Sri Uposatharamaya-Teldeniya

Sri Uposatharamaya-Teldeniya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Uposatharamaya-Teldeniya, Buddhist Temple, Sri uposhatharamya, Karalliyadda, Teldeniya, Kandy.

පින්බර ඇසළ පොහොය අදයි 🙏ඇසළ පුන් පොහොය දිනය ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති නිසාම බෞද්ධ අපට සුවිශේෂී දි...
29/07/2026

පින්බර ඇසළ පොහොය අදයි 🙏

ඇසළ පුන් පොහොය දිනය ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති නිසාම බෞද්ධ අපට සුවිශේෂී දිනයකි.

☸️ වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව පහළ වූ බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ඇරැයුමෙන් පස්මහ බැලුම් බලා දඹදිව කපිල වස්තුපුරයෙහි සුද්ධෝදන මහ රජතුමාගේ අග මෙහෙසිය වූ මහාමායා දේවිය කුස පිළිසිඳගන්නා ලද්දේ ඇසළ පුන් පෝදා ක ය.

☸️ සතර පෙර නිමිති දැක ගිහි ගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය සිදු කරන ලද්දේ ද ඇසළ පුන් පෝදාකය. රාහුල කුමරුගේ උපත සිදු වූයේ ද ඇසළ පුන් පෝදාකය.

බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

☸️ ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

☸️ ගෞතම බුදුපියාණන් වහන්සේ ඇතුළු පස්වග මහණුන්ගේ ප්‍රථම වස්සුපගමනය බරණැස ඉසිපතනයේ දී සිදුවූයේ ද ඇසළ පුන් පෝදාකය.

☸️ බුදුපියාණන් වහන්සේ ගණ්ඩම්බ රුක මුලයේ දී තීර්ථකයන්ගේ මානය දුරු කිරීම සඳහා යමාමහ පෙළහර දැක්වූයේ ද ඇසළ පුන් පෝදාකය.

☸️ තව්තිසා දෙව්ලොවට බුදුපියාණන් වහන්සේ වැඩම කර මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට විජම්බණ(අභිධර්මය) දේශනා කරන ලද්දේ ද ඇසළ පුන් පෝදාකය.

☸️ සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකින් තෘතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂා සංවිධානත්වය ඇති ව රජගහ නුවර වේහාර පර්වතයෙහි ධර්ම මණ්ඩපයෙහි දී ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීම සඳහා රජගහ නුවරට වැඩම කොට වස් එළැඹ මූලික කටයුතු ආරම්භ කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

එමෙන්ම ලංකා ශාසනික ඉතිහාසයේ ද ඓතිහාසික සිද්ධීන් රැසක් අනුස්මරණය කැරෙන ඓතිහාසික දිනයකි ඇසළ පුර පසළොස්වක පොහොය.

☸️ ශ්‍රී බුද්ධ වර්ෂ 847 දී කිත්සිරි මෙවන් රජ දවස හේමමාලා කුමරිය හා දන්තකුමරු විසින් මෙරටට වැඩම කරවන ලද දළදා වහන්සේ වෙත පූජෝපහාර දක්වමින් වාර්ෂිකව සිදු කරනු ලබන දළදා පෙරහරේ ආරම්භය සිදු වූයේ ද ඇසළ පුර පසළොස්වක පෝදකය.

☸️ ස්වර්ණමාලි මහා සෑ රදුන් සඳහා මංගල ශීල ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීමත් එහි ධාතූන්වහන්සේ නිදන් කිරීමත් සිදු වූයේ ද ඇසළ පුන් පෝදාකය.

උදාර ශාසනික චාරිත්‍රයක් ද ඉටු කරනු ලබන ඇසළ පුර පසළොස්වක පොහොය භික්‍ෂූන් වහන්සේට මෙන්ම ගිහි සැදැහැවතුන්ට විශේෂ පුණ්‍ය කාලයක් ලෙසද සඳහන් කළ හැකිය.

☸️ ශාසනික ප්‍රතිපත්තිවලට අනුව භික්‍ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියම කර ඇත. පෙරවස සහ පසුවස වශයෙන් එම දින දෙක හඳුන්වනු ලැබේ. ඇසළ පුන් පෝදා පොහොයකරඇසළ අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹෙන අතර නිකිණි පුන් පෝදා පෝය කොට නිකිණි අවපෑලවිය දා පසුවස් එළඹෙනු ලැබේ.

මේ අයුරින් බලන විට ශාසනික ප්‍රතිපදාවන් ආරක්‍ෂාවට භික්‍ෂූන් වහන්සේ ඇප කැප වී ක්‍රියා කරන දිනයක් ලෙසද ඇසළ පොහොය ශාසනික ඉතිහාසයට එකතු වී ඇත.

නමස්කාර පූර්වක සුභාශිර්වාදය.....
03/07/2026

නමස්කාර පූර්වක සුභාශිර්වාදය.....

30/06/2026

පොසොන් පොහෝ දින බුදු පුදට පිපුනු සිය ගණනක් කඩුපුල් මල් 🌸 #පොසොන් #පොහොය

29/06/2026

අද අද එයි මරු පින් කරගන්නේ
කුමටද හෙට මරු නේවි සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇපවන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ...
#පොසොන් #පොහොය

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා 🙏🙏🙏             #පොසොන්  #පොහොය
28/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා 🙏🙏🙏
#පොසොන් #පොහොය

28/06/2026

දෙව් විමන් සැප අම නිවන් මග කියා දෙන සත්පුරුෂ භූමිය -පිනෙන් අස්වනු නෙලනු රිසිනම් එන්න මෙය මහා පුණ්‍ය භුමිය 🙏

27/06/2026

ශ්‍රී ශාක්‍යමුනි සමිදුන් වදිනෙම් 🙏🙏🙏

26/06/2026

කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ ..සුදනෙනි කිම විරිය නොකරන්නේ...

Address

Sri Uposhatharamya, Karalliyadda, Teldeniya
Kandy
20900

Telephone

+94718156062

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Uposatharamaya-Teldeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Uposatharamaya-Teldeniya:

Shortcuts

Share