Rathnamali Gatha Yanthraya - රත්නමාලී ගථා

Rathnamali Gatha Yanthraya - රත්නමාලී ගථා Rathnamali Yanthraya - රත්නමාලී යන්ත්‍රය
get the correct Rathnamali Yanthraya with proper spellings.

රත්නමාලී යන්ත්‍රය වනාහි,
පෙරකල ලක්දිව වැඩසිටි රහතුන් වහන්සේලා විසින්, තුන් ලොවක් අභිබැවූ (ලෝකෝත්තර) ධර්මතා තුනක් වන "තෙරුවනහි ගුණ" අන්තර්ගත කොට නිර්මාණශීලී ලෙස සකසන ලද ගථා රත්නයකි. සද්ධර්මයම සොයන, එහි හැසිරෙන, ධර්මය තුලින් බුදුන් දකින, ධර්මය තුලින්ම සඟුන් දකින්නට වෙරදරන්නන් හට රත්නමාලී ගථා තුලින් ලද හැකි ආශිර්වදය හා ආරක්ෂාව ප්‍රමාණ කල නොහැක.
රත්නමාලී යන්ත්‍රය වනාහි,

එක් අක්ෂරයකදු අඩු-වැඩි නොකොට සියපත් පෙති අතර සමව කුළුගන්වා ඇති මෙම රත්නමාලී ගථා, අන්‍ය ගථා පදබඳුම් හා අසාධාරණවූ උත්කෘෂ්ට නිර්මාණයකි..

පෙරකල ලක්දිව වැඩසිටි රහතුන් වහන්සේලාගේ මැදිහත් වීමේන්, තුන් ලොවක් අභිබැවූ ඒ (ලෝකෝත්තර) ධර්මතා තුනක් වන "තෙරුවනහි ගුණ" අන්තර්ගත කොට නිර්මාණශීලී ලෙස සකසන ලද ගථා රත්නයකි.

සද්ධර්මයම සොයන, එහි හැසිරෙන, ධර්මය තුලින් බුදුන් දකින, ධර්මය තුලින්ම සඟුන් දකින්නට වෙරදරන්නන් හට රත්නමාලී ගථා තුලින් ලද හැකි ආශිර්වදය හා ආරක්ෂාව ප්‍රමාණ කල නොහැකි බව එහි පළ ලැබූවන්ට රහසක් නොවෙයි..

නමුත්, ඇතමුන් විසින් රත්නමාලී යන්ත්‍රය වෙළඳ භාංඩයක් කරනු වස් ස්වකීය පහසුව පිණිස හෝ, බාහිර අලංකරණය සලකාගෙන හෝ අත්‍යන්ත නොසැලකිලිමත්කම නිසා හෝ අත්තනෝමතික ලෙස රත්නමාලි බැඳුමේ අක්ෂරාදිය වෙනස් කොට, අවභාවිත කොට, එහි ඇති උදෘත අනන්‍යසාධාරණ ධර්මතාවය බොඳවන ආකාරයට කටයුතු කර ඇති බව පෙනේ ...

එබඳු අවස්ථාවක, අයථාභාවිතයට ලක්ව ඇති මේ වටිනා ගථා රත්නයට යුක්තිය කැඳවීමට දරන මෙම ධර්මික ව්‍යායාමය, ධර්මාවබෝධය පිනිස පාරමිතාවක්ම වෙත්වා..!!

-සංස්කාරක

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Rathnamali Gatha Yanthraya - රත්නමාලී ගථා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share