Gadaladeniya Rajamaha Viharaya

Call Directions Website Contact the place of worship

Gadaladeniya Rajamaha Viharaya An ancient Buddhist Monastery with a rich history, culture, and exquisite architecture since 1344 AD This temple was reportedly constructed in 1344 by the Ven.

Gadaladenyia Viharaya also known as Saddharmatilaka Viharaya or Dharmakirthi Viharaya is an ancient Buddhist temple located near Pilimathalawa, Kandy, Sri Lanka. The temple has a long history that dates back to the 14th century. Seelavamsa Dharmakirti Sangharaja under the patronage of King Bhuvanekabahu IV, who ruled from 1341 to 1351. South Indian architect Ganesvarachari created the temple's building in accordance with Hindu artistic trends. A carved inscription with information on the temple's construction can be found on the rock outcrop on which it is built. The temple was built using Dravidian architecture, combining Sinhalese architecture from Polonnaruwa era.

සද්ධර්මතිලක විහාරය නොහොත් ධර්මකීර්ති විහාරය ලෙසින් ද හැඳින්වෙන ගඩලාදෙණිය රාජමහා විහාරය නම් පුරාණ බෞද්ධ විහාරස්ථානය ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රදේශයේ පිහිටා ඇත. 14 වන සියවස දක්වා දිවෙන දිගු ඉතිහාසයක් මෙම විහාරස්ථානයට ඇත. මෙම විහාරය 1344 දී ශීලවංශ ධර්මකීර්ති සංඝරාජ මාහිමියන් විසින් ඉදිකරන ලද බව වාර්තා වේ. 1341 සිට 1351 දක්වා ගම්පොළ සිට රාජ්‍ය පාලනය සිදු කළ IV වන බුවනෙකබාහු රජුගේ අනුග්‍රහය යටතේ දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පී ගනේශ්වරාචාරි නම් ශිල්පියා විසින් දක්ෂිණ භාරතීය ගෘහනිර්මාණ ශිල්පයට අනුකූල ව විහාරස්ථානය නිර්මාණය කර ඇත. විහාරයේ ඉදිකිරීම් පිළිබඳ තොරතුරු ඇතුළත් ශිලාලේඛනයක් ප්‍රධාන විහාර මන්දිරයට ආසන්නයෙන් දක්නට ලැබේ. පොළොන්නරු යුගයේ සිංහල ගෘහනිර්මාණ ශිල්පය මුසු කරමින් දක්ෂිණ භාරතීය ද්‍රවිඩ ගෘහනිර්මාණ ශිල්පයට අනුව මෙම විහාරය ඉදිකරවා ඇත.

சதர்மதிலக விகாரை அல்லது தர்ம கீர்த்தி விகாரை என்றும் அழைக்கப்படும் கடலத்தேனியா விகாரை, இலங்கையின் கண்டி, புரிமத்தலாவவிற்கு அருகில் அமைந்துள்ள ஒரு பழமையான பௌத்த ஆலயமாகும். இந்த கோவிலுக்கு 14ம் நூற்றாண்டைச் சேர்ந்த நீண்ட வரலாறு உண்டு. இக்கோயில் 1344ல் வேந்தரால் கட்டப்பட்டதாகக் கூறப்படுகிறது. 1341 முதல் 1351 வரை ஆட்சி செய்த நான்காம் புவனேகபாகு அரசரின் ஆதரவில் சீலவம்ச தர்மகீர்த்தி. தென்னிந்திய கட்டிடக் கலைஞர் கணேஸ்வராச்சாரி இந்துக் கலைப் போக்குகளுக்கு ஏற்ப கோயிலை வடிவமைத்தார். கோயிலின் கட்டுமானம் பற்றிய தகவல்கள் அடங்கிய செதுக்கல் அது கட்டப்பட்டுள்ள பாறையில் காணப்படுகிறது. பொலன்னறு காலத்து சிங்களக் கட்டிடக்கலையின் கலவையுடன் திராவிடக் கட்டிடக்கலையைப் பயன்படுத்தி இந்தக் கோயில் கட்டப்பட்டது.

සිව්වන රන්දෝලි පෙරහැර | The Fourth Randoli Peraheraඋඩුනුවර, ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රාජමහා විහාරයෙහි සහ ගඩල...
07/10/2026

සිව්වන රන්දෝලි පෙරහැර | The Fourth Randoli Perahera

උඩුනුවර, ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රාජමහා විහාරයෙහි සහ ගඩලාදෙණිය ශ්‍රී විෂ්ණු දේවාලයෙහි ඇසළ පෙරහැර මංගල්‍යයෙහි සිව්වැනි රන්දෝලි පෙරහැර පසුගිය ඔක්තෝම්බර් මස 02 වැනි දින සුබ මොහොතින් වීථි සංචාරය කරන ලදී. ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියෙහි ජනරාජා මඟුලතු සිව්වැනි රන්දෝලි පෙරහැරෙහි සධාතුක කරඬු වහන්සේ වැඩම කරවීමේ භාග්‍යය උදා කරගන්නා ලදී.

කඩුවෙල රන්කඩු පත්තිනී දේවාලයට අයත් තාරක හස්තියා, ආනන්ද මිල්ලන්ගොඩ මහතාට අයත් කුවේණි ඇතින්න, බියගම, දීප්ති කුමාර මහතාට අයත් සුරනි ඇතින්න, ශ්‍රී දළදා මාළිගාවට අයත් කණ්ඩුල හස්තියා, දිඹුලාගල රජමහා විහාරයට අයත් විජිත හස්තියා සහ වරකාපොළ, රත්නසිරි අරංගල්ල මහතාට අයත් ගැමුණු හස්තියා ඇතුළු හස්තීන් රැසක් සහ උඩරට සාම්ප්‍රදායික නර්තනාංග රැසක් සමඟින් පෙර සිරිත් ප්‍රකාරව සිව්වැනි රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරන ලදී.

The 4th Randoli Perahera of Gadaladeniya Raja Maha Viharaya and Gadaladeniya Sri Vishnu Devalaya was held on 2 October.Janaraja, a majestic tusker from the Temple of the Sacred Tooth Relic, had the distinguished privilege of carrying the Sacred Relic Casket during the 4th Randoli Perahera.

In accordance with ancient traditions, the grand procession paraded through the streets, accompanied by traditional Kandyan dance performances and a magnificent gathering of tuskers and elephants, including Tharaka of Kaduwela Rankadu Pattini Devalaya, Kuweni belonging to Mr. Ananda Millangoda, Surani belonging to Mr. Deepthi Kumara of Biyagama, Kandula of Sri Dalada Maligawa, Vijitha of Dimbulagala Raja Maha Viharaya, and Gemunu belonging to Mr. Ratnasiri Arangalla of Warakapola.

මාධ්‍ය කාර්යාංශය | Media Bureau
Gadaladeniya Rajamaha Viharaya

උඩුනුවර ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහරෙහි අවසන් පෙරහර පසුග...
06/10/2026

උඩුනුවර ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහරෙහි අවසන් පෙරහර පසුගිය ඔක්තෝබර් 03 වන දින පැවැත්විණි. මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක මහා සංඝ සභික, විහාරාධිපති පූජ්‍ය වැලිවිට ශ්‍රී සරණංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි මෙවරත් පෙරහර සංවිධානය විය. වේගිරිය ඓතිහාසික ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දිමුතු බඹරදෙණිය මහතා සහ ගඩලාදෙණිය ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ප්‍රියන්ත යාපා බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන්, පුරාණ චාරිත්‍රානුකූලව පෙරහැර මංගල්ලය පවත්වන ලදී.

මෙහි සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම කරවීමේ කර්තව්‍යය ශ්‍රී දළදා මාලිගාවේ 'ජනරාජා' හස්තියා විසින් සිදු කරන ලදී.

The final Esala Perahera of the historic Gadaladeniya Sri Saddharmatilaka Rajamaha Viharaya and Sri Vishnu Devalaya in Udunuwara was held on October 3rd. Organized under the guidance of Ven. Weliwita Sri Saranankara Nayaka Thero, Chief Incumbent and Executive Sangha Council Member of the Malwathu Chapter, the event was conducted according to ancient traditions, led by Basnayake Nilames Dimuthu Bambaradeniya (Wegiriya Sri Natha Devalaya) and Priyantha Yapa Bandara (Gadaladeniya Sri Vishnu Devalaya).

The sacred Casket was carried by the tusker 'Janaraja' of the Sri Dalada Maligawa.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඍජු අධීක්ෂණය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල - මහනුවර ව්‍යාපෘතිය මඟින් උඩුනුවර, ඓතිහාසික ගඩලාද...
05/10/2026

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඍජු අධීක්ෂණය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල - මහනුවර ව්‍යාපෘතිය මඟින් උඩුනුවර, ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රාජමහා විහාරස්ථ ඉපැරණි බෝධිරාජයාණන් වහන්සේ පිහිටි බෝ මළුව වටා ඉදිකිරීමට යෝජිත අභිනව බෝධි ප්‍රාකාරයෙහි කටයුතු අද දින සුබ මොහොතින් ආරම්භ කරන ලදී.

ව්‍යාපෘතියට අදාළ සැලසුම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා සංරක්ෂණ අංශයෙහි අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසන්න රත්නායක මහතා විසින් නිර්මාණය කර ඇත.

Under the direct supervision of the Department of Archaeology, construction on the new wall (Bodhi Prakaraya) around the ancient sacred Bodhi tree at the historic Gadaladeniya Sri Saddharmatilaka Raja Maha Viharaya was initiated today, under the Central Cultural Fund - Kandy Project.

The plan for the project was designed by Dr. Prasanna Ratnayake, Director of the Architectural Conservation Division of the Department of Archaeology.

මාධ්‍ය කාර්යාංශය | Media Bureau
Gadaladeniya Rajamaha Viharaya

05/10/2026

උඩුනුවර, ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී විෂ්ණු දේවාලයෙහි ඇසළ පෙරහැර මංගල්‍යයට සිය දායකත්වය දැක්වූ ඓතිහාසික දිඹුලාගල රාජමහා විහාරයට අයත් විජිත හස්තියා සහ වෙියන්ගොඩ රත්නසිරි අරංගල්ල මහතාට අයත් ගැමුණු හස්තියා.

පුබුදු රාජපක්ෂ

මාධ්‍ය කාර්යාංශය | Media Bureau
Gadaladeniya Rajamaha Viharaya

05/10/2026

සිව්වැනි රන්දෝලි පෙරහැර | The Fourth Randoli Perahera

Dream Art Photography Kandy

මාධ්‍ය කාර්යාංශය | Media Bureau
Gadaladeniya Rajamaha Viharaya

05/10/2026

උඩුනුවර, ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රාජමහා විහාරයෙහි සහ ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී විෂ්ණු දේවාලයෙහි ඇසළ පෙරහැර මංගල්‍යයට සිය දායකත්වය ලබා දී රාජකාරි නිමවා යළි ශ්‍රී දළදා මාළිගාව වෙත පිටත්ව යන ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් ජනරාජා මඟුලැතු සහ කණ්ඩුල හස්තියා.

මාධ්‍ය කාර්‍යාංශය | Media Bureau
Gadaladeniya Rajamaha Viharaya

04/10/2026

මහ රන්දෝලි පෙරහැර | The Final Randoli Perahera

Dream Art Photography Kandy

මාධ්‍ය කාර්යාංශය | Media Bureau
Gadaladeniya Rajamaha Viharaya

03/10/2026

Address

Gadaladeniya Temple
Kandy

Opening Hours

Monday 07:00 - 18:30
Tuesday 07:00 - 18:30
Wednesday 07:00 - 18:30
Thursday 07:00 - 18:30
Friday 07:00 - 18:30
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 18:30

Telephone

+94716622392

Alerts

Be the first to know and let us send you an email when Gadaladeniya Rajamaha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Gadaladeniya Rajamaha Viharaya:

Shortcuts

Share