23/07/2019
::: ඓතිහාසික නියමකන්ද ශ්රී සංඝරාජ පිරිවෙන් විහාරය:::
ක්‍රි. ව. 1736 එනම් ලන්දේසි ආක‍්‍රමණය සමයෙහි උඩරට පාලනය කරන ලද ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු කාලයේ දී වැඩ සිටි අතිපූජ්‍ය වැලිවිට අසරණ සරණ සරණංකර හිමියන්ට ගණින්නාන්සේලාගේ සීලයට යටත්ව වැඩ සිටින්න යන්න පැවසීම නිසා එයට අකමැති වූ උන්වහන්සේ ලග්ගල ප‍්‍රදේශයට වැඩ ම කොට වැඩ සිටියහ.
ඉන් ටික කලකට පසුව ඉන්දියාවේ සිට පැමිණි ඝණ්‍යාසි නම් පිරිසක් ශාසනය හා විනය පිළිබඳව අසනලද ප‍්‍රශ්න සඳහා උත්තර දීමට නොහැකි නිසා ඇමැතිවරුන් හරහා වැලිවිට සරණංකර හිමියන් ගෙන්වා අසන ලද ප‍්‍රශ්න වලට පිළිතුරු ලබාගන්නා ලදී.
ඉන් පසුව ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු අතිපූජ්‍ය වැලිවිට සරණංකර හිමියන් වෙත ඇතෙකු තෑගි දෙන්න ගිය බවත් එය උන්වහන්සේ ප‍්‍රතික්ෂේප කල බවත් සඳහන් වේ. එවිට මේ බව සඳහන් කොට භේසජ්ජ මංජුසාව නම් පාලි භාෂා ග‍්‍රන්ථය සිංහලයට පරිවර්තනය කරවන ලදී.
ප‍්‍රතික්ෂේප කරන ලද තෑග්ග වෙනුවට අවශ්‍ය මොනවාදැයි විමසූවිට භික්ෂූණ් වහන්සේලාට අධ්‍යාපන ලැබීම සඳහා පිරිවෙන් ආයතනයක් හදන ලෙස ඉල්ලා සිටියහ. මේ කටයුත්ත කරදෙන ලෙස ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු මාම්පිටියේ රාල වෙත භාර දෙන ලදී.
මාම්පිටියේ රාල ඇවිත් නියමකන්ද නම් මෙම ස්ථානයේ විහාරයක් කරවා වැලිවිට සරණංකර හිමි හට භාරදුන් බවත් ඉන්පසු මෙහි භික්ෂු අධ්‍යාපනය සඳහා පිරිවෙන් ආයතනයක් ගොඩනගන ලදී. මෙහි නඩත්තු සඳහා ගම්පොළ වෙල්යායෙන් මසකට සහල් සේරු 300 ක් ද හඟුරන්කෙතකින් පොල් 300 ක් නියමකන්ද ශ්රී සංඝරාජ පුරාණ පිරිවෙන් විහාරයට ලබා දීමට ශ‍්‍රී වීරපරාක‍්‍රම නරෙන්ද්‍රසිංහ රජු විසින් අනකරන ලදී.
මේ අයුරින් මෙම රජු මියයෑමෙන් එනම් 1739 වර්ෂයේ දී ශ‍්‍රී විජයරාජසිංහ රජු බලයට පත්විය. මෙම රජතුමා ද මෙම විහාරය සංවර්ධනයට සහයෝගය ලබා දුන්හ.
ඉන් අනතුරුව ලංකාවේ උපසම්පදාව 1753 දී පිහිටුවන විටත් අතිපූජ්‍ය වැලිවිට සරණංකර හිමි මෙහි වැඩ සිටි බව සඳහන් වේ.
මේ පිළිබඳ තොරතුරු සංඝරාජ සාධු චර්යා පොත, සංඝරාජ කතා පුවත යන පොත්වලත් පිරිවෙන් 3 වන ශ්‍රේණියේ ඉතිහාසය පොතෙහිත් ඇත.
ඒවගේම යලි උපසම්පදාව ඇති කිරීමේදී සියම් දේශයෙන් පැමිණි උපාලි හිමි, ආරිමුණි, මහාඉදාස්වර්ණ, මහබ‍්‍රහ්ම, මහ ස්වර්ණ, මහාවන්දාජෝති, මහ අස්සජි, මහාරථඨ, මහඉන්දාර්ජෝති, මහ ධම්ම ජොති වැනි තෙරුන්වහන්සේලාගේ මූලිකත්වයෙන් කොබ්බෑකඩුවේ නායක හිමි සිටිනාමලූවේ සිල්වත් හිමි, පල්කුඹුරේ අත්තදස්සි සාමණේර හිමියන්, ඉලිපන්ගමුවේ නම, කදිරගොඩ නම යන සාමණේර හිමියන් මූලිකව උපසම්පදාව ලබා ඉන් අනතුරුව කොබ්බෑකඩුවේ නායක හිමි ගුරුවරයා කොට ගෙන වැලිවිට සරණංකර හිමි ද උපසම්පදාව ලබා ගත්තේ ය. ඉන්පසුව උන්වහන්සේගේ උගත්කමින් හා සිල්වත්කමින් ගුණනුවනින් ඉහල කෙනෙක් නැති නිසා කීරිති ශ‍්‍රී රාජසිංහ රජු විසින් සඟරජ පදවිය පිරිනමන ලදී.
ඉන් පසුව උන්වහන්සේ විසින් ශාසනික ප‍්‍රබෝධයක් ඇති කිරීමට කීර්ති ශ‍්‍රී රාංසිංහ රජුගේ කාලයේ එනම් 1747 - 1782 කාලයේ රාජ අනුග‍්‍රහය ඇතිව සාරාර්ථසංග්‍රහය, සාරාර්ථප‍්‍රදීපය, මහබෝධිවංශ සන්නය ආදී පොත් රචනා කරන ලදී.
වත්මන් තත්ත්වය
මෙම ඓතිහාසික විහාරය මේ වන විට ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මූලික කටයුතු අරඹා ඇත. මේ විහාරයේ වහලයේ සඳහා අවශ්‍ය කරන දෑ පහතින් සඳහන් වේ. මෙම ඓතිහාසික නියමකන්ද පුරාණ විහාරයේ වහලය සැකසීම සඳහා ඔබට ද දායකවීමට අවස්ථාව ඇත.
වැඩිදුර විමසීම්:
විහාරස්ථනයේ වැඩවසන පූජ්‍ය පිලිමතලාවේ ජිනරතන හිමි - දුරකථන - 070 397 7811
පි‍්‍රයන්ත අමුණුගම - දුරකථන - 071 800 8481 / 077 731 5032
නියමකන්ද ශ්රී සංඝරාජ පිරිවෙන් විහාරයේ වහලය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුව
01. 2" x 5" මුදුන් යට ලී 6' 1
02. 2" x 5" මුලපරාල 18' 4
03. 6" x 6" බිත්ති යට ලී 16' 2
04. 6" x 6" බිත්ති යට ලී 11' 4
05. 4" x 5" බිත්ති යට ලී 12' 2
06. 4" x 5" බිත්ති යට ලී 7' 2
07. 4" x 5" බිත්ති යට ලී 8' 6
08. 4" x 5" පරාල 5' 8
09. 4" x 5" පරාල 6' 8
10. 4" x 5" පරාල 7' 8
11. 4" x 5" පරාල 8' 8
12. 4" x 5" පරාල 11' 8
13. 4" x 5" පරාල 13' 8
14. 4" x 5" පරාල 14' 8
15. 2" x 1" රීප්ප දික් අඩි 2120
16. 8" x 3" කොටිකාවතත් ලී දික් අඩි 76
17. අර්ථ කවාකාර මුදුන් උළු 81
18. කොකු උළු 3332