Sri Dalada Waruna

Sri Dalada Waruna Official page Of Sri Dalada Waruna - Kandy, Sri Lanka.
(7)

පින්බර දස දිනක් කන්ද උඩරට දිවමන් වාම දළදා පුරවර විදීසර හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය සැදැහැ සිතින් දැක විඳගත් සාධුජන නමස...
29/08/2026

පින්බර දස දිනක් කන්ද උඩරට දිවමන් වාම දළදා පුරවර විදීසර හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය සැදැහැ සිතින් දැක විඳගත් සාධුජන නමස්කාර මධ්‍යයේ පෙරහර පවත්වා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙලෙස සටහන් කෙරිණි.

නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ පැවැත් වූ මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා තොටේ දී දියකපා, දහවල් 2.18 ට යෙදුන සුබ නැකතින් දිවා පෙරහර අස්ගිරි ගෙඩිගේ විහාරයෙන් පිටත්ව මහනුවර වීදි සංචාරය කරන ලදී. සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවා සවස 4.01 ට යෙදි තිබූ සුබ මුහුර්තයෙන් දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් නැවත ගෙවදින ලදී.

ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණ පරිච්ඡේදයක් සටහන් කරමින් 1716 වන හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් දළදා හාමුදුරුවන්ටත්, සිව්මහා දෙවිවරුන්ටත් නෙකවිද සංස්කෘතික පූජෝපහාර පුදකොට, කලට වැසි ලැබ, රටට සෞභාග්‍යය උදා වී, සියළු ලෝ වැසියනට ආශිර්වාද වේවා යැයි ප්‍රාර්ථනා කර එහි සමාප්තිය තබන ලදී.

2026 ඇසළ පෙරහර මහා මංගල්ලය අති සාර්ථකව පවත්වා අවසන් කළ වග ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ශ්‍රී දළදා මාලිගාවේ ගරු දිය‍වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් විසින් සංදේශය මඟින් පිළිගන්වා දන්වා සිටීමෙන් පසු පෙරහර මංගල්ලයේ නිමාව නිල වශයෙන් සනිටුහන් විය.

புனித தanta தாதுவை வணங்கி, சிறந்த கலாச்சார மங்கலங்கள் மூலம் உலகிற்கு ஆசியளித்த 1716-வது கண்டி எசல பெரஹெரா விழா 11 நாட்களுக்குப் பின் நிறைவடைந்தது. சுப நேரமான மாலை 4:02 மணிக்கு, சிங்கராஜ என்ற மங்கல யானை பழமையான சந்திரவட்டக் கல்லில் அடிவைத்து பிரதான "மகா வஹல்கட" வழியே நுழைந்தது.
பெரஹெரா வெற்றிகரமாக நிறைவடைந்ததை அறிவிக்கும் "பெரஹெரா செய்தி" (Perahera Sandeshaya), தியா வதன நிலமே அவர்களால் மேதகு ஜனாதிபதி அனுர குமார திசாநாயக்க அவர்களிடம் ஒப்படைக்கப்பட்டு, 2026 கண்டி எசல பெரஹெரா விழா இனிதே நிறைவுற்றது.

Divinely colorful & wondrous 1716th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour of 4:02 pm and entered through the main "Maha Wahalkada"

"Perahera Sandeshaya" the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2026 was handed over to His Excellency the President Hon. Anura Kumara Disanayaka by Hon. Diyawadana Nilame marking the conclusion of the festival.

මාධ්‍ය කාර්යාංශය | The Media Bureau

2026 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ලයේ අසිරිය එතෙර මෙතෙර සත හට තිළිණ කරමින් එහි මාධ්‍ය මෙහෙවරේ නිරත වූ, ශ්‍රී දළදා මාලිග...
28/08/2026

2026 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ලයේ අසිරිය එතෙර මෙතෙර සත හට තිළිණ කරමින් එහි මාධ්‍ය මෙහෙවරේ නිරත වූ, ශ්‍රී දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශයේ නිර්මාණ, තාක්ෂණික හා සන්නිවේදන ශිල්පීන්.

2026 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ලයේ අසිරිය එතෙර මෙතෙර සත හට තිළිණ කරමින් එහි මාධ්‍ය මෙහෙවරේ නිරත වූ, ශ්‍රී දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශයේ නිර්මාණ, තාක්ෂණික හා සන්නිවේදන ශිල්පීන්.

ශ්‍රී දළදා මාලිගාවේ පින්බර ස්තූතිය!
28/08/2026

ශ්‍රී දළදා මාලිගාවේ පින්බර ස්තූතිය!

ශ්‍රී දළදා මාලිගාවේ පින්බර ස්තූතිය!

28/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | දහවල් පෙරහර
(සිංහල සජීව විකාශය.)

අළුයම් පෙරහර සහ දිය කැපීමේ චාරිත්‍රය 2026.2026 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ලයේ අවසන් මහ රන්දෝලි පෙරහර ඊයේ (27) නිකිණි ...
28/08/2026

අළුයම් පෙරහර සහ දිය කැපීමේ චාරිත්‍රය 2026.

2026 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ලයේ අවසන් මහ රන්දෝලි පෙරහර ඊයේ (27) නිකිණි පුර පසළොස්වක පෝහෝ දින රාත්‍රියේ ශ්‍රී දළදා සමිඳුන්ට සහ සිව්මහා දෙවිවරුන්ට සියලු ගරු බුහුමන් හා පුද පූජා දක්වමින්, මහත් හරසරින් වීථි සංචාරය කර ගෙවදින ලදී.

අනතුරුව අලුයම සුබ නැකතින් පුරාණ චාරිත්‍රානුකූලව ධාතු කරඬු වහන්සේ පෙරහැරින් වැඩම කරවා අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කෙරිණි.

ඉන්පසු සිව්මහා දේවාල පෙරහර දියකැපීමේ චාරිත්‍රය උදෙසා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික චාරිත්‍රානුකූලව ගැටඹේ මහවැලි ගඟ නිම්නයේදී දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සාර්ථකව ඉටු කරන ලදී. මේ ඓතිහාසික අවස්ථාව දැකබලා ගැනීම සඳහා අතිවිශාල බැතිමතුන් පිරිසක් ගැටඹේ මහවැලි ගංතෙර සහ ඒ අවට ප්‍රදේශවලට රැස්ව සිටියහ.

காலை நேர ஊர்வலமும் தீர்த்தோற்சவமும் - 2026

கண்டி எசல பெரஹரவின் இறுதி மகா ரந்தோலி ஊர்வலம் நேற்று (27) இரவு நிறைவடைந்தது. தொடர்ந்து, புனித தாதுப் பேழை அதிகாலை ஊர்வலமாக அஸ்கிரிய கெடிகே விகாரையில் பாதுகாப்பாக வைக்கப்பட்டது. அதேவேளையில், நான்கு தேவாலயங்களின் ஊர்வலங்கள் கேடாம்பே பகுதியை அடைந்து, மகாவலி கங்கையில் பாரம்பரிய தீர்த்தோற்சவம் நடைபெற்றது. இதில் ஆயிரக்கணக்கான பக்தர்கள் கலந்துகொண்டு ஆசி பெற்றனர்.

Early Morning Procession and Water Cutting Ceremony - 2026

The Grand Randoli Procession of the Kandy Esala Perahera Festival 2026 successfully concluded last night (27th) on the Nikini Full Moon Poya Day, paying the highest homage and respect to the Sacred Tooth Relic and the Four Guardian Deities.

Following age-old traditions, the Sacred Relic Casket was reverently carried in an early morning procession to the Asgiriya Gedige Raja Maha Viharaya, where it was safely placed.

Simultaneously, the processions of the Four Devalas proceeded to the Gatambe harbor, where the traditional Water Cutting Ceremony was performed at the Mahaweli River. Thousands of devotees gathered along the Mahaweli Riverbanks at Gatambe to witness and receive blessings from this sacred ritual.

මාධ්‍ය කාර්යාංශය | The Media Bureau

28/08/2026

කන්ද උඩරට ඇසළ පෙළහර සමඟින් එක්වෙමින්, නීරෝගී හෙට දවසක් වෙනුවෙන් අත්වැල බැඳගන්නා ආසිරි රෝහලේ සුව මෙහෙවර!

28/08/2026

දියකපා පුරවා කළසේ - අසිරි ගන්වා දන පෙර සිරිත සේ

නිකිණි සඳකත් භක්තිවන්ත රාත්‍රියක නමස්කාරය සදිසිය. අහස වියමන් කරන නෙක ආලෝක ධාරා දෙව් බඹුන් මිහිමතට එන සෙයකි. ජනීජනයෝ මඟ ද...
28/08/2026

නිකිණි සඳකත් භක්තිවන්ත රාත්‍රියක නමස්කාරය සදිසිය. අහස වියමන් කරන නෙක ආලෝක ධාරා දෙව් බඹුන් මිහිමතට එන සෙයකි. ජනීජනයෝ මඟ දෙපස දොහොත් මුදුනත තබා ගෙනය. රාජ සම්මත නිලකරුවන් පෙරමුණ තබා පංචතූර්ය වැයේ. නර්තනාංග විචිත්‍රවත් බව දල්වන අත්වට කොප්පරා පන්දම් ආලෝකයයි. වතපුටුව මත වඩා හිඳුවා රන්සිවිගේ සෙවණ දී කදිරපුරවර වාසනා පින්සාර මංගල ගිඦිඳුන් දෑල පිරිවරා ගත් මියන්දරාජා සහ පුලතිසිරාජා ගජසෙන් රැකවල සමගින් පෙරහර කරඬුව සමග නුවර රජ වීදී සරමින් ලෝ සත නෙතඳුන් ගැල්වූ අසිරිමත් නිශාව. ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2570 වැන්නේ කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහර ලක් ඉතිහාසයේ මෙසේ සටහන් කළ වගයි.

நிகினி முழுநிலவின் கீழ், இறுதி ரண்டோலி பெரஹெரா ஒரு புனிதமான கனவு போல வெளிப்பட்டது. வானெங்கும் பின்னப்பட்ட ஆயிரம் ஒளிக்கீற்றுகள், பக்தர்களின் கூப்பிய கரங்கள், முழங்கும் பஞ்சதூரிய இசை மற்றும் கொப்பரைச் சூடங்களின் ஒளி என்பன செங்கடகலவை விண்ணுலக அழகால் உயிர்ப்பித்தன.

தங்கச் சிம்மாசனத்தின் கீழ், கம்பீரமான கதிர்காம வாசனா யானை தங்க பெரஹெரா கரண்டத்தை இராஜவீதிகளில் சுமந்து சென்றது. மியான்ராஜா மற்றும் புலத்திசிராஜா யானைகளின் கம்பீரக் காவலுடன், ஒரு மாயாஜால இரவு உலகோர் கண்முன்னே விரிந்தது. இவ்வாறாக, புத்த சகாப்தத்தின் 2570 ஆம் ஆண்டில் கண்டி ஏசல பெரஹெரா விழாவின் இறுதி மகா ரண்டோலி ஊர்வலம் இலங்கையின் வரலாற்றுப் பக்கங்களில் என்றென்றும் பொறிக்கப்பட்டது.

Beneath the Nikini moon, the final Randoli Procession unfolded like a sacred dream. A thousand streams of light woven across the heavens, the reverent hands of devotees, the resounding Pancha Thuryaya and the glow of copra torches brought Senkadagala alive in heavenly splendour. Beneath the golden canopy, majestic Kataragama Wasana bore the Golden Perahera Casket through the royal streets, surrounded by the noble guard of Myanraja & Pulathisiraja as an enchanted night unfolded before the eyes of the world.

Thus, the final Grand Randoli Procession of the Kandy Esala Perahera Festival in the 2570th year of the Buddhist Era was etched forever into the living history of Sri Lanka.

ඩිජිටල් මාධ්‍ය සද්ප්‍රයාමයේ බැතිසිත් දායකත්වය: CocaCola මනුගුණදම් යාත්‍රා

දහවල් පෙරහර - 2026.08.28
28/08/2026

දහවල් පෙරහර - 2026.08.28

දහවල් පෙරහර - ගමන් සිතියම ➔ shorturl.ly/lpvD5

දහවල් පෙරහර 2026.08.28 සවස 3:30 සිට...Kandy Esala Perahera 2026 | The Day Procession - LIVE
28/08/2026

දහවල් පෙරහර 2026.08.28 සවස 3:30 සිට...
Kandy Esala Perahera 2026 | The Day Procession - LIVE

දහවල් පෙරහර 2026.08.28 සවස 3:30 සිට...
Kandy Esala Perahera 2026 | The Day Procession - LIVE

Address

Sri Dalada Maligawa, Sri Lanka, 20000
Kandy

Opening Hours

Monday 05:30 - 20:00
Tuesday 05:30 - 20:00
Wednesday 05:30 - 20:00
Thursday 05:30 - 20:00
Friday 05:30 - 20:00
Saturday 05:30 - 20:00
Sunday 05:30 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Sri Dalada Waruna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share