සත් කඩවර දේවාලය අමුණුගම - Sath Kadawara Dewalaya Amunugama

  • Home
  • Sri Lanka
  • Kandy
  • සත් කඩවර දේවාලය අමුණුගම - Sath Kadawara Dewalaya Amunugama

සත් කඩවර දේවාලය අමුණුගම - Sath Kadawara Dewalaya Amunugama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සත් කඩවර දේවාලය අමුණුගම - Sath Kadawara Dewalaya Amunugama, Religious Center, Amunugama, Kandy.

නව අවුරුදු උදාවත් සමග දෙවියන් සතුටු කිරීමට දේව මන්ගල්‍ය,සත් කඩවර ගොටුව පිදීම සමග දාතුන් වහන්සේ වැඩම කිරීම සහ තැන්පත් කිර...
07/01/2024

නව අවුරුදු උදාවත් සමග දෙවියන් සතුටු කිරීමට දේව මන්ගල්‍ය,සත් කඩවර ගොටුව පිදීම සමග දාතුන් වහන්සේ වැඩම කිරීම සහ තැන්පත් කිරීම.🌻🤍(2024/01/05)
සත් කඩවර දේවාලය අමුණුගම - Sath Kadawara Dewalaya Amunugama

නුවරකලාවියේ අයියනායක දෙවියන් සහ අයියනායක වැඳීම විශේෂයෙන් ම නුවරකලාවියේ ප්‍රදේශවාසීන්ගේ දෛනික කටයුතු සදහා ගම අසල පැවති වන...
03/01/2024

නුවරකලාවියේ අයියනායක දෙවියන් සහ අයියනායක වැඳීම
විශේෂයෙන් ම නුවරකලාවියේ ප්‍රදේශවාසීන්ගේ දෛනික කටයුතු සදහා ගම අසල පැවති වනයට යෑමේ දී වන සත්ත්ව උවදුරු හා අනෙකුත් උවදුරු බියෙන් ආරක්ෂා කරන ලෙස දෙවියන්ට කන්නලව්කොට මහ වැව අසළ පිහිටි විශාල නුග ගසෙහි කොළ ඉත්තක් එල්ලා කැළයට යෑමේ සිරිතක් මොවුන්ට පැවතී තිබේ.එලෙස එක් දෙවියෙකු අරඹයා සිදුනොකළ මෙම වන්දනයට අයියනායක දෙවියන්ගේ වැඩීම කවදා කෙලෙස සිදු වුණිද යන්න නිශ්චිත මතයක් ගැමියන් තුළ නොපවති.එය කෙසේ වුව ද ගැමියන්ගේ මෙම සිරිත පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස්ව පවත්වාගෙන පැමිණ තිබේ.


අයියනායක දෙවියන්

මෙලෙසින් වන්දනාමානයට පාත්‍ර වූ අයියනායක දෙවියන් වන්දනාවේ ඉතිහාසය පිළිබඳ ගත් විට අයියනායක දෙවියන් ඇදහීම අනුරාධපුර කාලයේ සිට පැවතෙන්නෙකැයි ඇතැමුන් විශ්වාස කරති.මෙම විශ්වාසය තහවුරු කරන පුරාවිද්‍යා ස්මාරකයක් ජේතවනාරාම විහාරයට අයත් ගොඩනැගිල්ලකින් හමු වී තිබේ.ගොඩනැගිල්ලේ වාහල්කඩ ගල්කණුවක කොටා ඇති කැටයමක ඇතකු, අශ්වයෙකු හා තවත් සත්ත්ව රූපයක් ද, වාහනයක වාඩි වී සිටින පුරුෂයෙකුගේ රුපයක් ද දක්නට ලැබේ. මෙම තැනැත්තා ඉනෙන් පහළට රෙදි කඩක් ඇඳ,කන්වල තෝඩු ද,ගෙලේ මාල ද,අත්වල වළලු ද පැලඳ සිටින බව හෙන්රි පාකර් පෙන්වා දෙයි.දකුණු ඉන්දියාවේ තන්ජෝරයේදී ද මෙයට සමාන අයියනාර් කැටයමක් ඔහු දැක ඇත.පාකර් පවසන පරිදි ජේතවනාරාම ගල් කැටයමින් අයියනායක දෙවියන් නිරූපණය වන්නේ නම් ක්‍රි.ව තුන්වන හෝ හතරවන සියවස දක්වා ඈතට දිවයන දිගු ඉතිහාසයක් අයියනායක වන්දනාවට තිබිය යුතුය.

අයියනායක දෙවියන් ගැන සදහන් වන කතරගම සන්නස පැරණි ලියවිල්ලකි. කිහිරැල් උපුල්වන්,සමන් බොක්සැල් හා විභීෂණ යන දෙවිවරුන් සමග “අයියනාරයන්” යන නම ද එහි දැක්වේ.අයියනාරයන් යනු අයියනායක යන්නෙහි දෙමළ ඌරුවක් විය හැකිය.කෝකිල සන්දේශයේ අයියන් නම් දෙවියෙකු ගැන ද,කෝට්ටේ සමයේ මන්නාරමේ මාවටු පටුන අසල ඇති එම දෙවියාට කැප වූ කෝවිලක් ගැන ද සඳහන් වේ.අයියන් යනු අයියනායක දෙවිඳු බවට ද,කෝවිල අයියනායක දේවාලයක් බවට ද සැකයක් නොමැත.

ලංකාවේ සිංහලයන් අයියනායක නමින් අදහනුයේ අයියනායක දෙවියන් ම බව විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝෂයේ දැක්වේ.තමිල්නාඩුවේ පමණක් නොව ලංකවේ උතුරුකරයේ සිටින ද්‍රවිඩයන් ද අයියනාර් වන්දනාවේ යෙදෙන බවට එහි වැඩි දුරටත් සදහන් වේ.තමිල්නාඩු,කර්ණාටක,කේරළ,ආන්ද්‍රා ආදි සෑම ද්‍රවිඩ ප්‍රාන්තයකම ගම්බඳ ප්‍රදේශවල අයියනාර් කොවිල් දක්නට ලැබේ.ඒවායෙහි අයියනාර් දෙවියන් මෙන්ම උන්වහන්සේගේ පරිවාර දෙවිවරුන් අශ්වයින් පිට හෝ ඇතුන් පිට නැග සිටින අයුරු දැක්වෙන යෝධ ප්‍රතිමා ඉදිකර තිබේ.

අයියනාර් දෙවියන්ගේ රුව සිත්තම් කරන ලද පැරණි ගල්පුවරුවක් චෙන්නායි කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.එහි මැද ආසනයක් මත වාඩිව සිටින රෝගියෙකුගේ පිළිරුවකි.ඔහු තම වම් පාදය දණහිසෙන් නමා ආසනය මත තබා සිටින අතර,දකුණු පාදය ලහත දමා ගෙන සිටි.දකුණතෙහි කසයක් හෝ සෙංකෝළයක් තිබේ.දෙපස ඇති ආසනවල වාඩි වී සිටින්නේ පූර්ණි හා පුෂ්කලා නම් දේවතාවියන් දෙදෙනාය.අයියනාර් වන්දනාවේ දිගු ඉතිහාසයක් පවතින බව දඅකගත හැකිය. තමිල්නාඩුවේ ආර්කෝට්වල ඇති තුන්වන සියවසට අයත් වීරගලක ද,හතරවන සියවසේ ලියැවුණු සිලප්පදිකාරම් කාව්‍යයේ ද අයියනාර් ගැන සදහන්ව තිබේ.

ආන්ද්‍රා ප්‍රදේශයේ දී අයියනායක දෙවියන් “වෙන්කටසු” නමින් හැදින්වෙයි.අඳුරු පැහැති සිරුරක් ඇති මෙම දෙවියා වීරන් නැමති යකුන් පිරිවරා සිටින බව ඔවුනගේ විශ්වාසයයි.චුද්දලෝර් දිස්ත්‍රීක්කයේ චණ්ඩිපලියම් තන්ජෝරයේ ෂියාලි යන පෙදෙස්වල අයියනායක දෙවියන් වෙනුවෙන් අයියානාර් මංගල්‍යයක් ද පැවැත්වේ.තමිල්නාඩුවේ ත්‍රිරුච්චිරාපල්ලි නගරයේ මහාකඩකුලි කෝවිලේ ද අයියනාර් දෙවියන්ට පුදපූජා සිදුකලද එතුමන් මහාකාලිය යටතේ සිටින්නෙක් ලෙසින් මෙහි බැතිමතුන් විශ්වාස කරයි.

මේ ආදි වශයෙන් ඉන්දීය සම්භවයක් සහිත අයියනාර් දෙවියන් ලක්දිවට සම්ප්‍රාප්ත වී අයියනායක නමින් බැතිමතුන් වන්දනා කරනුයේ මෙරට සම්භවයක් සහිත් දෙවිකෙනෙකුට මෙන් දැඩි භක්තියකිනි.සත්කෝරළයේ සහ වන්නිය භාරව සිටින අයියනායක දෙවියන් දකුණු ඉන්දීය ද්‍රවිඩයෙකු බව “වන්නි උපත” නම් පැරණි පුස්කොළ පොතේ සඳහන් වේ.හෙතෙම ආර්ය වංශික කුමාරවරුන් පිරිසක් සමග ගල් නැවක නැගී ලක්දිවට පැමිණි අන්දම “වන්නි පුවත” නම් පැරණි කවි පොතේ විස්තර වේ.මෙම සංක්‍රමණය සිදු වී තිබෙන්නේ බුවනෙකබාහු නම් රජෙකු මෙරට පාලනය කරන සමයේදී ය.මෙලෙස සදහන් වන රජු ගම්පොළ සතරවන බුවනෙකබාහු ලෙස හදුනාගෙන තිබෙන හෙයින් ලංකාවේ අයියනායක වන්දනාව ආරම්භ වී තිබෙනුයේ ක්‍රි.ව. 1341-1351 කාලයේ දී විය යුතුය.

අතීතයේ රජරට වන්නිකරයේ ජීවත් වූ ජනයා තම දෛනික ජීවිතයේ සියලු කටයුතු වලදී අයියනායක දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරන ලදි.කුඹුරට යන විට,දඩයමට හෝ වෙනත් අවශ්‍යතාවයක් සදහා කැළේට යන විට,වෙනත් ගමනක් පිටත් වීමේ දී ආදි ලෙසින් යාමේ දී කොළ අත්තක් කඩා ගසක එල්ලා අයියනායක දෙවියන් සිහිකරන ලදි.මෙම චාරිත්‍රය ඉටු කළ පුද්ගලයෙකු කැළේ අතරමං වූ විට අයියකායක දෙවියන් මිනිස් වෙසින් පැමිණ අතරමං වූ පුද්ගලයා මිනිස් වාසයකට ගෙනවුත් ඇරලන බව ජන හදවත් තුල නිදන්ගත වූවකි.

උතුරු මැද පළාතේ දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්වා වූ වන්නි හත්පතතුවට අධිපති දෙවියන් ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවයටත්,වන්දනාමානයටත් ලක්ව ඇති අයියනායක දෙවියන් වූ කලී ඉතා බලසම්පන්න දේව ආත්මයක් ලෙසින් සලකනු ලබයි.නිකවැරටියේ පාලම සැදීමට පෙර දැදුරු ඔයේ මංකඩින් එගොඩට ගිය මගීන් සහ ගැල්කරුවන් ඒ අසල වූ විශාල වෘක්ෂයක කොළ අත්තක් කඩා එල්ලා යාමේ සිරිතක් පැවතිණි.කාලයත් සමග එතැන අයියනායක මහ දෙවොල ගොඩනැගුන අතර අදටත් දේවාලය පසුකර යන මගිහු දෙවියන්ට පඬුරු පූජා කිරීමේ හා පොල් ගැසීමේ චාරිත්‍රය සිදුකරන බවට දැකගත හැකිය.අයියනායක දේව වන්දනාව වත්මනේ දී දිවයින පුරා ව්‍යාප්තව පවතින අතර,පැරැන්නන් අතු ඉති එල්ලා පූජෝපහාර පැවැත් වූ මහා වෘක්ෂ වෙනුවට එම වෘක්ෂ අසලම අභිනවයෙන් දේවාල ගොඩනැගිලි ඉදිකර තිබේ.වත්මනදී අයියනායක දෙවියන් උදෙසා දේවාල දැකගත හැකි වුව ද අතීතයේ දී නිශ්චිත වූ දේවාලයක් අයියනායක දෙවියන් උදෙසා නොතිබිණි.

අයියනාර්,කරේනාර්,අයියනායගම්,අයියනාථ,හරිහර පුත්‍ර, වන්නි බංඩාර,වන්නි දෙවියා ආදී නම්වලින් ද හැඳින්වෙන අයියනායක දෙවියන් කාලවර්ණ ශරීරයකින් යුක්තය. රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී,හිසේ සුදු ජටාවක් බැඳ සිටින උන්වහන්සේ සුදු ඇතෙකු පිටින් ගමන් බිමන් යති. බෞදයන් පවසන පරිදි සරුවාලයෙන් හා උතුරු සළුවෙන් සැරසී මුහුණ පුරා සුදු රැවුලක් වවා සිටින අයියනායක දෙවියන් පැහැපත් සිරුරකින් යුක්තය.මහලු වියෙහි පසුවන උන්වහන්සේ එක් අතකින් සතර සතිපට්ඨාන සූත්‍ර පොත ද,අනෙක් අතින් රන් බොන්දි වැළ නම් ආභරණ නොහොත් ආයුධය ද රැගෙන සිටිතැයි නියනු ලැබේ.ඇතැම් විට සුරතින් කඩුවක් හා වමතින් සැරයටියක් ද රැගෙන සිටිනු ද චිත්‍රයට නගා තිබේ.

අයියනායක දෙවිඳු මහේෂවර හෙවත් ශිව දෙවියන්ගේ නිවුන් සොහොයුරා යැයි පාකර් සදහන් කරයි.ඇතැමුන් ඔහු මෝහිනී දෙව් දුවගේ පුත්‍රයෙකු බව ප්‍රකාශ කරයි.මෝහිනිය යනු විශ්ණු දෙවියන්ගේ පත්තිනිය වන උමයංගනාවම බවට මතයක් ද පවති.ඒ අනුව අයියනායක දෙවියන් විශ්ණුගේ සහ උමයංගනාවගේ පුතකු ලෙස පිළිගන්නට සිදුවේ.එමෙන් ම මෙතුමා කතරගම දෙවිදුගේ සහ ගණපති දෙවිදුගේ සොහොයුරෙකු යැයි සිතන බැතිමතුන් පිරිසක් ද සිටියි.හෙන්රි පාකර්ට අනුව අයියනායක දෙවියන් “බොකසැල්” නමින් පහතරැටියන් අතර ප්‍රකට වූ දෙවිකෙනෙකි.ද්‍රවිඩයන් පුල්ලෙයාර් සහ ගණේෂ්වර නමින් හදුන්වන දෙවියන් හා අයියනායක දෙවියන් එක් අයෙකු යැයි රජරට වැසියන් විශ්වාස කරන බවට පැහැදිලි වේ. අයියනායක දෙවියන්ගේ ඇමති කට්ටුව අතර “ඉලංදාරි දෙවි, කළු දේවතාවා, කම්බිලි දෙවි, කඩවර, ගුරුමා දෙවි” යන පස් දෙනා අයත් වන්නේ යැයි “හෙන්රි පාකර්ගෙ” ග්‍රන්ථයක ද,ඉපැරණි සිංහලේ ලාංකේය දෙවි දේවතාවෝ”නැමති පොතේ ද සඳහන් වේ.මංගර දෙවියන් මෙතුමන්ගේ දේව මාලිගාව රැකවල් කරන වාහල දෙවියන් ලෙස පිළිගැනේ.

විවිධ හේතු මත විදෙස් රටවල සිට මෙරට සංක්‍රමණය වූවන්ට අයියනායක දෙවියන් පිහිට වූ බවටත්,ඔවුන් වන්නිකරයේ පදිංචි කර වූ බවටත් හේතු සාධක පවති.අයියනායක දෙවියන්ගේ කෝල්මුර කවි පන්තියක මදුරාසියේ සිට පැමිණි කළුකුමාර බණ්ඩාර,රාජකරුණා බණ්ඩාර, වනරාජ බණ්ඩාර,ඉලංගසිංහ බණ්ඩාර,දිවාකර බණ්ඩාර යන කුමාරවරු පස්දෙනා අයියනායක දෙවියන්ගේ අවසරයෙන් මෙහි පදිංචි වූ බව සදහන් වේ.

මේ ආදි ලෙසින් දේව වන්දනා අතර ඉමහත් ගෞරවාදරයෙන් වන්දනා කරනු ලබන අයියනායක දෙවියන් උදෙසා පුදපූජා සිදුකරන ප්‍රදේශයන් අතර තවත් එක් ප්‍රදේශයක් වශයෙන් ඉගිණිමිටිය ප්‍රදේශය පෙන්වාදිය හැකිය.අයියනායක අඩවිය ලෙසින් සලකන දැදුරු ඔයෙන් මෙහා සීමාව තුළ පවතිනන ඉගිණිමිටිය ප්‍රදේශයෙහි අයියනායක දේව වන්දනය නිශ්චිත නොවූ දීර්ඝ ඉතිහාසයක් පවතින්නකි.අතීතයේ මුල් කාලීනයේ ආරක්ෂාව පතා වැව අසල පැවති විශාල නුග ගහේ කොළ ඉත්තක් එල්ලා දෙවියන්ට කන්නලව් කළ ප්‍රදේශවාසීන්, නූතනයේ දී නුග ගස අසලින් අයියනායක දෙවියන් උදෙසා දේවාලයක් ද ඉදිකොට වන්දනාමාන කරනු ලබයි.

විවිධ හේතූන් මත දෙවොලට පැමිණෙන බැතිමතුන් අයියනායක දෙවිදුන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනු ලබයි.ව්‍යාපාරික කටයුතු සාර්ථක කර ගැනීම,අලුතින් ඉඩමක් කඩමක්,ව්‍යාපාරික ස්ථානයක්, වාහනයක් මිළ දී ගැනීම,ලොතරැයි දිනුමක් හෝ වෙනත් ධන ලාභ ලැබීම,මැණික්,මිනිරන්,නිදන් වැනි භූගත සම්පත් අත්පත් කර ගැනීම,සතුරු කරදරවලින් මිදීම,හැරගිය සැමියා හෝ නැති වුන දරුවා සොයා බැලීම,රට ගිය ඥාතියාගේ ආරක්ෂාව,විභාග සහ නඩුහබ ජය ගැනීම වැනි නොයෙකුත් ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අයියනායක දෙවිදුන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනු ලබයි.ගොවි ජනතාව එදා මෙන් ම වත්මනේ ද තම කුඹුරු,වතුපිටි,හරකාබාන ආරක්ෂා කර ගැනීම,කෘමි වසංගත දුරු වී කුඹුරෙන් හා හේනෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම,පැපොල,සරම්ප,කම්මුල්ගාය වැනි වසංගත රෝග වලින් ආරක්ෂා වීම,පවුලේ සුවය සහ ආරක්ෂාව වැනි ගැටලු වලදී ගම්වාසීන් මෙම දේවාලයට පැමිණෙති.වැසි ලබා ගැනීම,අස්වැන්න සරුකර ගැනීම,රෝග බිය තුරන් කිරීම,පශු සම්පත් වර්ධනය කර ගැනීම ආදී අරමුණු මුදුන්පත් කරගැනීම පෙරදැරි කරගෙන ඉගිණිමිටිය ප්‍රදේශවාසීන් අයියනායක දෙවියන් වෙනුවෙන් වසර පුරාම නොයෙතුත් චාරිත්‍ර වාරිත්‍ර සිදුකරනු ලබයි.

■ මුට්ටි මංගල්‍ය
■ අලුත් සහල් මංගල්‍ය
■ අයියනායක දෙවි කන්නලව්
■ කිලි නැසීමේ චාරිත්‍රය

ආදී චාරිත්‍ර වාරිත්‍ර මෙම ගමෙහි අයියනායක දෙවියන් වෙනුවෙන් වසර පුරාම සිදුකරන ප්‍රධාන චාරිත්‍ර වාරිත්‍රයන් වන අතර මෙයට අමතර තවත් විවිධ වන්දනා ක්‍රම දැකගත හැකිය.ඒ පිළිබඳ සවිස්තරාත්මකව තුන්වන පරිච්ඡේදයේ දී හදුන්වාදෙනු ලබයි.ලක්දිව අනෙක් අයියනායක දෙවොල් වල මෙන් ම මෙම ප්‍රදේශයේ ද අයියනායක දෙවියන් උදෙසා ගැයෙන දේව කන්නලව්,ආරාධනා,ස්තොත්‍ර ආදි ය දක්නට ලැබේ.පොදුවේ ගත් විට ගණ දෙවියන් හා අයියනායක දෙවියන් කෙරෙහි බැතිමතුන්ගේ පවතින භක්තිය නොවෙනස් ලෙස මෙහි ගම්මුන් තුළ ද දක්නට ලැබේ.

මෙතෙර වෙලා අයියනායක දෙවි මුහුදේ වඩමවන්ඩ
සතර වරම් දෙවියන්ගෙන් වරම් ලබා ගෙන වඩින්ඩ
සතර ගෙවා ගෙන දෙවි රජ මෙ ලක්දිවට ගොඩ බහින්ඩ
විතර නොමැති අයියනායක දෙවි මුහුදේ වැඩම වන්ඩ

මෙලෙස මෙම නුවරකලාවියේ ප්‍රදේශවාසීන් ඉතා ඈත අතීතයේ පටන් චාරිත්‍ර වාරිත්‍ර සිදුකරමින් දේව ඇදහීම සදහා අයියනායක දෙවියන්ව වන්දනාමාන කරනු ලබයි.

තවද තෙද බල පතුරන අයියනායක දෙවියන් හට වැඩ සිටින්නට දෙවොලක් මේ ශ්‍රී ලංකා දීපයේ නොමැති බව යම් තැනක සදහන් වේ.

නුවරකලාවියේ පුරාන දේවතා තෝත්‍රය

(උ.ගැ)✨අනුරාධපුර දේවාලය නොච්චියාගම

• තෙද බලැති කඩවර දෙවි ,එක් උත්පත්ති කතාවක් මෙසේ සදහන්වේ.කඩවර යක්‍ෂ නාමයෙන්ද හඳුන්වනු ලබන කඩවර දෙවියන් උඩරට කොහොඹා යක් ශා...
04/12/2023

• තෙද බලැති කඩවර දෙවි ,එක් උත්පත්ති කතාවක් මෙසේ සදහන්වේ.

කඩවර යක්‍ෂ නාමයෙන්ද හඳුන්වනු ලබන කඩවර දෙවියන් උඩරට කොහොඹා යක් ශාන්ති කර්මයේ නවවැන්නා ලෙස ආරාධනා ලබයි. කොහොඹා යක්කමේ පුද ලබන කඩවර, කොහොඹා රජ තුන් කට්ටුව මෙලකට පැමිණෙද්දී ඒ සමග අතවැසියන් ලෙස පැමිණි බව කියවේ. දේවාංග රජුට දාව බහුපතී දේවියගේ කුස උපන් බව කඩවර කීමෙහි දැක්වේ.

ආඬි වඩක්කර රටේ උපන්නේ
බහුපති දේවිගෙ ගැබේ උපන්නේ
දේව අංග රජහට දූ වන්නේ
මෙවැනි ලකුණු කඩවර දෙවියන්නේ



කොහොඹා යක්කමේ කඩවර යාදින්නේ ගිනි කඩවර, මල් කඩවර, දළ කඩවර, අලූයම කඩවර, පෙරයම කඩවර, වශයෙන් කඩවරයෝ පස් දෙනෙකි.

මල රජුගෙන් වරම් ලබාගෙන මෙලකට පැමිණි කඩවරයන් මෙලක පදිංච් වූ බව පැවසේ. මලයාලම් දේශය ජන්ම භූමිය කරගත් කඩවරයන් දහස් ගණනක් බව දේව පුරාණය සඳහන් කරයි. මොවුන් බොහොමයක් යකුන් ලෙස සැලකේ.
ශ‍්‍රී ලාංකීය සම්භවයක් ඇති ප‍්‍රබල දේවාත්මයක් හැටියට ජනවිශ්වාසයේ පවතින කඩවර දෙවියන් රජරට වැව්ගම් පත්තුවේ වාරි කර්මාන්තයටත් කෘෂිකර්මාන්තයටත් අධිපතිව පුදපෙත් ලබයි. වැව් ගම් පත්තුවේ ජනතාව කඩවර දෙවියන් තමන්ගේ ආරක්‍ෂක දෙවියන් හැටියට ද සලකණු ලබයි.

පම්මුල්ලා රතු තොප්පිය සිරස දරාලා ඹප කොට
රැුලි අල්ලා පේසරත්න නීලවර්ණ සළුව ඉණට
රත්නිල්ලා බීත රාම හැට්ටේ පොරවා දෙවුරට
බිසි බිල්ලා වැඳපල්ලා සෙනෙවිරත්න කඩවරහට


• කඩවර පන්තිස් කට්ටුවක් බව පැවසේ. සෙනෙවිරත්න බණ්ඩාර, අඳුන් කඩවර, මජ්ජිම කඩවර, මල් කඩවර, කුමාර කඩවර, දළ කඩවර, සපුමල් කඩවර, දෙවොල් කඩවර, සෙල්ලම් කඩවර, සොහොන් කඩවර, හඳුන් කඩවර, කම්බිලි කඩවර, තනි කඩවර, අලූයම් කඩවර, පිල්ලි කඩවර, මුල් කඩවර, ගොපලූ කඩවර, රති කඩවර, ආඬි කඩවර, භූත කඩවර, ෂත් කඩවර, කළුගල් කඩවර, ඉනා කඩවර, කොහොඹා කඩවර, පුළුටු කඩවර, සත් කඩවර, පෙරයම් කඩවර, ලේරීරි කඩවර, සමයං කඩවර, කොට කඩවර, ගිනි කඩවර, අභූත කඩවර, බිහිරි කඩවර, වැදියක් කඩවර, තෙල් කඩවර,,අභිමාන කඩවර, රත්න කඩවර, යනුවෙන් මහායාතිකාවේ කියවේ.

• වන්නිහත් පත්තුවේ පුදපෙත් ලබන කඩවර දෙවියන් සෙනෙවිරත්න බණ්ඩාර පදවිය ලැබූ, වාපී කර්මාන්තයෙහි අතිදක්‍ෂයෙකි. වාපී කර්මාන්තයට සිය ජීවිතය කැප කරන සෙනෙවිරත්න බණ්ඩාරට සිය බිරිඳගෙන් නිතර හිමිවූයේ ඇනුම් බැනුම් අපවාදය. සිය බිරිඳගේ කෝපය උත්සන්නව මැටි වළඳකින් පවා පහර කෑ සෙනෙවිරත්න තම පවුල් ජීවිතය හැරදමා වනගත වෙයි.

මිනිස් වාසයෙන් ඈත්ව ගස්වල කොළ පොතු, පලතුරු ආදිය අහර පිණිස ගමින් වන සතුන් සමග ජීවත්වන සෙනෙවිරත්න වනසතුන් සමග කුළුපඟ වෙයි. වනයේ සතුන් දඩයමට එන දඩයක්කරුවන් ගැන ඉව වැටුණ වහාම සෙනෙවිරත්න වනසතුන් වෙනත් පෙදෙසකට පලවා හැර ඔවුන්ගේ ජීවිත බේරයි. ඔහුගේ මෙම ක‍්‍රියාව නිසා දඩයක්කරුවන්ට දඩයම් නැතිවෙයි. වනසතුන් පලවා හරින මෙම අත්භූත පුද්ගලයා ගැන දඩයක්කරුවෝ ධාතුසේන රජතුමාට සැලකර සිටියි. රජතුමා මෙම අත්භූත පුද්ගලයා දැකගනු ආසාවෙන් රජවාසලට ඔහුව අල්ලා ගෙන එන ලෙසට දඩයක්කරුවන් සමග රාජපුරුෂයන් යවයි. ඔහු සොයා වනය පීරන රාජපුරුෂයන්ට දැලි රැුවුල් කොණ්ඩය වැවුණු කොළ,අතු පැළඳි මෙම අද්භූත පුද්ගලයා සුවිසල් කලවැලක් අසල සිටිනු දැක ඔහු වටලා අල්ලා ගනී. මෙසේ අල්ලාගෙන රජවාසලට ගෙනඑනු ලබන ඔහුගෙන් තමා කවරෙක්දැයි රජතුමා අසයි. එහෙත් කාලයක් වනචාරීව සිටි සෙනෙවිරත්නට කතාකිරීමට නොහැකි වෙයි. රජතුමා ඔහුට කතා කරවීමට හැකි අයෙක් වෙත්නම් රජවාසලට කැඳවන ලෙසට අණබෙර යවයි.

අණබෙරකරුගේ නිවේදනයට කන්දෙන සෙනෙවිරත්නගේ බිරිඳ මේනම් තම ස්වාමියා යැයි සිතා වහාම රජවාසල කරා ගියේය. රජවාසලට ගිය ඇය තම ස්වාමියා දැන හැදින ඔහුට කතාකරවීමට තමාට හැකි බව රජතුමා ඉදිරියේ කියා සිටියාය. මෙහිදී ඇය ඔහුව කෝප ගන්වන අපේක්‍ෂාවෙන් ඔහුට දර්ශනය වන පරිදි ලිග් ගල් දෙකක් පමණක් යොදා බතක් පිසීමට සූදානම් කළාය. ලිග්ගල් දෙකක් පමණක් වූ ලිපේ තැබූ බත්මුට්ටිය පෙරලී ගියේය. කීපවරක් එසේ කරද්දී කෝපාවිෂ්ඨ වූ සෙනෙවිරත්න ‘‘ ඕකට තවත් ගලක් තියාපන් යොදියේ’’ යැයි මොරගා කිව්වේය. ඇයගේ මෙම ක‍්‍රියාවට රජතුමා බෙහෙවින් සතුටු විය.
වැව් කර්මාන්තයෙහි අති දක්‍ෂ වූ සෙනෙවිරත්න පිළිබඳ සියලූ තොරතුරු දැනගත් රජතුමා ඔහුට පිරිවර තාන්න මාන්න දී ඔහු වනචාරීව සිටි රමණීය වූ කලවැල පිහිටි ස්ථානයේ වැවක් තැනීමට භාර කළේය.
සෙනෙවිරත්නට ටික දිනකින් වැව තනා නිමකිරීමට හැකිවිය. ඔහු වැවතනා නිමව වැවට ජලය පිරෙද්දී සිය නිවසේ මහා සංඝරත්නය කැඳවා පිරිතක් කීමට සංවිධානය කළේය. පිරිත පැවතෙද්දී මහවැසි වසින්නට වූයෙන් සෙනෙවිරත්න වැව පිරුන ජල මට්ටම බලා ගැනීමට මැටි මුට්ටියකින් ජලමාපකයක් සකස්කර සිය මිදුල මැද තැබුවේය. වරින්වර මිදුලට ගොස් ජලය පිරෙන මැටිමුට්ටිය දෙස බලන සෙනෙවිරත්තගේ එම ක‍්‍රියාව දෙස බලා සිටි එක්තරා වයෝවෘධ භික්‍ෂුන්වහන්සේ නමක් එහි ගොස් කුඩ මිටෙන් ඇන එම මුට්ටිය බිඳ දැමුවේය. පසුව එහි ගිය සෙනෙවිරත්නට දැකගත හැකි වූයේ
බිඳීගිය මුට්ටියයි. ඔහු වියරුවෙන් වැව තිබෙන දිසාවට දිව ගියේය. ඒ වන විටත් වැව් සොරොව්ව කැඞී ජලකඳ ගලායනු දුටු සෙනෙවිරත්න මහත් කම්පාවට පත්ව රජතුමාට මුහුණ දිය නොහැකිව එම කඩවළට පැන දිවිනසා ගත්තේය. මෙසේ කඩවළට පැන දිවිනසාගත් හෙයින් කඩවර නමින් ප‍්‍රසිද්ධියට පත්විය. රජතුමා එම හාස්කම් පැවැති එම ස්ථානයේ දෙවොලක් සදවා පුදපූජා පවත්වන්නට විය.
කලාවැව වැව් කණ්ඩියේ ඉදිකර ඇති කඩවර දේවාලය වර්තමානයේද බැතිමත්හුගේ පුදපූජාවන්ට පාත‍්‍රව පවතී.

අයියෝ මගෙ වැව බිදුණට දෙයියෝ වත් නැද්ද මෙමට
හයියෙන් හඬ තලා ඇවිත් පැන නැසුනයි එකඩ වළට
කඩවළ පැනලා නැසුණට කඩවර නම යෙදුණි ඔබට
මෙහෙම විසම දෙවියෙකු නැත මේ මුළු ලක් බිමට ඔබින

පච්ච පාට වස්ත‍්‍රයෙන් සැරසී සුදු මොනරකු පිට සැරිසරන කඩවර දෙවියන් මැණික් ගඟින් ස්නානය කර කරදිය වළල්ලේ සංචාරය කරන බව ද පැවසේ. මෙම දෙවිදුන් කතරගම දෙවියන්ගේ අණ ක‍්‍රියාකරවන්නකු බව ද කියවේ.🔱

(උ.ගැ :- Chathuranga)

සත් කඩවර දේවාලය අමුණුගම - Sath Kadawara Dewalaya Amunugama

Address

Amunugama
Kandy

Telephone

+94714331650

Website

Alerts

Be the first to know and let us send you an email when සත් කඩවර දේවාලය අමුණුගම - Sath Kadawara Dewalaya Amunugama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share