Ven. Piliyandala Mahindavijaya Thero

Ven. Piliyandala Mahindavijaya Thero The abbot of Gothamachethiya Mangalagiri Forest Monastery and the founder of Gothamachethiya Theravada Buddhist Association.

10/08/2026
29/07/2026
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයනIIT- International Institute of Theravadada🔴 බිඳුණු සංඝයා තවදුරටත් බිඳීමට හේතු වන උතුම්...
27/07/2026

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයනIIT- International Institute of Theravadada

🔴 බිඳුණු සංඝයා තවදුරටත් බිඳීමට හේතු වන උතුම් ථේරවාදයට පටහැනි වූ පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමියන්ගේ සංඝ ව්‍යවස්ථාව පිළිබඳව සිදුකෙරෙන විවේචනය.

පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමියන් විසින් "ශ්‍රී ලංකා උත්තරීතර සංඝ ව්‍...

26/07/2026

🔴 ථේරවාදී භික්ෂුවක් ලෙස පෙනී සිටිමින්, තර්කයෙන් ධර්මවිනය වටහා ගැනීමට ගොස් විකෘති දෘෂ්ටියකට පැමිණ ඇති වටගොඩ මග්ගවිහාරී හිමියන් ප්‍රකට නියායික මහා නා හිමිවරුන්ද මුලා කරමින් සමස්ථ ශ්‍රී ලංකාවාසී සංඝයාහට බලපාන පරිද්දෙන් රෝම ලන්දේසි නීති ක්‍රමය අනුව යමින් විනය විරෝධී සංඝ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර තිබේ. ධර්ම විනය පිළිබඳ අව්‍යක්ත භික්ෂු පිරිසක් ද සංඝ සාමග්‍රිය නාමයෙන් මෙය පෙරට ගෙන ඒමට මාන බලත්. බිඳුණු සංඝයා තවදුරටත් බිඳීමට හේතුවන මෙම අධර්ම කතිකාවත විවේචනය කළ යුතු වේ. මම මෙම ව්‍යවස්ථා කෙටුම්පත සම්පූර්ණයෙන්ම කියවූයෙමි. අතිශයින්ම අධාර්මික අවිනයවාදී උතුම් ථේරවාදය පටහැනි අදහස් ගොන්නකි. සියලු ධර්මවාදී සංඝයා මෙයට විරුද්ධ විය යුතුය. වටගොඩ මග්ගවිහාරී හිමියන් මෙය සාධාරණය කරමින් සිදුකළ වීඩියෝවට පිළිතුරු ලෙස මා විසින් සිදුකරන ලද විග්‍රහයක් පහත YouTube වීඩියෝවෙන් නැරඹීමට හැකිය.
https://www.youtube.com/watch?v=cut1bXjwp4c

- පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමි

👉 Link එක පළමු comment එකේ ඇත

🙏 I am deeply honored and blessed to welcome Venerable New Zealand Guttaseela Bhante (seated on the far right), the most...
15/07/2026

🙏 I am deeply honored and blessed to welcome Venerable New Zealand Guttaseela Bhante (seated on the far right), the most senior Thero of the renowned Laggala Forest Hermitage, with more than 50 vassa (years since higher ordination), to our monastery. 🌿

Bhante rarely leaves the forest, so his visit was both unexpected and a tremendous blessing. He happened to stop by our monastery while traveling, making it a truly joyful and memorable surprise for all of us. 🙏✨

06/04/2026

සසර දුකට බැඳ දමන දෘෂ්ටි - සද්ධම්මවිභාවනා සදහම් කතිකාවත - 1 වන කොටස
https://youtu.be/0StIDMyc3Ig

05/04/2026

සසර දුකට බැඳ දමන දෘෂ්ටි - සද්ධම්මවිභාවනා සදහම් කතිකාවත - 1 වන කොටස
https://youtu.be/0StIDMyc3Ig

🙏🙏🙏සිරි දාඨා ධාතු වන්දනා දෙසම‍්හි සෙන‍්කඩගලෙ සුපතිට‍්ඨිතස‍්මිංපාසාදයම‍්හි වර දෙව විමාන රූපීලංකා මහී මකුට සීස මණිං විලාසී...
30/03/2026

🙏🙏🙏සිරි දාඨා ධාතු වන්දනා

දෙසම‍්හි සෙන‍්කඩගලෙ සුපතිට‍්ඨිතස‍්මිං
පාසාදයම‍්හි වර දෙව විමාන රූපී
ලංකා මහී මකුට සීස මණිං විලාසී
ධාතුං සුදන‍්ත සුගතස‍්ස සිරසා නමාමි

සෙන්කඩගල දේශයෙහි මනා ලෙස පිහිටා ඇති දෙව් විමනක් බඳු ප්‍රාසාදයෙහි වැඩ සිටින ලංකා මහී කාන්තාවගේ කිරීට මාණික්‍යය වැනි වූ ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.

දන‍්තො කුමාර සහ සුන්‍දර හෙමමාලා
ආනෙසු දාඨ මුනිනො ඉධ ජම‍්බුදීපා
ලංකාය සීහළ ජනස‍්ස වටංසකො හි
ධාතුං සුදන‍්ත සුගතස‍්ස සිරසා නමාමි

දන්ත කුමරුන් සහ සොඳුරු හේමමාලා කුමරිය ඒ මුනි රජුන්ගේ දළඳා වහන්සේ දඹදිවින් මෙහි වැඩමවූහ. ඒකාන්තයෙන් සිංහල ජනයාහට වටංසකයක් (සිරසෙහි පළඳින මල්දමක්) බඳු වූ ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.

ලංකාය දිබ‍්බනගරංව මහා පුරස‍්මිං
ආදිච‍්ච තත්‍ථ සදිසො විරාජමානො
තොසෙති බ්‍රහ‍්ම නර දෙව සුසාවකෙ හි
ධාතුං සුදන‍්ත සුගතස‍්ස සිරසා නමාමි

ලක්දිව දිව්‍ය පුරයක් බඳු වූ මහනුවර නගරයෙහි හිරුමඬලක් සෙයින් විරාජමානව වැඩ සිටින ඒ දළඳා වහන්සේ ඒකාන්තයෙන් දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය වූ සම්බුද්ධ ශ්‍රාවකයන් තුටු කරන සේක. ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.

සම‍්බුද‍්ධ රාජ ගුණ සෙට‍්ඨ සුචින‍්තයන‍්තො
දෙවින්‍ද නාග නර බ්‍රහ‍්ම සුපූජයිංසු
පුඤ‍්ඤාකරං සකල ලොක ජනස‍්ස හොති
ධාතුං සුදන‍්ත සුගතස‍්ස සිරසා නමාමි

සම්බුදු රජුන්ගේ ශ්‍රේෂ්ඨ සම්බුදු ගුණ මැනවින් සිහිකරමින් ඒ දළඳා වහන්සේ වෙත දේව ඉන්ද්‍ර බ්‍රහ්ම නාග මනුෂ්‍ය සැම පූජා පැවැත්වූහ. ඒ දළඳා වහන්සේ සකළ ලෝක ජනයාහට පුණ්‍ය ආකරයකි. ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.

දෙසෙසි බුද‍්ධ රතනං කරුණාය ධම‍්මං
සත‍්තස‍්ස සබ‍්බ තරිතුං භව සාගරම‍්හා
ඵස‍්සෙසි බුද‍්ධ වචනං මුනිනො සදා තං
වන්‍දාමහං සුගත වාම සුදන‍්ත ධාතුං

ඒ සම්බුදු රජුන් නම් මහා රත්නය මහා කරුණාවෙන් සියලු සත්ත්වයන්හට භව සයුරින් එතෙර වීම පිණිස ධර්මය දේශනා කළ සේක. ඒ මුනි රජුන්ගේ සියලු බුද්ධ වචන ඒ දළඳා වහන්සේ සැමදා ස්පර්ශ කළ සේක. ඒ සුගතයන් වහන්සේගේ වාම දළඳා වහන්සේ මම වන්දනා කරමි.

-පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමියන් විසින් රචිත ගාථාවන්ය

🙏🙏🙏මහාමහින්දත්ථෙරාභිවන්දනාසම‍්බුද‍්ධ රාජ මුනි ධම‍්ම සරෙභිජාතං  පද‍්මංව වායමතිගන්‍ධ දිසාසු සබ‍්බං ලංකාය සාසන වරං අතිජොතයී...
29/03/2026

🙏🙏🙏මහාමහින්දත්ථෙරාභිවන්දනා

සම‍්බුද‍්ධ රාජ මුනි ධම‍්ම සරෙභිජාතං
පද‍්මංව වායමතිගන්‍ධ දිසාසු සබ‍්බං
ලංකාය සාසන වරං අතිජොතයී සො
වන්‍දාමි තං හතකිලෙස මහා මහින්‍දං

සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය නමැති විලෙහි හටගත් සෑම දිශාවකටම සුවඳ හමන නෙල්ම් මලක් සෙයින් ඒ මිහිඳු හිමියෝ ලක්දිව උතුම් බුදු සසුන බොහෝසෙයින් බැබලූ සේක. ඒ සියලු කෙලෙසුන් දුරුකළ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.

රඤ‍්ඤො අසොක වර පුත‍්ත සුසාසනම‍්හි
ඔහාය රාජසුඛ පබ‍්බජි ධම‍්මචාරී
ඛිප‍්පං විසෙසමධිගම‍්මගමාසි පාරං
වන්‍දාමි තං හතකිලෙස මහා මහින්‍දං

අශෝක රජුගේ ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නය වූ ධර්මචාරී ඒ මිහිඳු හිමියෝ රාජ සුඛය හැරදා පැවිදි ව ඉතා ඉක්මනින් විශේෂ අවබෝධය ලැබ සසරින් එතෙරට වැඩි සේක. ඒ සියලු කෙලෙසුන් දුරුකළ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.

ථෙරෙන තිස‍්සමුනි සික‍්ඛිත ඉද‍්ධිමන‍්තො
භාණෙත්‍වතීණි පිටකං නභසා ඉධාග
දෙසෙසි බුද‍්ධ වචනං අනුකම‍්පකො සො
වන්‍දාමි තං හතකිලෙස මහා මහින්‍දං

මොග්ගලීපුත්තතිස්ස මහා තෙරුන් විසින් සසුනෙහි හික්මවන ලද මහා සෘධිමත් ඒ මිහිඳු හිමියෝ තුන් පිටකය උගෙන අහසින් මෙලක්දිවට වැඩ අනුකම්පාවෙන් උතුම් බුද්ධ වචනය දේශනා කළ සේක. ඒ සියලු කෙලෙසුන් දුරුකළ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.

ජාතෙසි සංඝ ගණ සීහල ථෙරවාදං
කාරෙසි මෙඝවන භූමි මහා විහාරං
ආනෙසි සත්‍ථු වර ධාතු දයාය අම‍්හෙ
වන්‍දාමි තං හතකිලෙස මහා මහින්‍දං

ඒ මිහිඳු හිමියෝ ථේරවාද සිංහල මහා සඟරුවන බිහිකර අනුරපුර මහමෙව්නා භූමියෙහි මහා විහාරය කරවා අප කෙරෙහි දයාවෙන් උතුම් ශාස්තෘන් වහන්සේගේ ධාතූන් වහන්සේලා දඹදිවින් මෙහි වැඩමවාගෙන ආ සේක. ඒ සියලු කෙලෙසුන් දුරුකළ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.

බුද‍්ධොව සීහල ජනස‍්ස කථෙසි ධම‍්මං
කත්‍වාන සාසන වරං කරුණාය කිච‍්චං
සීහොව මිස‍්සක වනෙ පරිනිබ‍්බුතො සො
වන්‍දාමහං සුගතපුත‍්ත මහා මහින්‍දං

ඒ මිහිඳු හිමියෝ සිංහල ජනයාහට බුදුකෙනෙකු සෙයින් කරුණාවෙන් ධර්මය දේශනා කර උතුම් සාසන කෘත්‍ය සිදුකර මිස්සක වනයෙහි සිංහ රාජයෙකු සෙයින් පිරිනිවන් පා වදාල සේක. ඒ සුගත පුත්‍ර වූ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.

-පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමියන් විසින් රචිත ගාථාවන්ය

Address

Gothamachethiya Mangalagiri Forest Monastery, 23/2, Elkaduwa Road
Kandy

Alerts

Be the first to know and let us send you an email when Ven. Piliyandala Mahindavijaya Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ven. Piliyandala Mahindavijaya Thero:

Shortcuts

Share