Sri Maha Vishnu Devalaya - Kandy

Sri Maha Vishnu Devalaya - Kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Maha Vishnu Devalaya - Kandy, Religious Center, Sri Maha Vishnu Devalaya, Kandy.

The Sri Maha Vishnu Devalaya in Kandy is located south-east to the historic Sri Dalada Maligawa premises, and is considered as one of the key shrines in the hill capital dedicated to God Vishnu.

30/08/2026

දිය කපන් ආ හැටි

Sri Maha Vishnu Devalaya - Kandy



28/08/2026

ගැටඹේ දියකපනා තොටේදී අද හිමිදිරියේ සෙංකඩගල ඇසළ මංගල්‍යයේ දිය රණකෙලි මංගල්‍යය ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වීය.
විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටිනු අපට දක්නට ලැබිණි.

Sri Maha Vishnu Devalaya - Kandy


27/08/2026

ලෝකයා මවිත කරනා සෙංකඩගල පුරවරයේ පුරාණ අභිමානය,
විෂ්ණු මහා දෙවොල්හි කීර්තිය පරපුරෙන් පරපුරට සුරැකගෙන එන,
මුතු කුඩ සෙවණේ සීහ ලීලාවෙන් පෙරහර මගට වඩිනා මහ දෙවොලේ නියමුවානණ් ගරු බස්නායක නිළමේ දුරන්ධර මහීන්ද්‍ර රත්වත්තේ මැතිඳුන් ප්‍රමුඛ පිරිවරින් පිටිසර දේවාල බස්නායක නිළමේ වරු

අවසන් රන්දෝලියට සැරසුන මහ දෙවොල.Sri Maha Vishnu Devalaya - Kandy
27/08/2026

අවසන් රන්දෝලියට සැරසුන මහ දෙවොල.

Sri Maha Vishnu Devalaya - Kandy


හතරවන රන්දෝළි පෙරහැරේ මංගල හස්තිරාජයන් වෙනුවෙන් සිදුකල ඇත් ඇඳුම් පරිත්‍යාගයඊයේ දින හතරවන රන්දෝලි පෙරහැරේ දේවාභරණ වැඩම කර...
27/08/2026

හතරවන රන්දෝළි පෙරහැරේ මංගල හස්තිරාජයන් වෙනුවෙන් සිදුකල ඇත් ඇඳුම් පරිත්‍යාගය

ඊයේ දින හතරවන රන්දෝලි පෙරහැරේ දේවාභරණ වැඩම කරන හස්තිරාජයා සහ දෑල හස්තීන් වෙනුවෙන් ඇත් ඇඳුම් පූජාවක් සිදුකරනු ලැබීය.
මෙම පුණකර්මය සඳහා බැතිබර දායකත්වය ලබා දෙමින් අප හා එක්වූයේ කුරුණෑගල පදිංචි කෝසල කපුකොටුව මහත්මා සහ හෝමියෝපති වෛද්‍ය චින්තා ඉඹුල්දෙණිය මහත්මිය ඇතුළු එම පවුලේ සාමාජික පිරිස විසිනි.

සිදුකල මෙම හස්ති වස්ත්‍ර පූජාව ශ්‍රී විෂ්ණු දේවරාජෝත්තමයන් වහන්සේට සිදුකල උත්තම පූජාවක්ම වේවා, සසර ගමනේ නිමාවට පෙරමං කියන පහන්ටැඹක් සේ මේ පුණ්‍යකර්මය ඔබ සැමට එක ලෙසම වාසනා වේවා, උපනිශ්‍රය වේවා,ඔබ සැමට ශ්‍රී විෂ්ණු දේවරාජෝත්තමයන්ගේ පිහිට ආරක්ෂාව නිබඳවම ලැබේවා.




27/08/2026
27/08/2026

සිව් වන රන්දෝළි පෙරහර අසිරිය

Sri Maha Vishnu Devalaya - Kandy


26/08/2026

සිව් වන රන්දෝළි පෙරහරේ ශ්‍රී මහා විෂ්ණු දේවාල පෙරහැර සඳහා නිළමේ තුමන්ලාගේ සම්ප්‍රාප්තිය

Sri Maha Vishnu Devalaya - Kandy


ඇසළ මහා පෙරහැරේ හස්තීන් වෙනුවෙන් සිදුකල ඇත් ඇඳුම් පරිත්‍යාගයමහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පෙරහැරේ ගමන් කරන හස්තීන් වෙනුව...
26/08/2026

ඇසළ මහා පෙරහැරේ හස්තීන් වෙනුවෙන් සිදුකල ඇත් ඇඳුම් පරිත්‍යාගය

මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පෙරහැරේ ගමන් කරන හස්තීන් වෙනුවෙන් ඇත් ඇඳුම් පූජාවක් සිදුකරනු ලැබීය.
මෙම පුණකර්මය සඳහා බැතිබර දායකත්වය ලබා දෙමින් අප හා එක් වූයේ නිට්ටඹුවේ පදිංචි මිහිරි ඉරේෂිකා මහත්මියයි. මෙම හස්ති වස්ත්‍රය ද එතුමියගේම නිර්මාණයකි. ස්වකීය හැකියාවෙන්, දක්ෂතාවයෙන් අසීමිත භක්තියෙන් සිය දෑතින්ම මෙම හස්තිවස්ත්‍රය නිර්මාණය කල බව සඳහන් කල යුතුමය. මේ සඳහා විදේශගතව සිටින ලලිත් මහතා ද දායකත්වය දැක්වීය.

සිදුකල මෙම හස්ති වස්ත්‍ර පූජාව ශ්‍රී විෂ්ණු දේවරාජෝත්තමයන් වහන්සේට සිදුකල උත්තම පූජාවක්ම වේවා, සසර ගමනේ නිමාවට පෙරමං කියන පහන්ටැඹක් සේ මේ පුණ්‍යකර්මය ඔබ සැමට එක ලෙසම වාසනා වේවා, උපනිශ්‍රය වේවා,ඔබ සැමට ශ්‍රී විෂ්ණු දේවරාජෝත්තමයන්ගේ පිහිට ආරක්ෂාව නිබඳවම ලැබේවා!



තෙවන රන්දෝළි පෙරහැරේ මංගල හස්තිරාජයන් වෙනුවෙන් සිදුකල ඇත් ඇඳුම් පරිත්‍යාගයඊයේ දින තෙවන රන්දෝලි පෙරහැරේ දේවාභරණ වැඩම කරන ...
26/08/2026

තෙවන රන්දෝළි පෙරහැරේ මංගල හස්තිරාජයන් වෙනුවෙන් සිදුකල ඇත් ඇඳුම් පරිත්‍යාගය

ඊයේ දින තෙවන රන්දෝලි පෙරහැරේ දේවාභරණ වැඩම කරන හස්තිරාජයා සහ දෑල හස්තීන් වෙනුවෙන් ඇත් ඇඳුම් පූජාවක් සිදුකරනු ලැබීය.
ශ්‍රී මහා විශ්ණු දේවාලයේ පරිපාලන ලේකම් අනුරුද්ධ බණ්ඩාර මහතාගේ සම්බන්ධීකරණයෙන්, අත්තනගල්ලේ ප්‍රවීණ හස්තිවස්ත්‍ර නිර්මාණ ශිල්පී කැලුම් සංජීව මහතා විසින් නිර්මාණය කරන ලද මෙම හස්ථිවස්ත්‍රය සඳහා බැතිබර දායකත්වය ලබා දෙමින් අප හා එක්වූයේ වෛද්‍ය උත්පලා මල්වත්ත මෙනවිය ප්‍රධානව රංජිත් මල්වත්ත මහතා,
කාන්ති මල්වත්ත මිය යන පවුලේ පින්වතුන් විසින් බව ඉතාමත් ගෞරවපූර්වකව සඳහන් කරමු.

සිදුකල මෙම හස්ති වස්ත්‍ර පූජාව ශ්‍රී විෂ්ණු දේවරාජෝත්තමයන් වහන්සේට සිදුකල උත්තම පූජාවක්ම වේවා, සසර ගමනේ නිමාවට පෙරමං කියන පහන්ටැඹක් සේ මේ පුණ්‍යකර්මය ඔබ සැමට එක ලෙසම වාසනා වේවා, උපනිශ්‍රය වේවා,ඔබ සැමට ශ්‍රී විෂ්ණු දේවරාජෝත්තමයන්ගේ පිහිට ආරක්ෂාව නිබඳවම ලැබේවා.




Address

Sri Maha Vishnu Devalaya
Kandy
20000

Opening Hours

Monday 05:30 - 20:30
Tuesday 05:30 - 20:30
Wednesday 05:30 - 20:30
Thursday 05:30 - 20:30
Friday 05:30 - 20:30
Saturday 05:30 - 20:30
Sunday 05:30 - 20:30

Telephone

+94812223791

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Maha Vishnu Devalaya - Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Maha Vishnu Devalaya - Kandy:

Shortcuts

Share