Sri Dewananda Daham Pasala-Uggalboda

Sri Dewananda Daham Pasala-Uggalboda ශ්‍රී දේවානන්ද දහම් පාසල , මල් අස්නේ ර?

තෙරුවන් සරණයි ...මාපිය උපස්ථානයේ අනුසස් ...ස්වභාවයෙන් ම දරුවන්ට කරුණාව ඇත්තා වූ මාපියෝ තමනට උපස්ථාන කරන ගුණවත් කීකරු දරු...
13/09/2022

තෙරුවන් සරණයි ...

මාපිය උපස්ථානයේ අනුසස් ...

ස්වභාවයෙන් ම දරුවන්ට කරුණාව ඇත්තා වූ මාපියෝ තමනට උපස්ථාන කරන ගුණවත් කීකරු දරුවාට විශේෂයෙන් ම අනුකම්පා කරති. එබඳු දරුවාගේ යහපත සඳහා කළ හැකි හැම දෙයක් ම මාපියෝ ඉතා ඕනෑ කමින් ම ඉටු කරති. මාපියන්ගේ කරුණාව ලැබීම දරුවන්ගේ යහපතට මහත් වූ හේතුවකි. එබැවින් තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍යතුමාට “මාතා පිතානුකම්පිතස්ස මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකංඛිතබ්බා නො පරිහානි” යි මහානාමය, මාපියන් විසින් අනුකම්පා කරන ලද කුලපුත්‍ර‍යාට දියුණුවක් ම වන්නේ ය. පිරිහීමක් නො වන්නේ ය”යි වදාළ සේක. මාපියන්ගේ අනුකම්පාව ලැබීම මාපිය උපස්ථානයේ එක් අනුසසෙකි. මාපිය උපස්ථානය කරන සත්පුරුෂයාට අන්‍ය සත්පුරුෂයෝ ද අනුකම්පා කරති. පසසති. ඇතැම් සොරු පවා මාපිය උපස්ථානය කරන්නාගේ වස්තුව පැහැර නො ගැනීමෙන් ඔහුට අනුකම්පා කෙරෙති. සමහර විට රෞද්‍ර‍ වූ යක්ෂ රාක්ෂසයෝ පවා මා පිය උපස්ථානය කරන්නාට අනුකම්පා කරති. දෙවියෝ ද අනුකම්පා කරති. සුතන නම් වූ දුගී පුරුෂයා මාපිය උපස්ථානය කළ නිසා යක්ෂයාගෙන් අනුකම්පාව ද ලබා පොහොසතෙක් ද විය. සාම කුමාරයෝ මාපිය උපස්ථානය නිසා රාජ කරුණාව හා දේව කරුණාව ද ලැබූහ.

“යෙ මාතරං වා පිතරං වා - මච්චො ධම්මේන පොසති
ඉදෙව නං පසංසන්ති - පෙච්ච සග්ගෙ පමොදති”

යම් මිනිසෙක් මව හෝ පියා හෝ දැහැමින් පෝෂණය කෙරේ ද ඔහුට මෙලොව නුවණැත්තෝ පසසිත. හේ මරණින් මතු දෙව්ලොව ඉපිද සතුටුවේ ය, යනු එහි තේරුමයි.

තෙරුවන් සරණයි !

WHAT IS BUDDHISM ?Buddhism is a religion based on the teachings of Siddhartha Gautama. He came to be called "the Buddha"...
20/06/2022

WHAT IS BUDDHISM ?

Buddhism is a religion based on the teachings of Siddhartha Gautama. He came to be called "the Buddha" which means " awakened one" , after he experienced a profound realization of the nature of life , death and existence.
In English, the Buddha was said to be enlightened, although in Sanskrit it is bodhi, " awakened."
Being human is a rarity in this world.As I see it, It is extremely rare for a human being to be born a Buddhist. By realizing the reality of the world and building one's own behavior , one will be able to move towards NIRVANA , the ultimate devotion of the Buddhist.
You received its pre - gift. All that is needed now is effort.KALYANA friends will guide you.
May the Triple Gem bless you !

T. M. G. D. V. Bandara.
Dharmacharya
Sri Dewananda Daham pasala
Uggalboda , Kalutara North.
2022.06.20

25/05/2022

ශ්‍රී දේවානන්ද දහම් පාසලේ ආරම්භය



සයවැනි පරාක්‍රමබාහු රජ සමයට උරුමකම් හිමි උග්ගල්බඩ මල් අස්නේ රාජ මහා විහාරයේ පවත්වාගෙන යනු ලබන “ශ්‍රී දේවානන්ද දහම් පාසැල” පිළිබදව අතීත තොරතුරු බිදක් විද්වත් ඇසුර තුලින් මෙසේ අනාවරණය කරන්නෙමි.1948 වර්ෂයේදී මල් අස්නේ රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ව වැඩ විසූ මහා යතිවර පූජ්‍ය පාද දෙදියවල දේවානන්ද ස්වාමින් වහන්සේ විසින් ප්‍රදේශයේ දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නගා සිටුවීම පිණිස ශ්‍රී දේවානන්ද දහම් පාසල පිහිටවූ සේක ! විහාරස්ථානයේ ඉදිකර තිබෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිරිපස භුමි භාගය තුල එනම් වර්තමාන දහම් පාසල් ගොඩනැගිල්ල (අලුත්වැඩියා කරමින් පවතින) අසල “කැට-කෑල” නම් විශාල වෘක්ෂයක් විය.එම වෘක්ෂය අසල වහලයට පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක් විය.එය නමින් “වඩු-පාසල” ලෙස හදුන්වා ඇත.ඒ තුළ දහම් පාසල ආරම්භ කර ඇත.සිසු-සිසුවියන් 50-60 පමණ ගුරු භවතුන් 12 දෙනෙකු පමණද ආරම්භයේදී සිටිය බව පෙනේ.

පූජ්‍ය දෙදියවල දේවානන්ද හිමිපාණන්ට දහම් පාසැල පවත්වාගෙන යාමට උදව් උපකාර කළ මල් අස්නේ රාජ මහා විහාරස්ථානයේ ගෞරවණිය සග පරපුර අති පූජනීය වේ.මෙම සංඝයා වහන්සේලා අතර පූජ්‍ය දේවානන්ද හිමිපාණන් වහන්සේ, පූජ්‍ය කළුතර ගුණානන්ද හිමිපාණන් වහන්සේ, පූජ්‍ය කැන්නන්තුඩාවේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ,පූජ්‍ය දූවේගම ඉන්ද්‍රජෝති හිමිපාණන් වහන්සේ,පූජ්‍ය කොටපිටියේ සීවලී හිමිපාණන් වහන්සේ,පාන්තියේ ගුණසිරි ස්වාමින් වහන්සේ,පූජ්‍ය හල්තොට ඥාණතිලක හිමි හා වර්තමාන විහාරාධිපති පූජ්‍ය පරගස්තොට රේවත හිමිපාණන් වහන්සේ ගෞරව බුහුමානයෙන් යුතුව සදහන් කළ හැකිය.එවකට උග්ගල්බඩ මහා විද්‍යාලය මල් අස්නේ රාජ මහා විහාරස්ථානයේ පවත්වාගෙන ගිය බැවින් විදුහල්පතිතුමා ගුරු භාවතුන්ව මෙම දහම් පාසල වෙත යොමු කරවා ඇත.විදුහල්පති “රුබේරු”මහතාගේ උපදෙස් මත දහම් අධ්‍යාපනය ලබා දීම සදහා “මිස්ලින්” ගුරු මහත්මිය, “ජයවර්ධන” ගුරු මහත්මිය, “සිල්වා”ගුරු මහත්මිය,“ඩොලී”ගුරු මහත්මිය, “සුමනාවතී” ගුරු මහත්මිය, “එම්.ඩී” ගුරුතුමා , “එම්.ගුණසේන”,“එල්.වයි.පෙරේරා (යසවතී)”ගුරු මහත්මිය, “චාර්ලිස්”ගුරු මහත්මා, “එම්.ඩී.ගුරු මහත්මා” ආදී ගුරුභවතුන් ඉදිරිපත් වී ඇත.ප්‍රධානාචාර්ය හිමි වශයෙන් පූජ්‍ය දෙදියවල දේවානන්ද හිමිපාණන් වහන්සේ කටයුතු කළ අතර කෘත්‍යාධිකාරී හිමි වශයෙන් දූවේගම ඉන්ද්‍රසුමන ස්වාමින් වහන්සේ කටයුතු කළ සේක .දහම් පාසල පවත්වාගෙන යාමට මෙන්ම පසුබිම අලංකාර කර ගැනීමට පූජ්‍ය පාන්තියේ ගුණසිරි ස්වාමීන් වහන්සේ ‘මල්’ වගා කොට ඇත.පරිසරය අලංකාර කරවා ඇත .

මෙසේ පවත්වාගෙන ආ දහම් පාසල 1978 වර්ෂයේදී පමණ වර්තමාන විහාරාධිපති පූජ්‍ය පරගස්තොට රේවත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානාචාර්ය තනතුර මත ඉන්ද්‍රසුමන හිමි විසින් සරත් චන්ද්‍රපාල පෙරේරා මහතාට පවරන ලදී. විසින් සරත් චන්ද්‍රපාල පෙරේරා මහතාද වසර ගණනාවක් තුළ ඉතා උසස් මට්ටමකට දහම් පාසල පවත්වාගෙන ගිය බව පැවසේ. “උපාලි ජයතිලක මහතා.ජයතිස්ස පෙරේරා මහතා,රූපා පීරිස් ගුරු මහත්මිය,ඩී.ලයනල් ගුරු මහත්මා ............ ආදී ගුරු භවතුන්ගේ සහයෝගයද ඉතා ඉහලින් ලැබී ඇත.

මෙසේ පවත්වාගෙන ආ දහම් පාසල තව දුරටත් දියුණු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් විහාරාධිපති,ප්‍රධානාචාර්ය පූජ්‍ය පරගස්තොට රේවත ස්වාමීන් වහන්සේ විසින් 2015 වර්ෂයේදී විහාරාධිකාරී පූජ්‍ය මොරොන්තුඩුවේ සෝභිත ස්වාමීන් වහන්සේ වෙත ප්‍රධානාචාර්ය ධූරය පිරිනමන ලදී.වර්තමානයේ සිසු-සිසුවියන් 600 කට ආසන්න පිරිසක් හා ගුරු භවතුන් 25 දෙනෙකු පමණ දහම් පාසල තුල සිටිනා බව සදහන් කළ හැකිය.

දහම් අධ්‍යාපන කටයුතු,ආගමික කටයුතු,සමාජ සුභසාධන කටයුතු,පවිත්‍රතා කටයුතු,විනය පවත්වාගෙන යාම ආදී කටයුතු මැනවින් සිදුවන වාද යන්න සොයා බලමින් ගුරු-භවතුන් හට නිතර උපදෙස්,අනුශාසනා සපයන ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ අද දින දහම් පාසලට වටිනා සම්පතකි.

ඉතා කාර්යශුර උන් වහන්සේගේ දර්ශනය වන්නේ “ගුණ-නැණ” සපිරි යහපත් සිසු කැලක් රටට දායාද කිරීමයි.ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේලාගේ කාර්යභාරය ඉටු කිරීමට නිරන්තරයෙන් අවවාද අනුශාසනා සපයන ගෞරවණිය අපගේ විහාරාධිපති පූජ්‍ය පරගස්තොට රේවත ස්වාමීන් වහන්සේද මල් අසනේ රාජ මහා විහාරයට මෙන්ම ශ්‍රී දේවානන්ද දහම් පාසලටද සම්පතකි.

එදා මල් අස්නේ රාජ මහා විහාරයේ සග පරපුරේ මහා යතිවර පූජ්‍ය දෙදියවල දේවානන්ද මා හිමිපාණන් වහන්සේ ආරම්භ කළ ශ්‍රී දේවානන්ද හා පාසලේ දහම් ගුරුවරියක වීම මා ලද පුණ්‍යවන්ත බවකි.



“සවෙනි පැරකුම් රාජ සමයට දිවෙන වෙහෙරකි අසන මල්

පින් බිමේ නාමයට පූජිත “කැට-කෑල” ගස අති විසල්

සෙවිලි කළ පොල් අතු වලින් යුතු මඩුව වඩු පාසල විසල්

02/10/2021
උග්ගල්බඩ මල් අස්නේ රජමහා විහාරයේ ශ්‍රී දෙවානන්ද දහම් පාසලේ සියලු ශිෂ්‍ය දුදරුවන්ගේ දැන ගැනිම පිණිසයි .
21/09/2021

උග්ගල්බඩ මල් අස්නේ රජමහා විහාරයේ ශ්‍රී දෙවානන්ද දහම් පාසලේ සියලු ශිෂ්‍ය දුදරුවන්ගේ දැන ගැනිම පිණිසයි .

Address

Uggalboda
Kalutara

Alerts

Be the first to know and let us send you an email when Sri Dewananda Daham Pasala-Uggalboda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Dewananda Daham Pasala-Uggalboda:

Share