Samadhi Ashramaya

Directions Website

Samadhi Ashramaya a place for practicing meditation on spiritual well-being.

--- විදර්ශනා වැඩීම පිළිබඳ උපදෙස් ---      භාවනා කරනු කැමති තැනැත්තා විසින් එයට කාලයක් වෙන් කරගෙන ඒ කාලය තුළදී දිනපතා භාව...
15/09/2026

--- විදර්ශනා වැඩීම පිළිබඳ උපදෙස් ---

භාවනා කරනු කැමති තැනැත්තා විසින් එයට කාලයක් වෙන් කරගෙන ඒ කාලය
තුළදී දිනපතා භාවනා කළ යුතු යි. එය පැය භාගයකට අඩු නොවන කාලයක් විය යුතුයි. ඉක්මනින් ඵල ලැබීමට නම් භාවනා කරන කාලය පැයක් හෝ පැය දෙකක් පමණ විය යුතුයි. කලාතුරකින් දවසක පමණක් කරන භාවනාවෙන් මෙලොවදී ඵලයක් නො දැකිය හැකිය.

භාවනාවට ඉතා යෝග්‍ය වන්නේ ජන ශුන්‍ය නිශ්ශබ්ද ස්ථානය. එබඳු තැනක් නොලැබිය හැකි කල්හි අන්‍යයන් ශබ්ද නො කරන විවේක කාලයක් ඒ සඳහා තෝරා ගත යුතුයි.

ගෙවල පන්සල් වල වෙසෙමින් භාවනා කරන්නවුනට එය සඳහා ස්ථානයක් වෙන් වශයෙන් ම තබා ගත හැකි නම් වඩා සුදුසු ය.
එයටම වෙන් කර තබා ගැනීමට තැනක් නැති කල්හි කොතැනක හෝ හිඳ භාවනා කරනු. විහාර ගෙවල්, බෝමළු, චෛත්‍යමළු භාවනා කිරීමට යෝග්‍ය ස්ථානයෝ ය.

භාවනා කරන තැන පිරිසිදුව තබා ගත යුතුයි. යෝගාවචරයාගේ ශරීරය හා වස්ත්‍ර ද පිරිසිදුව තබා ගත යුතුයි. සිත එකඟ වූ කල්හි අන්‍ය අවස්ථාවන්හි නො දැනෙන ගන්ධයන් දැනෙන්නට වන්නේය. ස්ථානාදිය අපිරිසිදුව තිබෙන කල්හි සිත සමාධි වීමෙන් පසු ඒවායේ ගන්ධයන් දැනෙන්නට වීම යෝගාවචරයාට පීඩාවක් වෙයි. භාවනා කරන තැන සුවඳ වර්ග තිබීම හොඳය. අපිරිසිදු බව සමාධි ප්‍රඥා දෙකේ ම දියුණුවට බාධකය.

නගර ග්‍රාමවල ජනයා අතර හැසිරෙමින් භාවනා කරන්නවුන් විසින් එය හැකි තාක් ගුප්ත වශයෙන් කළ යුතුයි. භාවනාව තමන් වෙසෙන ගෙයි තමන් වෙසෙන විහාරයේ අන්‍යයන්ට පවා නො දැනෙන සේ කළ හැකි
නම් වඩා යහපති.

යෝගාවචරයකු සැටියට පෙනී සිටීම බාධක කරුණකි. තමාගේ භාවනාවට උපදේශයක් ගත හැකි කෙනකු සමඟ හෝ තමා වැනි යෝගාවචරයකු සමඟ හෝ මිස අන්‍යයන් සමග තමන් කරන භාවනා කර්මය පිළිබඳ කථා නො කළ යුතුයි.

තමන් කරන භාවනාව තමන්ගේ අන් හැම දෙයකට ම වඩා උසස් දෙය සැටියට සලකා ගෙන ඉතා ගෞරවයෙන් ඉතා ආදරයෙන්
ඉතා ඕනෑ කමින් එය කළ යුතුයි.

අත්හදා බැලීමටය කියා හෝ පින් සිදු කර ගැනීමට ය කියා හෝ සසරට පුරුදු වීමටය කියා හෝ නොව අද අදම මඟ ඵල ලබා නිවන් දකින්නට භාවනා කරමි ය යන අදහසින් ම භාවනා කරනු. අද අදම ඵලය බලාපොරොත්තු නැතිව කරන්නහුගේ වීර්‍ය්‍යය ලිහිල් වේ. එයින් ඵල ද අඩු වේ.

දවස් වලින් පොහෝ දිනය විශේෂයෙන් භාවනාවට හොඳය. කාලයන්ගෙන් රාත්‍රියේ පශ්චිම යාමයේ අවසාන කොටස වූ පූර්වභාග 4 පටන් 6 තෙක් කාලය ද, සවස හිරු අස්ථංගත වූ තැන් පටන් පැයක් පමණ කාලය ද භාවනාවට ඉතා හොඳය. කළ හැකි නම් දවසේ කවර කාලයක් වුවත් භාවනාවට නුසුදුසු නොවේ.

යෝගාවචරයන් විසින් දුබල වන්නට නොදී
කය ද සිතද ආරක්‍ෂා කර ගත යුතුය. සිත කය දෙකෙහි ම දුබල බව සමාධි ප්‍රඥාවන් ගේ වැඩීමට බාධකය. දැඩි ලෝභය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ශෝකය, භය, සැකය, ලජ්ජාව යන ආදිය දුබල වීමේ හේතුය. ඒවා ඇති වන්නට නොදී ඇති වුවහොත් වහා දුරු කිරීමෙන් සිත ආරක්‍ෂා කරගත යුතුය.

මම යෝගාවචරයෙක් වෙමි යි සෙස්සෝ හිස් පුද්ගලයෝ ය යි තමා උසස් කොට අන්‍යයන් පහත් කොට ද නො සිතිය යුතුයි. උඩඟු නො විය යුතුයි. සෑම දෙනා පිළිබඳව ම මෛත්‍රියෙන් කරුණාවෙන් විසිය යුතුයි.

සාමාන්‍යයෙන් සතර ඉරියව ම භාවනාවට සුදුසුය. වාඩිවීමේ ඉරියව්ව විශේෂයෙන් භාවනාවට සුදුසුය. භාවනා කිරීමට හොඳම ක්‍රමය බද්ධපර්‍ය්‍යංකයෙන් වාඩි වී කිසිවකට හේත්තු නොවී ශරීරය ඉදිරියට නො නමා කෙළින් තබා ගෙන භාවනා කිරීමය.

මෙසේ වාඩි වී සිටීම මුලදී අපහසුවක් සැටියට දැනෙන්නට පුළුවන. කල් යෑමෙන් පුරුදු වූ කල්හි එයම භාවනාවට පහසු ක්‍රමය වනු ඇත.
එසේ වාඩි වීමට අපහසු අය විසින් පහසු සැටියකින් වාඩි වී භාවනා කළ යුතුයි. බද්ධපර්‍ය්‍යංකයෙන් විසීමට ක්‍රමයෙන් පුරුදු කර ගත යුතුය.

ස්ත්‍රීන්ට අර්ධ පර්‍ය්‍යංකය යි කියන පතුල් දෙක පිටිපසට යන සේ වාඩි වීම හොඳ බව කියා තිබේ. බංකු පුටු ආදියෙහි පා දෙක පහතට හෙලා වාඩි වීමේ ක්‍රමය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම සුදුසුය. යමකුට යම් ක්‍රමයකින් වාඩිවීමෙන් වේදනා ඇතිවේ නම් ඒ ක්‍රමය ඔහුට සුදුසු නැත. තමා තමාට පහසු ක්‍රමයකින් ම භාවනා කරත්වා.

භාවනා කරගෙන යන කල්හි සමහරු පළමු සිටියාට ද වඩා නිරෝගී වෙති. ස්ථුල වෙති. ශරීරයට එය හුරුවන්නට මත්තෙන් සමහරුන්ට එයින් යම් යම් රෝගයෝ ද හට ගනිති.

දිනකට පැය, පැය බාගය යනාදි වශයෙන් මඳ වේලාවක් භාවනා කරන්නවුනට එයින් වන ආබාධයක් නැත. යම් යම් ආබාධ ඇති වන්නේ එක් ඉරියව්වකින් පැය දෙක තුන සතර යනාදි වශයෙන් වැඩි වේලාවක් භාවනාවෙහි

යෙදෙනවුනට ය. වැඩි කල් වාඩිවී විසීමෙන් මලබද්ධ වේ. මල බද්ධයෙන් හිසේ ආබාධ ඇති විය හැකිය. එසේ වුවහොත් මල බුරුල් කරන ආහාර පාන ගත යුතුයි. සුළු බෙහෙතක් හෝ ගත යුතුයි.

යෝගාවචරයන් විසින් විශේෂයෙන් ම හිස පරෙස්සම් කැර-ගත යුතුයි. හිසේ බර ගතිය, හිසරදය, ක්ලාන්තය ආදි හිසේ ආබාධ ඇති වුවහොත් තාවකාලික වශයෙන් භාවනාව නවත්වා ඒවා සුව වූ පසු නැවත භාවනාව පටන් ගත යුතුයි.

යෝගාවචරයන්ට සමහර විට බඩේ පපුවේ වාත වේදනා ඇති විය හැකිය. එසේ ඇති වී නම් ඒවාට වැඩි වෙදකම් කරන්නට නොයා යුතුයි. භාවනාව නවත්වා දින කීපයක් විසූ කල්හි ඒවා ඉබේම සුව වනු ඇත. නො නවත්වාම කලක් භාවනා කළ හැකි වන්නේ ඉතා ටික දෙනකුටය. ඇති වන ආබාධ නිසා සෙස්සන්ට නොයෙක් විට භාවනාව නවත්වන්නට සිදුවේ.

අසනීපයක් ඇති වුවහොත් එය සුව වනතෙක් භාවනාව නැවැත්විය යුතුය. රෝගයන් ගැන නො සලකා ඒවා තිබියදී ම නොනවත්වා ම භාවනා කරන්නට ගියහොත් ඒවා උත්සන්න වී අන්තිමේදී කිසිවක් කර කියා ගත නොහෙන තත්ත්වයට පැමිණිය හැකි ය.

සමථ භාවනාවෝ වඩාත් ලෙඩ රෝග වලට හේතු වෙති. දියවැඩියාවත් සමහර විට යෝගාවචරයනට වැළඳිය හැකි රෝගයකි. මේවා යෝගාවචරයනට තේරුම් ගත නොහෙන සියුම් කරුණු ය. යෝගාවචරයකුට මුත්‍ර යෑම අධික වුව හොත් ඒ ගැන විශේෂයෙන් කල්පනා කර ප්‍රතිකාර ගත යුතුය. රෝගය පවතිද්දී භාවනා කරන්නට නොයනු.

(විදර්ශනා භාවනා ක්‍රමය)

මහ බෝසතුන්ගේ දාන පාරමිතා ප්‍රතිපත්තිය මෙසේ ය - බාහිර වස්තූන් දෙන්නා වූ මහ බෝසත්හු යමෙක් ලබනු කැමති වේ නම් ඒ දෙය ඔහුට දෙත...
29/06/2026

මහ බෝසතුන්ගේ දාන පාරමිතා ප්‍රතිපත්තිය මෙසේ ය - බාහිර වස්තූන් දෙන්නා වූ මහ බෝසත්හු යමෙක් ලබනු කැමති වේ නම් ඒ දෙය ඔහුට දෙති. ප්‍රතිග්‍රාහකයා නො පතන, ඔහුට නො වුවමනා දෙය නො දෙති. ඒ ඒ අයට වුවමනා වස්තූන් තුමූ ම දැන, ඉල්ලන්නට කලින් ම ද ඒවා දෙති. දෙන කල්හි ද ආලය ඉතිරි කර නොගෙන සම්පූර්ණයෙන් ම නිරපේක්ෂව දෙති. දිය යුතු වස්තු ඇත හොත් ප්‍රතිග්‍රාහකයාට සෑහෙන පමණට ම ප්‍රතිග්‍රාහකයාගේ වුවමනාව පිරිමැසෙන සැටියට ම දෙති. දාන වස්තුව මඳ කල්හි ඇති සැටියට දෙති.

අනුනට අනර්ථ විය හැකි මත්පැන් විෂ ආයුධාදිය නො දෙති. අනර්ථයට හේතු වන ප්‍රමාදයට හේතු වන ක්‍රීඩා භාණ්ඩාදිය නො දෙති. ගිලනුන්ට හා යාචකයන්ට අහිත වූ දෑ නො දෙති. පමණට වඩා ද නොදෙති. ගිහියන්ට සුදුසු දෑ ගිහියන්ට දෙති. පැවිද්දන්ට සුදුසු දෑ පැවිද්දන්ට දෙති. මාපියෝ ය, අඹු දරුවෝ ය, මිතුරෝ ය, දාසයෝය, කම්කරුවෝ ය යන මොවුන්ගෙන් කිසිවකුට පීඩාවක් නො වන සැටියට ම දෙති. උසස් දෙයක් වටිනා දෙයක් දෙන්නට ප්‍රතිඥා කොට සුළු දෙයක් නො වටනා දෙයක් නො දෙති. හුඟක් දෙන්නට ප්‍රතිඥා කොට මඳක් නොදෙති. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා නො දෙති. ප්‍රත්‍යුපකාර බලාපොරොත්තුවෙන් නො දෙති. දීමෙහි දී සම්බෝධිය හැර අන් ඵලයක් බලාපොරොත්තු නො වෙති. යාචකයා හෝ දාන වස්තුව හෝ පිළිකුල් කොට නො දෙති.

https://pitaka.lk/books/paramitha-prakaranaya/5-6.html

💫💫අරහං ගුණයේ බලමහිමය💫💫තථාගතයන් වහන්සේ අරහං ගුණය මහත් වු ආනුභාවයකින් යුක්ත ය. එබැවින් වයසින් හෝ අන්කිසි ගුණයකින් හෝ තමා ව...
30/05/2026

💫💫අරහං ගුණයේ බලමහිමය💫💫

තථාගතයන් වහන්සේ අරහං ගුණය මහත් වු ආනුභාවයකින් යුක්ත ය. එබැවින් වයසින් හෝ අන්කිසි ගුණයකින් හෝ තමා වැඩිය කියා ලෝකයෙහි කිසිම පුද්ගලයකුට බුදුරදුන්ගෙන් වැඳුම් නොලැබිය හැකිය.

දිනක් තථාගතයන් වහන්සේ වේරඤ්ජාවෙහි වැඩ වෙසෙන කල්හි උන්වහන්සේගේ කීර්තිය අසා, වේරඤ්ජ නම් බ්‍රහ්මණයා උන්වහන්සේ දක්නට පැමිණ, පිළිසඳර කථා කොට එකත් පසෙක හිඳ මෙසේ කීය. ‘පින්වත් ගෞතමයන් රාජ පරම්පරා ගණනක් ආයු ගෙවා ඇති මහළු බ්‍රාහ්මණයන්ට වඳින්නේ හෝ දැක හුනස්නෙන් නැඟිටින්නේ හෝ අසුනක් දෙන්නේ හෝ නැතය’ යි මා අසා තිබේ. පින්වත් ගෞතමයාණෙනි, මා අසා තිබු කරුණ එසේම ය’.
එකල්හි තථාගතයන් වහන්සේ,
‘නාහං තං බ්‍රහ්මණ පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යම'හං අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන්තෙය්‍ය, යං හි බ්‍රහ්මණ, තථාගතො අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන්තෙය්‍ය මුඬාපිස්ස විපතෙය්‍යාති.’ (අංගුත්තර අට්ඨකනිපාත)

යනුවෙන් ‘බ්‍රහ්මණය, මා විසින් වැඳීමට හෝ හුනස්නෙන් නැඟිටීමට හෝ අසුනක් දීමට හෝ සුදුසු ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ දෙවියකු බ්‍රහ්මයකු හෝ අනිකකු නො දකිමි. බ්‍රාහ්මණය, යමකුට මා විසින් වැන්දේ හෝ අසුනෙන් නැඟිටියේ හෝ අසුනක් දුන්නේ හෝ වේ නම්, තැරියෙන් ගිලිහි තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේ ය’ යි වදාළ සේක. මේ තථාගතයන් වහන්සේ ගේ අරහං ගුණයේ ආනුභාවයයි.

ධර්ම දේශනයලාභ කීර්ති ප්‍ර‍ශංසා ගැන අපේක්ෂාවක් නැති ව සත්ත්වයන් කෙරෙහි කරුණාව පෙරදැරි කොට ඔවුන් දුකින් මිදවීමේ අදහසින් සත...
12/05/2026

ධර්ම දේශනය

ලාභ කීර්ති ප්‍ර‍ශංසා ගැන අපේක්ෂාවක් නැති ව සත්ත්වයන් කෙරෙහි කරුණාව පෙරදැරි කොට ඔවුන් දුකින් මිදවීමේ අදහසින් සත්ත්වයන් සැපතට පැමිණවීමේ අදහසින් තථාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම ධර්ම දේශනා කුශලය ය. දහම් දෙසීම සැමට ම කළ හැකි පහසු කාර්‍ය්‍යයක් නො වේ.

එක් දවසක් ආයුෂ්මත් උදායි ස්ථවිරයන් මහ ගිහි පිරිසක් පිරිවරා ගෙන ඔවුනට දහම් දෙසනු දැක ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ සේක. එකල්හි තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

‘න ඛො ආනන්ද, සුකරං පරෙසං ධම්මං දෙසෙතුං. පරෙසං ආනන්ද, ධම්මං දෙසෙන්තෙන පඤ්චධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බො. කතමේ පඤ්ච? ආනුපුබ්බි කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. පරියාය දස්සාවි කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. අනුද්දයතං පටිච්ච කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො, න ආමිසන්තරො කථං කථොස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො, අත්තානං ච පරං ච අනුපහච්ච කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. න ඛො ආනන්ද සුකරං පරෙසං ධම්මං දෙසෙතුං පරෙසං ආනන්ද ධම්මං දෙසෙන්තෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බො”.

තේරුම:

ආනන්දය, මෙරමා හට දහම් දෙසීම පහසු නොවේ. ආනන්දය, මෙරමා හට දහම් දෙසන්නාහු විසින් කරුණු පසක් තමා කෙරෙහි ඇති කර ගෙන මෙරමා හට දහම් දෙසිය යුතුය. කවර කරුණු පසෙක් ද යත්, අනුපිළිවෙළින් කතාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. ඒ ඒ අර්ථයට සෑහෙන කරුණු දක්වා කරන කථාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. අනුකම්පා නිසා කරන කථාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතුය. ආමිෂයක් බලාපොරොත්තු නොවන කථාවක් කරමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. අත්තුක්කංසන පරවම්භනාදියෙන් තමාගේ හා මෙරමාගේ ගුණ නො නසන කථාවක් කරමි යි මෙරමා හට දහම් දෙසිය යුතුය. ආනන්දය, මෙරමා හට දහම් දෙසීම පහසු නො වේ. ආනන්දය, මෙරමා හට දහම් දෙසන්නහු විසින් මේ කරුණු පස තමා කෙරෙහි ඇති කර ගෙන මෙරමා හට දහම් දෙසිය යුතුය යනු යි.

https://pitaka.lk/books/bauddhayage-athpotha/10-9.html

ථේරාසභොථ ජිනවංස යථින්දනාථොසම්බෝධිඤාණමධිගච්ඡතු සාධු සාධු!🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක, අතිපූජනීය ...
01/04/2026

ථේරාසභොථ ජිනවංස යථින්දනාථො
සම්බෝධිඤාණමධිගච්ඡතු සාධු සාධු!
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක, අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ

06/01/2026

Address

Samadhi Ashramaya, 15/D, Sangarandeniya, Doragamuwa
Kandy
20816

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:00 - 18:30
Sunday 06:00 - 18:30

Alerts

Be the first to know and let us send you an email when Samadhi Ashramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share