Samadhi Ashramaya

Samadhi Ashramaya a place for practicing meditation on spiritual well-being.

💫💫අරහං ගුණයේ බලමහිමය💫💫තථාගතයන් වහන්සේ අරහං ගුණය මහත් වු ආනුභාවයකින් යුක්ත ය. එබැවින් වයසින් හෝ අන්කිසි ගුණයකින් හෝ තමා ව...
30/05/2026

💫💫අරහං ගුණයේ බලමහිමය💫💫

තථාගතයන් වහන්සේ අරහං ගුණය මහත් වු ආනුභාවයකින් යුක්ත ය. එබැවින් වයසින් හෝ අන්කිසි ගුණයකින් හෝ තමා වැඩිය කියා ලෝකයෙහි කිසිම පුද්ගලයකුට බුදුරදුන්ගෙන් වැඳුම් නොලැබිය හැකිය.

දිනක් තථාගතයන් වහන්සේ වේරඤ්ජාවෙහි වැඩ වෙසෙන කල්හි උන්වහන්සේගේ කීර්තිය අසා, වේරඤ්ජ නම් බ්‍රහ්මණයා උන්වහන්සේ දක්නට පැමිණ, පිළිසඳර කථා කොට එකත් පසෙක හිඳ මෙසේ කීය. ‘පින්වත් ගෞතමයන් රාජ පරම්පරා ගණනක් ආයු ගෙවා ඇති මහළු බ්‍රාහ්මණයන්ට වඳින්නේ හෝ දැක හුනස්නෙන් නැඟිටින්නේ හෝ අසුනක් දෙන්නේ හෝ නැතය’ යි මා අසා තිබේ. පින්වත් ගෞතමයාණෙනි, මා අසා තිබු කරුණ එසේම ය’.
එකල්හි තථාගතයන් වහන්සේ,
‘නාහං තං බ්‍රහ්මණ පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යම'හං අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන්තෙය්‍ය, යං හි බ්‍රහ්මණ, තථාගතො අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන්තෙය්‍ය මුඬාපිස්ස විපතෙය්‍යාති.’ (අංගුත්තර අට්ඨකනිපාත)

යනුවෙන් ‘බ්‍රහ්මණය, මා විසින් වැඳීමට හෝ හුනස්නෙන් නැඟිටීමට හෝ අසුනක් දීමට හෝ සුදුසු ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ දෙවියකු බ්‍රහ්මයකු හෝ අනිකකු නො දකිමි. බ්‍රාහ්මණය, යමකුට මා විසින් වැන්දේ හෝ අසුනෙන් නැඟිටියේ හෝ අසුනක් දුන්නේ හෝ වේ නම්, තැරියෙන් ගිලිහි තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේ ය’ යි වදාළ සේක. මේ තථාගතයන් වහන්සේ ගේ අරහං ගුණයේ ආනුභාවයයි.

ධර්ම දේශනයලාභ කීර්ති ප්‍ර‍ශංසා ගැන අපේක්ෂාවක් නැති ව සත්ත්වයන් කෙරෙහි කරුණාව පෙරදැරි කොට ඔවුන් දුකින් මිදවීමේ අදහසින් සත...
12/05/2026

ධර්ම දේශනය

ලාභ කීර්ති ප්‍ර‍ශංසා ගැන අපේක්ෂාවක් නැති ව සත්ත්වයන් කෙරෙහි කරුණාව පෙරදැරි කොට ඔවුන් දුකින් මිදවීමේ අදහසින් සත්ත්වයන් සැපතට පැමිණවීමේ අදහසින් තථාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම ධර්ම දේශනා කුශලය ය. දහම් දෙසීම සැමට ම කළ හැකි පහසු කාර්‍ය්‍යයක් නො වේ.

එක් දවසක් ආයුෂ්මත් උදායි ස්ථවිරයන් මහ ගිහි පිරිසක් පිරිවරා ගෙන ඔවුනට දහම් දෙසනු දැක ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ සේක. එකල්හි තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

‘න ඛො ආනන්ද, සුකරං පරෙසං ධම්මං දෙසෙතුං. පරෙසං ආනන්ද, ධම්මං දෙසෙන්තෙන පඤ්චධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බො. කතමේ පඤ්ච? ආනුපුබ්බි කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. පරියාය දස්සාවි කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. අනුද්දයතං පටිච්ච කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො, න ආමිසන්තරො කථං කථොස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො, අත්තානං ච පරං ච අනුපහච්ච කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. න ඛො ආනන්ද සුකරං පරෙසං ධම්මං දෙසෙතුං පරෙසං ආනන්ද ධම්මං දෙසෙන්තෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බො”.

තේරුම:

ආනන්දය, මෙරමා හට දහම් දෙසීම පහසු නොවේ. ආනන්දය, මෙරමා හට දහම් දෙසන්නාහු විසින් කරුණු පසක් තමා කෙරෙහි ඇති කර ගෙන මෙරමා හට දහම් දෙසිය යුතුය. කවර කරුණු පසෙක් ද යත්, අනුපිළිවෙළින් කතාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. ඒ ඒ අර්ථයට සෑහෙන කරුණු දක්වා කරන කථාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. අනුකම්පා නිසා කරන කථාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතුය. ආමිෂයක් බලාපොරොත්තු නොවන කථාවක් කරමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. අත්තුක්කංසන පරවම්භනාදියෙන් තමාගේ හා මෙරමාගේ ගුණ නො නසන කථාවක් කරමි යි මෙරමා හට දහම් දෙසිය යුතුය. ආනන්දය, මෙරමා හට දහම් දෙසීම පහසු නො වේ. ආනන්දය, මෙරමා හට දහම් දෙසන්නහු විසින් මේ කරුණු පස තමා කෙරෙහි ඇති කර ගෙන මෙරමා හට දහම් දෙසිය යුතුය යනු යි.

https://pitaka.lk/books/bauddhayage-athpotha/10-9.html

ථේරාසභොථ ජිනවංස යථින්දනාථොසම්බෝධිඤාණමධිගච්ඡතු සාධු සාධු!🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක, අතිපූජනීය ...
01/04/2026

ථේරාසභොථ ජිනවංස යථින්දනාථො
සම්බෝධිඤාණමධිගච්ඡතු සාධු සාධු!
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක, අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ

06/01/2026
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා විංශත්වර්ගික කාරක සංඝසභාවේ උප සභාපති ධුරන්දර, නෙලුව-කොස්මුල්...
15/12/2025

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා විංශත්වර්ගික කාරක සංඝසභාවේ උප සභාපති ධුරන්දර, නෙලුව-කොස්මුල්ල සිංහලෙන ආරණ්‍ය සේනාසනාධීෂ්වර අතිපූජනීය දැරණියගල ජිනරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීම (2025-12-14)

Address

Samadhi Ashramaya, 15/D, Sangarandeniya, Doragamuwa
Kandy
20816

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:00 - 18:30
Sunday 06:00 - 18:30

Alerts

Be the first to know and let us send you an email when Samadhi Ashramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share