ධර්ම මණ්ඩපය Dharma mandapaya

ධර්ම මණ්ඩපය Dharma mandapaya භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය, 🙏🙏🙏

26/08/2026
24/08/2026
24/08/2026

බෝධීන් වහන්සේට මල් පූජා කිරීමේ වැදගත්කම 🌸

බුදුන් වහන්සේට මල් පූජා කිරීම බෞද්ධයන්ගේ ගෞරවය හා ශ්‍රද්ධාව ප්‍රකාශ කරන උතුම් පුණ්‍යකර්මයකි. මල් සුන්දර වුවත් ටික කලකින් මැලවී යන බව අපට මතක් කර දෙයි. ඒ තුළින් අපගේ ජීවිතයත්, ශරීරයත්, සියලු දේවල්ම අනිත්‍ය බව සිහිපත් කරගත හැකිය. 🌼

මල් පූජා කරන විට සිත පිරිසිදු කරගෙන,
“මේ මල් මෙන්ම මගේ ජීවිතයද අනිත්‍යය. බුදු ගුණ සිහි කරමින් යහපත් ජීවිතයක් ගත කරමි” යන අදහසින් පූජා කිරීම ඉතා අගනේය.

🌸 මල් පූජාවෙන් සිතට සැනසීම, ශ්‍රද්ධාව හා යහපත් සිතුවිලි වැඩි වේවා!

🙏 තෙරුවන් සරණයි! සියලු දෙනාටම සුවපත් ජීවිතයක් වේවා! 🙏

24/08/2026

දළයේ වැදී බිම වැටුණු සිසුවාට කිසිම කරදරයක් නොකර උසස් පෙළට වාඩි කරවූ බෝසත් කාවන්තිස්ස..
වන අලියෙක් වුනත් ඒ පැත්තේ මිනිස්සු මේ සතාට පන ඇරලා ආදරෙයි..
අද අපි කියන්න යන්නේ හරිම අපූරු සත්‍ය සිදුවීමක් ගැන. ඒ ශ්‍රී ලංකාවේ වනගතව ඉන්න දැවැන්තම සහ තේජවන්තම දළ ඇතුන්ගෙන් කෙනෙක් වෙන කාවන්තිස්ස ගැන.
වන අලියෙක්ගේ කකුල් දෙක ළඟ ඇදගෙන වැටෙන මනුස්සයෙකුට ඉතිරි වෙන්නේ මරණය විතරයි කියන එක අපි හැමෝම සාමාන්‍යයෙන් හිතන දෙයක් නේ. ඒත්, අඹන්පොළ - ඇහැටුවැව පාරේදී සිදුවුණු මේ අපූරු සිදුවීම ඒ හැම මතයක්ම සම්පුර්ණයෙන්ම කණපිට හැරෙව්වා..
මානක්කුලියාවේ පදිංචි චමෝද් වීරසිංහ කියන්නේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙක්. එදා එයාට තිබුණේ විභාගයේ මුල්ම ප්‍රශ්න පත්‍රය. බුදුන් වැඳලා, තමන්ගේ මෝටර් සයිකලයට නැගුණු චමෝද් ඇහැටුවැව බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් පිටත් වුණා.
අඹන්පොළ, ගැටදිවුල කියන්නේ කොහොමත් ලංකාවේ අලි ඇතුන් නිතරම පාර මාරු වෙන, අලිමංකඩක් තියෙන ප්‍රදේශයක්. රත්නදිවුල්වැව හරහා වැටුණු මේ පාරේ සාමාන්‍ය වේගයෙන් පැදගෙන ආපු චමෝද්ට එකපාරටම පෙනුණා පාර මැද නවත්තලා තියෙන ලොරි රථයක්.
විභාගයට වෙලාව හරි නිසා චමෝද් උත්සාහ කළේ ලොරියට ඉස්සර කරගෙන ඉදිරියට යන්න. ඒත්, ඒ ලොරිය නවත්වා තිබුණේ ඇයි කියලා එයා දැනගෙන හිටියේ නැහැ.
ලොරියට මුවා වෙලා පාර මැද හිටියේ දැවැන්ත දළ යුගලකට හිමිකම් කියන කාවන්තිස්ස ඇතා
ලොරිය ඉස්සර කරනවාත් එක්කම එකපාරටම ඉදිරියට ආපු දැවැන්ත ඇතාව දැකලා චමෝද්ට මෝටර් සයිකලය පාලනය කරගන්න බැරි වුණා. තත්පර ගණනකින් මෝටර් සයිකලය ගිහින් කෙළින්ම වැදුණේ කාවන්තිස්සගේ දැවැන්ත දළයේ
වැදුණු පාරට චමෝද් විසිවෙලා ගිහින් වැටුණේ ඒ සද්ධන්තයාගේ දෙපා මුලට.
"මට හිතන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ඇතාගේ දළයේ වැදිලා මාව ඇතා පාමුලට විසි වුණා... මම ඇස් දෙක පියාගත්තා. දැන් මාව පාගයි කියලා හිතුණා..." චමෝද් ඒ තත්පර කිහිපය මතක් කරමින් පවසනවා.
වටපිට හිටපු අය බයෙන් කෑගහන්න පටන් ගත්තා. ලොරියේ හිටපු රියැදුරා වෙන දේ බලන්න බැරුව ඇස් දෙක වහගත්තා. කුඹුරේ හිටපු අය බයේ පැල්වලට නැග්ගා. හැමෝම හිතුවේ චමෝද්ගේ ජීවිතය එතැනින් අවසන් කියලයි.
තමන්ගේ ඇඟේ මෝටර් සයිකලයක් ඇවිත් වැදුණත්, කාවන්තිස්ස කලබල වුණේ නැහැ.
තමන්ගේ දෙපා මුල බයෙන් ගැහෙමින් ඉන්න අසරණ පාසල් දරුවා දිහා බලපු ඒ දැවැන්ත හස්තියා, කිසිම ගානක් නැතුව, හෙමින් සැරේ පාරෙන් අයින් වෙලා කැලයට වැදුණා. ඒ, බිම වැටුණු ළමයාට නැඟිටලා යන්න සම්පූර්ණ ඉඩකඩ සලසමින්.
කිසිම හානියක් නැතුව චමෝද්ට නැඟිට ගන්න ලැබුණේ අදහාගන්න බැරි විදියට. පොඩි තුවාල සහ තැළුම් පාරවල් තිබුණත්, වනජීවී නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෙන් ප්‍රාථමික ප්‍රතිකාර අරගෙන, චමෝද් එදා නියමිත වෙලාවටම උසස් පෙළ විභාග ශාලාවට ගිහින් ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන්නා.
ගල්ගමුව, කලාවැව සහ තබ්බෝව රක්ෂිත කලාප ආශ්‍රිතව සැරිසරන කාවන්තිස්ස කියන්නේ අවුරුදු 45-50ක් විතර වයසැති, ගමේ මිනිස්සුන්ට හරිම ආදරේ කරන ඇතෙක්.
ගමේ අය කියන විදියට කාවන්තිස්ස ගමේ කාගේවත් භෝග විනාශ කරන්නේ නැහැ.
කාටවත් හානියක් කරන්න යන්නේ නැහැ.
ගල්ගමුවට එන්නේ මාස 8කට වතාවක්, ඒ කියන්නේ මද කිපෙන කාලයට විතරයි.
අනෙක් කාලයට තනියම එප්පාවෙල හෝ ගිරිබාව පැත්තේ නිදහසේ ඉන්නවා.
අගෝස්තු, සැප්තැම්බර් මාසවල පාර මාරු වෙද්දී එයාව බලන්න විශාල සෙනඟක් එකතු වෙනවා.
වනජීවී නිලධාරීන් පවසන පරිදි සිද්ධිය වූ ස්ථානයේ තිබී ඇතාගේ කුඩා දළ පතුරක් පවා හමු වී තිබෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ කාවන්තිස්සට සමාන තවත් ඇතුන් කිහිපදෙනෙකුම සැරිසරන බවයි ඔවුන් කියන්නේ.
අද කාලේ මිනිස්සු සහ වන අලින් අතර ගැටුම් වැඩිවෙලා, එකිනෙකා දෙස වෛරයෙන් බලන යුගයක, කාවන්තිස්ස අපිට කියලා දුන්නේ ලොකු පාඩමක්.
තමන්ට සුළු වේදනාවක් දැනුණත්, තමන් ඉදිරියේ වැටුණු අසරණ දරුවෙකුට අබමල් රේණුවක තරම් හානියක් නොකර ඉවසා සිටීමට තරම් ඒ දැවැන්ත සත්වයා තුළ තිබුණු උතුම් ගුණයක්...
සතුන්ටත් කරුණාව සහ ඉවසීම තියෙන බව පෙන්වා දුන්නු කාවන්තිස්සගේ මේ අපූරු කතාව, අලි-මිනිස් සබඳතාවයේ අලුත් මානයක් ගැන ආයෙමත් සිතන්න අපිට පාර කියනවා.

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when ධර්ම මණ්ඩපය Dharma mandapaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share