නමෝ බුද්ධාය-namo buddhaya

නමෝ බුද්ධාය-namo buddhaya ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී .... ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකී

20/08/2024

ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං
වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි
අද්ධින්දුකාර වරරූප විරාජමානං
වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං

දෙවියන් සහිත ලෝකයට එකම පිහිටක් වූ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය නැමැති නෙළුම් විලට රාජ හංසයෙකු වැනි වූ හික්මවිය යුතු ජනයා නැමැති කුමුදු විල පුබුදු කරන්නා වූ චන්ද්‍රයා වැනි වූ අඩ සඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මනා කොට වන්දනා කරමි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

20/08/2024
05/04/2021
04/04/2021

අවුරුදු කාලේ අතේ තියන සල්ලි ටික පුස් දේවල් වලට නාස්ති කරගන්න එපා. දිනෙන් දින හැමදෙයකම මිල ඉහල යනව. රටේ කාටත් අමාරු කාලයක් තියෙන්නෙ. බුද්ධිමත්ව නිවසේ ආර්ථිකය කලමණාකරණය කරගන්න. අවුරුදු කියල කන කර උගස් තියමින් නය වෙලා තව තවත් අමාරුවේ වැටෙන්න එපා...

04/03/2021

අච්ඡරිය මනුස්සෝ ග්‍රන්ථ රත්නය මිලදීගත හැකි ස්ථාන..

සියලුම මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන්ගෙන්..
අසපු විස්තර මෙතැනින් ලබාගන්න https://mahamevnawa.lk/mahamevnawa-local-branches/

මහාමේඝ වෙබ් අඩවියෙන් https://mahamegha.store/shop/books/special-books/achchariya-manusso/

04/03/2021

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අතිශය ආනුභාව සම්පන්න වූ, ආශ්චර්ය අද්භූත වූ නික්ලේශී චරිතයත්, උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයත්, ඒ ධර්මයෙන් නිපන් ශ්‍රාවක සංඝයාත්, උන්වහන්සේගෙන් පිහිට ලැබූ අන්‍ය වූ දිව්‍ය බ්‍රහ්මාදී ඈත එපිට ලෝකවල ජීවත්වන සත්ත්වයින් පිළිබඳවත්, අනන්ත විශ්වය පුරා පැතිර ඇති භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ශාස්තෘත්වයත් ඔබගේ දෑස් ඉදිරියෙහි විදහා දක්වන නවතම සදහම් ග්‍රන්ථය, ‘අච්ඡරිය මනුස්සෝ’....

ඔබත් නොවරදවාම කියවන්න-
https://mahamegha.store/achchariya-manusso/

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when නමෝ බුද්ධාය-namo buddhaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share