාවෙන් ශ්‍රී ලාංකේය පාරිවේණික අධ්‍යාපනයේ ප්‍රගමනය උදෙසා නිස්සාරණාධ්‍යාශයෙන් යුතුව අනූපමේය සේවාවක් ඉටුකරමින් උත්තුංග යුග මෙහෙවරක නිරතවන මහා යතීන්ද්‍රයන් වහන්සේලා අගයනු වස් "සඟරජ බුහුමන්" ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය පල්ලෙකැලේ බෞද්ධ ජාත්‍යන්තර ඇකඩමි ශ්‍රවණාගාරයේදී 2026 ජූනි 19 වැනිදා මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

එම රාජ්‍ය මහෝත්සවයේ දී පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම මහා විහාරස්ථ ශ්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනයේ ගරු පරිවේණාධ්‍යක්ෂ අතිගරු වත්තේගම ශ්‍රී ධම්මාවාසාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ගරුසම්භාවනාවට පාත්‍ර වූහ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතින් අප ගුරුදේවෝත්තම මහානායක මාහිමිපාණන් වහන්සේ මෙම විශේෂ රාජ්‍ය උපහාරයට පාත්‍රවීම නැණලකර භික්ෂු තක්සලාවේ ස්වර්ණමය අවස්ථාවක් කොට සලකමු.

පුරා සතළිස් වසක් මුළුල්ලෙහි නැණලකර භික්ෂු තක්සලාව විසින් බිහිකළ ගරු පරිවේණාධිපතිවරු, ආචාර්ය - මහාචාර්යවරු, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, විද්‍යාලයාධිපතිවරු ආදී කොටැති ප්‍රාචීන පණ්ඩිතෝපාධි විද්‍යාර්ථයින් සිය ගණනක් ශ්‍රී ලාංකේය භික්ෂු වංශයට දායද කළ නැණලකර භික්ෂු තක්සලාව ශ්‍රී ලංකා ජනරජයේ ගරුසම්භාවනාවට පාත්‍රවීම; ප්‍රාරම්භක ගරු පරිවේණාධිපතීන් වහන්සේගේ පටන් වර්තමානය දක්වා භික්ෂු අභ්‍යාස ආයතනය මෙහෙය වූ පූජ්‍යතර මහා යතීන්ද්‍රයන් වහන්සේලාගේ අප්‍රතිහත කැපකිරීම්වල අමිල ප්‍රතිඵලයක් ලෙස හඟිමු.

මෙම සුවිශේෂී අවස්ථාවට අභිනව අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් තැන්පත් පූජ්‍යපාද මාදෝවිද වජිරබුද්ධි නාහිමියන් වහන්සේ ප්‍රධාන පිරිවෙන් අධ්‍යාපන අංශයේ සියලු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිවරු, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිවරු වැඩමකර වූහ. එසේම බුද්ධ ශාසන අමාත්‍ය ගරු හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මැතිතුමා, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු ලේකම් නාලක කලුවැව මැතිතුමා, විභාග කොමසාරිස් ජනරාල්තුමිය, මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම් ආදී කොටැති රාජ්‍ය නිළධාරීන් විශාල ප්‍රමාණයක් සහභාගි වූහ.

මීට සමගාමීව පැවැත් වූ ජාතික පිරිවෙන් දින ප්‍රදර්ශනයේ දී "පාත්‍ර සකස්කිරීම සම්බන්ධයෙන් ප්‍රදර්ශනය කුටියක්" අප භික්ෂු අභ්‍යාස ආයතනයේ ගුරු-සිසු සියලුදෙනාගේ කැපවීමෙන් අතිශය සාර්ථක ලෙස සකස්කර තිබුණි.

නැණලකර භික්ෂු තක්සලාව බෝ කල් දිනේවා...

සටහන තැබුවේ,

රාජකීය පණ්ඩිත පේරමණ්ඩියේ සුනන්ද භික්ෂු
පරිවේණාධිපති,
ශ්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනය,
පේරාදෙණිය.

වැල්ලවාය පැලවත්ත අතිදුෂ්කර පාසල් දෙකක දුදරැවන් 250 සදහා මුලු වසරටම අවශ්‍ය කරන පාසල් උපකරන පරිත්‍යාග කරනලදී එසේම පාසලට  අ...
07/03/2026

වැල්ලවාය පැලවත්ත අතිදුෂ්කර පාසල් දෙකක දුදරැවන් 250 සදහා මුලු වසරටම අවශ්‍ය කරන පාසල් උපකරන පරිත්‍යාග කරනලදී එසේම පාසලට අවශ්‍ය කොම්පියටර් යන්ත්‍ර යක් සහ ක්රිඩාභාන්ඩ පරිත්‍යාග කරන ලදි මෙම සත්කාර වැඩ සටහන වාර්ෂිකව නැණ අරැන පේරාදෙනිය සුබොධාරාමයේ ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසලේ දරැවන් දෙමව්පියන් සහ ගරැවරැන් සහභාගිත්වයෙන් රාජකිය පන්ඩිත පේරමන්ඩියේ සුනන්ද හිමියන්ගේ මගපෙන්විමෙන් සිදුකරනු ලබයි .

Address

Sri Subodharama Mawatha
Kandy
20400

Alerts

Be the first to know and let us send you an email when Sri Subodharama International Buddhist Monastery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Subodharama International Buddhist Monastery:

Shortcuts

Share