21/09/2026
🌸 “ශාසන කීර්ති ශ්රී සද්ධර්ම සෝභන” පූජ්ය කළුකැලේ ශාන්ත හිමියන්ගේ ශාසනික හා ජීවන චරිතාවලෝකනය 🌸
"චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං"
කුඩා කල සිටම සම්බුද්ධ ශාසනයේත්, ශාස්ත්රීය හා සමාජ සේවයේත් නිරත වෙමින් ආ ගමන් මගෙහි සංක්ෂිප්ත සටහනක් ගෞරවයෙන් යුතුව සටහන් කරමි.
✨ ජන්ම ලාභය හා කුඩා අවධිය:
ඓතිහාසික පොළොන්නරුව පුරවරයේ කළුකැලේ ග්රාමයේදී 1997 අගෝස්තු මස 24 වන දින ගුණරත්නගේ දොන් කොර්නේලිස් අප්පුහාමි පියතුමන්ටත්, දිසානායක මුදියන්සේලාගේ පාලිඟු මැණිකේ මෑණියන්ටත් ජාතකව, මධුසංඛ දර්ශන කුමරුවා ලෙස මෙලොව එළිය දුටුවේය.
✨ උතුම් වූ පැවිදි බිමට ඇතුළත් වීම (2007):
වයස අවුරුදු 10දී, පහ වසර පාසල් අධ්යාපනය ලබමින් සිටියදීම ගිහිගෙය අතහැර උතුම් වූ සම්බුද්ධ ශාසනයට ඇතුළත් විය.
• ආචාර්ය උපාධ්යායන් වහන්සේ: යටිහලගල සිරී සුමනාරාම උපෝසථාගාරය, වල්ගොව්වගොඩ සිරි මහේන්ද්රාරාමය, අභයපුර සිරි ශාන්ති නිකේතනාරාමය හා දොඩම්වල සිරි සුභද්රාරාමය යන චතුර් මහා විහාරාධිපති, ශ්රී ලංකා උඩරට අමරපුර මහා නිකායේ අනුනායක ධුරන්දර, සබරගමු පළාතේ සංඝනායක, ශ්රී සද්ධර්ම කීර්ති ශ්රී සද්ධර්ම වාගීශ්වර, ප්රවචන ධර්ම කීර්ති ශ්රී පණ්ඩිතාචාර්ය, මහෝපාධ්යාය, සාමවිනිසුරු, අතිපූජ්ය දම්බරාවේ ධම්මාලංකාර අනුනායක නාහිමිපාණන් වහන්සේ.
✨ උපසම්පදා ශීල සම්පත්තිය (2017):
2017 ජූනි මස 17 වන දින නුවරඑළියේ චන්ද්රජෝති මහනායක මාහිමිපාණන් වහන්සේගේ ප්රධානත්වයෙන්, විදුලුපොළ ශ්රී සුමංගලාරාමයේදී උතුම් වූ අමරපුර මහා නිකායේ උපසම්පදාව ලබන ලදී.
✨ අධ්යාපනික, ශාස්ත්රීය හා පර්යේෂණාත්මක ක්ෂේත්රය:
• පිරිවෙන් අධ්යාපනය සාර්ථකව නිමකර, 2019 වර්ෂයේදී උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වී ශ්රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයට පිවිසීම.
• ඉංග්රීසි ඩිප්ලෝමා පාඨමාලාව සහ බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ ජපන් භාෂා පාඨමාලාව හදාරා සාර්ථකව නිමකිරීම.
• දකුණු ආසියාතික පුරාවිද්යාව, සීගිරි කුරුටු ගී, ශිලා ලේඛන හා බෞද්ධ කලා ශිල්ප පිළිබඳ විශේෂ පර්යේෂණවල නිරත වෙමින්, 2024 වර්ෂයේදී ශ්රී ලංකා පුරාවිද්යාඥයන්ගේ කවුන්සිලයේ (SLCA) ශිෂ්ය සාමාජිකත්වය ලබාගැනීම.
✨ ධර්මප්රචාරය හා සමාජ සේවා මෙහෙවර:
• "සම්මා දිට්ඨි - මඟ" යූටියුබ් නාලිකාව හරහා බෞද්ධ දර්ශනය හා මානසික ඒකාග්රතාව (Mindfulness) පිළිබඳ උපදේශනය ලබාදීම.
• "අඳුරෙන් එළියට" ව්යාපෘතිය හරහා දරුවන්ගේ ඩිජිටල් තිර ඇබ්බැහිය අවම කිරීම, පරිසර සුරැකුම හා ප්රජා සහකම්පනය ඇතිකිරීමේ සමාජ සත්කාරයන් සිදුකිරීම.
• රෝහල් කේන්ද්ර කරගනිමින් ජාතික ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කිරීම.
🏆 “ශාසන කීර්ති ශ්රී සද්ධර්ම සෝභන” ගෞරව සම්මානය (2025):
උන්වහන්සේගේ ශාසනික, අධ්යාපනික හා සමාජීය මෙහෙවර උදෙසා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්රයේදී පැවැත්වුණු ශ්රී ශාක්යසිංහ අභිනන්දන මංගල්යයේදී “ශාසන කීර්ති ශ්රී සද්ධර්ම සෝභන” ගෞරව නාම සම්මානයෙන් පිදුම් ලැබීම.
මෙතෙක් ආ ගමන් මගෙහි නිරන්තරයෙන් අවවාද අනුසාසනා ලබාදුන් ගුරුදේවෝත්තමයන් වහන්සේලාටත්, ශක්තියක් වූ සියලු දෙනාටත් හෘදයාංගම ගෞරවය පුද කරමි! ☸️🙏