10/11/2021
🔹ඕනෑම සත්වයෙක් මෙලොවට බිහි වීමෙන් පසු පලමුව සංවේදී වන්නේ ස්වභාවධර්මයේ විවිධත්වයයි! එතැන් පටන් මේ ස්වභාවධර්මය තුළ ජීවත් වන සත්වයින් ස්වභාවධර්මය විසින්ම ආරක්ෂා කරමින් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් යුතුව තම ජීවිතය ගත කරයි.
🔸මේ අතරින් විශේෂ තැනක් මිනිසාට හිමි වන නමුත් ඒ විශේෂත්වය පිළිබඳ ඇති අනවබෝධය නිසාම මිනිසා විසින් ස්වභාවධර්මය විනාශ කිරීමට කටයුතු කරන බව වර්තමානයේ දැක ගත හැක!
🔹බුද්ධ චරිතය ආදර්ශයට ගත් විට අපට පැහැදිලිව අවබෝධ වන කරුණක් වන්නෙ උන් වහන්සේගේ ඉපදීම,බුදුවීම සහ පිරිනිවන් පෑම යන මංගල කරුණු ඇතුලුව උන් වහන්සේගේ ජීවිතයේ බොහෝ අවස්ථා ස්වභාවධර්මය හා බැඳී පවතින බවයි.ඉතින් අපටත් අපගේ සිතේ ස්වභාවය තව තවත් සන්සුන් බවට පත් කරගෙන මේ ස්වභාවධර්මය හොඳින් සංවේදී කරගන්නට භාවනාවෙන් මහඟු උපකාරයක් ලබා ගත හැක!
🔸ඉතින් මේ වෙනුවෙන් ඔබට මෙවරත් "තෙවැනි ඇසින් විශ්වය දකිමු" වැඩසටහන හරහා මඟ පෙන්වන්නට අප සූදානම්.මෙවර භාවනා වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ඇතුලු විශාල පිරිසකට පරිසරය රැකගන්නට මඟ පෙන්වූ...පරිසරය සුරක්ෂිත කිරීමට මහඟු වූ සේවාවක් ඉටු කරමින් සිටින "ධීර සේනාව" කණ්ඩායමේ නිර්මාතෲ,මානව හිතවාදී කීරිති ශ්‍රී දේශමාන්‍ය නාලක සේනාධීර මහතාගේ දේශනයක් පැවැත්වෙන බව ඉතාම සතුටින් දන්වා සිටිමු!
🔸එමෙන්ම මෙවරත් අපට භාවනාව සම්බන්ධව කටයුතු කිරීම සඳහා විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය,මානව සම්පත්දායක,වත්තේගම බෝසත් මාතා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ගුරු උපදේශක ස්ටැන්ලි පෙරේරා මහතා අප වැඩසටහනට සහභාගි වෙමින් තරුණ තරුණියන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් එතුමන්ගේ වටිනා මග පෙන්වීම ලබා දීමට නියමිත බව සතුටින් දන්වා සිටිමු.
🔹zoom meeting එක සදහා පහත link එක භාවිතා කරන්න.
Topic: තෙවෙනි ඇස
Time: Nov 12, 2021 07:30 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/84276084380?pwd=M1FJLzcyQm9iQUc4RkRnVTU1VGtPUT09
Meeting ID: 842 7608 4380
Passcode: 525904
🔸අපගේ whatsapp සමූහය හා සම්බන්ද වී සතිපතා පවත්වන වැඩසටහන් පිලිබදව තොරතුරු පහසුවෙන් දැනගැනීමට සහ ඔබගේ ආද්‍යාත්මික ගැටලු සම්බන්දව කතිකාවත් ගොඩ නැගීම සදහා පහත link එක භාවිතා කරන්න.
https://chat.whatsapp.com/IgTC4CaKf8jASgO6OHoXeI
තෙවෙනි ඇසින් විශ්වය දකිමු .🙏