Galmaduwa Rajamaha Viharaya / ගල්මඩුව රාජමහා විහාරය

  • Home
  • Sri Lanka
  • Kandy
  • Galmaduwa Rajamaha Viharaya / ගල්මඩුව රාජමහා විහාරය

Galmaduwa Rajamaha Viharaya / ගල්මඩුව රාජමහා විහාරය ගල්මඩුව පුරාණ ගෙඩිගේ රාජ මහා විහාරය

27/12/2024

පී.ඒ බුද්ධදාස මහතාගේ මූලිකත්වයෙන් ගල්මඩුව රාජමහා විහාරථානයේ වාර්ෂිකව සිදුකරණු ලබන සත්දින බෝධි පූජා පිංකම් මාලාව මෙවරත් 2024 දෙසැම්බර් 26 වන දින සිට 2025 ජනවාරි 01 වන දින දක්වා පැවැත්වේ.
මෙවර එම බෝධි පූජා පිංකමේ 45වන වර්ෂයයි..
එහි දිනපතා භාරකාරීත්වයන් පහත පරිදි වේ...

🙏 දෙසැම්බර් 26 - කලාපුරය විස්කම් සුභසාධක සමිතිය

🙏 දෙසැම්බර් 27 - අරංගල දකුණ සුභසාධක සමිතිය

🙏 දෙසැම්බර් 28 - ගල්මඩුව ප්‍රතිභා කාන්තා සමිතිය සහ ගල්මඩුව නිවාස යෝජනා ක්‍රමය

🙏 දෙසැම්බර් 29 - පඬිවත්ත සුභසාධක සමිතිය සහ නත්තරම්පොත ප්‍රදේශවාසීන්

🙏 දෙසැම්බර් 30 - ගල්මඩුව වත්ත කලණ සුභසාධක සමිතිය

🙏 දෙසැම්බර් 31 - අරංගල උතුර සුභසාධක සමිතිය

ජනවාරි 01 - පී.ඒ. බුද්ධදාස මහතා ඇතුලු පවුලේ ‍‍‍ඥාතීන්

පිං කැමති ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු...🙏🙏🙏

උත්තම ධාතු ප්‍රදර්ශනයඅද සවස 5 දක්වා ගල්මඩුව රාජ මහා විහාරයේදී
28/08/2022

උත්තම ධාතු ප්‍රදර්ශනය
අද සවස 5 දක්වා ගල්මඩුව රාජ මහා විහාරයේදී

27/08/2022
උත්තම ධාතු ප්‍රදර්ශනය සදහා සියල්ල සුදානම්...28 වන ඉරිදා උදේ 8 සිට සවස 5 දක්වාසැදැහැ සිත් ඇත්තෝ පැමිණෙත්වා... 🙏🙏🙏
27/08/2022

උත්තම ධාතු ප්‍රදර්ශනය සදහා සියල්ල සුදානම්...
28 වන ඉරිදා උදේ 8 සිට සවස 5 දක්වා
සැදැහැ සිත් ඇත්තෝ පැමිණෙත්වා... 🙏🙏🙏

අපවත් වී වදාළ පොඩි හාමුදුරුවන් වහන්සේට නිර්වාණ සම්පත්තිය ලැබේවා...!!!🙏🙏🙏
06/10/2021

අපවත් වී වදාළ පොඩි හාමුදුරුවන් වහන්සේට නිර්වාණ සම්පත්තිය ලැබේවා...!!!🙏🙏🙏

26/03/2021

ධම්ම පදය පර්යේෂණාත්මක තොරතුරු

විලාන – උඩගම ශ්‍රී පූර්වාරාම විහාරවාසී,
කොණකලගල ශ්‍රී සද්ධානන්ද මහ පිරිවෙනේ
පරිවේනාචාර්ය, කඳුරට දේශීය ආයුර්වේද
වෛද්‍ය විද්‍යාලයෙහි සංස්කෘත විෂය
පිළිබඳ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
අංකුඹුරේ චන්දානන්ද හිමි

ක්‍රි.පූ. 6 වන ශතවර්ෂයේ දී භාරත දේශයේ පහළ වූ අග්‍රගණ්‍ය, අසමාන ශාස්තෘවරයකු වූ බුදුන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස දේශනා කළ ධර්මය විවිධ තැන්වල, විවිධ පුද්ගලයන් අතරත විසිරී පැවතිණ. මෙලෙස විසිරී පැවැති ධර්ම, විනය දෙක එක්තැන් කොට චිරස්ථායී වනු පිණිස ආරක්‍ෂා කරගෙන යෑමට ආර්ය මහා සංඝරත්නය දිවි හිමියෙන් ඇප කැප වූ බව නොරහසකි.

එහිදී තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර කොටස් හා විනය කොටස් එක්තැන් කොට ග්‍රන්ථ වශයෙන් පවත්වාගෙන යෑමෙහිලා සංගීති කාරක භික්‍ෂූන් වහන්සේ උත්සාහි වූ බව ද අපි දනිමු. ඒ අනුව තෘතීය ධර්ම සංගීතියෙන් පසුව අපට ථෙරවාදී සූත්‍ර පිටකයෙහි ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථයක් ලෙසින් ධම්මපදය හඳුනාගත හැකි වෙයි.

තථාගතයන් වහන්සේ විසින් විවිධ පුද්ගලයන් අරඹයා දේශනා කරන ලද, සෙසු සූත්‍ර පිටක ග්‍රන්ථවල ඇති ගාථා ධර්මයන් ද මෙම ධම්මපදය තුළ අන්තර්ගත වී තිබෙනු හඳුනාගත හැකි ය.

තවද මෙම ග්‍රන්ථය ලොව බොහෝ විද්වතුන්ගේ හස්තසාර ග්‍රන්ථයක් වී තිබෙනු පැහැදිලි ය. ඒ අනුව මෙම ධම්මපදය ථෙරවාද, මහායාන සම්ප්‍රදායයන් දෙකෙහිම හා ඒ ඒ නිකායයන්හිද විවිධ භාෂාවලින් රචනා වී තිබේ.

ධම්මපද නැතහොත් ධර්ම පද යන වදන ත්‍රිපිටකයෙහි දී විවිධ වූ අරුත් දැනවීම සඳහා යෙදී ඇති බව පෙනේ. ඒ පහත පරිදි ය.

1. ධර්මයට අදාළ කියමනක් හෝ කියමන්
2. ධර්මයේ පදයක් වූ ගාථාව
3. නිර්වාණයට මඟ පෙන්වන අධ්‍යාත්මික මාර්ගය වශයෙනි.

කෙසේ වතු දු බෞද්ධයාගේ අත්පොත වශයෙන් පවා ධම්මපද ග්‍රන්ථය සම්භාවනාවට පාත්‍ර වී ඇති බව බෞද්ධ සාහිත්‍යය පිළිබඳ විමසීමෙන් අපට පැහැදිලි වෙයි. සමස්ත බුදු දහමෙහි සාරාංශයක් වන් ධම්මපද ග්‍රන්ථය බෞද්ධ භික්‍ෂූන් වහන්සේ විසින් සතතයෙන් පරිශීලනය කරනු ලබන ග්‍රන්ථයක් වෙයි. එමෙන්ම ජීවිතයට මහෝපකාරී වන්නා වූ සදුපදේශ සමුදායක් ධම්මපදය තුළින් ලබාදෙන බැව් එම ග්‍රන්ථය පරිශීලනයෙන් දත හැකි ය. මෙකියනු ලබන ‘ධම්ම පදය’ බුද්ධභාෂිතයක් වන බව මිලින්ද පඤ්හයේ සඳහන් වෙයි.

එසේ වූවද මෙහි ශ්‍රාවක භාෂිතයන් ද ඇතුළත් වන බව දැනගෙන තිබීම අතිශයින් වටනේ ය.

එමෙන්ම ‘නිද්දේස’ නම් වූ ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථයෙහිද, අභිධර්ම පිටකයට අයත් කථාවත්ථුප්ප කරණයෙහිද ධම්මපදයෙහි එන ඇතැම් ගාථාවන් දක්නා ලැබෙයි. එපමණක්ද නොව මේ පිළිබඳ භාණක මතයන්ද සලකා බැලීම අපට වැදගත් වනුයේ ඒ පිළිබඳ වූ යම් යම් දුරවබෝධයන් පවතින හෙයිනි. මජ්ඣිම භාණකයන් ධම්මපදය ඛුද්දක නිකායට අයත් කොට සලකනු පෙනෙයි. ඛුද්දක නිකාය යනු කුඩා ග්‍රන්ථවල සංග්‍රහයකි.

සුමංගල විලාසිනී නම් වූ දීඝනිකායට්ඨ කථාවට අනුව ඛුද්දක නිකායෙහි ග්‍රන්ථ 45 ක් වන අතර එහි දෙවැනි ග්‍රන්ථය වනුයේ ධම්මපදයයි. දීඝ භාණකයන් ග්‍රන්ථ 11 ක් පමණක් ඛුද්දක ග්‍රන්ථ ලෙසින් පිළිගන්නා අතර, එහි පස්වැනි ග්‍රන්ථය වශයෙන් ධම්මපදය ඉදිරිපත් වී ඇත. එමෙන්ම ඛුද්දක නිකායේ ග්‍රන්ථවල කාලක්‍රමය විමසන විචාරකයෝ ධම්මපදය ඇතුළු තවත් ග්‍රන්ථ සතරක (ඛුද්දක පාඨ, සුත්ත නිපාත, උදාන, ඉතිවුත්තක) අධික ප්‍රාමාණික බුද්ධවචන ඇත්තේ යැයි පිළි ගනිති.

ධම්මපදයෙහි චීන අනුවාදද පවතින බැව් ක්‍රි.ව. 1951 දී භාරතසිංහ උපාධ්‍යාය විසින් හින්දි භාෂාවෙන් රචිත “පාලිසාහිත්‍ය කා ඉතිහාස” නම් ග්‍රන්ථයෙහි පැහැදිලිවම සඳහන් කොට තිබේ.

විචාරකයන්ගේ මතවාදයන්ට අනුව ධම්මපදය ප්‍රාචීනතම යුගයට අයත්වෙයි. මෙය බෞද්ධයන්ගේ හස්තසාර ග්‍රන්ථයක් වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන අතර, ලක්දිව උපසම්පදා විනය කර්ම සඳහා ධම්මපදයේ වග්ග 10 ක් අවම වශයෙන් කටපාඩම් තිබීමද අනිවාර්ය අංගයකි.

වරක් අනුරුද්ධ හිමියන් සැවතෙහි දෙව්රම් වෙහෙරෙහිදී උදෑසන “ධම්මපද” කටපාඩම් කරමින් සිටි බව දේශනාපාලියෙහි සඳහන් වී තිබේ. එය ශ්‍රවණය කිරීමට පැමිණි ස්ත්‍රියක විසින් සිය පුතුගේ ශබ්දය නතර කරවාගෙන ධම්මපදය ඉගෙනීමේ වටිනාකම සිය පුතුට පවසනු ලබයි. තවද බුදුරජාණන් වහන්සේ විසින් සප්පිතිකා ගංතෙර පිහිටි පරිබ්‍රාජිකාරාමයේ දී සිව්වැදෑරුම් වූ ධර්ම පද දේශනා කරන ලද බැව් පෙළෙහි සඳහන් වී තිබේ.

මේ කරුණු අනුව පෙනීයන්නේ ධම්මපදය බුදුරදුන් ජීවමාන කාලයේ දී ම පාඩම් කරමින් පැවති බවයි.තවද ධම්පදයේ ගාථා කිහිපයක්ම නිද්දේසයෙහි හා කථාවත්ථුවෙහි ද දක්නා ලැබෙයි. ක්‍රි.ව. පළමුවැනි ශතවර්ෂයට සාමීපික වූ පශ්චාත්පේටක ප්‍රාග් අට්ඨකතා යුගයට අයත් වූ මිලින්ද පඤ්හයේ දී ස්ථාන දෙකක දී ධම්මපදයේ ගාථා උපුටා දක්වා තිබෙනු හඳුනාගත හැකි ය.

ලක්දිව භාවිත වන ධම්මපදයේ වග්ග 26 ක් සහ ගාථා 423 කි. එම වග්ග පහත පරිදි දැක්විය හැකි ය.

1. යමක වග්ග
2. අප්පමාද වග්ග
3. චිත්ත වග්ග
4. පුප්ඵ වග්ග
5. බාල වග්ග
6. පණ්ඩිත වග්ග
7. අරහන්ත වග්ග
8. සහස්ස වග්ග
9. පාප වග්ග
10. දණ්ඩ වග්ග
11. ජරා වග්ග
12. අත්ත වග්ග
13. ලෝක වග්ග
14. බුද්ධ වග්ග
15. සුඛ වග්ග
16. පිය වග්ග
17. කෝධ වග්ග
18. මල වග්ග
19. ධම්මට්ඨ වග්ග
20. මග්ග වග්ග
21. පකිණ්නක වග්ග
22. නිරය වග්ග
23. නාග වග්ග
24. තණ්හා වග්ග
25. භික්‍ඛු වග්ග
26. බ්‍රාහ්මණ වග්ග

බෝතානයේ ඛංඩිත ඛරෝෂ්ටි ලිපිවලින් ලැබී ඇති ප්‍රාකෘත ධම්මපදය, මහාවස්තුවෙන් තතු ලැබෙන ගාථා, සංස්කෘත නොහොත් මිශ්‍ර සංස්කෘතයෙන් රචිත පරිවර්තනය, චුහ ඛි – උ – ථිච් නම් වූ චීන අනුවාදය (අප්‍රකට), තුර්ෆාන්වලින් ලැබුණ පරිවර්තනය, ටිබැට් අනුවාදය, ෆ – ඛ්‍යු - කිඩ් නම් වූ චීන අනුවාදය (ක්‍රි.ව. 223) දැකිය හැකි ය. චීන අනුවාදවල ගාථා සංඛ්‍යා පාලි ධම්මපදයට වඩා වැඩි බව පෙනෙයි.

දැනට ලැබී ඇති ප්‍රාකෘත ධම්මපදයේ වග්ග 12 ක් පෙනෙයි. එහි වග්ග පාලි ධම්මපදයේ වග්ගවලට සමාන වන්නේ වූවද ගාථා වශයෙන් ඒවාහි සමානකමක් නොපෙනෙයි.

තවද පාලි ධම්මපදයේ සමාන වග්ගවල ගාථා සංඛ්‍යාවට වඩා වැඩි ගාථා සංඛ්‍යාවක් ප්‍රාකෘත ධම්පදයේ දී අපට හමුවෙයි. “ෆ - ඛ්‍යු - කිඩ්” නම් වූ චීන ධම්මපදය ප්‍රාකෘත ධම්පදයේම පරිවර්තනයකි. එමෙන්ම එය බොහෝ දුරට සමාන වනුයේ පාලි ධම්මපදයටය.

සකු ධම්ම පදයක ශේෂ වූ කොටස් තුර්ෆාන් වලින් ලැබී ඇති අතර ඉහත දී මිශ්‍ර සංස්කෘතයෙන් රචිත පරිවර්තනය ලෙසින් සඳහන් කළේ එයයි. එහි වර්ග 33 ක් පවතී. ටිබැට් අනුවාදය ලෙසින් සඳහන් කළ තිබ්බතීය පරිවර්තනය ක්‍රි.ව. 817 – 842 අතර කාලය තුළ දී කරන්නට ඇතැයි විචාරකයන් පිළිගන්නා අතර රොක්හිල් විසින් එය “උදාන වර්ග“ ලෙසින් නම් කරනු ලැබ තිබේ.

ඛුද්දක නිකාය පිළිබඳ සාරවත් පර්යේෂණයක නියැළුණු ආචාර්ය ඔලිවර් අබේනායක සිය ග්‍රන්ථයෙහිදී ඉදිරිපත් කර ඇති ඛුද්දක ග්‍රන්ථ නාමාවලි රැසක ද ධම්මපදය සඳහන් වී තිබෙනු පෙනේ. ඒ අනුව,

1. පාලි ග්‍රන්ථ සමාගමේ (PTS) සුමංගල විලාසිනී සංස්කරණයෙහිදී දීඝ භාණක මතයෙහි හා

2. සුමංගලවිලාසිනී සිංහල සංස්කරණයේ දීඝ භාණක මතයෙහි පස් වෙනුවද,

3. ‘සාරත්ථදීපනී’ අට්ඨකතාවෙහි සඳහන් දීඝභාණක මතය තුළදී සත් වෙනුවද,

4. පාලි ග්‍රන්ථ සමාගමේ සුමංගල විලාසිනී සංස්කරණයෙහිදී මජ්ඣිමභාණක මතයෙහි සය වෙනුවද,

5. සුමංගල විලාසිනී සිංහල සංස්කරණයෙහිදී මජ්ඣිම භාණක මතයෙහි පස් වෙනුවද,

6. සාරත්ථදීපනී මජ්ඣිම භාණක මතයෙහි සත් වෙනුවද,

7. අංගුත්තර භාණක මතයෙහි පස් වෙනුවද,

8. සුමංගල විලාසිනී බුද්ධ ඝෝෂ මතයෙහි දෙවනුවද,

9. සමන්තපාසාදිකා චීන පරිවර්තනයේ දී පළ වෙනුවද, (ධම්මපද අපදාන නමින්)

10. ධර්ම ගුප්ත විනයෙහි – ධර්මපද නමින් අට වෙනුවද,

11. මහා බෝධි වංශයෙහි – ධම්මපද නමින් දෙවනුවද,

12. සද්ධර්මරත්නාකරයෙහි – ධර්මපද නමින් දෙවෙනුවද

13. සිංහල මිලින්ද පඤ්හයෙහිදී – ධම්පියා නමින් අට වෙනුවද,

14. බුරුම සම්ප්‍රදායෙහි ද

15. ශ්‍යාම සම්ප්‍රදායෙහි ද මෙම ග්‍රන්ථය පිළිබඳ සඳහන් වී තිබීමෙන් ධම්මපදය පිළිබඳ පැවතියා වූ ප්‍රකටභාව හඳුනාගත හැකි ය.

තවද ධම්ම පදය පිළිබඳ මුල් පිටපත් 8 ක් වර්තමානය වන විට දක්නට හැකි ය. එනම්, පාලි ධම්මපදය, ප්‍රාකෘත ධම්මපදය, බෞද්ධ සංස්කෘත ධම්මපදය, චීන පිටපත් සතර හා ටිබෙට් ධම්මපදය වශයෙනි.

එපමණකුදු නොව මෙහි එන ඇතැම් ගාථා මෛත්‍රිය, බෘහදාරණ්‍යයක වැනි උපනිෂද් ග්‍රන්ථයන්හිද, දිව්‍යාවදාන, උත්තරදායන, මහාභාරත, මනුස්මෘති සහ ජාතකමාලා යන ග්‍රන්ථයන්හිද හමුවෙයි.

මේ අනුව අපට කිව හැක්කේ ධම්මපදය නම් වූ හස්තසාර ග්‍රන්ථය විවිධ භාෂාවන්ට පරිවර්තනය වෙමින් හා පරිමාණය ද අඩු වැඩි වෙමින් විකාශයට පත් වූ බවකි.

කොළඹ සේදවත්ත නවලෝක විහාරයේ විහාරාධිපති කිවිපති ශාස්ත්‍රපති පුජ්‍ය පන්නල ඤාණාලෝක ස්වාමින් වහන්සේ අපවත් වූ වග ලෝකවාසී බෞද්...
08/03/2021

කොළඹ සේදවත්ත නවලෝක විහාරයේ විහාරාධිපති කිවිපති ශාස්ත්‍රපති පුජ්‍ය පන්නල ඤාණාලෝක ස්වාමින් වහන්සේ අපවත් වූ වග ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත මහත් සංවේගයෙන් යුතුව දැනුම් දෙනු ලබනවා.
නිවන් සුව අත්වේවා...!!!🙏🙏🙏

15/11/2020

මුතුකුඩ පුජාවේ අනුසස් ..

ඡත්‍ර දායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව පිරිනිවී ය. සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය.

(අපදාන පාලි 293 වන අපදානය)

ඒක ඡත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනින් කල්ප හැත්තෑ හතක් සැප ලැබී ඇත. එසේම කුසල බලයෙන් හැත්තෑ හත් වතාවක් සක් දෙවිඳු වූ අතර දහස් වතාවක් සක්විති රජ විය.

( 412 වන අපදානය)

පිළින්‍දිවච්ඡ හිමියන්ට මුතුකුඩ පුජාවේ අනුසස් අටක් ලැබී ඇත.

ශීතලෙන් පීඩා නො ලැබේ.
තම ශරීරයෙහි කුණු නො ඇලෙයි.
උපද්‍රව නැත්තෙක් වේ.
අන්‍යයන් ගේ ගෞරවයට පත් වේ.
සියුම් වූ සමක් ඇත්තෙක් වේ.
සිත පිරිසිදු වේ.
ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.
බොහෝ විචිත්‍ර කුඩ ලැබේ.

මුතුකුඩ පුජාව යනු මහා පිංකමකි.
පිරිසිදු සිතින් තමන්ට හැකි අයුරින් පුංචි වූ පිංකමක් කලද එහි වටිනාකම කියා නිම කල නොහැක . නිවන් දක්නා ජාති දක්වාම සැප විපාක ගෙනදෙන්නකි.

තෙරුවන් සරණයි ...!

උපුටා ගැනීම - ධර්ම දානය පිණිසයි

Address

Naththarampotha, Kundasale
Kandy

Telephone

+94812420451

Website

Alerts

Be the first to know and let us send you an email when Galmaduwa Rajamaha Viharaya / ගල්මඩුව රාජමහා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Galmaduwa Rajamaha Viharaya / ගල්මඩුව රාජමහා විහාරය:

Share