Damma Charika _ ධම්ම චාරිකා

Damma Charika _ ධම්ම චාරිකා ධර්ම දානය කැමැත්තෝ මේ පිටුව භාවිතා කරත්වා

🙏🙏🙏
27/08/2026

🙏🙏🙏

23/08/2026
21/08/2026

කවදාවත් ඔබේ දෙමාපියන්ව මගහැර ගන්න එපා...

20/08/2026

දන්න අය Comment කරන්න...

19/08/2026

මෙතේ බුදුන් පාමුල මා නෙළුමක් වේවා...!! 🙏☸️

18/08/2026

ඕනම දෙයක් හිත හදාගන්න පුළුවන් මට්ටමින් තියාගන්න... ☸️✨ | Damma Charika

ලස්සනම හිතට දැනෙන බුදු වදනක්.
හැමදෙයක්ම වෙනස් වෙන ලෝකෙක හිත නිවාගන්න පුළුවන් හොඳම විදිහ තමයි අපේ හිත පාලනය කරගන්න එක.

15/08/2026

#ධම්මචාරිකා #බුදුදහම #ධර්මය #බුදුන්වහන්සේ #බෞද්ධ #බුදුදහම_අපේ_ජීවිතයට #සතුට #සැනසීම #මනස 🙏☸️

14/08/2026

සතුට සොයන්න එපා… සතුට ඇති කරගන්න.

අපට නැති දේවල් ගැන සිතමින් දුක් වෙනවාට වඩා,
අපට ඇති දේවල් අගය කරන්න පුරුදු වෙමු.

සිත සතුටින් නම්,
සරල ජීවිතයත් සුන්දරයි.

#ධම්මචාරිකා #බුදුදහම #ධර්මය #බුදුන්වහන්සේ #බෞද්ධ #බුදුදහම_අපේ_ජීවිතයට #සතුට #සැනසීම #මනස #මෛත්‍රීය 🙏☸️

13/08/2026

☸️ ජීවිතය වෙනස් කරන්නේ අපට ලැබෙන දේවල් නොව, අප ඒවා දෙස බලන ආකාරයයි.

සතුට සොයමින් ලෝකය පුරා ඇවිදින්නට පෙර,
මොහොතක් නතර වී තමන්ගේ සිත දෙස බලන්න. 🙏

සිත සන්සුන් නම්,
අඩු දෙයකින් වුවද සතුටු විය හැකිය.

සිත නොසන්සුන් නම්,
ලෝකයම ලැබුණත් සැනසීමක් නොලැබේ.

සැබෑ සැනසීම සොයාගත යුත්තේ පිටත නොව,
තමන්ගේම සිත තුළය. 🌿

🙏 තෙරුවන් සරණයි!

ධම්ම චාරිකා | Dhamma Charikā

#ධම්මචාරිකා #බුදුදහම #ධර්මය #බෞද්ධ #බුදුන්වහන්සේ

10/08/2026

☸️ බුදුන් වහන්සේ තුළ පැවති බුද්ධ ඤාණ තුදුස ☸️

සම්මා සම්බුදු වරයෙකුගෙන් ම නියත විවරණය ලබා කල්පා සංඛ්‍ය ගණනාවක් සමතිංශත් මහා පාරමී ධර්මයන් පූරණය කළ සේක. මිනිස් භවයන්ට අවසන් භවය ලෙස ගෙන, මහාභිනිෂ්ක්‍රමණයෙන් සත්‍යය ගවේශනය අරඹා පුබ්බේ නිවාසානුස්සති උදව්‍ය ආදී අෂ්ට මහා ඥාන ස්වශක්තියෙන් ම උපදවා ගත්හ.

අනතුරුව සෝවාන් සකෘදාගාමි, අනාගාමී, අර්හත් යන සතර මහ සතර ඵල මස්තකප්‍රාප්ත කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළහ., සිව් පිළිසිඹියා - ෂඩ් අසාධාරණඤාණ – තුදුස් බුද්ධ ඤාණ – අටලොස් ආවේනික ධර්ම – දශබල – පටිසම්භිදා ඤාණ – චතූ වෛශරාද්‍යාදී අපරිමිත බුද්ධ ශක්ති පහළ කරගත් මහා පුරුෂයෙකු ගේ ගුණ බල මහිමය මෙතෙකැයි කියා කීමට සමතෙක් තුන් ලෝකයේ ම නැත.

බුදුහිමි අවබෝධ කරගත් සියලු ධර්ම කොටස් ජනතාවට දේශනා කිරීම ස්වභාවය විය. ලෞකික ලෝකෝත්තර වශයෙන් දේශනා කළ සියල්ල කිසිම අඩුවක් නැතිව ශ්‍රාවක පිරිසට ප්‍රදානය කළා මිස පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා කිසිවක් තබා නොගත්හ. ‘නත්ථි තථාගතෝ ආචාර්ය මුට්ටි’ යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කළේ තමා තුළ ගුරු මුෂ්ටියක් නොමැතිබවයි. ආය කුශලතා, උපාය කුශලතා වලින් පිරිපුන් බුදුරදුන් කෙසේ හෝ තම ශිෂ්‍යයන්ට ධර්මාවබෝධය ලබාදීමට ක්‍රියා කළහ. ඒ සඳහා සතර ව්‍යාකරණ ක්‍රම, කතා කරන ක්‍රම, අන්තජ්ජාසම ක්‍රම, උපමා මඟින් බණ කීම, දෘෂ්‍යාධාර භාවිතය, සාකච්ඡා ක්‍රමය, ප්‍රශ්නෝත්තර ක්‍රමය, දේශනා ක්‍රමය ආදී විවිධ ශිල්පක්‍රම භාවිත කරමින් සත්ත්වයා සත්‍යාවබෝධයට සමීප කරවීමට ක්‍රියා කළ බව පෙනේ. යථාවාදී තථාකාරී එනම් කියන දේ කරන කරන දේ කියන බුදුරදුන් දෛනික දින චර්යාව පෙරබත් කිස, පසු බත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුළුයම් කිස වශයෙන් කොටස් 05 කට බෙදා පන්සාලිස් වසක් ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිස ක්‍රියා කරන්නට විය.

බුදුරදුන් ෂඩ් අසාධාරණ ඥානයන්ගෙන් දස බල ඥාන, චතුර් වෛශාරද්‍ය ඥාන, අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්ම වලින් සමන්විතය. බුදුරදුන් තුළ පැවැති, ෂඩ් අසාධාරණ ඥාන නම්,

1. ඉන්ද්‍රිය පරෝපරියත්ථ ඥානය
2. ආසායානුසය ඥානය
3. යමක පාටිහාරි ඥානය
4. මහා කරුණා සමාපත්ති ඥානය
5. සම්බඤ්ඤුත ඥානය
6. අනාවරණ ඥානය

දසබල ඥාන නම්,

1. ඨානා ඨාන ඥානය
2. යථා භූත විපාක ඥානය
3. සබ්බත්ථ ගාමිනී පටිපදා ඥානය
4.අනේකධාතු නානාලෝක ඥානය
5. නානාධිමුක්තිකත්ව ඥානය
6. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය
7. ධ්‍යාන විමොක්ෂ සමාධි සමාපත්ති ඥානය
8. පුබ්බේනිවාසානුස්සති ඥානය
9. චුතිපටිසන්ධි ඥානය
10. අශ්‍රවක්‍ෂය කර ඥානය

බුදුරදුන් තුළ පැවැති චතුර් වෛශාරද්‍ය ඥාන නම්,

1. බුදුරජාණන් වහන්සේ තමා සම්මා සම්බුද්ධ යැයි ප්‍රකාශ කළ විට එසේ නොවේ යැයි ප්‍රකාශ කිරීමට සමත් කෙනෙකු ලොව නැත.
2. බුදුරජාණන් වහන්සේ තමා ක්‍ෂීණාස්‍රව උතුමෙකැයි ප්‍රකාශ කළ විට එසේ නොවේ යැයි ප්‍රකාශ කිරීමට සමත් කෙනෙකු ලොව නැත.
3. මේ මේ ධර්මයෝ ස්වර්ග, මෝක්ෂ දෙකට හේතු වෙයි. මේවා හේතු නොවේ යැයි ප්‍රකාශ කළ විට එසේ නොවේ යැයි කීමට සමත් කෙනෙකු ලොව නැත.
4. බුදුරදුන්ගේ ධර්මය නෛර්යානික යැයි ප්‍රකාශ කළ විට එසේ නොවේ යැයි කීමට සමත් කෙනෙකු ලොව නැත.

අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්ම වලින් ද බුදුරදුන් සමන්විත විය.

අෂ්ට විද්‍යා නම්,

1. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දන්නා විදර්ශනා ඥානය.
2. මනෝමය සෘද්ධි ඥානය
3. සෘද්ධි විද ඥානය
4. දිව්‍යසෝත ඥානය
5. පරිචිත්ත විජාණන ඥානය
6. පූර්වේ නිවාසානුස්සති ඥානය
7. දිව්‍ය චක්ශුර්හි ඥානය
8. අශ්‍රවක්ෂයකර ඥානය

පසළොස්චරණ ධර්ම නම්,

1. උත්තම ශීලය
2. ඉන්ද්‍රිය සංවරය
3. පමණ දැන වැළඳීම
4. නිදි දුරු කිරීමේ යෙදීම
5. ශ්‍රද්ධාව
6. පාපයට ලැජ්ජාවීම
7. පාපයට බයවීම
8. බහුශ්‍රැත භාවය
9. උට්ඨාන වීර්යය
10. උත්තම සිහිය
11. උත්තම ප්‍රඥාව
12. ප්‍රථම ධ්‍යානය
13. ද්විතීය ධ්‍යානය
14. තෘතීය ධ්‍යානය
15. චතුර්ථ ධ්‍යානය

ඥාන සමුදායකින් හෙබි බුදුරදුන් මහා ප්‍රඥාව සඳහා ලොව සිටින එකම ශාස්තෘවරයාය. බුදුරදුන්ට ලොවකිසිවකු සමකළ නොහැකි හෙයින් උන්වහන්සේ අසම නම් විය. සමකළ හැක්කේ තවත් බුදුවරයෙකුටම පමණක් හෙයින් අසමසම ලෙස හඳුන්වයි. විනිවිද දක්නා නුවණත්, ප්‍රඥාවත් බුදුරදුන්ට පැවතුණි. බුදුරදුන්ගේ ප්‍රඥාව උදාහරණයකින් දක්වා ඇත්තේ,

“පරඩැල්පතක්හි ලූ රත්කළ යකඩයක් සේ” යනුවෙනි.

“පුබ්බේ අනනුස්සුතේසු චක්ඛුං උදපාධි, ඤාණං උදපාධි, විජ්ජා උදපාධි, පඤ්ඤා උදපාධි, ආලෝකෝ උදපාධි”

පෙර නොඇසූ ධර්මයක් පහළ වී ඇති බවත් ඇස, ඥානය, විද්‍යාව, ප්‍රඥාව, ආලෝකය උදා වී ඇති බවත් පැහැදිලි කරන සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුහිමියන්ගේ තේජවන්තභාවය ලොව කිසිඳු ශාස්තෘවරයකු තුළින් නොපෙනේ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් අසූවක් අනූ ලක්‍ෂණ වලින් සමන්විත බුදුරදුන් ලොව පහළ වූ උත්තරීතර
ම මනුෂ්‍ය රත්නය වන සේක.

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Damma Charika _ ධම්ම චාරිකා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Damma Charika _ ධම්ම චාරිකා:

Shortcuts

Share