Gambhara Sri Pitiyebandara Dewalaya Paleepana, Pujapitiya, Sri Lanka.

  • Home
  • Sri Lanka
  • Kandy
  • Gambhara Sri Pitiyebandara Dewalaya Paleepana, Pujapitiya, Sri Lanka.

Gambhara Sri Pitiyebandara Dewalaya Paleepana, Pujapitiya, Sri Lanka. Sri Pitiyebandara Devalaya is of historical value as it houses the jewels of Lord Pitiyebandara.

ඓතිහාසික පූජාපිටිය පලීපාන ගම්භාර ශ්‍රී පිටියේ බණ්ඩාර දේවාලයේ පෙරහැර කමිටුවේ සුහද හමුවක් 2024.09.08 දින පැවැත්වුණි. පෙරහැ...
09/09/2024

ඓතිහාසික පූජාපිටිය පලීපාන ගම්භාර ශ්‍රී පිටියේ බණ්ඩාර දේවාලයේ පෙරහැර කමිටුවේ සුහද හමුවක් 2024.09.08 දින පැවැත්වුණි. පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ඔවුන් කල කැපකිරීම ඇගයීමට ලක් උනා 🙏🙏🙏

03/09/2024

ඓතිහාසික කන්ද උඩරට සාරසිය පත්තුවේ පල්ලේ ගම්පහ උඩ ගබඩාකෝරලේ පූජා පිටිය පලීපාන ගම්භාර ශ්‍රී පිටියේ බණ්ඩාර දේවාලයේ වාර්ෂික දේව පෙරහැර මංගල්‍යය මෙවරත් 2024 අගෝස්තු මස විසි දෙවැනි දා සිට 2024 සැප්තැම්බර් මස පළමු වන දින දක්වා ඉතා සාර්ථක ලෙස පෙරහැර මංගල්‍යය කරවා අවසන් කර බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු. මෙම පෙරහර මංගල්‍යය මෙම ලෙස සාර්ථක කර ගැනීම සඳහා දේවාල පෙරහර කමිටුවේ සියලු සාමාජිකයින්ටත් මූල්‍යය ධන පරිත්‍යාග කළ අලි ඇතුන් ලබාදීම,නර්තන කණ්ඩායම් ලබාදීම,ප්‍රවාහන පහසුකම් ලබාදීම,පෙරහැර වීදි වලට විදුලි ආලෝක කටයුතු සැපය වීම,පෙරහැර සඳහා ආහාර, සංග්‍රහ කටයුතු සැපයීමත් ප්‍රධාන අනුශාසකත්වයෙන් කටයුතු කළ උඩ මුදුන ශ්‍රී පූර්වාරාමාදිපති අති ගෞරවනීය උඩ කුඹුරේ විමලරතන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ වරක් ප්‍රමුඛ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ අතිගරු අනුනායක පූජ්‍ය කනත්තේ ගොඩ සද්ධාරතන ස්වාමීන් වහන්සේත්, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාදීපති ශ්‍රී දළදා මාලිගාවේ තේවා භාර සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ රත්නපුර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත වතුර කුඹුරේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ඓතිහාසික කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති සම්බුද්ධ ශාසන ධජ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කොටහේනේ නාරද මහා ස්වාමීන් වහන්සේත් පරිත්ත භාණක කම්ම වාගා චාර්ය රාජකීය පණ්ඩිත අංකුමරේ චන්ද්‍රානන්ද මහා ස්වාමීන් වහන්සේ ඇතුළු නන්දෙසින් වැඩමවා උපකාර කළ සියලුම තුන් නිකායික මහා සංඝයා වහන්සේලාටත් පූජා පිටිය පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලූම නිලධාරී මණ්ඩලයටත් පූජා පිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය පූජා පිටිය ප්‍රාදේශීය සභා ලේකම්තුමිය පූජාපිටිය විදුලි බල මණ්ඩලය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් ඇතුළු පෙරහැර අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන්ටත් පූජා පිටිය වෙළඳ සංගමය පූජා පිටිය ත්‍රීරෝද රථ සංගම් පිටිසර දේවාල වලටත් නෙල්ලිගල ශාක්‍ය සිංහ සඳරූම නෙර්ත ආශ්‍රමයේ කලායතන ආදීපති චමින්ද ජයවර්ධන ආචාර්යතුමා ඇතුළු ශිෂ්‍ය මණ්ඩලයට, තත්රූ කලායතනාදීපති නාට්‍යාචාර්ය දර්ශන ගුණරත්න ආචාර්යතුමන් ඇතුළු ශිෂ්‍යයන්ටත් නර්තන කණ්ඩායම් සපයා දුන් කලායතන ආදීපතිවරුන්ටත් ඓතිහාසික පූජා පිටිය පලීපාන ගම්භාර ශ්‍රී පිටියේ බණ්ඩාර දේවාලයේ නර්තන අධ්‍යක්ෂක සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිහාල් චන්ද්‍රසිරි මැතිතුමාටත් පූජා පිටිය චලරූ ආයතනාදීපති ලහිරු දිල්ෂාන් විජේසිංහ මහතාටත් පලීපාන,වරකාදෙනිය, බටගල්ල, මඩ දෙනිය, අලගොඩ, වල්පොළපිටිය, දිද්දෙනිය, ඕවිස්ස, බොක්කාවල, පූජා පිටිය, දොළ පිහිල්ල, ආදී අවට ගම්වාසීන්ටත් විශේෂයෙන්ම මෙම පෙරහර මංගල්‍යය ආරම්භයේ පටන් අවසානය දක්වා සියලුම කටයුතු වලදී උදව් උපකාර කර පෙරහැර සංවිධායක කමිටුවේ සියලුම නිලධාරි මණ්ඩලයටත් නන් අයුරින් සහ සම්බන්ධ වී උදව් උපකාර කළ සියලූම දෙනාටත් ඓතිහාසික පූජාපිටිය පලීපාන ගම්භාර ශ්‍රී පිටියේ බණ්ඩාර දේවාලයේ දේව පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා දැක්වූ මහඟු දායකත්වයට සියලු දෙනාට මෙයින් ගෞරව පූර්වකව ස්තූතිය ප්‍රකාශ කර සිටිමු. ඔබ සියලු දෙනාට ගම්භාර ශ්‍රී පිටියේ බණ්ඩාර දෙවියන් වහන්සේගේ දේව ආශිර්වාදය ලැබේවා. මෙයට
ජනක බණ්ඩාර අත්තනායක
ගරු බස්නායක නිලමේ
ඓතිහාසික පූජාපිටිය පලීපාන ගම්භාර ශ්‍රී පිටියේ බණ්ඩාර දේවාලය.
ලංකා පුත්‍ර ශ්‍රී ජනරංජන ශ්‍රී ජනරංජන ගෞරවාචාර්ය
ජනහිතකාමී කීර්ති ශ්‍රී ව්‍යාපාර විභූෂණ දේශමාන්‍ය
කලමනාකාර අධ්‍යක්ෂක
අත්තනායක නිවස කන්ස්ට්‍රක්ෂන්ස් පුද්ගලික සමාගම
අංක 3, බෝවල පටුමග,
මහනුවර.

බෝගම්බර පිදීමේ චාරිත්‍රය
01/09/2024

බෝගම්බර පිදීමේ චාරිත්‍රය

01/09/2024
28/08/2024

ඓතිහාසික පූජා පිටිය පලීපාන පිටියේ බණ්ඩාර දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයේ හත් වන පෙරහැර
අද දින අපරභාග 6.33 ට යෙදෙන සුබ මූර්තියෙන් නැගෙනහිර දිශාභිමුඛව පූජා පිටිය බෝමලුවට ගොස් හැරී නැවත දේවාලයට ගෙවදීමට කටයුතු සූදානම් කොට ඇත. දේවාභරණ වැඩවමින් ගමන් ගන්නා මෙම පෙරහැර දෙපසට ඔබත් සුදු වතින් පැමිණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලබාගන්නා ලෙස සංවිධායක මණ්ඩලයේ ඔබ සැමට සුහදව ආරාධනා කර සිටිමු.

ඓතිහාසික පූජාපිටිය පලීපාන ගම්භාර ශ්‍රී පිටියේ බණ්ඩාර දේවාලයේ අවසන් රාත්‍රී පෙරහැර මංගල්‍යය පිලිඹද විශේෂ සාකච්චාවක් 5 වන ...
26/08/2024

ඓතිහාසික පූජාපිටිය පලීපාන ගම්භාර ශ්‍රී පිටියේ බණ්ඩාර දේවාලයේ අවසන් රාත්‍රී පෙරහැර මංගල්‍යය පිලිඹද විශේෂ සාකච්චාවක් 5 වන කෙටි පෙරහැර අවසන් වීමෙන් අනතුරුව පැවැත්වුනි….
🙏🙏🙏

Address

Paleepana Poojapitiya
Kandy
20112

Telephone

+94814904613

Website

Alerts

Be the first to know and let us send you an email when Gambhara Sri Pitiyebandara Dewalaya Paleepana, Pujapitiya, Sri Lanka. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Gambhara Sri Pitiyebandara Dewalaya Paleepana, Pujapitiya, Sri Lanka.:

Share