Sri Maha Paththini Devalaya

Sri Maha Paththini Devalaya Pattini, the goddess of chastity was and still is the most popular deity amongst the peasantry of Sri Lanka. The history of the devale is not known.

Though a goddess of South Indian origin, she became more popular in this country. The “Pattini Devale” dedicated to goddess Pattini is situated to the west of the “Natha devale”. In the past, the two devales were separated by a cross-road called “Et Vidiya” or the Elephant Street which is no more. That it is at least four centuries old, there is no doubt, for Robert Knox makes references to the pe

rahara of Pattini Devale. Her virtues are extolled in a Tamil epic called Cilappadikaram written in the 2nd century and in a number of Sinhalese poetical works written during the 18th and 19th centuries. According to the Tamil epic, one of the earliest known deistic shrines in Sri Lanka was built by King Gajabahu in the 2nd century A.D. enshrining the golden anklet of this goddess. There are a large number of shrines dedicated to her scattered all over the country. Next to Navagamuva Pattini Devale in the Colombo District, the most popular shrine is the one at Kandy. Pattini is beneficial to the people in many ways. She is associated with the cure of infectious diseases and children’s diseases and is also propitiated in times of drought and consequent famine. The devale devoted to her in Kandy is a simple, small rectangular building on the usual stone platform. The shrine is at the south end like that of “ Natha“, and unlike the one at “Maha Devale“ which is on the north end, and the “Kataragama Devale“ in the west end. It consists of four compartments. Kandyan roof adorns this simple but beautiful devale.

08/09/2025

මෙලොව දරුවන් අහිමි සියළු මව්වරුන් ගේ කිරි සිහින සෑබෑ වේවා....මෙලොව ඇති වැඩිම දුක ඒක ඒ නිසා සේරම අම්මලාගේ කුසට දරු පැටියෙක් පැමිණෙවා පත්තිනි මෑණියන්ගෙ පිහිටයි

16/02/2022
31/01/2022

🌸 𝑹𝒆𝒔𝒕𝒊𝒏𝒈 𝑺𝒐𝒖𝒍𝒔 | මිළිනවූ ගජමුතු🌸 5️⃣

🍃 මොරගහයට මැණිකේ | மொரகஹயடை மெனிகே | Moragahayata Menike 🍃

'දේවාලෙ ගාව ඇතින්න', 'මොරගහයට ඇතින්න' එහෙමත් නැත්නම් 'කතා කරන ඇතින්න' යන මෙම මොන නාමය ඇහුනත් අදටත් අපට මතකයට එන්නේ රත්නපුර මොහරගහයට චන්ද්‍රසිරි සේරසිංහ මහත්මයාට අයත්ව සිටි මැණිකේ ඇතින්නයි. 1932 වසරේදී සබරගමු පලාතේ උඩවලව ප්‍රදේශයෙන් එවකට පැවති බලපත්‍ර ක්‍රමය මගින් ඩී. ඒ. අප්පුහාමි මහතා සහ ජී. වී. ලොකු අප්පුහාමි මහතා විසින් මෙම ඇතින්න අල්ලාගත් පසුව ඔවුන් දෙදෙනා ඇයගේ පළමු හිමිකරුවන්වූහ. මොවුන්ගෙ වියෝවෙන් පසුව ඔවුන්ගෙ පවුලේ සාමාජිකයන්වූ ඩී. ඒ. ජයසේකර මහත්මාටත් ඉන්පසුව කමලා ජයසේකර මහත්මියටත් හිමිවූ අතර 1967 වසරේදී රත්නපුර මොරගහයට වලව්වේ එස්. පී. පියදාස චන්ද්‍රසිරි මහත්මා මැණිකේ ඇතින්න මිලදීගන පසු ඔහුගේ වියෝවෙන් පසුවයි ඔහුගේ පුත් චන්ද්‍රසිරි සේරසිංහ මහත්මාට ඇතින්න හිමිවන්නේ. සබරගමු මහ සමන් දේවාලයට බොහෝම ආසන්නයේ ජීවත්වූ නිසා 'දේවාලෙගාව ඇතින්න' ලෙස නමින්ද ප්‍රසිද්ධවූ ඇය වසර 47ක් පුරාවට සබරගමු මහ සමන් දේවාල පෙරහරේ අනිවාර්‍යය සාමාජිකාවක්. එමෙන්ම මහනුවර ඇසළ මංගල්‍යයේ ශ්‍රී මහා පත්තිනි දේවාල පෙරහරේ වසර ගනනාවක් පුරාවට දේවාභරණ වැඩම කරන හස්ථීයාට දෑල රාජකාරී ඇතින්නක් ලෙස ගමන්ගෙන ඇත. ඊට අමතරව කෝට්ටේ, මහියංගනය, කැලණිය, කොළඹ හුනුපිටිය, බෙල්ලන්විල සහ බලංගොඩ ආදී දිවයින වටා පෙරහැර රැසකට ඇය සහභාගීවිය. වසර 88 කට ආසන්න කලක් ආයු වළඳා තම වයෝවෘද්ධභාවය හේතුවෙන් ඇතිවූ ශරීර සංකූලතා හේතුවෙන් 2014 මාර්තු 20වන දින මැණිකේ ඇතින්න සදහටම මෙලොවින් සමුගත්තේ තමාව වසර 47ක් ආදරයෙන් රැකබලාගත් තම ආදරනීය හස්ථිපාලක සමරපාල වෙලගෙදර මහතා සහ එම පවුලේ අය සියල්ලෝම කඳුලු අතර තනිකරමින්. සමරපාල මහත්මාත් ඔහුගෙ පුතු සුසන්ත මහත්මා මැණිකේ ඇතින්න සමග ඇති බැඳීම කෙතරම්ද කියනවානම් අදටත් සෑම වසරකම සබරගමු මහ සමන් දේවාල පෙරහැර අවසනායේ ඔවුන් දෙදෙනාම ගෙදර යන්නෙ කඳුලු සලමින්, ඒ එම පූජනීය භූමිය සහ සබරගමු හේවිසි නාදයට මැණිකේ ඇතින්නගෙ මතකය අවදි කරන නිසයි. එම බැඳීම වාක්‍ය දෙකකින් විස්තර කරන්නට බැරි නිසා එම කථාව පිලිඳව වෙනමම සවිස්තරාත්මක ලිපියක් ඔබවෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු 🥺 මෙරට පෙරහර සංස්කෘතියට දැක්වූ මහඟු දායකත්වයට අපගේ ප්‍රණාමය පුද කරන අතර මැණිකේ නුබට අමා මහ නිවන් සුව පතමු 💛🙏🏽🌸

'Dewale Gawa Athinna', 'Moragahayata Athinna' and sometimes even 'The Talking Elephant' were some of the calling names unique to this elephant 'Menike' who belonged to Mr. Chandrasiri Serasingha of Moragahayata, Rathnapura in the Sabaragamu Province of Sri Lanka. It was in the year 1932 when she was captured from the wilds of Uda Walawa in the Sabaragamu province by Mr. D. A. Appuhami and Mr. G. V. Loku Appuhami which was legally allowed by the licence system that prevailed in history. With their passing away, Menike's ownership was passed down their family to Mr. D. A. Jayasekara and then to his wife Mrs. Kamala Jayasekara, until she was sold to Mr. S. P. Piyadasa of the Moragahayata Walauwa in Rathnapura in the year 1967 and finally handed down to his son Mr. Chandrasiri Serasingha who was Menike's final owner. Due to the fact that she recided in close proximity to the Sabaragamu Maha Saman Devalaya, she was popular as 'Dewale Gawa Athinna' (The female Elephant near the shrine), and it is quite fascinating to know that she was a participant of the Sabaragamu Maha Saman Devala Perahera for a continuous 47 years ! When it comes to her participation in the Kandy Esala Perahera, she was the official accompanying elephant to the ceremonial elephant of the Sri Maha Patthini Devalaya for a number of continuous years. Menike also took part in the processions of Kotte, Mahiyanganaya, Kelaniya, Colombo Hunupitiya and Balangoda to name a few. Menike lived a devout life of nearly 88 years and passed away on the 20th March 2014 in Kegalle after health ailments resulting from her extreme old age, and her death simply left her owner and her loving mahout Mr. Samarapala Welagedara and his family sobbing with tears. The 47 year old bond between Menike and her mahouts Mr. Samarapala and Mr. Susantha is so touching, that both of them leave home crying every year after the conclusion of the Sabaragamu Maha Saman Devala Perahera even after so many years now since this holy land and the tune of Sabaragamu tunes bring back their loving memories with Menike. This bond cannot be explained in a sentence or two, wherefore we will bring to you an article on this topic soon ! We would hope and wish that Menike would have been born in a better place now and ease her way to the end of Sansara, May your soul reach the supreme bliss of Nibbana 💛🌸🙏🏽




පත්තිනි මෑණියෝ 🙏පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කතාව පිළිබඳ මත කිහිපයක්ම දක්නට ලැබේ.තමාගේ බල සම්පන්න ක්‍රියා පිළිබව උදම් වූ ප...
27/11/2021

පත්තිනි මෑණියෝ 🙏

පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කතාව පිළිබඳ මත කිහිපයක්ම දක්නට ලැබේ.තමාගේ බල සම්පන්න ක්‍රියා පිළිබව උදම් වූ පඬි රජුගේ විනාශකාරී කටයුතු නැවැත්වීම සඳහා සක් දෙවිඳුන්ගේ ආරාධනයෙන් මනු ලොව උපන් යෝගීවරියක් ලෙස පත්තිනි මෑණියන් හඳුන්වයි. පත්තිනි දේවිය භාරතයේ මධුරා පුරයේ උපත ලබා ඇති බව කියැවේ. මෙම දේවිය සත්වාරයක්‌ උපන් නිසා සත් පත්තිනි යනුවෙන් ද හඳුන්වයි. දොළොස්‌ වාරයක්‌ උපන් හෙයින් දොළොස්‌ පත්තිනි ලෙසටත් හැඳින්වේ. සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි හා සත් පත්තිනි යනුවෙන් නම් හත අනාවරණය වෙයි. දෙමටමලෙන්, ගින්නෙන්, නයි කඳුළෙන්, විදුලියෙන්, පිනි බිඳුවෙන්, සිනා රැල්ලෙන්, අඹ ගෙඩියෙන්, සළුවෙන්, නුග කොළයෙන්, කඳුරු පොත්තෙන්, ජලයෙන්, දළයෙන්, උපන් බව ද පැරණි ජන කතාවලින් කියැවෙයි.

පත්තිනි මෑණියන්ගේ සැමියා පාළඟ කුමරුය.ඇතැම් පොත්පත් වල කෝවලන් ලෙසත් දක්වා තිබේ.දැඩි පති භක්තියකින් හෙබි ඇය ඇතැම් පොත්පත්වල කන්නකී ලෙසත් දක්වයි.පත්තිනිය කෙතරම් පත් භක්තියකින් සිටියත් ඇගේ සැමියාගේ නොමනා ක්‍රියාවන් නිසා ඔවුන් දුඟී බවට පත් වේ.පසුව ඇගේ රන් සළඹ විකුණා මුදල් ගෙන එන ලෙස සැමියා පිටත් කරන අතර පඬි රජුගේ බිසවගේ පා සළඹ එය යැයි කෝවලන් බොරුවට වරදේ පටලා මරා දමයි.මෙයින් කෝපයට පත් වූ පත්තිනිය රජුට සාප කර පඬි රට ගිනිබත් කරනු ලබයි.නමුත් ඇය පසුව පඬි රට සශ්‍රික කළ බව මූලාශ්‍රයන්ගේ සඳහන් වේ.
පත්තිනි මෑණියන් තිසරණ සරණ ගොස් ඇති අතර බුද්ධත්වය සඳහා පිරිමි ආත්මයක් බලාපොරොත්තුවෙන් තමා වෙත එන ජනයාට සෙත සලසයි.

ගජබාහු රජු සමයේ තම පිය රජුගේ අවසරය ඇතිව දකුණු ඉන්දියාවට නීල මහා යෝධයා සමඟ ගිය රජු සොලී රජු බිය ගන්වා පත්තිනි දේවියගේ රූපයත්, සලඹත් සිව් දේවාලයේ දෙවියන්ගේ ආයුධත් එකතු කර ගත්තේය. වළගම්බා රජු සමයේ සොලී පුරයට ගෙන ගිය පාත්‍ර ධාතුවත් යළි පැහැර ගත්තේය. මෙම පූජනීය වස්‌තුන් සමඟ සොලී ද්‍රවිඩයන් 12,000 ක්‌ ද රැගෙන ගජබා රජු ආ බව මහාවංශය කියයි. පත්තිනි දේවාලයක්‌ නවගමුවේ ඉදිකර පුද පූජා පැවැත්වෙයි. අද දක්‌වා එය සිදුවේ. මේ අනුව පත්තිනි දේවියගේ කථා පුවතට දිගු ඉතිහාසයක්‌ ඇති බව පෙනේ. අං කෙළිය, පොරපොල් කෙළිය, අඹ විදීම, ඇසළ පූජාව, කිරි අම්මා දානය ආදී පූජා පත්තිනි දේවිය මුල්කර ගෙන පැවැත්වෙයි.

පත්තිනි මෑණියන් උදෙසා පූජා පැවැත්වීම

පත්නිනි දේව මෑණියන්ගේ රූපය සහිත පූජාසනය මත සුදු පිරුවටයක්‌ ඇතිරිය යුතුය. එහි විවිධ වර්ගයේ මල් අතුරා, දේව ප්‍රතිමාවට ද මල් මාලයක්‌ දමා පොල් තෙල් පහන් 07 ක්‌ දැල්විය යුතු වේ. පහන් 07 ක්‌ වෙනුවට තිර 07 ක්‌ දමා එක පහනක්‌ දැල්වුවත් කම් නැත. අඹ ඇතුළු පලතුරු වර්ග 07 ක්‌ද තැබිය යුතු වන්නේය. තැඹිලි ගෙඩියක්‌ හා කැවිලි වර්ග 07 ක්‌ ද කෙසෙල් සහිත පඬුරු 07 ක්‌ ද පූජාසනයේ තැන්පත් කළ යුතුය.

පූජාව පැවැත්වීම සඳහා කිරි අම්මාවරුන් තෝරා ගැනීමේදී පාරම්පරික චිරාගත ක්‍රමයට සිදු කිරීම වැදගත් ය. පහත අය මේ සඳහා නුසුදුස්‌සෝ වෙති.

01. හැරමිටි වාරුවෙන් ගමන් කරන මහලු උදවිය.
02. සුවකළ නොහැකි දද කුෂ්ඨ වලින් පෙළෙන අය.
03. බිහිරි හා දෙනෙත් අන්ධ අය.
04. අත්පා රහිත හෝ අංග විකල වූවන්.
05. අපස්‌මාර හෝ අංශභාග රෝගීන්.
06. කලින් දරුවන් ලැබ ඔවුන් සියලු දෙනා ම මියගිය තැනැත්තියන්.
07. සැමියා මියගිය වැන්දඹුවන්.
08. දරුවන් නොලැබන වඳ ස්‌ත්‍රිහු.
09. මත්පැන් පානය කරන මස්‌ මාළු විකුණන කතුන්.
10. කේලාම් කියමින් උගුල් අටවන උදවිය.
11. ගණිකාවන්.

පූජාව පැවැත්වීම සඳහා පෙනී සිටින සුදුසුකම් ලත් කිරි අම්මාවරුන් 07 දෙනාත් නිවසේ පදිංචි උදවියත් එක්‌ව පත්තිනි දේවියට කවි මගින් ආරාධනා කෙරේ. පන්සිල් සමාදන් වී, බුද්ධ පූජා පවත්වා දෙවියන්ට ආරාධනා කර, පූජාව තැන්පත් කර, කිරි අම්මාවරුන්ට දන් පිළිගැන්වීම කළ යුත්තේය. ඔවුන් පින් දී දන් පිළිගන්නා අතර දානය වළදා, දෙවියන්ට පින් දී ශාන්තිය උදා කරන ලෙස කන්නලව් කෙරෙයි.කිරිමව්වරුන් අසුනින් නැගිට දෙවියන් වෙනුවෙන් තැබු ආසනයට වැඳ නමස්‌කාර කෙරේ. පසුව පහන් වල ඇති තෙල් නිවසේ උදවියගේ හිස්‌වල ආලේප කිරීම ද සිදුවේ.අනතුරුව දෙවියන්ට පිං දෙමින් කාර්යය නිමා වේ.

විශේෂයෙන් ගැබ් ගත් කතුන්ගේ දරුවන් ඉපදීමට පෙර මාස කිහිපයකින් පත්තිනි දේවියගේ ආශිර්වාදයෙන් කිසිදු කරදරයක්‌ නැතිව වාසනාවන්ත දරුවන් ලබා දෙන ලෙසට පත්නිනි පූජාව ඔප්පු කිරීමට පෙර බාර වීම උචිතය. දරු ප්‍රසූතියෙන් පසු කිරිමව්වරුන් උදෙසා යට කී අයුරින් දානය පිළිගැන්වීම යෙහෙකි. දරුවා ලැබීමෙන් පසු මාස 03 - 04 ක්‌ ඇතුළත බාරය ඔප්පු කිරීම සුදුසුය. ලෙඩ, දුක්‌ කරදර, ග්‍රහ අපලවලට, දරු උපත්වලට පමණක්‌ ම නොව ගොවිතැන් කටයුතුවලට හානි සිදුවීම, අස්‌වැන්න වැඩිකර ගැනීම, යක්‍ෂ ප්‍රේත දෝෂ, ඇස්‌වහ කටවහ දෝෂ ආදියෙන් වැළකීම ආදී කරුණු රාශියකට පත්තිනි පූජාව සිදු කෙරෙයි.

පවුලේ සැමට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏

Address

Sri Maha Paththini Devalaya
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Sri Maha Paththini Devalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share