Ranawana Royal Temple,Pilimathalawa. රණවන පුරාණ විහාරය, පිළිමතලාව

  • Home
  • Sri Lanka
  • Kandy
  • Ranawana Royal Temple,Pilimathalawa. රණවන පුරාණ විහාරය, පිළිමතලාව

Ranawana Royal Temple,Pilimathalawa. රණවන පුරාණ විහාරය, පිළිමතලාව Ranawana Royal temple is one of the largest and one of the most beautiful temples of Sri Lanka
(230)

මහනුවර කොළඹ මාර්ගයේ නානුඔය අසලින් වමට හැරී කිලෝමීටරයක පමණ දුරක් ගමන් කල විට මනරම් කඳු ශිකරයක පහස ලබන වෘක්ෂලතවන්ගෙන් සුසැදි පරිසරයක පිහිටි ඓතිහාසික රණවන පුරාණ විහාරයේ ඉතිහාසය ඈත යුගයකට සම්බන්ධ බවට සාක්ෂි තිබේ. ඓතිහසිකත්වයෙන් පිරිපුන් මෙම ස්ථානය කලක් අභාවයට පත්ව තිබුණ ද වත්මන වනවිට යටිනුවර ආලෝකමත් කරනු ලබන අංග සම්පුර්ණ විහාරාංගයන් ගෙන් යුත් බෞද්ධගමික ස්ථානයක් දක්වා දියුණුවට පත්ව ඇත. නවීකරණය කරන ලද විහාරගෘහය චෛත්‍ය හා බෝධි ප්‍රකාරය මෙන්ම නවාංගයන් ලෙසින් එක්වන බෝධි වෘක්ෂ සහිත අටවිසි බුද්ධ ප්‍රතිමා, අසූමහ ශ්‍රාවක ප්‍රතිමා හා වැඩමකරන ලීලාවෙන් නෙලන අසූරියන් මහබුද්ධ ප්‍රතිමාවහන්සේ නිසා වනයෙන් වැසීගොස් තිබූ කඳුශිකර නිසංසල ආරාමිය සුන්දරත්වය ප්‍රකට කරවයි. නව සංඝාවාසයන්ගෙන් ද හෙබි මෙම ස්ථානය දෙස් විදෙස් බොදු ජනයාගේ නෙතසිත බැඳගැනීමට පමණක් නොව ආගමෙන් ලැබෙන සංයතබව හා සංවරත්වය පිණිසද හේතුවන ලබන ස්ථානයක් ලෙසින් වත්මන වන විට දියුණුවට පත්ව තිබීම සුවිශේෂිත කරුණක් ලෙසින් සඳහන් කිරීම උචිතය. When someone enters to the historical area of Kandy through the subway of Kadugannawa, that person can meet the ancient temple called Ranawana, where is located near a railway crossing which is close to the sub river of Nanuoya belongs to the Mahavali River. After turning to left side of the railway crossing and walking the short distance people can find The Ranawana Royal Temple which located on the clam hill. Conserved with keeping the ancient outlook and changed with the modernity the temple gain attraction of foreign and local devotees and tourists.

27/08/2026
පින්බර නිකිණි පුරපසළොස්වක පොහෝ දිනයක් වේවා 🙏
26/08/2026

පින්බර නිකිණි පුරපසළොස්වක පොහෝ දිනයක් වේවා 🙏

26/08/2026
26/08/2026
18/08/2026

🎵 ගීතවලින් අපේ හදවත් තුළ ජීවත් වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වෙයි… 🙏💔

සිංහල ගීතයට වෙනස්ම හැඩයක් දුන්න, බුදු දහමේ ගැඹුරු අදහස් වගේම මනුෂ්‍ය ජීවිතයේ සෙනෙහස, දුක, අම්මාගේ ආදරය, මනුස්සකම සහ සමාජයේ යථාර්ථය ගී පදවලට ගෙනා පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අද (18) අපවත් වී තිබෙනවා.

අපවත් වන විට උන්වහන්සේ 76 වැනි වියේ පසුවුණා. අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූ බව වාර්තා වෙනවා. 🙏

උන්වහන්සේ තමන්ගේ නිර්මාණ හරහා පෙන්වා දුන්නේ ගීතයත් මිනිස් හදවතට යහපත් පණිවිඩයක් ගෙන යා හැකි මාධ්‍යයක් බවයි.

ඒ නිසාම රසිකයන් අතර උන්වහන්සේ “සිංදු ලියන හාමුදුරුවෝ” ලෙස ආදරයෙන් හඳුන්වා දුන්නා.

🎶 අපිට අමතක නොවන ගී පද රැසක්…

උන්වහන්සේගේ පන්හිඳෙන් ලියැවුණු ජනප්‍රිය ගී අතර,

🎵 බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
🎵 අපි අසරණ වෙලා වගේ
🎵 සඳ තරු මල් මට දන් දුන්
🎵 පිපිලා පරවෙන සුවඳ කැකුළු මල්
🎵 හිමි සනරාමර
🎵 මේ ඉර හඳ යට
🎵 කාසිවලට ගන්නත් බෑ
🎵 අනුරාධපුරේ අනුරාව නැගූ
🎵 අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
🎵 සෙනෙහස ලැබ පිබිදෙන විට
🎵 සොම්නස හෝ සන්තාපය
🎵 මවයි පියයි එකතු වෙලා ගහයි වැලයි සේ
🎵 වෙහෙරක් වගේ
🎵 සියක් ආයු ලැබ
🎵 කඳුළු හෙළා
🎵 සැරියුත් මුගලන්

වැනි ගී නිර්මාණ රැසක් සඳහන් කළ හැකියි.

🇱🇰 තවත් සුවිශේෂී නිර්මාණයක්…

උන්වහන්සේ ලියූ ගීවල විශේෂත්වය වුණේ ආදරය ගැන විතරක් නොවෙයි…

මනුස්සකම ගැන, අම්මා ගැන, දුප්පත්කම ගැන, බුදු දහම ගැන, රට ගැන, ජීවිතය ගැන… මිනිස්සුන්ට හිතන්න යමක් ඉතිරි කරමින් ලියපු එකයි.

ඒ නිසා අද උන්වහන්සේ අප අතරින් සමුගත්තත්…

උන්වහන්සේ ලියූ පද අපිට තව අවුරුදු ගණනාවක් ඇහෙයි. ගීතයක් අවසන් වුණත්… ඒ පදවල මතකය අවසන් වෙන්නේ නැහැ. 🎵❤️

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියනි,
ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා! 🙏

#රඹුකනසිද්ධාර්ථහිමි

18/08/2026

The Kandy Esala Perahera 2026 | First Kumbal Perahera(English Narr...

Address

Ranawana, Pilimathalawa
Kandy
20450

Opening Hours

Monday 05:30 - 20:00
Tuesday 05:30 - 20:00
Wednesday 05:30 - 20:00
Thursday 05:30 - 20:00
Friday 05:30 - 20:00
Saturday 05:30 - 20:30
Sunday 05:30 - 20:30

Telephone

+94812575208

Alerts

Be the first to know and let us send you an email when Ranawana Royal Temple,Pilimathalawa. රණවන පුරාණ විහාරය, පිළිමතලාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ranawana Royal Temple,Pilimathalawa. රණවන පුරාණ විහාරය, පිළිමතලාව:

Shortcuts

Share