ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරය

  • Home
  • Sri Lanka
  • Kandy
  • ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරය

ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරය, Buddhist Temple, මහනුවර, පූජාපිටිය, Kandy.

ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරය , දිවානවත්ත .
මහනුවර , පූජාපිටිය .
වත්මන් විහාරාධිපති නාහිමියන් - ශ්‍රාස්ත්‍රපති අතිගෞරවාර්හ පණ්ඩිත රාජාංගනයේ සෝරතාභිධාන මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ .

අප විහාරාධිපති නායක මාහිමියන්ගේ ජන්මදිනය නිමිත්තෙන් පැවති සෙත් පිරිත් දේශනය 🙏 දොඹගම්මන මොරගහකුඹුර උග්ගහකුඹුර ශ්‍රි සුදර්...
23/12/2025

අප විහාරාධිපති නායක මාහිමියන්ගේ ජන්මදිනය නිමිත්තෙන් පැවති සෙත් පිරිත් දේශනය 🙏
දොඹගම්මන මොරගහකුඹුර උග්ගහකුඹුර ශ්‍රි සුදර්ශනාරාමාධිපති උඩරට අමරපුර ශාසන ජෝතික පාර්ශවයේ කාරක සංඝ සභික අතිගෞරවාර්හ පණ්ඩිත කොටින්කඩුවේ සුමනජෝත්‍යාභිධාන මධ්‍යම හා තදානුබද්ධ ප්‍රදේශයන්හි ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ ,
ඉහගම පුරාණ විහාරාධිපති මහනුවර නාලන්ද විද්‍යාලයේ විශ්‍රාමලත් විද්‍යාලාධිපති උඩරට අමරපුර ශාසන ජෝතික පාර්ශවයේ මහා ලේකඛාධිකාරි හා අතිගරු අනුනායක මාහිමි ධුරන්දර මාදිපොල ධම්මික අනුනායක ස්වාමින්වහන්සේ,
හපුගොඩ ශ්‍රී සුමනතිස්සරාමාධිපති මාතලේ විද්‍යානන්ද මහා පිරිවෙන් පරිවේනාධිපති ධුරන්දර අතිගෞරවාර්හ බටුගොඩ සංකිච්චායනාභිධාන උඩරට අමරපුර ශාසන ජෝතික පාර්ශවයේ නියෝජ්‍ය ලේකඛාධිකාරි නායක මාහිමිපාණන් වහන්සේ ,
නුගවෙල ශ්‍රි දේවානන්ද විහාරාධිපති පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම විහාරස්ථ ශ්‍රී ඤාණාලංකාර පිරිවෙනේ විශ්‍රාමලත් පරිවේනාධිපති ධුරන්දර අතිගෞරවාර්හ මඩදෙනියෙ පුඤ්ඤරනාභිධාන උඩරට අමරපුර ශාසන ජෝතික පාර්ශවයේ සහකාර ලේකඛාධිකාරි නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අද පස්වරුවේදී විහාරස්ථානයේදී පැවැත්විනි 🙏

අද දින සිය සුපින්බර දිවි ගමනේ ජන්ම දිනය සිහිපත් කරන දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරාධිපති ,විහාරස්ථ ශ්‍රි ගාමිණී...
23/12/2025

අද දින සිය සුපින්බර දිවි ගමනේ ජන්ම දිනය සිහිපත් කරන දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරාධිපති ,විහාරස්ථ ශ්‍රි ගාමිණී දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය , මහනුවර නාලන්ද විද්‍යාලයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විද්‍යාලාධිපති උඩරට අමරපුර ශාසන ජෝතික පාර්ශවයේ කාරක සංඝ සභික ශ්‍රාස්ත්‍රපති අතිගෞරවාර්හ පණ්ඩිත රාජාංගනයේ සෝරතාභිධාන මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උඩරට අමරපුර ශාසන ජෝතික පාර්ශවයේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී භාවය පිරි සුභ ජන්ම දිනයක් වේවා 🙏🙏🙏🙏 දිඝාසිරි වේවා නාහිමියනි 🙏🙏

Rajanganaye Soratha
Sri Gamini Daham Pasala - Sri Bhodhirukkharama Maha Viharaya

23/06/2025
Rajanganaye Soratha
22/06/2025

Rajanganaye Soratha

උපසම්පදාවේ පෙර පුහුණුව අප විහාරස්ථානයේදී 🙏🙏 Rajanganaye Soratha
22/06/2025

උපසම්පදාවේ පෙර පුහුණුව අප විහාරස්ථානයේදී 🙏🙏
Rajanganaye Soratha

චිත්තය හෙවත් සිත..........චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ අනේක ප්‍ර‍කාරාර්ථයන් පිළිබඳ ...
09/06/2025

චිත්තය හෙවත් සිත..........

චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ අනේක ප්‍ර‍කාරාර්ථයන් පිළිබඳ වූ දැනීම ය, “චේත, මන, විඤ්ඤාණ, හදය, මානස,” යන මේවා ද චිත්තය ම දක්වන පාළි වචනයෝ ය. ඇසය, කනය, නාසයය, දිවය, කයය, හෘදයය යන මේ ස්ථානයන්හි සිත පහළ වේ. එය ක්‍රියාවක් වුවද ව්‍යවහාර පහසුව පිණිස දැනීම කරන කර්තෘ ශක්තිය ඇති ද්‍ර‍ව්‍යයක් සේ ද කරණ ශක්තිය ඇති ද්‍ර‍ව්‍යයක් සේ ද ව්‍යවාහර කරනු ලැබේ. දැකීමය, පෙනීමය, ඇසීමය යනාදි වශයෙන් ඒ ඒ ආකාරයෙන් උපදනා සිත් හැඳින්වීමට පාවිච්චි කරන වචන ව්‍යවහාර භාෂාවේ බොහෝ ගණනකි. ඇසෙහි රූපයක් ගැටුණු කල්හි එය පිළිබඳ දැනුමක් හෙවත් සිතක් පහළ වේ. එය ප්‍ර‍කාශ කිරීමේ දී දැනීමය යන වචනය ව්‍යවහාර නො කොට පෙනීමය දැකීමය යන වචන ව්‍යවහාර කරති. ඇසට හමුවීමෙන් යමක් දත් කල්හි පෙනුණේය කියා හෝ දුටුයේය කියා හෝ කියති. වචනය අනෙකක් වුවද එයින් හඟවන්නේ දැනීම මය, හෙවත් සිත ම ය. කනෙහි ශබ්දයක් ගැටුණු කල්හි, ඒ හඬ දැන ගන්නා සිතක් උපදී. එයට හඬ දැනුම ය යි නො කියා ඇසීමය යි කියනු ලැබේ. ඇසීම යන වචනයෙන් දැක්වෙන්නේ හඬ දන්නා වූ සිතය. නාසයට දුඟඳක් පිවිසි කල්හි සමහර විට ගඳක් දැනේය යි කියති. සමහර විට දැනීමය යන වචනය නො ගෙන ගඳයයි ම කියති. එබඳු අවස්ථාවලදී ගඳය යන වචනයෙන් හඟවන්නේ ද ගඳ දැන ගන්නා සිත ම ය. රසයක් මුඛයට පැමිණි කල්හි ද සමහර විට රසක් දැනේයයි කියති. සමහර විට එසේ නො කියා තිත්තය ඇඹුල්ය යනාදීන් රසයේ නම ම කියති. එබඳු අවස්ථාවල දී රසයේ නමින් පවසන්නේ ද ඒ රසය දන්නා සිත ම ය. ශරීරයෙහි යම් කිසිවක් සැපුණු කල්හි සමහර විට සැපෙන බව දැනේය යි කියති. සමහර විට එසේ නො කියා සැපීමෙන් වන ඵලය හඟවන රිදීමය, ශීතලය, උෂ්ණය යන වචන කියති. එබඳු අවස්ථාවල දී ඒ වචනවලින් කියැවෙන්නේ ද ස්ප්‍ර‍ෂ්ටව්‍යය දන්නා සිතය. පඤ්චප්‍ර‍සාද සම්බන්ධයක් නැතිව සිතක් ඇති වූ කල්හි සමහර විට සිතුණේය යි කියති. සමහර විට දැනුණේය, කල්පනා වුණේය, ඕනෑ වුනේය, වැටහුණේ ය, තේරුණේය, හැඟුණේය යනාදි වචන කියති. ඒ සියල්ලෙන් ම කියැවෙන්නේ සිත ම ය. කරුණු මෙසේ හෙයින් දැකීමය, පෙනීමය, ඇසීමය, ගඳය, සුවඳය, තිත්තය, කසටය, ශීතය, උෂ්ණය, කල්පනාවය, ඕනෑකමය යනාදි වචනවලින් දැක්වෙන්නා වූ අර්ථය චිත්තපරමාර්ථය යි දත යුතුය. මේ වචනයන් අතුරෙන් ඇතැමකින් අධිකාර්ථ ද කියැවේ. නිවැරදිව ම සිතා ගැනීමට අධිකාර්ථ හළ යුතුය.

රථයේ ගමන ක්‍රියාව රථයෙන් ම එන වේගයකි. මිනිසකුගේ ගමන ක්‍රියාව ශරීරයෙන් නැඟෙන වේගයකි. අතක එසවීම් ක්‍රියාව අතින් නැගෙන වේගයකි. එමෙන් සිතය යි කියන ආරම්මණ විජානන ක්‍රියාව ආරම්මණ ග්‍ර‍හණ ක්‍රියාව චිත්ත පරම්පරාවේ අගින් නැග එන වේගයකි. පෝර ලැබෙන ලැබෙන සැටියට වැලක අගින් දලු ලියලන්නාක් මෙන් අරමුණු ලැබෙන ලැබෙන සැටියට ඒ ඒ අරමුණු ගැනීම් වශයෙන් චිත්ත පරම්පරාවේ අගින් අළුත් අළුත් සිත් පහළ වේ. සිත් පහළ වනුයේ චක්ෂුරාදි වස්තූන්හි ය. එහෙත් සිත ඒවායින් නැඟ එන්නක් සැටියට නො ගත යුතු ය. සිත චක්‍ෂුරාදි වස්තූන්ගෙන් නැඟ එන්නක් නම් වස්තු කීපයක එකවර රූප ශබ්දාදි අරමුණු ගැටුණු කල්හි ඒ ඒ වස්තුවල එකවර ම ඒ ඒ අරමුණු පිළිබඳ සිත් පහළ විය යුතු ය. එක් සන්තානයක එකවර සිත් දෙකක් පහළ නොවන බැවින් ශරීරයේ කොතැනක සිත පහළ වුව ද පහළ වන සෑම සිතක් ම චිත්ත පරම්පරාවේ අගින්ම පහළ වන බව දත යුතුය. සිත: චිත්ත පරම්පරාවේ අගින්ම නැඟ නැඟ එන වේගයක් සැටියට නො ගෙන ශරීරයෙන් හෙවත් නිඃශ්‍ර‍ය වස්තූන්ගෙන් නැගෙන වේගයක් සැටියට ගතහොත් අරූප භූමියක් ඇති බව ඔප්පු කළ නො හැකි වන්නේ ය. පුනරුත්පත්තියක් ඇති බව ද ඔප්පු කළ හැකි නො වන්නේ ය. සිත: චිත්ත සන්තතියේ අගින් ම නැඟෙන දෙයක් සැටියට දක්නා තැනැත්තා හට පුනරුත්පත්තියක් ඇති බව ද පහසුවෙන් ම පෙනෙන්නේ ය.

ඇතැමෙක් සිත් ඇතිවීමේ ප්‍ර‍ධාන හේතුව අරමුණයයි කියති. අරමුණු සෑම තැන ම ඇත. කොතෙක් අරමුණු ඇතත් පැවත එන සිත් පරම්පරාවක් නැති නම් සිතක් නූපදී. ආරම්මණාදි හේතූන්ට සිත ඉපද විය හැකි වන්නේ පැවත එන සිත් පරම්පරාවක් ඇති කල්හි පමණෙකි. එබැවින් සිත් ඇති වීමේ ප්‍ර‍ධාන හේතුව ආරම්මණය නොව පැවත එන සිත් පරම්පරාව බව දත යුතුය. අරමුණක් නැති ව සිතට ඇති විය නොහෙන බැවන් අරමුණ ද සිත් ඇති වීමේ බලවත් හේතුවක් බව කිය යුතුය.
.......................................................
අභිධර්මයේ මූලික කරුණු:
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ.

Address

මහනුවර, පූජාපිටිය
Kandy
20132

Website

Alerts

Be the first to know and let us send you an email when ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share