31/12/2025
උදා වූ 2026 නව ව්‍යවහාරික වර්ෂය ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, මානය, මදය, රාගය, ලෝභය, මෝහය, මසුරුකම ආදි නොයෙක් කෙලෙස් හේතුවෙන් අප කොයිකා තුළත් තිබෙන අඩුපාඩුකම්, දුර්වලකම් නිවැරදි කරවාගෙන, ඒ වෙනුවට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වැනි උසස් විහරණයන්ගෙන් ආධ්‍යාත්මය දියුණු කරවා ගන්නට හැකියාව ලැබෙන සුබවාදී නව වර්ෂයක උදාව වේවා !!!
සියලු සත්ත්වයෝ උභයාර්ථ සංකල්පනාවන්ගෙන් පොහොසත් වී දාන-ශීල-නෛෂ්ක්‍රම්‍යාදි බෝධිසත්ත්ව ගුණ ප්‍රතිපදාවන්හි නිරතුරුව යෙදෙමින් වඩ-වඩාත් සත්පුරුෂ ගුණ වඩත්වා !!!
බුදුරජාණන් වහන්සේගේ උත්තම සරණාගමනය හේතුවෙන් ම සියලු සත්ත්වයෝ තරහා නැත්තෝ වෙත්වා ! වෛර නැත්තෝ වෙත්වා ! ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ! සැප-දුක් දෙක්හි කම්පා නොවන්නෝ වෙත්වා ! නිරතුරුව ලෝකෝත්තර සැප විහරණ අත්විදින්නෝ වෙත්වා ! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා ! ....
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා...෴