හෙළ ගුරුකම්..Hela Gurukam

හෙළ ගුරුකම්..Hela Gurukam හෙළ ගුරුකම්..Hela Gurukam Travel With Vidura

27/12/2025

⚜️🔴⚜️

කාන්තාවන් තුළ පවත්නා ලිංගික ආශාවන් හා ඒ කෙරේ දක්වන උනන්දුව හා උද්යෝගය ඇගේ කේන්ද්‍රයේ ග්‍රහ තත්ත්වය අනුව නිශ්චිත කිරීමට හැකියාව පවතී. එවැනි අතිධාවන කාම යෝගයන් කීපයක් කේන්ද්‍රය තුළින් හඳුනාගත හැකිය. මෙවැනි අතිධාවන කාම යෝගයන්ගෙන් පිරි හඳහනක් හිමි කාන්තාවක් සිය සහකාරිය වශයෙන් තෝරා ගතහොත් යුග දිවිය අවුලෙන් අවුලට පත්වේ. එබැවින් ඔබ විවාහයට පිවිසීමට පළමුව මේ සම්බන්ධයෙන් උනන්දු වුවහොත් ඔබේ විවාහ ජීවිතය යහපත් තත්ත්වයට පත්කර ගැනීමට අවස්ථාවන් උදාකර ගැනීමට පිළිවන.

⚫ස්ත්‍රී කේන්දරයක අඟහරුට අයත් මේෂ, විශ්චික නවාංශකවල සිකුරු තැන්පත් වීම හා සිකුරැට අයත් වෘෂභ, තුලා, නවාංශකවල අඟහරු තැන්පත් වුවහොත් ඇයගේ ලිංගික ආශාවන් බෙහෙවින්ම වැඩි කෙරෙන අතර එක් පිරිමියෙකු ගෙන් සතුටට පත්නොවේ.

⚫මෙවැනි යෝගයක් යෙදී තිබෙන විට ලාබාල වයසේදීම අවකල් ක්‍රියාවන් කෙරේ යොමු වන අතර චන්ද්‍රයාගේ හෝ සිකුරුගේ හෝ අඟහරුගේ මහ දශා හා අන්තර් දශාවන් පවත්නා කාල සීමාවන් තුළදී ඇගේ ලිංගික ආශාවන් පාලනය කර ගැනීමට අපහසු තත්ත්වයන් ඇති කෙරේ.

⚫උත්පත්තියේදී චන්ද්‍රයා රාහු සමඟ සම්බන්ධ වී ලග්නය, හතර, හත, යන ස්ථානයක තැන්පත් වූ කාන්තාවන් ලිංගික සේවනය සම්බන්ධයෙන් වැඩි රුචිකත්වයක් දක්වයි.

⚫මෙවැනි කාන්තාවන් පහසුවෙන් ලිංගික කාර්යයන් සඳහා යොමු කරගැනීමට පිළිවන. මෙම යෝගය හතර වැන්න තුළ යෙදුණු විට නිතර ලිංගික ජීවිතය කෙරේ මෙනෙහි කර මානසික වශයෙන් සුවයක් විඳීමට වැඩි කැමැත්තක් දක්වයි.

⚫මෙම යෝගය අඟහරුගේ දෘෂ්ටියට ලක් වුවහොත් එහි ප්‍රතිඵලය වඩාත් අයහපත් තත්ත්වයට පත්කෙරේ.
විවාහය සම්බන්ධයෙන් වැඩි බලයක් ක්‍රියාත්මක වන හත්වැන්න හා අට වැන්න තුළ අඟහරු සමඟ සිකුරු සම්බන්ධ වුවහොත් තරුණ වයසට පා එසැවීමට පළමුව ලිංගික ජීවිතය කෙරේ යොමු වේ.

⚫මෙවැනි කාන්තාවන් කිසිදු අවස්ථාවක එක් පිරිමියෙකු ගෙන් පමණක් සතුටු නොවන අතර විවිධත්වය වැඩි වශයෙන් ප්‍රිය කරයි. මෙම යෝගය සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වුවහොත් තම තත්ත්වයට නොගැලැපෙන පුද්ගලයන් සමඟ ලිංගික ජීවිතයට අවතීරණය වේ.

⚫මෙම අඟහරු හා සිකුරු අතර පවත්නා යෝගය වන්ද්‍රයාගේ දෘෂ්ටියට ලක් වුවහොත් ඇය වෙනත් පිරිමින්ට ලිංගික ජීවිතයට පිවිසීමට ආරාධනා කරන තත්ත්වයට පත්වේ. සිකුරැ, අඟහරු, චන්ද්‍රයා යන ග්‍රහයින්ගේ මහ දශා අන්තර් දශාවන් පවත්නා කාල සීමාවන් තුළදී ඇගේ ලිංගික ආශාවන් වැඩි වශයෙන් වර්ධනය කෙරේ.

⚫රවි සිකුරු සංයෝගය නිතර කේන්ද්‍රවල ඇති කෙරෙන ග්‍රහ බලයකි. මෙම යෝගය අඟහරැට අයත් මේෂ, වෘශ්චික යන රාශියක යෙදුණු විට ඇය ලිංගික ජීවිතය කෙරේ දක්වන උනන්දුව වැඩි කෙරේ. යුග දිවියෙන් පසුව සුදුසු අවස්ථාවක් ඇති වුවහොත් එම අස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උනන්දු වේ. මෙම යෝග සිකුරැ අඟහරැගේ සහ චන්ද්‍රයාගේ දෘෂ්ටියට ලක්වුවහොත් ඇය යුග දිවියේදී ඔබට වඩාත් හොඳ ලිංගික සැපතක් ලබා දෙන අතර වෙනත් පිරිමින්ට ද ඇගෙන් හොඳ ලිංගික රැචිකත්වයක් ලබා දෙනු ඇත.

⚫චන්ද්‍රයා සමඟ අඟහරු සම්බන්ධ වුවහොත් නිතර ලිංගික ජීවිතයට ප්‍රියමනාප භාවයක් දක්වයි. මෙම යෝගයෙන් ජනිත කාන්තාව ලාබාල වියේදීම ලිංගික ජීවිතය කෙරේ යොමු වේ. මෙම යෝගයට සම්බන්ධ අඟහරැ හා චන්ද්‍රයා යන ග්‍රහයින් දුබල තත්ත්වයට පත්ව විවාහයට ඍජු සම්බන්ධයක් පවත්නා ස්ථානයක යෙදුණහොත් ලිංගික ජීවිතය කෙරේ යොමුවන අවස්ථා වැඩි කෙරේ. මෙම යෝගයට රාහු සම්බන්ධ වූ විට අතිධාවන කාම යෝග බල තත්ත්වයක් ඇති කරයි. එවැනි කාන්තාවෝ එක් පුද්ගලයෙකු ගෙන් පමණක් සතුටට පත් නොවෙති.

🔴සිකුරු සමඟ චන්ද්‍රයා සංයෝග වූ විට ඇය තම ප්‍රතිවිරුද්ධ ලිංගිකයාට උසස් වූ ආකාරයේ සතුටක් හා තෘප්තියක් ලබා දීමට සමත් වේ. ඇය කලාත්මක ආකාරයක් සිය ලිංගික ජීවිතය තුළ ඇති කරයි. මෙම යෝගයෙන් උපන් කාන්තාව ඇසුරට පත්වන පුද්ගලයා ඇගෙන් ඉවත් නොවේ. එසේ වුවත් ඇය වෙනත් පිරිමින්ගේ පහස නිතර අපෙක්ෂා කරයි.

🔴මෙම යෝගයට රාහු සම්බන්ධ වීම හෝ අඟහරුගේ දෘෂ්ටියට ලක් වුවහොත් ඇයට සිය ලිංගික ආශාවන් වයස් ගතවූද පාලනය කර ගැනීමට අපහසුය.

🔴මෙම යෝග කාරක සිකුරු නීච තත්ත්වයට පත්වුවහොත් ලිංගික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට ගොස් යම් යම් අපහසුකම්වලට ලක්වේ. චන්ද්‍රයා, අඟහරැ, සිකුරු සංයෝගය නිතර ඇති කෙරෙන ග්‍රහ තත්ත්වයකි. මෙම ග්‍රහයින් තිදෙනා සමාන අංශකවලදී සංයෝග වුවහොත් ඇයට ඇගේ ලිංගික ආශාවන් පාලනය කර ගැනීමට අපහසු තත්ත්වයක් ඇතිවේ.මෙය බලවත් අතිධාවන කාම යෝගවලින් එකකි. මෙම යෝගය රාජකීයකගේ කේන්ද්‍රගේ යෙදුණහොත් ඇය පුරුෂ අන්තඃපුරයක් තබා ගැනීමට සමත් වේ.
ඉහත දැක්වූ යෝග සහිත කාන්තාවන් තම විවාහයට සම්බන්ධ කර ගතහොත් විවාහ ජීවිතයේ අවුල් වියවුල් නිතර ඇති කෙරෙන්නේ ඇගේ අවකල් ක්‍රියාවන් නිසාය.

බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න.

24/12/2025
08/11/2025

🙏🙏🙏🙏

Address

Peradeniya Road
Kandy
20000

Telephone

+94710721000

Website

Alerts

Be the first to know and let us send you an email when හෙළ ගුරුකම්..Hela Gurukam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to හෙළ ගුරුකම්..Hela Gurukam:

Share