Sri Poorwarama Purana Viharaya-Vilanagama

Sri Poorwarama Purana Viharaya-Vilanagama Religious organisation

16/11/2025

විලාන උඩගම ශ්‍රි පූර්වාරාම විහාරස්තානයේ 2025 කඨිණ චීවර පිංකම සාදු සාදු සාදු🙏🙏🙏

මධ්‍යම පළාතේ සාරසිය පත්තුව බද උඩගම්පහ කෝරලයේ විලානගම ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරයේ නානුමුර මංගල්‍යෝත්සවය   ශ්‍රීමත් ශාලි...
16/04/2021

මධ්‍යම පළාතේ සාරසිය පත්තුව බද උඩගම්පහ කෝරලයේ විලානගම ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරයේ නානුමුර මංගල්‍යෝත්සවය

ශ්‍රීමත් ශාලිවාහන ශකනෘපවර්ෂ ප්‍රමාණයෙන් එක්වාදහස් හතළිස් තුන් වැන්නෙහි විෂ්ණු විංශතියට අයත් පීතරයුග පඤ්චාබ්දයෙහි පස්වන ඉඩාවත්සර භේද නාමධාරී ශිවදේවතාධිපති ප්ලව නම් සංවත්සරය නොහොත් ශ්‍රී සම්බුද්ධවර්ෂ ප්‍රමාණයෙන් දෙදහස් පන්සිය හැට හතර නම්වූ ද රාජ්‍යවර්ෂ දෙදහස් විසි එකක් වූ ද මෙම වර්ෂයෙහි අප්‍රේල් මස 17 වැනි ශනි දින පූර්වභාගයෙහි යෙදෙන ශුභ මුහුර්තයෙන් පඤ්චතූර්යනාද මධ්‍යයෙහි උත්තර දිශාභිමුඛව නානුමුර මංගල්‍යය සිදුකොට එදින පූර්වභාග 7.16ට දක්ෂිණ දිශාභිමුඛව හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය සිද්ධවෙනවා ඇත.

21/01/2021

ඉතිහාසය සොයා යන මග_80
උඩරට වනසන්නට පැමිණි පෘතුග්‍රීසීන් සමග අභීතව සටන් කොට දිනූ බටුවත්තේ බණ්ඩාරනායක මාපාවන්නි සමරතුංග සෙනරත් ටිකිරිරාලයන්ට ගම්වර පුදාදුන්බව කියන "දොළපිහිල්ලේ සන්නස "සොයාගියෙමි.
වර්ෂ1567 පමණ දී සීතාවක රජපැමිණි පළමුවැනි රාජසිංහයන් පෘතුගීසින් සමග යුදකළෙන් එහිදී සහයදුන් බටුවත්තේ බණ්ඩාරනායක මාපාවන්නි සමරතුංග සෙනරත් ටිකිරිරාල වෙත සතුරු බලකොටු සතක් බිඳ ඔහුකළ වික්‍රමය අරභයා මෙම සන්නස ප්‍රදානය කොට තිබේ.
"ශ්‍රී ලංකාදීප චක්‍ර වර්තී රාජසිංහ දෙවි මහ වාසලින් දිවැස් කරුණාකර දී වදාළා වූ පනත_ මුදුනෙන් පිළිගෙන පරංගි සටනට වැද සතුරු බල කොටු සතක් බිඳ අසි තුඩින් සතුරන් සාදා මහවාසලට ජය පා_බණ්ඩාරනායක මාපාවන්නි සමරතුංග සෙනරත් ටිකිරිරාලට_දෙටුපුත් පරම්පරාගතව හිර සඳ ඇති තුරු හිමිකොට මායා රට සාරිස්පත්තුව බද දොල පිහිල්ල ගම්වර_වටගොඩ හොයින් ගියා කබල් ගහ තැන්නේ මහ කීනෙන් ගියා ගොඩහේනේ මාලිගා කන්දෙන් ගියා දෙල් දෙනියේ මහ කීනෙන් ගියා වල්පොල පිටියේ ගලින් ගියා මේ දෑතුරේ ගොඩින් මඩින් තුන් සිය අට සාලිස් මූණ ඇත කියා මහවාසල දිවස් කරුණා මහිමතාවයෙන් දෙවා වදාළහ.
සක මිහිපල් වසින් එක්වාදහස් සාරසිය අනූනව වැන්නේ උඳුවප් මස පුර තියවකවන් සඳ_ඒ බවත්_එසේම මහ වාසලින් දිවස් කරුණාකර දෙවා වදාළ කරුණාපනත මයි.සිද්ධිරස්තු."
අංකුඹුරේ ශ්‍රී චන්දානන්ද ස්ථවිර.

Address

Vilana Udagama
Kandy
20000

Telephone

0718108583

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Poorwarama Purana Viharaya-Vilanagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share