Sri Vivekarama Prawachanodaya Piriwena

Sri Vivekarama Prawachanodaya Piriwena Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Vivekarama Prawachanodaya Piriwena, Religious organisation, Siyambalagoda, Danture, Kandy.

ෛඑතිහාසික දන්තොටවතුර නගරයට ආසන්න සියඹලාගොඩ ග්‍රාමවරයට 1928 වසරේ වැඩමකරන ලද පූජ්‍ය බටුගොඩ රේවත ස්වාමින් වහන්සේගේ අනුශාසණා පරිදි
ඩීන් මුදලාලිගේ මූලිකත්වයෙන් විහාරස්ථානය ආරම්භ කරන ලදි.

1957 දී පූජ්‍ය දෙබත්ගම ගුණසිරි ස්වාමින් වහන්සේ මෙම ස්ථානයට වැඩම වීමෙන් පසු 1965 වසරේ, වගපේඩි ගෙදර රන්කිරි, අමුකොටුවගේ නන්දසෝම, අමුකොටුවගේ වින්සන් කරුණාරත්න, අමුකොටුවගේ ජයසිංහ යන දායක පිරිසගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා

රාමඤ්ඤ මහා නිකාය ප්‍රධාන සිව් දිගින් වඩින මහ සග රුවනට වැඩ ඉන්නට සග සතුකොට පූජා කරන ලදි.

ඉන් පසු සියඹලාගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස අධ්‍යාපනික වශයෙන් විශාල සේවයක් කල පූජ්‍ය දෙබත්ගම ගුනසිරි ස්වාමින් වහන්සේ කඩුගන්නාව සිරිනිවාස පිරිවණෙන් ප්‍රථම සාමාර්ථ සහිත පණ්ඩිතෝපාධිය ලබා ගෙන පිරිවෙන් සහ පාසල් වල සේවයක් සිදු කලහ. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ සාමජිකත්වය ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි අංශයේ සහය කථිකාඡාර්යවරයෙකු වශයෙන්ද, විදුහල්පති වරයෙකු වශයෙන් ද අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශකවරයකු වශයෙන් ද ශාසනික වශයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ තනතුරු දරමින් සේවයක් කලහ.

අඛණ්ඩ වසර 10 කට වැඩි කාලයක් යටිනුවර ශාසනාරක්ෂක බල මන්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධූරය ද, සියඹලාගොඩ ශ්‍රී ප්‍රවචනෝදය පිරිවනේ කෘත්‍යාධිකාරි වශයෙන්ද, විහාරස්ථාන කීපයක අධිපතිත්වය දරමින් ද, 1976 ශ්‍රී විවේකාරාම දහම්පාසල ආරම්භ කරමින් ශාසනික සේවය ශක්තිමත් කලහ.

මේ ආකාරයෙන් ආගමික හා ශාසනික වශයෙන් විශාල සේවයක් කල පූජ්‍ය දෙබත්ගම ගුනසිරි මහා ස්වාමින් වහන්සේ 1997 ජූලි 23 අපවත්වී වදාලසේක.

මෙතැන්සිට කිරිමැටිය ශ්‍රී ආනන්දාරාමය, කැටපිටිය පුණ්‍යවර්ධනාරාමය, සියඹලාගොඩ ශ්‍රී විවේකාරාමය යන විහාරස්ථානවල විහාරාධිපතිත්වය ද, සියඹලාගොඩ ශ්‍රී ප්‍රවචනොදය පිරිවෙන් කෘත්‍යාධිකාරීත්වයද, යටිනුවර ශාසනාරක්ශක බළ මන්ඩලයේ කදුපළාත ලේඛකාධිකාරී තනතුර ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ යටිනුවර දිසාපාලක තනතුර ද දරණු ලබන්නේ පූජ්‍ය පෑලව බුද්ධසිරි ස්වාමින් වහන්සේය.

දැනට ප්‍රවචනොදය පිරිවෙන් ගරු පරිවෙනාධිපති වශයෙන් පූජ්‍ය ශාස්ත්‍රපති කහගල සුමනජෝති ස්වාමින් වහන්සේ ද, නියෝජ්‍ය පරිවෙනාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති ගම්පොල ඉන්දසිරි ස්වාමින්වහන්සේ ද, ශාස්ත්‍රවේධි පූජ්‍ය හෙට්ටිපොල ධීරානන්ද ස්වාමින් වහන්සේ ද, පූජ්‍ය උඩුගල සිරි සිතින්ද හිමි, කේ.පී.සී. ප්‍රේම්ජිත්, එම් නන්දසිරි යන මහත්වරු පිරිවෙන් ආචාර්ය මන්ඩලය ලෙස සේවය කරයි.

සියඹලාගෝඩ ශ්‍රී විවේකාරාම දහම්පාසලේ ප්‍රධානාචාර්ය ලෙස පූජ්‍ය ශාස්ත්‍රපති පොත්තපිටියේ සුජාත ස්වාමින් වහන්සේ ද, කිරිමැටිය ශ්‍රී මංගලසේන දහම්පාසලේ ප්‍රධානාචාර්ය ලෙස පූජ්‍ය වළගෙදර සද්ධාජීව ස්වාමින් වහන්සේ ද, සේවය කරයි.

08/04/2026
මහනුවර  දිස්ත්‍රික්කයේ යටිනුවර දන්තුරේ සියඹලාගොඩ ශ්‍රී විවේකාරම පිරිවෙන් විහාරස්ථානයේ විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණය කටයු...
08/04/2026

මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර දන්තුරේ සියඹලාගොඩ ශ්‍රී විවේකාරම පිරිවෙන් විහාරස්ථානයේ විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණය කටයුතු 2026 .01.26.දින ආරමිභ කරන ලදි ඒ සදහා ආධාර උපකාර සිදු කරන ලෙස ශාසනාලයෙන් යුතුව දැනුම් දෙමු මෙයට විහාරාධිපති පෑලව බුද්ධසිරි හමුදුරුවන් තෙරුවන් සරණයි

08/04/2026

මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර දන්තුරේ සියඹලාගොඩ ශ්‍රී විවේකාරම පිරිවෙන් විහාරස්ථානයේ විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණය කටයුතු 2026 .01.26.දින ආරමිභ කරන ලදි ඒ සදහා ආධාර උපකාර සිදු කරන ලෙස ශාසනාලයෙන් යුතුව දැනුම් දෙමු මෙයට විහාරාධිපති පෑලව බුද්ධසිරි හමුදුරුවන් තෙරුවන් සරණයි

Address

Siyambalagoda, Danture
Kandy
094

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Vivekarama Prawachanodaya Piriwena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Vivekarama Prawachanodaya Piriwena:

Shortcuts

Share